IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා

2016-04-12-ent-137

වෘත්තීම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප්‍රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහකි මේ.

 

පෙම් සිහිනේ ගීතයෙන් පස්සෙ ප්‍රදීප් රංගන ගැන ආයෙමත් කතාබහක් ඇති වෙනවා. නමුත් ඔබේ නිහඬ බවක් පෙනෙන්න තිබෙනවා?

ටික කාලයක් වෘත්තීමය වශයෙන් වෛද්‍යවරයෙක් නිසා නිහඬව සිටියා. අනෙක් හේතුව පෙම් සිහිනේ ගීතය මුදුන්පෙත්තටම ගිය නිසා ඒ ගීතය හිට් වෙනකන් ඉන්න හිතුවා.

 

2016-04-12-ent-138තව කොච්චර කාලයකටද?

දැනටමත් මගේ ඊළඟ නිර්මාණය පෙම් සිහිනේ දෙක තවත් විදියකින් කීවොත් මායාවී එන්න තියෙනවා.

 

මේ අලුත් ගීතය ගැන කීවොත්?

මම වෛද්‍යවරයෙක් විදියට ගීතයෙන් මගේ පැත්තෙන් විශේෂ දෙයක් සිදුවියයුතුයි කියලා හිතනවා. &පෙම් සිහිනයෙන්* මම ඒක පෙන්නුවා. වර්තමානයේ රිගින් ටෝන්වලට යන්නැහැ කියන මායාවි වගේ වචන යොදලා ඒක වෙනස් කළා. බොහෝවිට රිගින් ටෝන් ගීතවල තියෙන්නෙ බැගෑපත්වීමක්. පෙම් සිහිනේ එහෙම නොවුණයි කියලා ප්‍රශ්නයක් වුණේ නැහැ.

මායාවී කියන්නෙ අවවාදාත්මක ස්වරූපයක් ගත්ත ආදරයේ පරාජය ජීවිතයේ පරාජයක් කරගන්න එපා කියන ගීතයක්. මායාවී කියන එක මා........ යාවී කියන අර්ථයෙන් යෙදුවෙ මායාවී මගේ ජීවිතයේ අත්දැකීම් එක්කයි ලියවෙන්නෙ.

 

ඔබේ ගීතවල ගීත රචකයා වන්නේ ඔබ?

ඔව් සංගීතය සහ පදරචනය පෙම් සිහිනයේ සහ මායාවී ගීතයත් කළේ මම.

 

ගීත රචකයකු ලවා ඔබ ගීත නොලියන්න හේතුවක් තියෙනවාද?

මට ගීතයක් නිර්මාණය කරද්දී ඉස්සරලම එන්නෙ මෙලඩි එක. මායාවී ගීතයේ මෙලඩි එක මීට අවුරුදු 6කට කලින් කැම්පස් කාලෙ ආව එකක්. මගේ හිතේ තියෙන මෙලඩි එකට ලියන්න ඕන මොකද්ද කියලා මට දැනෙනවා. තේරෙන භාෂාවෙන් හිතට දැනෙන්නයි මට කියන්න ඕන. මම සාහිත්‍යධරයෙක් නොවුණත් ඇසූපිරූ තැන්වලින් ලබාගත් දේවල්වලින් මට කියන්න ඕන දේ ප්ලෑන් එකකින් කියනවා. ගීතය සම්පූර්ණයෙන් විය යුතු ආකාරය ගැන මම හිතනවා. විෂුවල් එකේ ෂොට් මගේ මනසේ මැවුණා. එයයි අධ්‍යක්ෂ ලවා කරගන්නෙ.

 

ඒ කියන්නෙ ඔබ වෙනත් ගීත රචකයන්ගේ ගීත නොගයනවා කියන එකද?

මම අනිත් ගීත රචකයන්ගේ ගීත ගායනා කරන්නෙ නැහැ කියලා එකක් නැහැ. කලින් ගීත ප්‍රවීණ පද රචකයන් ලියපු ඒවා. මම කරන වැඩේ සාර්ථකත්වයක් තිබෙන බව මට හිතෙනවා. සමහරවිට මට වචන අමාරු වුණාම මගෙ බිරිය උදව් වෙනවා.

 

ඇය කොහොමද ඔබට සහය දෙන්නෙ?

මම ඔයාට ජීවිතේම ආදරය කරන කාලෙ තමයි ඔයා මාව දාලා ගියේ. කාලයක් මට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බැරි කාලයක් තිබුණා. සමහර අවස්ථාවලදී මෙතනට මට වචනයක් හොයාගන්න අමාරු වෙනවා. මෙලඩි එකටනෙ හදන්නෙ. එතකොට එයා වචන හොයලා දීලා උදව් කරනවා.

 

ඇය සංගීතය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?

විශේෂ හැදෑරීමක් නැහැ.

 

ගීත ලියලා දෙන්න කියලත් ඔබට ආරාධනා එනවද?

නැහැ. මෙලඩිස් කරලා දෙන්න කියලා ඉල්ලීම් එනවා. ඒත් තවම මගේ නිර්මාණ ගැනයි හිතන්නෙ. මම උත්පත්තියෙන් අරන් ආව දේවල් සහ එකතු කළ දේවල් එක්ක තියෙන දැනුමෙන් ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්.

 

රිගින් ටෝන් ගැන ඔබේ අදහස මොකද්ද?

ගායන ශිල්පියකුට, පද රචකයකුට, සංගීතවේදියකුට ආදායම් හොයන්න පුළුවන් ජාලයක්. ජනතාව සතුටු කිරීම ප්‍රධාන දෙය වෙන අතරේ අපට ආර්ථික වශයෙන් ශක්තියක් තිබිය යුතුයි. රිගින් ටෝන් බොහොම හොඳ දෙයක්. හැබැයි සින්දු රිගින් ටෝන්වලට කොටු වෙන්න හොඳ නෑ.

 

2016-04-12-ent-139ඔබ රියලිටි වේදිකාවේ තරග වදිනකොට විනිසුරන් ඔබට කීවේ ඔබෙන් ප්‍රතිකාර ගන්න එන අයත් ඔබේ හඬින් සුවපත් වේවි කියලා. අද ඔබ ඒ දේ ඇත්තටම අත්විඳිනවද?

මාව දැක්කම එහෙම සුවපත් වෙනවා ඇති. පාරතොටේදී දකින්නට අපහසු වුණත් රෝහලට ආවාම දකින්න පුළුවන්. මානසික සුවයක් දීමයි අපි ගීතවලින් කරන්නෙ. මානසික සුවයක් මාව දැකීමෙන් ලැබෙන එක ගැන සතුටුයි. නමුත් ලෙඩේට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතුයි. ඔවුන් මානසික පැත්තෙන් සුවපත් වෙනවා ඇති කියලා මම හිතනවා.

 

ඔබ බලන්නම රසිකයො රෝහලට එනවද?

එහෙම එන අය ඉන්නවා. සමහරු බොරු ලෙඩ කියාගෙන එනවා. වෛද්‍යවරයෙක් සහ ගායන ශීල්පියෙක්, සංගීතවේදියෙක් විදියට චරිත දෙකක් තියෙනවා. සංගීතවේදියාට, ගායකයාට මිනිස්සු ආදරයක්, ළෙංගතුකමක් තියෙනවා. වෛද්‍යවරයා එතනින් එහාට ගිය කෙනෙක්. සමහර තැන්වලදි ඔවුන් මගෙන් බලාපොරොත්තු වන ළෙංගතුකම රෝහලේදි එකේදී මට දෙන්න බැරිවෙන අවස්ථා තියෙනවා.

 

සුපිරි තරු තෝරන තරග සුපිරි තරු මේ රටට තවත් ඕනද?

තරග පැවැත්වීම තුළින් හොඳ දෙයක් සිද්ධ වෙන්නේ. SMS වලින් මාධ්‍ය හම්බ කරනවා කියලා කෙනෙක් හිතයි. නමුත් අපේ රටට නව ගායකයන් බිහිවීමට රියලිටි ෂෝ තියෙන එක ගැන මම සතුටු වෙනවා. ඒකෙ ලිමිට් එකක් තිබිය යුතු නෑ.

 

ඇත්තටම මේ විදියට බිහිවන සුපිරි තරුවලට පැවැත්මක් තිබෙනවා කියලා ඔබ හිතනවද?

තරගයේදී ඉදිරියට එන්නෙ වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරලා. තමන්ගේ කියලා, තමන්ව යම් අයකුට සිහිපත්වන ගීත නිර්මාණ බිහිවිය යුතුයි. රියලිටි ෂෝ හරහා බිහි වුණාට පස්සෙ තමන්ගෙ නිර්මාණයක් කරගත්තෙ නැත්නම් ක්ෂේත්‍රයේ ඉන්න බැහැ.

 

වෘත්තීය කාර්යයබහුලත්වයත් එක්ක එළිමහන් ප්‍රසංගවලට යනවා අඩුද?

මගේ කාලයට සහ රැචිකත්වයට ගැළපෙන ප්‍රසංගවලට මම යනවා. මගේ රසික රසිකාවියන් වෙනුවෙන් යන්න උපරිම උත්සාහ කරනවා.

 

ඔබේ රාජකාරි රෝහල?

දැනට බලංගොඩ ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය රෝහලකයි වැඩ කරන්නේ.

 

ඔබේ පෙම්වතිය ඔබට මුණගැහුණෙ කොහොමද?

චතුරිකා මට මුලින් හම්බවෙන්නෙ පාටි එකකදි. ඒ දැනට අවුරැදු 12කට කලින්. කාලයක් තිස්සේ පවත්වාගෙන ආව ආදරයක් පහුගිය අවුරුද්දෙ විවාහයෙන් පසුව ස්ථීර වෙනවා.

 

දැන්මම පියෙක් වෙන්න හිතනවද?

ඔව් ජීවිතයේ මුහුණ දිය යුතු වගකීම් සහගත සන්ධිස්ථාන ඒවා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඉදිරියට තියෙන සැලසුම් මොනවද?

පෙම් සිහිනයෙන් දැක්ක වෙනස මායාවී ගීතයෙනුත් රසිකයන් දකියි කියලා හිතනවා. මියුසික් වැඩ කරගෙන වෛද්‍යවරයෙක් විදියට ජීවිකාව ඉදිරියට කරගෙන යනවා.

 

වැවගම

 

DESHAYA

 

2016-04-12-ent-140

 

 



අදහස් (0)

ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 13 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 174 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 381 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 474 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 281 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 164 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site