IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ළඟම පාසල හොඳම පාසල විය යුතුයි‘

ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සෑම පාසලකටම රුපියල් ලක්ෂ 20ක් වටිනා සනීපාරක්ෂක කට්ටල සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) කොළඹ මහානාම විද්‍යාලයේදී පැවැත්විණි.

පළමු අදියරේදී තෝරාගත් පාසල් 1100 කට සනීපාරක්ෂක කට්ටල වෙනුවෙන්ද දෙවැනි අදියරේදී දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදිද මුදල් පරිත්‍යාග සිදු කෙරේ.

ළමයින්ගේ අධ්‍යාපනය මෙන්ම සනීපාරක්ෂාව ගැනද රජයක් ලෙස තමන් සැලකිලිමත් විය යුතු බවත් ජනප්‍රිය පාසල් වෙනුවට ‘ළඟම පාසල හොඳම පාසල‘ යන තේමාව යටතේ සියලු පාසල් නවීන පහසුකම් වලින් සන්නද්ධ කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමැති කීවේය.

childrens-day_20151001akila childrens-day_20151001akila2 childrens-day_20151001akila3 childrens-day_20151001akila4

 



අදහස් (13)

‘ළඟම පාසල හොඳම පාසල විය යුතුයි‘

හේවාවිතාරණ Thursday, 01 October 2015 06:30 PM

එහෙම නම් දැන් දරුවන් ළඟම පාසලට ඇතුල් කර ගන්න පුළුවන්. (ර)

:       0       1

මහානාම - කඳාන Thursday, 01 October 2015 11:38 AM

අගය කලයුතු, ක්‍රියාවට නැගිය හැකි සංකල්පයක්, නමුත් ප්‍රායෝගිකව අපහසුය, ඔබතුමාට කල හැකි නම් ඉතිහාස ගතවනු ඇත. (ර)

:       0       1

ලාල් Thursday, 01 October 2015 07:28 PM

ළඟම පාසල නොව ඈත පිටිසර දුක්විඳින ළමයින්ගේ පාසල් වලට පළමුව ආධාර කරන්න. (නි)

:       0       1

ඉසුරන්දි Thursday, 01 October 2015 12:36 PM

වචන වලට සිමා නොවී මේ දේවල් අකුරටම සිද්ධ වෙනවනම් රටේ දරුවන්ගේ අනාගත අභිවෘධියට මෙය මං විවර වීමක්. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 02 October 2015 02:05 AM

ඇමතිතුමනි, අපේ ගම් පළාතේ ඇතැම් පාසල්වලට ඔය කියන විදියේ කැසිකිළි වැසිකිළි හදන්න ඉඩකඩ නැහැ. ඒවගේම සමහර පාසල්වල පන්ති කාමර මදිකම බරපතල ප්‍රශ්නයක් වෙලා . දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ කලුකොඳයාව ප්‍රාථමික පාසලට 2016 වසරට අලුතින් ඇතුළත් වෙන්න ළමුන් 81 ක් ඉදිරිපත්වෙලා ඉන්නවා. ගමෙන් ඉන්නේ 18 යි. අවට ගම්වලින් ඉතිරි ළමුන් අයදුම් කරලා. පන්ති තියෙන්නේ 1 යි. ඇතුළත් කරගන්න පුළුවන් 35 යි. ඉතිරි දරුවන්ට මෙම පාසලට ඇතුළත් වෙන්න පන්ති කාමර සහ ගුරුවරු නැහැ. ඔය සල්ලි වලින් අඩක් යොදවලා තව පන්ති කාමරයක් දෙකක් හදවලා දෙන්න. ඔබතුම කිව්වා වගේ ඔය අතිරික්ත ගුරුවරු ඉන්න තැනකින් මෙතනටත් ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් එවන්න.එතකොට මේ ගමේ පාසලත් ළඟම පාසල - හොඳම පාසල වේවි (නි)

:       0       1

නුවන් Friday, 02 October 2015 03:23 AM

මේක පරිත්‍යාගයක් ද රජයෙ මුදල් වෙන්කර ලබාදීමක් නේද? (බ)

:       1       0

සරත් Friday, 02 October 2015 03:48 AM

අන්න කරනවානම් වැඩ. එතකොට ඔය ජනප්‍රිය කතන්දර නැහැ. හැමෝටම එකම හැන්දෙන්. නිවැරදි පුහුණුව,පහසුකම් තියෙනවනම් ඕව ලොකු වැඩ නෙවේ. ප්‍රධාන වන්නේ දැඩි කැපවීම සහ උනන්දුව (බ)

:       0       1

සුජීව ප්‍රංශය Thursday, 01 October 2015 03:01 PM

කියනවා වගේම කරනවා නම් හොඳයි (නි)

:       1       0

ධම්ම Thursday, 01 October 2015 10:19 AM

ළඟම පාසල හොඳම පාසල උන දාට හොඳම අධ්‍යාපන ඇමැතිත් අකිල විරාජ් කාරියවසම් මහතා වේවි. එහෙම වෙයිද?(ම)

:       0       1

ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 10:42 AM

ලඟම පාසල හොඳම පාසල, දේශපාලන සටන් පාටයක් නොවීමට නම් භෞතික දේවල් අතරට දරුවාට ප්‍රියමනාප යහපත් අධ්‍යාපන වැඩ පිළිවෙලක් සමග බද්ධ විය යුතුය. (ර)

:       0       0

ලලිත් Thursday, 01 October 2015 10:45 AM

දැන් තියෙන්නේ හැමදෙනාම හොඳම පාසලේ ළඟම පදිංචිකරුවන් වීම නේ. මුදල් යහමින් තියෙන අය ඒ පාසල් ලඟින්ම විශාල මුදලකට ගෙවල් ගන්නවා. අනිත් අය හොර ලිපිලේඛන හදලා පගාවක් දීලා මැති ඇමතිවරුන්ගේ බලපෑමක් ඇතිව ඒවට දරුවෝ ඇතුල් කරගන්නවා. (ර)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 10:48 AM

දිස්ත්‍රිකය තුල පාසල් ශ්‍රේණිගත කර සුපිරි පාසල්වලට විශ්ව විද්‍යාලෙට යන්න සුපිරි ලකුණක් දෙන්න. (ර)

:       0       0

kumudu jayasinghe Saturday, 30 December 2017 11:14 PM

ඇමති තුමාගේ උත්සාහය ඉතා අගෙයි හැකි සෑම සහයක්ම මෙයට ලබා දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1116 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 782 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 898 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1446 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 586 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site