(රෝෂන් තුෂාර)
සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන දෙමටගොඩ ප්‍රදේශයේ එක් දරු මවක් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (17) නියෝග කළාය.
දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
සැකකාර කාන්තාවගේ සැමියා වන සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගබ්සාව සිදු කළ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කාන්තාව නොවැම්බර් මස 12 වැනි දින මෙම ගබ්සාව කරගෙන ඇති බවය.
සැකකාරීය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මහින්ද මහතා කරුණු දක්වමින් කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත රුපියල් 37500 මුදලකට මෙම සැත්කම කළ බවය.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමයපියවර ගන්නා ලෙසද දෙමටගොඩ පොලිසියට නියෝග කළාය
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හම
මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිවේ
යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු
සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ළදරු කළලය ගබ්සා කළ මව රිමාන්ඩ්