IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ළිඳෙන් ආ මරුවා දෙකක් බිලි ගනී

(හේමලතා ඞී හේවගේ)                                

ලීහිරියාගම - විල්ලයාගම කහටගහවත්ත ප‍්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳක් හිස් කරමින්  සිටි පුද්ගලයකු ළිඳතුළ වූ අපද්‍රව්‍ය ඉවත්කිරීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටීමෙන් පසු  ඔහු බේරාගැනීමට පැමිණි අසල්වැසි අයකුද ළිඳතුල වූ විස වායුවක් අඝ්‍රාහණය වීමෙන් දෙදෙනාම මියගොස් ඇති බව කඳානේගෙදර පොලීසිය කියයි.                              

මෙසේ මියගොස් ඇත්තේ එන් පී ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නම් 29 හැවිරිදි එක් දරු පියකු සහ ඔහුගේ නිවස අසල පදිංචි 38 හැවිරිදි කේ එම් ලසන්ත කුමාර නැමති තිදරු පියකු බවද පොලීසිය පවසයි.

මිය ගිය එන් පී ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නැමති අය ගෙවත්තේ වූ ළිඳ කඹයක් හා බාල්දියක් ආධාරයෙන් ගොඩ සිට ඉසිමින් සිට ඇති බවත් ළිඳ තුලවු අපද්‍රව්‍ය ගොඩට ගැනීම සඳහා ළින් බැම්මට නැග  ඇති අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටුණු පසු ක්ලන්ත ගතියක් ඇතිවෙන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

පියා ළිඳට වැටෙනවාත් සමග 8 හැවිරිදි පුතා  කෑගසා ඇති අතර ඔහු බේරාගැනීමට ළිඳට බැස්ස ලසන්ත කුමාර ද බේරාගන්නා ලෙස කෑගසා ඇත.

ළිද තුළින්  දුර්ගන්ධයක් වහනය වීම නිසා අසල්වැසියන් මහත් පරිශ‍්‍රමයක්  යොදා කඹ සහ කම්භි ආධාරයෙන් ළිදේ වැටී සිටි දෙදෙනා ගොඩට ගෙන දංකොටුව දිසා රෝහල ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 

මියගිය ලසන්ත කුමාර

මියගිය ධනුෂ්ක ප්‍රදීප්



අදහස් (0)

ළිඳෙන් ආ මරුවා දෙකක් බිලි ගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 5 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 182 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 79 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 930 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1049 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 568 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site