IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ළමයාගේ සූත්තරේ වරදී

 රුපියල්  විසි ලක්ෂයක් වටිනා විදේශීය සිගරට් තොගයක්  සහ සුවද විලවුන් ආලේපන තොගයක් රැගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේය.

සැකකාරිය හතලිස් හැවිරිදි වියේ පසුවන කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය  මෙම සිගරට් තොගය සහිත ගමන් මළු ට්‍රොලියක තබා ගමන් මළු නොපෙනෙන ලෙස එය උඩින් තම දොලොස් හැවිරිදි දරුවා තබා ට්‍රොලිය තල්ලූ කරගෙන පැමිණි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ සිගරට් ප‍්‍රමාණය හැට දහසක් වන අතර එහි වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයකි.  සුවද විලවුන් සහ ආලේපන වල  වටිනාකම රුපියල් ලක්ෂ පහකි.

රේගු නිලධාරීන් පවසන්නේ සැකකාරිය  මැද පෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන්නන් සඳහා ගුවන්තොටුපොළේ  ලබා දී ඇති සහනයන් ප‍්‍රයෝජනයට ගෙන රේගු නිලධාරීන්ගේ ඇස් වැසීමට  සූක්ෂමව ක‍්‍රියා කර ඇතත්  සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය මහතා   විසින් ඇය පරීක්ෂා කරද්දී  ගමන් මළුවල තිබී සිගරට් සහ සුවඳ විලවුන්  තොගය සොයා ගත් බවයි.

සැකකාරිය  මීට දින කිහිපයකට පෙර  මෙරට සිට ඩුබායි වෙත ගොස් ඇති අතර ඇය  අද මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයකින්   යළි මෙරටට  පැමිණ ඇත්තේ මැද පෙරදිග වසර ගනනාවක් සේවය කර පැමිනෙන්නියක්  ලෙස රේගුවට අගවමිනි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරීවරුන් වන  රෝහණ සේනාධීර, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසූරිය යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

ළමයාගේ සූත්තරේ වරදී

අසංග Saturday, 21 September 2013 10:13 AM

මොන ජාතියේ කාන්තාවක්ද? (නි)

:       0       0

ලක්මාල් Friday, 20 September 2013 07:42 PM

නිතිය අකුරට ක්‍රියාත්මක කිරීම අගය කළයුතු දෙයක්. කෝ අර ආසියාවේ ලොකුම කුඩු තොගය ? ඒවාට වුණ දේවලුත් පෙන්නන්නකෝ (නි)

:       0       0

මිනෝලි Saturday, 21 September 2013 10:22 AM

රේගුවේ මහත්වරු ගැන දන්නේ අපි තමයි. (නි)

:       0       0

අනුර Friday, 20 September 2013 07:43 PM

මේවත් හොද රාජකාරි. නමුත් අර ලොකු කන්ටේනර් වල ආපු ඒවා තවම එහෙමමයි නේද? (නි)

:       0       0

චන්දි Saturday, 21 September 2013 10:26 AM

ඔය මොනවා කළත් මට කියන්න තියෙන්නේ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා විතරයි මහත්තයෝ ! (නි)

:       0       0

අසන්ත Friday, 20 September 2013 07:56 PM

ලලිත් මෝඩ කතා කියන්න එපා ... (ත)

:       0       0

පද්මිණි Saturday, 21 September 2013 10:39 AM

දම්මික පෙරේරාත් බන්දුල පෙරේරාගේ මල්ලි වගේ.දිසානායක වගේ අය නිසා ගොඩක් අයගේ ඇස් ඇරෙනවා. (නි)

:       0       0

චන්දි Saturday, 21 September 2013 10:50 AM

දැන් බලන්න අපි මෙහෙන් එනවිට අතේ බෑග් එකේ තමයි පළතුරු ගේන්නේ (ඇපල්.දොඩම්,මිදී,) තව මේ රටේ තියෙන ලංකාවේ නැති පළතුරු වර්ග කිසිම අවුලක් නැහැ. නමුත් ලංකාවෙන් එනවිට අපිට අන්නාසි ගෙඩියක් ගේන්න දෙනවද ....? බැගේජ් දාලා අන්නාසි මෙහෙට ඇවිත් බලනවිට අන්නාසි සුප් එකක් වෙලා කෙලින්ම කුණු එකට. ඒ අතින් නම් අපේ ගුවන් තොටුපොල අන්තිමයි. (නි)

:       0       0

ලලින් Friday, 20 September 2013 08:13 PM

කොහොමද රේගුවේ ටිකිරි මොළේ? (නි)

:       0       0

චන්දි Friday, 20 September 2013 09:48 PM

දැන් සුවද විලවුන් ගේන්නත් තහනම්ද ...? එහෙම නැත්නම් මෙයා ගොඩක් ගෙනාපු නිසාද මේ අත් අඩංගුවට ගත්තේ ....?(නදී)

:       0       0

අස්ගර් Saturday, 21 September 2013 11:33 AM

දැන් මේ සිගරට් තොගයයි, සුවද විලවුන් ආලේපන තොගයයි, කොහාටද බාරදෙන්නේ? බාරදෙනකොට ඔක්කොම බාර දෙයිද ? විනාශ කළත් ඔක්කොම විනාශ කරයිද ? (නි)

:       0       0

මද්දුමගේ Friday, 20 September 2013 11:17 PM

පොඩි මිනිසුන්ගේ පොඩි දේවල් කොහොමත් ලොකුවට පේනවා.(නදී)

:       0       0

නන්ද Friday, 20 September 2013 11:39 PM

අනේ අපේ රටට වෙච්ච දේ...කාන්තාව කියන්නේ කරුණාවේ සංකේතය,පුජකවරයා පුජනීයත්වයේ සංකේතය...එහෙත්, දැන් කිසිකෙනකු විශ්වාස තබන්න බැරි තත්වයට පත්වෙලා.මේවා ගැන සිතන විට පුදුම කළකිරීමක් හා වේදනාවක් ඇතිවෙනවා. (නි)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 12:11 AM

රේගුවේ මහතුනි මහාපරිමාණ හොරු ඉන්න රටේ පොඩි මිනිහ ගෙඑන සුවද විලුන් එක තොපිට ලොකු දෙයක් එහෙනම් ..(අ)

:       0       0

දම්මික පෙරේරා Saturday, 21 September 2013 12:15 AM

හොර කම ලොකු පුංචි කියල නැහැ . කන්ටේනර් උනත් ගමන් මලුවලින් උනත් හොර කම දෙකම එකය . මේවා සදාරකරණිය කරන්නේ මොලේ නැති කමට . අනික් එක මේ ගෑනි ඩුබායි වල වැඩට ගිය ගෑනියෙක් නෙමේ . දින කිහිපයකට පෙර ඩුබායි ගොස් මේවා මිලට ගෙන එන කෙනෙක් වංචාව සඳහාම . ලංකාවට කොහොමත් සිගරට්ස් ගෙන්න තහනම් . සුවඳ විලවුන් පෞගලික පාවිචියට ගෙන්න ප්‍රමාණයක් තිබෙනවා . මෙය ප්‍රමාණය ඉක්මවා වෙළදාම සඳහා වංචාවෙන් ගෙන ඒවා (අ)

:       0       0

මොහමඩ් ෆාරුක් Saturday, 21 September 2013 12:17 AM

හොඳට පරික්ෂා කරනම් තව ඒවා හොයා ගන්න පුළුවන් ඇති (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 21 September 2013 12:33 AM

කුඩු ගෙනෙන්න පුළුවන්, එතනෝල් ගෙනෙන්න පුළුවන්. පොඩි මිනිහට සුවද විලවුන් ගෙනෙන්න බැහැ. (නි)

:       0       0

ජයනි Saturday, 21 September 2013 12:34 AM

මේ සිගරට් සහා සුවද විලවුන් තොගය ගෙන ඒමට ඩුබායි ගුවන් තොටුපල අවසර දුන්නේ කොහොමද? එරටින් මේවා මෙපමණ ප්‍රමාණයක් ගෙන ඒමට පුලුවන්ද?දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

පද්මිණි Saturday, 21 September 2013 12:47 PM

චන්දී, ඔයා ඉන්නේ මොන රටේද දන්නේ නැහැ. හැබැයි දැන් ලංකාවේ පලතුරු, එළවලු, බතල මඤ්ඤොක්කා ඕනෑතරම් සුපර්මාකට් වල තියෙනවා. (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Saturday, 21 September 2013 01:12 AM

මම දන්නෙ නැති නිසයි අහන්නෙ මොහමඩ් ෆාරුක් මහත්මයා ඉන්නෙත් ඩුබායි වලද?(නදී)

:       0       0

ජයන්ති Saturday, 21 September 2013 01:13 AM

යුරෝපේ ඉදලා ඩුබායි හරහා එන අයෙගේත් ගමන් මළු බලනවා නම්, පර්ස් බලනවා නම් මීට වඩා දේවල් සොයාගන්න පුළුවන්. මට ටැමිල් එක්කෙනෙක් කිවා සල්ලි අරන් යන්න දෙන්නේ ඩොලර් පන්දහසයි. ඒත් හංගගෙන ඕනතරම් අරන් යන්න පුලුවන් කියලා.(නදී)

:       0       0

ධම්ම Saturday, 21 September 2013 01:01 PM

දිසානායක, මැද පෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන්නන් සඳහා ගුවන් තොටුපොළේ ලබා දී ඇති සහනයන්ගෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. මේ ලඳත් එහෙම කෙනෙක් . (නි)

:       0       0

දිලාන් Saturday, 21 September 2013 02:15 AM

මේ අදහස් දාන සමහරුන්ටත් සමහර දේවල් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

හේරත් Tuesday, 24 September 2013 02:23 AM

මොන කුඩුද?දුන් කුඩුද? (නි)

:       0       0

කොබා Saturday, 21 September 2013 02:40 AM

මහත්වරුනි, මේ රේගුවේ වගේම අපේ රක්ෂනේ චෙක් කරන්ට ඉන්න අයත් මාර විදිහට ගසා කන්නේ. මගෙන් එක දවසක් රුපියල් දහ දාහක් ගත්තා. තව දවසක් පන්දහසක් ගත්තා. මින් පස්සේ මම හොයල බලනවා. රටට ඇත්ත හෙළි කරනවා. මට ආණ්ඩුවේ ලොක්කෙක් උදව් කරනවා කිව්වා රටට ඇත්ත එළි කරන්න. .කරුණාකරලා අපි එකතු වෙමු, උත්සහ කරමු. .අම්මේ,තාත්තේ,නංගියේ,මල්ලියේ,උපන්,නුපන්,දරුවනේ අපි රටට වැඩදායක දෙයක් කරමු,මියයමු.(නදී)

:       0       0

නාලක Saturday, 21 September 2013 03:49 AM

දැන් මේ රාජසන්තක කරන බඩු වලට මොකද වෙන්නේ? රේගුවේ නීතිය ක්‍රියාත්මක කරනවානම් කොහොමද ඔයාල තට්ටු ගෙවල් ගහන්නේ රේගුවේ වැඩට ඇවිල්ලා අවුරුද්ද යනකොට?(නදී)

:       0       0

නිශාන්ත Saturday, 21 September 2013 02:28 PM

ගෙනාපු එතනෝල් වලට මොකද කරේ ?

:       0       0

චන්ද්‍රා Saturday, 21 September 2013 06:10 AM

අන්න හරි. දැන් තමයි වෙලාව.,මමත් බලාගෙන හිටියේ. කුඩු ටොන්ගණන් දැන් රටට ගේනවා.යුද්දෙට වැඩිය භයානකයි මේක.ජාතියම වද වදවෙලා යයි.දැන් අපි හඩක් නගමු (නි)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 08:26 AM

දම්මික පෙරේරා ඔය නීති හොදයි ඔබලා වගේ අදිරාජ්‍යවාදී ගැත්තන්ට. සුවද විලුන් කොපමණ ගෙනාවත් ලංකාවේදී අලෙවි කෙරුවත් ඔබලාට තියන අමාරුව මොකක්ද? අර කුඩු කන්ටේනරය ගැන මේ වගේ අදහස් දැම්මේ නැත්තේ බයටද ? ඔහෙලටත් ඕනේ තැලෙන මිනිස්සුන්ව තලන්න.(නදී)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 08:29 AM

කොහෙද මහත්තයා රක්ෂණ නියෝජිත ආයතන තියන්නේ. ආණ්ඩුවේ බලපත්‍රරය අරගෙන මහජන මුදල් මංකොල්ල කන තැනක් ඒක. ඒ නිසා රක්ෂන සහතික අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 21 September 2013 08:30 AM

උස් තැන් දැක හැකිලෙන්නේ....මිටි තැන් දැක පුප්පන්නේ...නිවටුන් බව සිතමින්නේ......මගේ පුතා ලොකු වෙන්නේ...... (නි)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 03:50 PM

පත්මිණි අක්කේ, නරියෙක් විදිහට අවුරුදු 100 ක් ජීවත් වෙනවට වඩා 1 දවසක් ජීවත් නෙලා සිංහයෙක් වගේ මැරෙනවා එක නම්බුයි. චන්දි අක්කේ ඔයා දැකල තියනවා නේද අපේ ගුවන් තොටුපලේ විදේශ සේවා අංශයේ නිලදාරීන් කාක්කෝ වගේ මුල ඉදන් ගුවන් යානයට නගින කම් කරන්නේ මුදල් ගසා කන එක. බාගෙට මරල එන ශ්‍රමිකයන් මේ රටවල් වලදී හොදටම මරනවා. කොහෙන් ගියත් අහිංසක ජනතාව දුකට පත් වන වැඩ පිළිවෙලක් තමයි හැම ආණ්ඩුවක්ම කලේ ඉස්සරහට කරන්නෙත් ඒක. (නදී)

:       0       0

මාගලී Saturday, 21 September 2013 08:45 AM

අපේ නිළධාරීන් හරි දක්ෂයි (නි)

:       0       0

නදිප් Friday, 20 September 2013 06:23 PM

පොඩි මිනිසුන්ගේ පොඩි දේවල් කොහොමත් ලොකුවට පේනවා (නි)

:       0       0

කමල් Friday, 20 September 2013 06:30 PM

කන්ටේනර් ප්‍රශ්න ගැනත් සොයාබැලිය යුතුයි (නි)

:       0       0

අසේල Friday, 20 September 2013 06:42 PM

නීති විරෝධී වැඩ අල්ලන එක හරිම හොදයි. හැමෝටම නිතිය ඔය වගේ ක්‍රියාත්මක කොරන්නේ නැති එක තමා කැත. වෙන රට වල ඔහොම නැහැ, නිතිය හැම එකාටම එක හා සමානයි (නි)

:       0       0

දම් Saturday, 21 September 2013 05:39 PM

රේගු මල්ලි,එතනෝල් වල පින්තුරයක්වත් දාන්නකෝ (නි)

:       0       0

ලලිත් Friday, 20 September 2013 06:53 PM

මාසෙට දෙකට රට ගිහින් එක අයව, රට යන අයව හොදින් පරීක්ෂා කළ යුතුයි (නි)

:       0       0

සසු Saturday, 21 September 2013 06:01 PM

චන්දී, බොරු කියන්න එපා නෝනේ. ඔයාගේ පැකින් අවුල් ඇති. මමත් ඔය යස අගේට අන්නහි ගෙඩි 15ක් විතර ගෙනාවේ. ඊළඟ වතාවේ මම එන්නම් ඔයාට උදවු කරන්න. ඇත්තටම ඔය කුඩු ලොරියට මොකද වුණේ? (නි)

:       0       0

කටා මාමා Saturday, 21 September 2013 10:04 AM

කවුද මාත් සමග ඔට්ටු අල්ලන්නේ මේක ගැන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5230 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3053 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1415 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1524 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28247 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site