IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ළමයා තෙමුණැයි විදුහල්පතිට ගහලා?

සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති  සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහරදුන්නැයි අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ අතර මෙම පහරදීමට විරෝධය දක්වමින් පාසල් 13 ක ගුරුවරුන් විදුහලේ ගුරුවරුන් සමඟ එක් වී සිටිති.

උප සභාපති අද(14) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.විදුහල්පති රෝහල්ගත වී සිටී.‍

P1000078 P1000085 P1000100---Copy P1000107---Copy



අදහස් (0)

ළමයා තෙමුණැයි විදුහල්පතිට ගහලා?

හේෂාන් Friday, 14 November 2014 01:18 PM

ළමයි එහෙම තෙමන්න කාටවත් බැහැ මම නම් ඒ මනුස්සයාගේ වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

සහන් Friday, 14 November 2014 01:18 PM

දේශපාලනය හැමතැනටම රිංගලා කියන්න හදන්න එපා දරු සෙනෙහසයි මේ පෙන්නේ (දී)

:       0       0

රවිදු Tuesday, 02 December 2014 09:03 AM

මෙහෙමටත් අපරාද. (ර)

:       0       0

දර්ශන Friday, 14 November 2014 05:48 AM

අපිටත් ලැජ්ජයි මේවා දැක්කම. (ර)

:       0       0

හසිත් Friday, 14 November 2014 05:54 AM

අනේ ඉතින් විදුහල්පතිත් මෙයාට ඡන්දෙ දීල පත් කර ගත්ත අයගෙන් එක්කෙනෙක් ද කවුද දන්නේ ? (දිල්)

:       0       0

සෙත්මි Friday, 14 November 2014 01:48 PM

මේ ප්‍රාදේශීයසභා මන්ත්‍රිලගේ ළමයින්ට වෙනම පාසල් ක්‍රමයක් ආරම්භ කරන්න වෙයි ද ? වැස්සට තෙමෙන්නේ නැති අව්වට වේලෙන්නේ නැති පාසල් ක්‍රමයක්. පුදුම පවර් එකක් නේ. (දී)

:       0       0

චතූ Saturday, 15 November 2014 06:00 AM

මම ඉගනගත්ත ඉස්කෝලෙ හිටියෙත් මේ ජාතියෙම ප්‍රින්සිපල් කෙනෙක් එයා ළමයින්ට සැලකුවෙත් හරියට වහලුන්ට වගේ. එයාගෙත් කන පැලෙන්න ගහන්න ඒකාලෙ මටත් කවුරුහරි හිටියනම් කියල දැන් හිතෙනවා. (අ)

:       0       0

දිලාන් Friday, 14 November 2014 06:12 AM

දැන් ඉතින් මීටත් ලොකු ලොක්කෙක් පොලිසියට සත්තම දාල මෙයාව එලියට ගනීවි. (හේ)

:       0       0

සෑම් Friday, 14 November 2014 06:13 AM

මේ වගේ අය ඡන්දේ දීලා ප්‍රාදේශීය සභාවට යවාපු ඡන්දදායකයන්ටයි දඬුවම් දිය යුත්තේ.(හේ)

:       0       0

පද්මේන් Friday, 14 November 2014 06:30 AM

අනේ මන්දා මාර තාත්තා.මගේ පුතා ඇවිත් කිව්වොත් ඉස්කෝලෙන් ගැහුවා කියල අපි ළමයට කියල දෙනවා වැරැද්ද.මොකද අපේ දෙමවුපියෝ ඒක අපිට කියලදීපු නිසා.ඉස්සර අපේ ගුරුවරු අපිට ගැහුවට යනකොට තැන්ක්යූ සර් කියලා කිසි තරහක් නැතුව අපි යන්නේ.දවසක් කෘෂිකර්මය සර්ගේ වත්තේ කුරුම්බා කඩල සර් දෙමවුපියන්ව එක්කන් එන්න කිව්වම සර්ට වැඳලා කිව්වා අනේ සර් ආයේ කරන්නේ නැහැ කියලා.සර්ට දුක හිතිලා යන්න කිව්වා.හැබැයි ආපහු කැඩුවා.මේවා පාසල් කාලයේ සුන්දර මතක.ගෙදරට කිව්වනම් ගෙදරිනුත් ගුටි. (බ)

:       0       0

ගාමිණී Friday, 14 November 2014 06:35 AM

හොඳම ආදර්ශමත් පීතෘ රත්නයක්. (බ)

:       0       0

සුනෙත් හේමන්ත Friday, 14 November 2014 07:02 AM

ජනාධිපතිවරණය ළඟ නිසා අනිවාර්යයෙන්ම උප සභාපති කමෙන් ඉවත් කරන්නම වෙනවා. නැත්නම් ආණ්ඩුවට තව ඡන්ද ටිකක් අඩුවෙනවා. මගේ අදහස නෙමේ. සිදුවේවි කියල හිතෙන දේ. (බ)

:       0       0

කාන්ති Friday, 14 November 2014 07:03 AM

මේ වෙන දේවල් ළමයාගේ අනාගතය පිලිබඳ පෙර මග සලකුණු. (දිල්)

:       0       0

ලසිත් Friday, 14 November 2014 07:04 AM

අද අපි මෙතන මේ අකුරු ටික ලියන්නෙත් ගුරුවරු නිසා. (දිල්)

:       0       0

චාන්දනී Friday, 14 November 2014 07:11 AM

අපි හතර වන ශ්‍රේණියේ ඉන්නකොට ඉංග්‍රීසි පාඩම මග ඇරලා ලොකු අක්කල විවිධ ප්‍රසංගයට පුහුණු වෙන හැටි බලන්න ගිය නිසා මුළු පන්තියටම වේවැල් පාර ලැබුණා. අපේ අම්මා ඒ පාසලේම ගුරුවරියක්. එහෙම කියල ගුරුතුමී මට දඬුවම් දෙන්න මැළි වුනේ නැහැ. ලැජ්ජාවේ ගෙදර ගිහින් බයෙන් හිටියේ මේ ගැන ආරංචි වී මට ගෙදරදීත් දෙවැනි දඬුවම ලැබේවි කියල. ඒත් දැන් ?(දිල්)

:       0       0

මනෝජ් Friday, 14 November 2014 07:19 AM

අපි පාසල් යන කාලේ කෙම්ච්චි ගුටු කෑව හැටි මතක් වෙනවා (දිල්)

:       0       0

සිසිර Friday, 14 November 2014 07:20 AM

සභාපති පාසල් ගිය කෙනෙක්ද දන්නේ නෑ (දිල්)

:       0       0

කුමාර Friday, 14 November 2014 07:33 AM

දඩුවමක් කරලාවත් මේ ළමයින්ව හදන්න බෑ.(හේ)

:       0       0

කුමාර Friday, 14 November 2014 07:44 AM

අපි යන කාලේ මෙහෙම දෙයක් ගෙදර ගිහිල්ලා කිවුවොත් අපිටයි ගෙදරින් ගුටිකන්න වෙන්නේ (නි)

:       0       0

ඇන්ඩෲ Friday, 14 November 2014 07:49 AM

අපි මොනවා කිව්වත්, මෙයාලා දන්නේ කොහොමද පාසල් වල විනය ගැන? මේකේ වැරැද්ද මොවුන් මේ තනතුරු වලට පත්කරන සහ මොවුන්ට ඡන්දය දී ආවඩන අපේ ජනතාවගේයි (නි)

:       0       0

ලලිත් Friday, 14 November 2014 08:01 AM

අශ්චර්යක තරම පේනවා නේද ?(හේ)

:       0       0

අකිත Friday, 14 November 2014 08:10 AM

සමාජ පිරීහිමේ ලක්ෂණයක්.(හේ)

:       0       0

ඇන්ටන් Friday, 14 November 2014 08:11 AM

නුගත් මිනිසුන්ට දේශපාලන බලය ලැබීමේ ප්‍රතිඵල (බ)

:       0       0

නාමල් Friday, 14 November 2014 08:13 AM

ඒත් දැන් ? ප්‍රාදේශීය නායකයෝ පාසල් ගිය අය නොවෙයි.ඒ නිසා ඔවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්.(හේ)

:       0       0

මාධව Friday, 14 November 2014 08:25 AM

දැන් මේ දේ එක්ක ළමයෙක්ට දඩුවම් කරන්නත් බයයිනේ.(හේ)

:       0       0

චින්තක Friday, 14 November 2014 08:27 AM

මෙන්න තවත් පාසල් නොගිය දේශපාලකයෙක්.(හේ)

:       0       0

අනුර Friday, 14 November 2014 08:31 AM

පාසලේදී දඩුවමක් ලබා දීමට ගුරුවරුන්ට අයිතියක් තියෙනවා.නැත්තම් දරුවන් යහමඟට ගන්න බෑ.(හේ)

:       0       0

දිනේෂ් Friday, 14 November 2014 08:52 AM

සවස් වෙනකම් මොකට ළමයා තියාගත්තද. දෙන දඬුවමක් දීල ගෙදර යැව්වානම් ඉවර නේ. (ර)

:       0       0

සමාධි Friday, 14 November 2014 08:54 AM

පුදුම වැඩක්නේ මේක. (ර)

:       0       0

රාම Friday, 14 November 2014 09:00 AM

මේ ළමයා නාන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. වැස්ස නැති රටක පදිංචි වුනා නම් හොඳයි නේද.? (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 14 November 2014 09:03 AM

ළමයා වැස්සට තෙමුණා නම් විදුහල්පතිතුමාට ගහලා හරියන්නේ නැහැනේ. ගහන්න ඕනෑ ළමයාගේ ගෙදර අයටනේ, ළමයාට කුඩේ දුන්නේ නැතුවට. (නි)

:       0       0

සඳුනි Friday, 14 November 2014 09:09 AM

වයඹින් පාඩමක් ඉගෙනගෙන නැතුවා වාගෙයි...පොඩ්ඩක් ඉන්න දේශපාලක තුමෝ...(බ)

:       0       0

ආනන්ද Friday, 14 November 2014 09:21 AM

දැන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරුන්ගේම වැරදි තමයි වැඩි.(හේ)

:       0       0

ලක්ෂාන් Friday, 14 November 2014 09:28 AM

අවුලක් නෑ (බ)

:       0       0

රොහාන් ගල්ගමුව Friday, 14 November 2014 09:32 AM

තවත් ගොනෙක් ඇනලා (බ)

:       0       0

නදී Friday, 14 November 2014 09:38 AM

පුදුම රටක් .... ගුරුවරුන්ට ළමයින්ගේ සදාචාරය හදන්න උත්සහ කරන්න කියලා සමහර දේසපාලඥයින් ම කියනවා....අනේ එහම කියන මහත්වරුනේ ඔයාලාගේ සභාවල ඉන්න අයටත් සදාචාරය ඉගැන්වීම ගැන හිතන්න වෙනවා තමන්ග‍ේ‍ පක්ෂය ගැන හිතලවත්(දිල්)

:       0       0

සහන් Saturday, 15 November 2014 12:25 PM

මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

සේන Friday, 14 November 2014 09:41 AM

මේ වගේ අයට ඡන්දෙ දෙන අයට ගහන්න ඕන(දිල්)

:       0       0

බුද්ධි Friday, 14 November 2014 09:42 AM

ඔය මොනවා වුණත් නැවත ඡන්දය දී ඔවුන්වම පත්කර ගන්න අපේ අය සැදී පැහැදී ඉන්නවා (නි)

:       0       0

තුසිත Sunday, 16 November 2014 01:51 PM

සභාපතිගෙ දරුවා නාන්නෙ නැහැලු. එකනෙ අව්ල. පව් අහිංසක දරුවා තෙමිලනෙ (අ)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 14 November 2014 10:21 PM

ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

තුසිත Sunday, 16 November 2014 01:55 PM

මේක වුනේ සද හිරු සෑයෙ ධාතු වඩම්මන කොට එකට පුෂ්පෝපහාර දක්වන්න ළමයි පාරට යවලා. එක අන්ඩුවේ නියෝගයක්. එතකොට උප සභාපතියා අන්ඩුවට විරුද්දද කොහෙද (අ)

:       0       0

සමන්ති Friday, 14 November 2014 10:48 PM

මේ වගේ අය පත්කරගත් ඡන්දදායකයන්ගේ ඔලුව අතගාලා බලන්න ඕනෑ (නි)

:       0       0

ජයසෝම වැල්ලම්පිටිය Friday, 14 November 2014 10:13 AM

මේවා පුදුම වන්නට ඕනේ දේවල් නොවේ . පහේ වසර වත් පාස් නැති , උසස් අධ්‍යාපනයක් නොලබපු , ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඔහොම තමයි .(හේ)

:       0       0

බණ්ඩාර Friday, 14 November 2014 10:32 AM

"මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම වන්දි ගෙවිය යුතුයි".(හේ)

:       0       0

දිමුතු Friday, 14 November 2014 10:57 AM

ඕවා ගණන් ගන්න එපා සුළු සුළු අත් වැරදීම් වෙනවා. ගුරුවරුන්ට ගහන එක වැරදී. (ර)

:       0       0

වසන්ජය Saturday, 15 November 2014 02:19 PM

ඔය පළමු අවස්ථාව නෙමෙයි. මතක නැද්ද පලාබබෙක් ගුරුතුමියක් දණ ගැස්සුවා.දේශපාලනය කරන අය බලයෙන් උමතු වෙලා. (අ)

:       0       0

සුරංග මුදියන්සේ Friday, 14 November 2014 11:25 AM

බොහෝ ආසන වල දේශපාලනය හරිම අමිහිරියි. හැමතැනම හැමදේටම ප්‍රාදේශීය දේශපාලන බලවතා මූලිකයා වෙනවා. පොලිසිය ගැනත් ඉතින් කවර කතාද? මෙච්චර වියතුන් ඉන්න රටකට ගිය කලක්! (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 14 November 2014 11:40 AM

බන්දුල පෙරේරා මහත්තයෝ ඔයා නිදිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 0 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 711 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1464 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1345 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 383 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 341 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site