IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ළමා දිනේ පහේ ප්‍රතිඵල දීම හොඳ නෑ‘

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෝක ළමා දිනය දා නිකුත් නොකළ යුතු බව මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට පැමිණි රාජ්‍ය ආයතන තිස් පහක නිලධාරීන්ගේ අදහස වූ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.

පහ ශ්‍රේණියේ දී ශිෂ්‍යත්ව විභාගය නොපවත්වා හත වසරේ දී හෝ අට වසරේ දී එම විභාගය පැවැත්වීමේ නව විභාග කාර්ය පටිපාටියක් සකස් කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වූ බව ද හෙතෙම පවසයි.



අදහස් (0)

‘ළමා දිනේ පහේ ප්‍රතිඵල දීම හොඳ නෑ‘

අනුර Friday, 11 October 2013 01:02 PM

ළමා දිනය කියන්නේ දවස් 365න් එකක් විතරයි. ප්‍රතිපල කවදා ආවත් එකයි. ඕක ළමයින්ට මහා හිසරදයක්. (නි)

:       0       0

සමන්ත Friday, 11 October 2013 01:02 PM

පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න හොද නැහැ.එහෙම වුණො‍ත් ගමේ අඩු පහසුකම් තිබෙන පාසල්වල ළමයි හැමදාම ගමට වෙලා සිටීවි (නි)

:       0       0

සීලා Friday, 11 October 2013 04:59 AM

නැවත මතක් කිරීමක් (අ)

:       0       0

සුනිල් ගම්පල Saturday, 12 October 2013 05:57 AM

කන්නන්ගර ශිෂ්‍යත්වය හැදුවෙ ළමයා රොයල් යවන්න නෙවෙයි ආසන්නම මධ්‍ය විද්‍යාලයට යවන්නයි මධ්‍ය විද්‍යාලයට යවන විදියටමෙම ක්‍රමය හැදුවාම සුපිරි පාසල් හෙමිට සැර අඩුවෙනවා. කන්නන්ගර විද්‍යාල සුපිරි වෙනවා ප්‍රශ්නය අවුරුදු 2 3 න් හෙමිට නොදැන්ම ඉවර වෙනවා. මේ අයට කිවිවට තේරෙන්නේ නැ කන්නන්ගර ක්‍රමවේද සියල්ල ඉතාම නිවැරදියි අදට හෙටට අනිද්දාට-----!!! අලුත් ක්‍රම සියල්ල ප්‍රශ්ණ ඇතිකරනවාමයි.(නදී)

:       0       0

කුමාර Friday, 11 October 2013 01:37 PM

5 ශිශ්වත්වයෙන් සමත් වන 30% සාපෙළ පෙල් වෙනවා තව උසස් පෙළ කා ගන්නවා . මේවා ගැන සමීක්ෂණයක් කරලා දත්ත එලියට දමන්න. (අ)

:       0       0

සමිතා Friday, 11 October 2013 06:05 AM

පහේ ශිෂ්‍යත්වය ළමයින්ට කරගන්න ඉඩදෙන්න. දැන් විභාගය කරන්නේ අම්මලා තාත්තලා. 50 ,60 දශකවල 5 ,8 ශ්‍රේණිවල ශිෂ්‍යත්ව දෙකක් තිබුණා. හැබැයි කවදාවත් ගැටළුවක් තිබුනේ නැහැ. අධ්‍යාපනයට විද්‍යාල සංකල්ප (නවෝදා වගේ )ගෙනා නිසා තමයි සමහර පාසල් වැසුණේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 11 October 2013 06:39 AM

කවුරු කිවුවත් දැන්නම් තීරණය වෙනස් කරන එකක් නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 October 2013 06:48 AM

අනේ මහතුනේ, දැන් රටට වැඩක් කරමුද? දැන් ඒක සිදුවෙලා අවසානනේ. අනික බටහිරින එන ඔය දේවල් අපිට මොකටද? අපි හැමදාමත් අපේ දරුවෝ බලගත්තේ 'ඇහේ මුහුණේ' තබාගෙන. ඒ නිසා ඔය ළමා දින වැඩක් නැහැ (නි)

:       0       0

ග්‍රිෂාණි Friday, 11 October 2013 07:38 AM

ඇමතිලා හිතන්නේ ඒ අය තරම් දන්න තව කවුරුත් ලෝකයේ නැහැ කියලා. තමන් ගන්න තීරණ හරියටම හරි කියල‍ා. රටම වැරදියි කියන මේ දෙය එතුමට හරි. (නි)

:       0       0

පෙන්සි Friday, 11 October 2013 08:26 PM

ජනප්‍රිය පාසල්වලින් ප්‍රාථමිකය ඉවත්කල යුතුයි. (ත)

:       0       0

චන්දිම Friday, 11 October 2013 08:25 AM

සමත් වූ ළමයින්ට හරිම ගරු සැළකිලි, සත්කාර, තෑගි බෝග, ලැප්ටොප්... සමත් නැති ළමයා පොල්කුඩු ගානයි. සමහරු හිතේ වෛරයෙන් ඉන්නෙ. සමත් වුණු ළමයින්ටවත් පුලුවන් නම් අසමත් වී දුක්වන යාලුවන්ගෙ හිත් හදන සත්කාර්යකට හවුල් වෙන්න, කොච්චර හොඳද? එහෙම දේවල් නේද මේ රූපනාලිකා වලින් කරන්න ඕනෑ? (නි)

:       0       0

සමන්ත Friday, 11 October 2013 08:32 AM

5 ශිෂ්‍යත්ව ප්‍රතිපල ළමා දිනයේදී තෑග්ගක් විදිහට ලබා දීම ඉතා උසස් කටයුත්තක්. මෙහිදී අසමත් වන ළමුන්ට අසාධාරණයක් නොවෙන්න සියලුම ළමුන් සමත් කරනවා නම් එය වඩාත් හොදයි. මේ තුලින් ළමුන් තුළ ඇති වන අහිතකර තරගකාරී මානසිකත්වය බැහැර කරන්න පුළුවන්. අද මේ මල් වයසේ ළමුන් මේ විභාගය නිසා පිස්සෝ වෙලා. හැමෝම සමත් වූ විට හැමෝටම සතුටුයි. ළමුන් අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්නෙත් නැහැ (නි)

:       0       0

නිමල් Friday, 11 October 2013 08:44 AM

මෙතුමානේ කිව්වේ රුපියල් 2500/-න් මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියලා. (නි)

:       0       0

උපුල් Friday, 11 October 2013 09:07 AM

ලෝක ළමා දිනයේදී සියලු ළමයින්ට සතුටුවිය හැකි යමක් නොකර ළමයිනුත් අම්මලාත් දුක් විඳලා ලබාගත් ප්‍රතිපලය තෑග්ගක් වගේ දීලා සතුටක් විඳින එක හොඳද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 October 2013 09:29 AM

ඔය මැති ඇමතිවරු කවදද ජනතාව ගැන හිතල තීන්දු තීරණ ගත්තේ.? ඉතින් මේක තවත් මෝඩ තීන්දුවක් කියල ඔහේ බලා ඉමු. වෙන මොකද කරන්නේ?(දිල්)

:       0       0

සිල්වා Friday, 11 October 2013 09:52 PM

ළමයින් වෙනුවෙන් හරි දෙයක් කරන්න හැමට ශක්තිය ලැබේවා!! රටේ අනාගතය වන අපේ ළමයි හරි මගට ගෙන හොද අධ්‍යාපනයක් දෙන්න පුලුවන්නම් ලොකුම දෙයක් හැම දරුවෙක්ගේම පැතුම හොද පාසලකට යෑමය. උගතුගේ වගකීම එයට ඉඩ දීමයි සහ පසුකම් සැලසීමයි (නදී)

:       0       0

ධරිත Friday, 11 October 2013 10:04 AM

මානව හිමිකම් එකේ අයටත් තියෙන වැඩ? (නි)

:       0       0

චානක Friday, 11 October 2013 10:15 AM

ළමයින්ගේ ළමා මනස විනාශ කරන මේ විභාගයම අවලංගු කරන්න ඕනී.අපේ රටේ තීන්දු තීරණ ගන්න තැන්වල උගත් බුද්ධිමතුන් නැහැ,බොරු කියල යතාර්තය යට කරන්න තර්ක කරන්න පුළුවන් මුග්ධ මිනිස්සු ඉන්න අවාසනාවන්ත රටක් මේක.රටට ගැලපෙන අධ්‍යාපන රටාවක් අපේ රටේ නැහැ.(දිල්)

:       0       0

කුසුම් Friday, 11 October 2013 03:45 PM

කුඩා දරුවන් විශාල මානසික පීඩනයකට පත් කරන මෙම 5 ශිෂ්‍යත්ව විභාගය පමාවී හෝ අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කරන්නේ නම් එය අනාගත පරපුර වෙනුවෙන් කරන මානුෂිය මෙහෙවරකි. මෙහිදී අතීත ශිෂ්‍යත්ව විභාගය හා සැසඳීම එතරම් කාළෝචිත නොවේ. කාලීන අවශ්‍යතාවයන් හා ඇතිවී තිබෙන සමාජ ගැටළු මත අධ්‍යාපන සංකල්පයන්ද වෙනස් විය යුතුය. (ස)

:       0       0

නිමල් Friday, 11 October 2013 10:19 AM

බටහිර රටවලට තමයි අවුරුද්දකට එක දවසක් ළමා දිනයක් තිබෙන්නේ. අපිට හැමදාමත් ළමයින්ගේ දින තමයි. ඉතින් ප්‍රතිඵල කවදා දුන්නත් අපි ප්‍රශ්නයක් කරගන්න ඕනෑ නැහැ. පුලුවන් නම් 5 වසර ශිෂ්‍යත්වය නවතලා දාන්න. ඒක සියල්ලටම වඩා වටිනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 11 October 2013 10:24 AM

බටහිරින් ලබාගත් මේ වෙන්කරගත් දීන සංකල්ප වලට ඇබ්බැහිවීමක් තමයි මේ. ළමයි එදාට අඩන එක නරකයි. වෙන දවසක අඩන එක හොදයි. ළමයින්ගේ මනසට මේ තරම් බලපෑමක් වෙනවා නම් දිනය නෙමෙයි, මානව හිමිකම් එකට ප්‍රශ්නය වියයුත්තේ, මේ විභාගයයි. ළමයින්ගේ සියලු අයිතිවාසිකම් පෙර පාසලේ සිටම උදුරාගෙන ළමයි රොබෝලා කරන අම්මලා තාත්තලාව පිස්සෝ කරවන, අමතර පන්තිකාරයෝ පොහොසත් කරවන, මේ විභාගය ගැන තීරණයක් ගන්න බලන්න ප්‍රතිපල එන දවස ගැන බලන්න කලින් (නි)

:       0       0

ජයා Friday, 11 October 2013 10:43 AM

5 ශිෂ්‍යත්වය නිසා මම අගනුවර ඉහළ පාසලකට යාමට අවස්ථාව ලදිමි. උපාධිය තිබුණද තාමත් රැකියා අයදුම්පතෙහි පාසල සඳහන් කරන්නේ එයට ඇති පිළිගැනීම නිසයි. මේ අවස්ථාව ගමේ දරුවන්ට නැති කරන්න එපා. (නි)

:       0       0

මොහොමඩ් Friday, 11 October 2013 11:13 PM

අපේ රටේ ක්‍රමසම්පදකයන්ට දුර පෙන්නේ නැහැ ඔය ක්‍රමය ලබන වසර වනකොට ඉබේම දියවෙලා යයි (දිල්)

:       0       0

රජිත් ඉතාලි Thursday, 10 October 2013 10:45 PM

ළමයින්ට එක දවසද ?(දිල්)

:       0       0

දර්ශන Thursday, 10 October 2013 11:00 PM

මේ වගේ දේවල් හැමදාම කරනවා නේද(දිල්)

:       0       0

සම් Friday, 11 October 2013 11:24 AM

කවුරු හරි අතින් යම් අතපසුවීමක් සිදුවුණාම ඒක නිවැරදි කරන්න තරම් නිහතමානී කමක් අපගේ දේසපාලකයනට නැහැ. තමුන් හරි කියලා තමා හිතන්නේ. ඒක අපේ සිසු දරුවන්ගේ පමණක් නොවේ මුළු රටේම අවාසනාව. (ස)

:       0       0

කීර්ති Thursday, 10 October 2013 11:19 PM

හැබැයි අධ්‍යාපන ඇමතිතුමා නං කිවුවෙ ඒක ළමාදිනේ ළමයින්ට දෙන තෑග්ගක් කියල. කවුරු කැමති උනත් නැතත් මින් ඉදිරියට ප්‍රතිඵළ නිකුත් කරන්නෙ ළමා දිනේට කියල බොහොම උජාරුවෙන් කිවුවෙ.(දිල්)

:       0       0

කුමාරන Thursday, 10 October 2013 11:52 PM

බටහිර දේවල් වලට කාලය කන්න එපා.හැම දිනයක්ම ළමයන්ගේ.එක දිනක් නොවෙයි. (නි)

:       0       0

ගජමන් Friday, 11 October 2013 05:51 PM

කුමාරන පැවසූ දේ හරි. අපට නම් 365 දවසම ළමයින්ගේ දවස්. අපේ හැමදේම, හැම දවසම ළමයින්ටයි. එක දවසක් නෙමෙයි. (නි)

:       0       0

කුමාර කළුතර Friday, 11 October 2013 11:47 AM

කරුමේ උනේ අධ්‍යාපන ඇමතිලා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් බව අමතක උන එක .(දිල්)

:       0       0

ගජමන් Friday, 11 October 2013 12:47 AM

තම ගරුත්වය ආරක්ෂා කරගෙන වැඩ කළා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.එහෙම නැතුව තමන්ගේම අදහසේ එල්ලීගෙන තමන් හරි කියලා වැඩ කළොත් ජනඅප්‍රිය වේවි. පාසල් වල ඉගෙන ගන්න පුංචි ළමයි කඳුළු පෙරාගෙන අඬන දවසක් නොවේ ලෝක ළමා දිනය කියන්නේ. කවුරු මොනවා කිවුවත් මීටපසු 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල දෙන්නේ ළමා දිනේටයි කියලා තීරණය කරන්න බලය තිබෙන එක ඇත්ත.එහෙත් බහු ජනතාවගේ අදහසට පොඩ්ඩක් කන්දෙන්න ඇමතිතුමනි. (නි)

:       0       0

උපාලි Friday, 11 October 2013 12:51 AM

අතීසාරෙට අමුඩයක් ගැහැව්වා එහෙනම්, ඇ? සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි විශිෂ්ට අධ්‍යාපනඥයන් දැන් අපට නොලැබීම අවාසනාවක්. මධ්‍ය මහා විද්‍යාල හදල සැලසුම් කලේ රෝයල් එකේ වරප්‍රසාද හැකි තරමින් ගමේ දරුවන්ටත් ලබාදෙන්නයි. ශිෂ්‍යත්වය දුන්නේ මධ්‍ය මහා විද්‍යාලයට යන්නයි. ඒ සංකල්පය තවමත් වලංගුයි. විශිෂ්ට මට්ටමේ පාසල් කීපයක් දිස්ත්‍රික්කයක් පාසා පිහිටුවන්න බැරි ඇයි? ශිෂ්‍යත්වලාභීන්ට උසස් පාසල්වල වගේම ම.ම. විද්‍යාලවල (හෝ වෙනත් එවැනි පාසල්වල) පහසුකම් දෙන්න බැරිද? ප්‍රශ්නය තියෙන්නේ ප්‍රතිපල දෙන දිනයේ නොව දරුවන් අති උග්‍ර තරඟයකට ඇද දැමීමෙයි. තරඟය වලක්වන්න. ක්‍රමික අගයුමකින් දරුවන් තෝරන්න. (අ)

:       0       0

ලලිත් Friday, 11 October 2013 01:26 AM

මොකද එදාට කෙම්මුර දවසක්ද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 12 October 2013 02:09 AM

ඔය දවසේ ප්‍රතිපල නිකුත් කළ විට ළමයි ටික දෙනෙක් (දෙමාපියන්ද සමග)සතුටු වෙන නමුත් ළමයි දහස් ගණනක් දුකෙන් කල්ගත කරනවා.ළමා දිනය එසේ නොවිය යුතුයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 451 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9939 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3803 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6120 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19438 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 285 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site