IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ළමා නිවාසයකින් පලායමින් සිටි දරුවන් තිදෙනෙකු පොලිසියට

(මොහොමඩ්  ආසික්)

මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි  බාල වයස්කාර සිසුන් තිදෙනෙකු  එහි තාප්පයෙන් පැන පලායමින් සිටියදී  වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද (04)  බාර දී තිබේ.

අධිකරණය සහ පරිවාස  ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පරිවාස බාරයට පත් කරනු ලබන දරුවන් මෙම ළමා නිවාසයේ නිලධාරීන් විසින් රැක බලා ගන්නා ලදී.

ළමා නිවාසයේ නේවාසිකව සිටි වයස අවුරුදු 12, 13 සහ 16  යන වයස්වල පසුවන මෙම දරුවන් රාත්‍රියේ ළමා නිවාසයේ තාප්පයෙන් පලා ගොස් තිබිණි. ඔවුන් අලවතුගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වාහනයකට අත දමා නවත්වා ඊට නැග තිබේ. එම වාහනයේ හිමිකරු මෙම දරුවන් සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔවුන් ළමා නිවාසයකින් පලා යන බව දැන කටුගස්තොට පොලීසියට බාර දී ඇත.

ළමා නිවාසයේ බාරකාර පියතුමෙකුද කැඳවා පොලිසිය විමර්ශන පැවැත්වීය. සිසුන් ප්‍රකාශ කරන්නේ ළමා නිවාසය තුළට පිටත සිට ඇතැම් පිරිස්  විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය වීසි කරන බවත්, වැඩිමහල් පිරිස ඔවුන්ට පහර දෙන බවත්, එබැවින් පලා යාමට තීරණය කළ බවත්ය.

මෙම දරුවන් තිදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ළමා නිවාසයකින් පලායමින් සිටි දරුවන් තිදෙනෙකු පොලිසියට

සේන Friday, 04 September 2020 09:38 AM

ළමා නිවාසය ඇතුලේ දරුවන්ව හිංසනයට ලක්වෙනවා ඇති. ඒ ගැනයි සොයාබැලිය යුත්තේ...

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1078 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1920 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 650 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1788 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 934 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3993 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site