(විනීතා එම් ගමගේ)
වයස අවුරුදු 18ට අඩු ළමයින් 45000 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බලකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට එකකි.
මෙම පිරිස අතරින් වැඩිම ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල බව ද ඔහු පෙන්වා දුන්නේය.
දකුණු ආසියාතික රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාව සතුටුදායක තැනක සිටින නමුත් රටක් ලෙස සතුටුවිය නොහැකි යැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (27) පැවසීය.
2022 වසර ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටුදැකීමේ වසර ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම් කර ඇති බව ද චන්ද්‍රකීර්ති මහතා කීය.
ඒ අනුව ලබන වසර අවසන් වන විට ගණිකාවෘත්තිය, අසභ්‍ය වීඩියෝ පටවලට පෙනී සිටිම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වැනි නරකම ආකාරයේ කටයුතුවලට ළමයින් යොදවා ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ශ්‍රී ලංකාව එකඟතාතවයකට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම 2025 වෙද්දී ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ද එම සංවීධානය සමග එකගතාවකට ආ බවත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ළමා ශ්‍රමිකයන් 45,000ක් මෙහෙකාර සේවයේ
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 July 2021 11:37 AM
2025 වෙනකං බලබලා ඉන්නේ කුමටද? වහාම මේ ළමයි 45000 ළමා මෙහෙකාර සේවයෙන් නිදහස් කරගෙන, එම දරුවන්ට රජයෙන් මුදලක් ගෙවන්න. ඔවුන්ගේ දිළිඳුබවට කිසියම් වැඩදායී සේවයක් සලසන්න. දේශපාලන අංශවලට සියලු සැපසම්පත් වලින් සමන්විත අධි සැප පහසුකම්... ඒත්, මේ අසරණ දරුවන් ගැන කිසිඳු වගකීමක් නොමැත...
අතුල සෞදි Tuesday, 27 July 2021 02:24 PM
ලැජ්ජයි කොමසාරිස්තුමා... තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම පිළිබඳ මාධ්‍යයට කීම. මේවා ගැන සොයා නොබැලුවාට මේ අයටත් දඬුවම් දියයුතුයි...
SUNIL MILANO Tuesday, 27 July 2021 04:15 PM
මේ කොමසාරිස් නිකන් නින්දෙන් නැගිටලා වගේ දැන් තමයි ගණනය කරපුවා එළියට දාන්නේ... මෙපමණ දවසක් කොහේද දන්නේ නැහැ හිටියේ..? ජනාධිපතිතුමනි, මේ අය බුරුතු පිටින් අස්කරලා දාන්න. කිසිම දෙයක් කරන්නේ නැතිව පින් පඩි ගන්නවා.