IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ළිං පතුලේ මළ සිරුර සොයන්න නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්

 

යාපනය, නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ගැඹුරු ළිඳකට වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්විය. 

ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) රසික දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (24) පතුල නොමැති ළිඳ වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති එම ළිඳෙහි කිමිදී මළ සිරුර සොයාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

දුරස්ථපාලකයක් මගින් පාලනය කළ හැකි දිය යට නිරීක්ෂණ කැමරාවකින් සමන්විත අධි තාක්ෂණික යානයක් භාවිතා කර මීටර් 52 ක් පමණ ගැඹුරකින් යුක්ත වූ ළිඳෙහි නිරීක්ෂණ කටයුතු සිදු කැරිණි. පතුලට ගමන් කිරීමේදී ක්‍රමයෙන් පටු බවක් පෙන්නුම් කළ මෙම ළිං පතුලට වන්නට එම යානය ගමන් කරවීමේදී මීටර් 40 ක් (අඩි 131ක්) පමණ ගැඹුරේදී සුන්බුන් අතර සිරවී තිබූ මල සිරුර නිරීක්ෂණය කිරීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. අනතුරුව කිමිදුම්කරුවන් දෙදෙනෙකු යොදවා සිරුර  ගොඩ ගැනීමට ඔවුහු කටයුතු කළහ.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෙවැනි ගැඹුරු ලිදක් ආශ්‍රිතව සිදු කරන ලද ප්‍රථම මානුෂිය ක්‍රියාකාරකම වශයෙන් මෙය හැඳින්විය හැකි බව නාවික හමුදා මාධ්‍ය අංශය කියයි.

 



අදහස් (0)

ළිං පතුලේ මළ සිරුර සොයන්න නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්

සරත් Monday, 25 April 2016 06:25 AM

අපේ නාවික හමුදාව අපේ රටට මහත් ආඩම්බරයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 1 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 336 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 207 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 339 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1047 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2834 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site