IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ළිං වතුර අපිරිසුදුයි

ළිංවතුර අපිරිසුදු කියමින් වැලිවේරියේ ගම් රැසක 3000 දහසක් පමණ පිරිසක් නව කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් රතුපස්වලදී අද පෙරවරුවේ සිටි උද්ඝෝෂණයක නියැළී සිටිති. නැඳුන්ගමුව, ඌරුවල, සිවුරුලුමුල්ල ඇතුළු ගම්මාන රැසක වැසියන් පවසනුයේ ළිං වතුර පානය කිරීමෙන් උගුර කැසීම, බඩේ දැව්ලද, නෑමෙන් පසු ඇඟ කැසීම ද ඇති වන බවයි.



අදහස් (0)

ළිං වතුර අපිරිසුදුයි

පහන් Saturday, 27 July 2013 06:05 PM

ශාන් ඔයාකියන දේකරන්න පුළුවන් හැබැයි පහුවදාට ආයුද පෙනන්න එක්කයාවි,සුසු වෑන් ඒවි .අනික තුන්වෙනි ලෝකේ කිසිමරටකට දේශ පාලනය හරියන්නේ නැහැ .කෝක ආවත් එකයි .ඒකනිසා තමයි මිනිස්සු තමන්ට පුලුවන්දේ ඔය කරන්නේ .අනික මේ තිරගෙන තියෙන්නේ රතුපස්වල හන්දිය ඕන තරම් විකල්ප මාර්ග තියනවා .ඔයාගේ තියෙන්නේ නොකෙරෙන වෙදකමක් ශාන් (අ)

:       0       0

රොෂාන් මල්කි Sunday, 28 July 2013 08:19 AM

මේ සම්බන්දයෙන් දිවිහිමියෙන් ගම්වාසින් වෙනුවෙන් කෑප වි ගම්මුන්ට ජලය ලබාදෙන ගෝල්ඩන් අධිපතිතුමනි, අප ඔබ සමගයි. මෙම කාරනය යට ගහන්න මූදල් ගත් සෑම දෙනාටම ශාප වේවා! (නි)

:       0       0

වාස්. Saturday, 27 July 2013 06:24 PM

මේ කර්මාන්තශාලාව හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්ත පුරයට ගෙනයාම සුදුසු බවයි මගේ අදහස. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට කර්මාන්ත වැඩි, ඔය අනවශ්‍ය ඒවා අපෙන් ගෙනගොස් ගම්පහ ස්වභාව ධර්මය රක ගනිමු.(අ)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 08:36 AM

හරි හරි ඔක්කොම පාරවල් හරස් කරලා ප්‍රශ්න විසදා ගන්න. ඒත් අමතක කරන්න එපා අද ඔය බස් වල හිරවෙලා මිනිස්සු දෙස් දෙවොල් තියනවා වගේ තමන්ටත් ඒ අත්දැකීම විදින්න වෙනවා කියලා මේ ලැබෙන ආදර්ශ වලින්. කට්ටිය කොළඹ එහෙම එනවා නම් සතියකට කලින්වත් එන්න.ඉන්ටර්විව් එකකට එයාපෝර්ට් එකකට යනවා නම් සති දෙකකට කලින් එන්න. මොකද දැන් පාරවල් තියෙන්නේ වාහන වලට නෙමෙයිනෙ.මේ යන විදියට හෙට අනිද්දා පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරයි.පාරවල් එයලටම දෙමු.අපි ගෙවල් වලට වෙලා ඉමු (නි)

:       0       0

පාලිත Sunday, 28 July 2013 09:16 AM

බන්දුල මහත්තයෝ, ඔයත් කතා කරන්නේ හරියට අර ශාන් සෞදියේ ඉදලා කතාකරනවා වගෙයිනේ. අපේ රටේ ප්‍රශ්න උද්ඝෝෂණය නොකර විසදලා තියෙනවද? බුද්ධිමත්ව සිතා බලන්න (නි)

:       0       0

නිසාන් Monday, 30 June 2014 08:42 PM

මෙයට පරීක්‍ෂන කරල ලංකා ප්‍රමිති ආයතනයෙන් වාර්තාවක් නිකුත් කර තිබේද? (දී)

:       0       0

මහී Sunday, 28 July 2013 10:36 AM

එම ආයතනයට විරුද්දව නඩු පවරන්න වන්දි ඉල්ලලා. (නි)

:       0       0

ෂෙල්ටන් Saturday, 27 July 2013 11:47 AM

ටැප් වතුර බීලම බලන්නකෝ. ලින් වතුරේ අගේ.. (ස)

:       0       0

ෂෙල්ටන් Saturday, 27 July 2013 08:49 PM

ශාන , ඔහේ ඉන්නේ සෞදි වලනම් කටවහගෙන ඉන්නවා.මේක එක්කෙනෙකුට දෙන්නෙකුට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි.ගම හත් අටක පවුල් දහස් ගණනක,මිනිස්සු හාර පන්දහකට බලපාන ප්‍රශ්නක්.මේක බල බලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 12:06 PM

මෙයට හේතුව එක්තරා ආයතනයක් භූගත ජලයට මිශ්‍ර වන පරිදි රසායන අපද්‍රව්‍ය අප ද්‍රව්‍ය මුදහරීමයි..මෙම ප්‍රදේශවල ලබාගත් ජාල සාම්පල මගින් එය තහවුරුවී ඇත. උනුකලවිට විෂ රසායන යේ සාන්ද්‍රණය වැඩිවෙනවලු. (ස)

:       0       0

පහන් Saturday, 27 July 2013 12:14 PM

මෙම ආයතනයේ නමත් සියලු විස්තරත් පසුව දැනගන්න ලැබේවි. (ස)

:       0       0

පාලිත Saturday, 27 July 2013 12:20 PM

කවුරුත් දන්නවා මොකක්ද . එකේ විස රසායනිකද්‍රව්‍ය ජලයට එකතු වෙලා. මිනිස්සුනට හරි කරදරයක්. අපේ ගම් විනාශ වීගෙන යනවා. වහාම මේ ආයතනය මෙතෙනින් ඉවත් කල යුතයි. නැත්නම් වෙන නිෂ්පාදනයක් අරඹ කල යුතුයි. (අ)

:       0       0

ලුම්බිණි Saturday, 27 July 2013 12:37 PM

මිනිසුන් මේ වගේ උද්ඝෝෂණයනට හැම විටම යන්නේ මේ අය පත් කර ගතිපු මහජන නියෝජිතයන්ගෙන් කිසිම සේවයක් නොවෙන නිසයි. (ස)

:       0       0

තිස්ස Saturday, 27 July 2013 12:37 PM

අයි එම ආයතනයට විරුද්දව නඩු පවරන්නේ නැත්තේ වන්දි ඉල්ලලා. (ස)

:       0       0

සුරංග Saturday, 27 July 2013 12:44 PM

ෂෙල්ටන් - මෙම ප්‍රදේශයේ ජනතාව බලෙන් ටැප් වතුර නොඉල්ලන වග ඔබට පහත විස්තරය කියවීමෙන් අවබෝද වනු ඇතැයි සිතමි . 1. මෙම ගම්මාන වල දහසකුත් ජනතාව උපන් දා සිට පරිහරණය කළේ ළං වතුරය . 2. මෑතක සිට ජලයේ අම්ල ගතිය මෙන්ම අනෙකුත් විස රසායන මිශ්‍රවීම නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ලෙඩ රෝග වලට ලක්වීම සුලබ විය. 3. මේ පිළිබදව ගම්මුන් පුද්ගලිකව ජල සම්පාදන මණ්ඩලය හරහා කල පරීක්ෂණ වලදී ජලයේ විස සහිත බව අනාවරණය වීමෙන් පසුව නොයෙකුත් ආයතන මැදිහත්ව පර්යේෂණ කලත් තවමත් අවසන් නිගමනයක් ලැබී නොමැත. (ප්‍රදේශයේකම්හලක් වෙත මෙම දෝෂාරෝපණය එල්ලවී ඇති මුත් එය පර්යේශාන්තකව තහවුරු වී නොමැත) 4. රජයේ ආයතන මැදිහත්ව තාවකාලිකව ජල බවුසර් වලින් ජලය සැපයුවද මිනිසුන්ගේ සියලු අවශ්‍යතා එමගින් ඉටු නොවන බව පැහැදිලිය. 5. මීට විසදුමක් ලෙස පානීය නල ජලය ලබාදීමට යෝජනා වී ඇතත් එහි බරපැන අහිංසක ගම්මුන් මතට පැටවීම ඔවුනට දරාගත නොහැකිය. ඉතින් ජල ප්‍රශ්නය බොහෝ කලක් ඉවසා නොසිටිය හැකි බැවින් මෙයට විසදුමක් ගන්නට ඔවුන් පාරට බසිනු හැර විකල්පයක් ඇතිද? (අ)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:24 PM

අපේ ගම් විනාශ වීගෙන යනවා. වහාම මේ ආයතනය මෙතෙනින් ඉවත් කල යුතුයි. (නි)

:       0       0

මල්කි Saturday, 27 July 2013 12:47 PM

අපේ ගමට මේ ආයතනය නිසා ලොකු විනා ෂණයක් වෙන්න යන්නේ මේ ආයතනය ලක්ෂ් ගණන් පිදේනි දීලලු ඒ ගොල්ලෝ දැන් ඒ ආයතනයට හරිම කිකරුයි නමුත් ගයාන් ඔබ ජනතාව එක්ක අපිත් ඔබ සමග ඔබට ශක්තිය දහිර්ය ලබේවා (අ)

:       0       0

නිලන්ත Saturday, 27 July 2013 12:50 PM

මේවා අරඹ කරන්න ප්‍රමිති සහතික දුන්නේ කව්ද ???? අනිවාර්යෙන්ම දේශපාලන ලොක්කෙක් ඇති.....අද ළිදෙන් බොන වතුර ටික වත් බොන්න නිදහසක් නැහැ.(අ)

:       0       0

පාලිත Saturday, 27 July 2013 01:00 PM

ලක්ෂ ගණන් පිදේනි කාල නැවත ඡන්දෙ ඉල්ලන්න එන්න එපා. අපි නියම පිළිතුරු දෙනවා. මුදලට යටවෙලා අහිංසක ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාවා දෙන නායකයෝ අපිට අවශ්‍ය නැහැ. වහාම මේ ප්‍රශ්නය විසදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.(නදී)

:       0       0

ශාන සෞදි Saturday, 27 July 2013 01:00 PM

මෙයට හේතුව එක්තරා ආයතනයක් භූගත ජලයට මිශ්‍ර වන පරිදි රසායන අපද්‍රව්‍ය අප ද්‍රව්‍ය මුදහරීමයි..මෙම ප්‍රදේශවල ලබාගත් ජාල සාම්පල මගින් එය තහවුරුවී ඇත. උනුකලවිට විෂ රසායන යේ සාන්ද්‍රණය වැඩිවෙනවලු ඉතින් මෙහෙම දෙයක් මේ ලිපිය කියල නැ මිනිස්සුන්ට වැසිකිලියක් නැති උනත් පාරවල් වහගන නටන්න ඕකට යන්න ඕනේ පී ච් අයි ලගට හෝ ප්‍රදෙශිය ලේකම් ලගට නැත්නම් මහජන නියෝජිතයන් ගාවට පාරේ එන්නේ මොකා අනකල්ද මුන්ට පිස්සු අදාල තැන වටලා මේවා විසදා ගන්න ඕන මහජනතාවට වැඩ නොදී (අ)

:       0       0

සුරංග Saturday, 27 July 2013 01:04 PM

ළඟදීම වාර්තාවක් එයි, ගමේ මිනිස්සු විසින්ම විස ළිං වලට දාගෙන කියල හරි එහෙම නැත්නම් අද්බූත ආකාශ වස්තුවක් මේ ප්‍රදේශයට විෂදාල ගිහින් හරි කියලා. දහවල් ආයතනය නිදොස් වෙයි..ගමේ අහිංසක මිනිසුන්ට තමාගේ වියදමින් නල ජලය ලබා ගන්න වේවි..(අ)

:       0       0

දුෂාන් Saturday, 27 July 2013 01:16 PM

මේකටත් කව්රු හරි අර අහවලෙක් සම්බන්ද ඇති.(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 27 July 2013 09:52 PM

කර්මාන්ත ශාලා ඇති හැම තැනකම මේ දේ සිද්දවෙනවා .කර්මාන්ත හිමියන්ගෙන් පගාව ගෙන මේවා නොබලන නිලදාරීන් සිටිනවා. මා දන්නා පලාතක ඇලකට රාත්‍රියට වැසිකිලි ජලය මුදා හරිනවා. මගේ මිතුරකුගේ ඉල්ලීම පරිදි ගොස් රාත්‍රී 12 පමණ වෙනකම් සිටිය මෙය දැක ගැනීමට. නමුත් දේශපාලන බලදාරින් නිහඩයි. සිංහලකම් ගැන කතාකරන දේශපාලන පක්ෂයක ලොක්කෙක් තමයි එදා මේවා බාරව සිටියේ. නමුත් ලිපිය ලද බවටවත් දැන්නුවේ නැහැ. මම වතුර බොන ලිදටත් ඔය දේම උනා. දැන් බොන්නේ නල ජලය. ඉතින් මේ අයගේ විරෝදය සාදාරනයි.(නදී)

:       0       0

බන්දුල Saturday, 27 July 2013 09:55 PM

ශේල්ටන්ට තරහා ගොස් ඇත. ප්‍රස්නේ හරි වෙන්න පුළුවන් මහත්තයෝ..අපි නැහැ කිව්වේ නැහැනේ..වැරැද්ද මේ පාර හරස් කරන එක. (නි)

:       0       0

ආනන්ද Sunday, 28 July 2013 01:38 PM

පාලිත, අපි මොහොතකට හිතමු .බරපතල ලෙස අසනීපවුනු ඔයාගේ අම්මා හරි බිරිඳ හරි දරුවෙක් හරි, අරගෙන රෝහලට යන්න මේ පාරෙ ඇවිත් මේ ප්‍රමාදය නිසා එයාට යම් විපතක් වුනා කියලා. එතකොටත් ඔයා කියනවද පාර හරස් කරගෙන මෙහෙම උද්ගෝෂනය කරන එක හරියි කියලා. අවාසනාවට මිනිස්සුන්ට හොඳ නරක කියා දෙන අයත් මේවගේ දේවලට උඩගෙඩි දෙනවා. (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 01:50 PM

ශාන සවුදි, ඔයාට තවමත් මේ රටේ මහජන නියෝජිතයන් විශ්වාස වන්ත වීම ගැන මට නම් පුදුමයක් නැහැ. ඔබ වැන්නවුන් අනන්තවත් ඉන්නවා. තමන්ට දෙයක් වෙන කල් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ .මට කියන්ට තියෙන්නේ , ශාන් ගේ මහජන නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව තමයි මිනිස්සු මෙම තීරණය ගෙන තියෙන්නේ. ශාන් හිතනවා නම් ඔබ කියනදේ මහජන නියෝජිතයන් අහනවා කියලා කරුණාකර දුරකථන ඇමතුමක් දී ප්‍රශ්නයට මැදිහත් වන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 27 July 2013 10:27 PM

බන්දුල, ශාන් ප්‍රශ්නෙ ඔයාලා මේ ප්‍රශ්නෙට පිටස්තර අය වෙන එකයි. තමන් වගේම අනිත් අය පිලිබදවත් ටිකක් හිතන්න. මිනිස්සු මෙහෙම කරන්නෙ වෙන දෙයක් කරන්න නැති නිසයි. මේ සමාගම කෝටිපති සමාගමක්. ඉහල සිට පහලටම සල්ලි වලට විකිනිලා වගේ පේන්නෙ. අනෙත් අතට උග්‍ර විශ රසායන භාවිතා කරමින් අත් ග්ලවුස් නිපදවන සමාගම්ක්. එක දිනකට දර ටොන් සිය ගනනක් දහනය කරමින් පරිසරය විනාශ කරන සමාගමක්. රටේ නොම්මර එකේ ප්‍රකෝටිපතියෙකුට අයිති සමාගමක්. මේක ගම් ගනනාවකට, පවුල් දහස් ගානකට බලපාන ප්‍රශ්නයක්. ඔයාල මොකද මේ තරම් පටු විදිහට හිතන්නෙ. ඔයාලට එක දවසක් වත් වතුර නැතුව ඉන්න පුලුවන්ද?(නදී)

:       0       0

රෝහන Saturday, 27 July 2013 02:15 PM

සුරංග හරි ගමේ මිනිස්සු ඒ ගොල්ලෝම තමාගේ ලිං වලට විෂ බෙහෙත් දමාගෙන දැන් බොරුවට කෑ ගහනවා.(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 27 July 2013 10:55 PM

මම මේ ගමේ වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය විසදීමට ඉදිරපත් නොවන හැම පක්ෂයකම දේශපාලකයන්ගේ ගැත්තන් ඡන්දය ඉල්ලන්න එනකොට පන්න ගන්න. නමුත් මේක ඡන්දයක් එනතුරු බැලය හැකි ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔය ප්‍රදේශය බාර සෞක්‍ය නිලදාරීන් මර නින්දේද. නැතිනුම් පගා කාරයන්ද.(නදී)

:       0       0

රවිනාත් Saturday, 27 July 2013 11:04 PM

ලංකාවේ බලදාරින්ගේ අස් ඇරවන්න නම් පාරට බහින්නම වෙනවා. එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. භූගත ජලයේ ආම්ලිකතවයේ වැඩිවීමක් පර්යේෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. පරිසර අධිකාරිය මොනවද කලේ මේ ප්‍රශ්නය මේ තරම් ඔඩු දුවනකම්. දැනට එම කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් 45 ක් තරමට භූගත ජලය දුෂණය වෙලා. මේ තරම් විසක් පොලවට නිදහසේ නිකුත් කරන්න ලංකාවේ නීති අනුව අවසරයක් නෑ. ආම්ලිකතාව වැඩිවීම නිසා ප්‍රදේශයේ ශාක පවා විනාශ වෙන්න පුළුවන්. පරිසර අධිකාරය මෙහි වගකීම බාරගත යුතුයි. ඔවුන් තම රාජකාරිය නිසි අයුරින් ඉටු කලානම් මෙතරම් ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක මෙහෙම ගැටළුවක් නොවන්න තිබුණා. මුදල් මත තම රාජකාරිය සහ යුතුකම පහර ඇතිනම් එම නිලධාරීන් හට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. ජලයේ කිසිම ප්‍රශ්නයක් නොතිබුන පලාතක ජලය අපවිත්‍ර කල එම ආයතනය ජනතාවට නොමිලේ පිරිසිදු ජලය ලබා දිය යුතුයි.(නදී)

:       0       0

අස්මිත් Saturday, 27 July 2013 11:09 PM

කරුණාකර මේ අත්‍යවශ්‍ය මහජන අවශ්‍යතාවය වහාම විසදිය යුතුයි. පළාත් සභා මන්ත්‍රී මාස එක හමාරක් ඉල්ලනවා. නමුත් එතකම් මේ ප්‍රශ්නයට තාවකාලිකව පිරිසිදු ජල ප්‍රවාහන සේවයක් යොදවන්න. අහිංසක ජනතාවගේ ජිවිත සමග සෙල්ලම් නැහැ. මැති ඇමතිවරු පාරට එන්න ඕනේ දවසක් එයි එදාට ජනතාව වගබලගනියි. පොලිසියෙන් කිව්වා මෙයාලව විසුරවන්න වැඩි වෙලාවක් යන්නේ නැහැලු එයාලට, නිරායුද ජනතාවට සලකන හැටිද මහජන ආණ්ඩුවක් කියල පුරසාරම් බෑවට මදී ජනතාවගේ හදවත් වල කැකෑරෙන වේදනාවල් හදුනන්නේ නැත්තම්.(නදී)

:       0       0

මානගේ Saturday, 27 July 2013 03:35 PM

ඔය ප්‍රදේශයට ළඟම තියෙන බියගම වෙළඳ කලාපයට හෝ වෙනත් කර්මාන්ත පුරයකට මේ කර්මාන්තශාලාව රැගෙන ගියානම් ඔය ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙයි.(නදී)

:       0       0

පාලිත-මාලදිවයින Saturday, 27 July 2013 04:11 PM

සහන් සෞදි ඉදලා හරියට කතා කරන්නේ පිට සක්වලින් ඇවිල්ලා වගෙයි. ලංකාවේ කෙරුවාවන් දන්නේ නැද්ද? මිනිස්සු රට පුරා හැමතැනම උද්ඝෝෂන තියනවා. එහෙම කරන්නේ එයාලගේ ප්‍රශ්ණ වලට සාදාරණ විසදුමක් නොලැඹෙන නිසයි. අහිංසක ජනතාවගේ කරපිටින් බලය අරගෙන පස්සේ ඒ මිනිස්සුන්ට හෙන හැහුවත් කමක් නැහැ කියලා සිතන දේශපාලකයෝ කොටසකුත් ඉන්නවා. හොද අයත් ඉන්නවා. නමුත් අද හැම දක්ෂයම මුදලට යටවෙලා. මේවට විසදුම් නොලැබෙන නිසා තමයි මිනිස්සු නීතිය අතට ගන්නේ. වහාම පිලියම් සොයන්න අවශ්‍ය ගැටළුවක් මේක. ප්‍රමාද කරන්න එපා අපේ දරුවන්ට විෂ වතුර පොවන්න දෙන්න එපා.(නදී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 28 July 2013 03:16 AM

මේ විරෝධය කාට විරුද්ධවද කියන එක අපට පැහැදිලි නැහැ. රජයට විරුද්ධවද, එහෙම නැතිනම් වෙන ආයතනයකටද කියන එක පෝස්ටර්වල පැහැදිලි මදි. විරෝධයක් කරනවානම් නොබියව වරද කරන යට විරුද්ධව පෙළපාලි යන්න.(නදී)

:       0       0

ෂපීක් Saturday, 27 July 2013 04:31 PM

මොකක්ද මේ අවට තියෙන කර්මාන්ත ශාලාව?(නදී)

:       0       0

සත්‍යපාල Saturday, 27 July 2013 04:41 PM

තමන්ගේ හෙන්ච්චයියලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දේශපාලකයනුත්, ඔවුන්ට සමාජයේ ඇති විරෝදය සගවන මාධ්‍ය ආයතනත් තේරුම්ගතයුතු දෙයක් සිදුවෙමින් පවතී. අළු යට ගිනි මෙන් නැගෙන සමාජ විරෝධය මහා ගිනි කන්දක් වන දිනය ඇත ලගය. මෙම විරෝධයට පක්ෂ විපක්ෂ හැමටය. මෙය නොවැටහීම මහා ඛේදවාචකයක් දක්වා යමින් තිබේ. එක් අතකින් සතුටකි. තවත් අතකින් වේදනාවකි. සතුටනම් ලගදීම දේශපාලකයන් අබිභවා යමින් මහජන කැරැල්ලක් ගොඩනැගී යම් යම් යහපත් දේවල් රටට ලැබෙන බැවිනි. වේදනවානම් ඒ වෙනුවෙන් රටේ ජීවිත රැසක් නැවතත් බිලිවීමය. මෙය නොතේරෙන දේශපාලුවන් කකුළුවන් මෙන් වතුර රත් වෙනතුරු සතුටින්ය. එහෙත් රට පුරා තැන තැන ඇවිලෙන මේ ගිනි මහා ගිනි ජාලාවක් වෙනතුරුම නොදැකීම දේශපාලන අන්ධ භාවයයි.(නදී)

:       0       0

ආනන්ද ජයරත්න Sunday, 28 July 2013 06:05 AM

මේක ලංකාවේ ස්ටයිල් එක. මම දන්නා තරමින් වැඩි පිරිසක් සියලු සත්වයන්ටම උදේ හවස මෛත්‍රි භාවනාව වඩන අය. තමුන්ගේ ප්‍රශනයක් විසඳගන්න තවත් අය අපහසුතාවයට පත්කරන එක තමයි මේ අය දන්න එකම ක්‍රමය. සාදු!සාදු!!සාදු!!! අපේ ජළ ප්‍රශ්නය විසඳන තෙක් සියලු සත්වයෝ අපහසුතාවයට පත්වේවා.(නදී)

:       0       0

චින්තක Saturday, 27 July 2013 04:48 PM

මේකට කරන්න තිබුනේ අදාළ ආයතනය වටලන එක. (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 27 July 2013 05:05 PM

චින්තක හරි..මෙයාල උද්ඝෝෂණය කරන්න ඕන අදාල ආයතනය ඉදිරිපිට..ගනුදෙනුව බේරා ගන්න ඕන එ අයත් එක්ක..බොහොම තදට දැන් නරක ආදර්ශය පැතිරිලා යනවා..මේවට හුරේ දන කට්ටියත් පාරවල් වල ඕන එපාකම් හදිසි වලට දේසපාලන පක්ෂබේද නැතුව යන කට්ටියනේ..මේ පාරවල් හරස් කිරිල්ල අනුමත කරනවානම් අපිත් එක්කම ඔබලත් කාපල්ලකො පරිප්පුව..එක පාරක් කෑවම තේරෙය් කොහොමද අමාරුව කියල..(අ)

:       0       0

අපොන්සු Sunday, 28 July 2013 07:42 AM

මේක භූත දෝෂයක් නිසා යකෙක් වතුරට විස දාල ඇති වුන දෙයක්. දේවාලයක පොල්ගහලා, තොවිලයක් දෙකක් නටලා මේක හොඳ කර ගත්ත හැකි. (නි)

:       0       0

නාමල් Saturday, 27 July 2013 05:32 PM

ඇයි කර්මාන්ත ශාලාවේ නම කියන්න බය ? (අ)

:       0       0

ශාන සෞදි Saturday, 27 July 2013 05:39 PM

ඉතින් ඔයාල කියන්නේ මේවට පාරේ යන මිනිස්සු පලි කියලද කවුද මහජන නියෝජිතයෝ පත් කලේ ඒ අයම නේද නැවත නැවතත් පත් කරන්නේ එයාලම නේද අයි මෙයාලට බැරි එයාලව වටකර ගන්න ඇයි සාමාන්‍ය ජනතාවට හිරිහෙර කරන්නේ ඔයාල හිතන් නැත්තේ අයි නුවර පාර කියන්නේ මොන තරම වාහන කන්දරාවක් යන පාරක්ද ගිලන් රථ කියක් නම් යනවද පැයකට ඒ ජීවිත පලිද මේවට කොළඹ කාර්යාල වලින් වැඩක් කරගන්න දුර ඉදල පැය 10 -8 මග ගෙවාගන එන අය මෙනිසා තමන්ගේ වැඩ කරගන්න බැරිව රස්තියාදු වෙලා මහා පාරේ වද විදිනවා ඒවාට කවුද වග කියන්න බල්ල කල වරදට බුරුවට ගහල හරියනවද මහජන නියෝජිතයෝ ඉන්නේ හදේ නොවෙන උන්ව විතරක් නොවේ වගකිවයුතු හැම නිලදරියෙක්ම ඉන්න ආයතන වලට ගිහින් වටලා මේක විසදන්න මම කියන්න අහිංසක ජනතාවට වද දෙන්න එපා කියල ඡන්දෙ කාලෙට මහජන නියෝජිතයෝ ආවහම උඩින් පිලිගන්නවා මොකද තමන්ගේ වැඩ හොර රහසේ හරි කරගන්න හොදින් තියාගන්න ඕනේ හන්ද මේවට අදාල රජයේ නිලධාරී අල්ලගන ඒ අය දෙන වදයක් දෙන්න එවිට රජයට ඇස ඇරෙයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 28 July 2013 08:14 AM

මේක අස්සලාම් අල වලෙකුම් කේස් එකක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 215 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 192 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1409 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 364 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 798 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 519 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site