IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ළිං වතුරේ ඇසිඩ් ප්‍රශ්නයට මිනී පෙට්ටියකුත් එයි

වැලිවේරිය රතුපස්වල ළිං ජලය අපවිත්‍රවීමට පිළියම් සොයා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු ගම් වැසියෝ කම්හල ඉදිරිපිට මීනී පෙට්ටියක් ද තමාගෙන විරෝධතාවේ නිරත වෙති.

සඳුදා රාත්‍රීයේ ඔවුහු එහි ආහ. තුන්දහසක පමණ පිරිසක් විරෝධතාවේ නිරත වෙති.

පාරේ මැද ලිප් බැඳ උදේ ආහාරයට පිළියෙළ කර ගත්හ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අසාර්ථක වූ බව ගම් වැසියෝ කියති.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ කැරළි මර්දන අංශයේ 500ක් පමණ ආරක්ෂාවට යොදවා සිටිති.

ප්‍රශ්න විසඳා දීම සඳහා කිසිදු නිලධාරියකු හෝ දේශපාලනඥයකු නොපැමිණි බව ද උද්ඝෝෂකයෝ කියති.

තෙරි පැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ තෙවැනි දිනය අදයි.

කම්හලේ මෙහෙයුම් කළමනාකරු උදිත සේනාරත්න මහතා පැවසුවේ ලෝකයේ අත්වැසුම් නිෂ්පාදන කම්හල් අතරින් හතර වැනි තැනට සිටින කම්හල තම කම්හල බවයි.

පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස තම කම්හලට සම්මාන හිමිවී ඇති බවත්, නියමිත ප්‍රමිතියට අනුව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදුවන බවත් ඒ මහතා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවසීය.

 

 

 

 

 



අදහස් (0)

ළිං වතුරේ ඇසිඩ් ප්‍රශ්නයට මිනී පෙට්ටියකුත් එයි

aga Tuesday, 30 July 2013 01:10 PM

පරිසර හිතකාමී කියන සමාගම් ගැන මීට වැඩිය හොයල‍ෙ බලන්න. පනාගොඩ පැත්තේ කම්හලකත් ඉවත් කරන අපිරිසිදු ජලය වැස්ස දවසට එයාලා නිකම්ම කානුවකට මුදාහැරියා. ඒක නවතා ගත්තේ වටේ හිටපු මිනිස්සු කියලයි. දැන් එයාලා හොද කණු පද්ධතියක් හදලා සේරම අපිරිසිදු ජලය යවනවා. මේවා කියලා නතරකර ගන්න පුළුවන් දේවල්. හැමෝම එකතුවෙලා හිටියොත් වැඩේ කෙරේවි. නැත්නම් හුලං තමා. (නි)

:       0       0

සම්පත් Tuesday, 30 July 2013 01:18 PM

ශාන්, කෝ මේ ප්‍රදේශයේ පියතුමන්ලා? ජනතා ප්‍රශ්න වලට කරගහන්න බය ඇති නේ? (අ)

:       0       0

ක්ක්.අ.නිමල් Wednesday, 31 July 2013 08:40 AM

බලධාරීන් නිදිද? (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 31 July 2013 08:43 AM

සේනාව ඉන්නේ මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නොවේ. (නි)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 30 July 2013 01:24 PM

ජපානයේ ඉබරකි රබර් ආයතනයේ ජපන් ජාතිකයින් වැඩකරන්නේ නැහැ.වැඩකරන්නේ විදේශිකයන්. ඔවුන්ගේ මසක වැටුප ලක්ෂ 10 පනිනවා. සේවකයන්ගේ ආයුකාලය අඩුබවට කම්හලෙන්ම සහතිකය දෙනවා.හැබැයි අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය හරියට කරනවා (නි)

:       0       0

රවීන් Tuesday, 30 July 2013 06:33 PM

මේකත් අනුරපුර ප්‍රශ්නය වගේමයි. කෘමිනාශක වල ප්‍රශ්නය යටගැහුවා වගේ මේකත් අවසන් කරයිද දන්නෙ නැහැ. මෝඩ අපිම කතිරේ ගහලා හුරේ දාලා මාස 6කින් පස්සේ අවුරුදු 6ක් නැවත නැවතත් දුක්වෙනවා . (නි)

:       0       0

සුබේ Wednesday, 31 July 2013 09:18 AM

විමල් වගේ අය ඉන්න තාක්කල් මේ රට මෙහෙමම තමයි. (නි)

:       0       0

වාසනා Wednesday, 31 July 2013 10:06 AM

මේ දරුවන්ගේ අහිංසක මුහුණු දැක්කහම අපි මොනතරම් අසරණ වෙලා තියෙනවද කියල හිතෙනවා මේ දරුවන්ට පිරිසිදු වතුර බව්සරයක් යවනවා වෙනුවට ප්‍රහාරක ජල බව්සර් සමග ආයුද සන්නද්ද හමුදාව යවල තියෙන්නේ මොන අදහසකින්ද ? (අ)

:       0       0

විජේසිංහ Tuesday, 30 July 2013 02:08 PM

මුලින්ම බලන්න ඕන මේකේ අය්තිකාරයෝ මොන භාෂාව කතා කරන අය ද කියල . ඊට පස්සේ අපි බලමු විරුද්ධ වෙන්න ඕන ද නැද්ද කියල. ප්‍රාදේශීය සභා වල අය ළමය් දූෂණය කරනකොට අපි එහෙමය් තීරණ ගත්තේ. (දී)

:       0       0

නිරන්ජන් Wednesday, 31 July 2013 11:03 AM

විමල්, ඇයි පාරේ ලිප් තියාගෙන උයන මිනිස්සු දැකලා නැද්ද? (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 30 July 2013 09:00 PM

රවීන්.මේකත් අනුරපුර ප්‍රශ්නය වගේමයි. කෘමිනාශක වල ප්‍රශ්නය යටගැහුවා වගේ මේකත් අවසන් කරයිද දන්නෙ නැහැ. මෝඩ අපිම කතිරේ ගහලා හුරේ දාලා මාස 6කින් පස්සේ අවුරුදු 6ක් නැවත නැවතත් දුක්වෙනවා (අ)

:       0       0

ශාන් Tuesday, 30 July 2013 11:53 AM

කෝ අපේ සේනාව ?මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

සුනෙත් Tuesday, 30 July 2013 12:00 PM

පරිසර සහතික ගන්න විදිය ගැන නම් ඉතින් අපිට කියන එන්න එපා. (නි)

:       0       0

කසුන් Tuesday, 30 July 2013 12:00 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා මෙයට මැදිහත් විය යුතුයි. මෙය පොඩි ප්‍රශ්නයක් නොවෙයි (නි)

:       0       0

විමල් Wednesday, 31 July 2013 02:39 AM

පාරේ ලිපවල් තියාගෙන බත් උයන සිංහල පෙරේතයන් වගේ තව මනුෂ්‍ය ජාතියක් ලොවේම එතිද?අපරාදේ පාරවලුත් සවුත්තු වෙනවා. (අ)

:       0       0

සෝගෝ Wednesday, 31 July 2013 02:43 AM

බලධාරීන් මොකද කරන්නේ? (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 30 July 2013 12:23 PM

මොකක්ද මේ ආයතනේ නම...? (දී)

:       0       0

නාත් Wednesday, 31 July 2013 03:46 AM

හරියට හොයලා බලන්න ඇයි ජලය ආම්ලික උනේ කියල. අයිඑස්ඔ 14000 වගේ පරිසර සහතික තියෙන කම්හලකින් ඔයතරම් සාන්ද්‍ර අම්ල පරිසරයට එකතුවෙන්න තියෙන ඉඩ අඩුයි. අනික දැන් ඒ මිනිස්සුන්ට බොන්න බෞසර් වලින්වත් වතුර යවන්න කාටවත් මතක් වෙන්නේ නැද්ද?(අ)

:       0       0

රනා Tuesday, 30 July 2013 12:31 PM

මමත් දන්නා තරමින් මෙය හොද පරිසර හිතකාමේ කම්හලක්. අප ලංකාවේ කර්මාන්ත පුර තියෙනවා. එත් ලංකාව පුරාමත් කර්මන්ත තියෙනවා .. මිනිස් වාසයෙන් තොර පෙදෙස්වල කම්හල් හදන්න බලපත් දෙනවනම් මේ කිසි ප්‍රස්ස්නයක් නැහැනේ. (දී)

:       0       0

බදුලු නිලන් Wednesday, 31 July 2013 05:40 AM

ඇත්තට ම මේ ප්‍රශ්නය විසදන්න සියළු දෙනා එකතු විය යුතුයි. ඒකට භික්ෂුන් වහන්සේලා වැඩම කළ එක අගේ කරනවා. අතීතේ සිටම භික්ෂුන් වහන්සේලා රටේ ජාතික ප්‍රශ්නවලදි මහජනයා වෙනුවෙන් පෙනි සිටියා. එසේ නොවි උන්වහන්සේලා ධර්මය පමණක් දේශනා කරකර හිටියානම් අද අපිට අපේ කියලා රටක් ඉතුරුවෙලා නෑ. ඒත් මේ ප්‍රශ්නදි මෙන් ම අනෙක් සමාජමය වශයෙන් වැදගත් ගැටළු වලදි ඔය අපේ රටේ තියෙන අනෙක් ආගම්වල නායකයෝ කටක් අරින්නේ නෑ. මේ වෙනුවෙන් සටන් වදින භික්ෂුන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා.(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 July 2013 12:46 PM

මෙයට වඩා කර්මන්තශාලා තියෙන ප්‍රදෙස වලත් මිනිස්සු ලින් වතුර බොනවනේ..මේක කර්මන්තශාලාව නිසාද නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසාද කියල හොයල බලන්න ඕන..මෙච්චර විශාල ප්‍රදේශයක බුගත ජලයට බල පෑමක් වෙනවද ඔක්කොම කෙමිකල් බිමට හැලුවත්... (දී)

:       0       0

ධම්ම Tuesday, 30 July 2013 12:53 PM

අයිස්ක්‍රීම් නිෂ්පාදන කම්හලකුත් මේ විදියට එලවා ගත්ත නේද? (දී)

:       0       0

නාමල් Tuesday, 30 July 2013 05:09 PM

අයිතිකාරයා කවුද? ජාතිය විනාශ කරන බලවේග මොන දේ කරනවද කියලා හොයන්න. දකුණේ වතුරට කෑමට වස දාන එක, වගාවන්ට ලෙඩ දාන එක, අල ළූණු වගේ කෑමට ලෙඩ හදන රසායන දාන එක, අහවල්ලු පැරදුනොත් සටනේ දෙවැනි පියවර විදියට පලකරලා තිබුනා ඉස්සර ඉදලම... මතක නැද්ද ඔයාලට ? (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 30 July 2013 05:21 PM

මේ රටේ දුක් විදින, අහිංසක, සහ අසරණ මිනිස්සු තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ , පොඩිවෙන්නේ. (නි)

:       0       0

නිරන්ජන් Wednesday, 31 July 2013 07:59 AM

ශාන්, වැලිවේරියේ බහුතරයක් ඉන්නේ කිතුනුවන්.ඇයි ඉතින් පියතුමන්ව සොයන්නේ නැත්තේ? මේ ප්‍රශ්නයේදී උපවාස කළේ ඔබතුමන්ද ශාන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 91 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 295 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1594 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1721 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 602 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1894 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37038 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site