IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘ළා සඳ මෝරන්න කලින් ගලවලා’

තමාගේ ‘‘ළා සඳ පාමුල’’ නැමති  ටෙලි නාට්‍යයේ  කොටස් කිහිපයක් පමණක් විකාශය නතර කිරිමෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළැයි නිළි නදී චන්ද්‍රසේකර සහ ඇයගේ පියා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

පෙත්සම ප‍්‍රියසාත් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘෘ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි නදී චන්ද්‍රසේකරසඑ ඇයගේ පියා වන කේ.ඞී.චන්ද්‍රසේකර ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇත්තේ  රූපවාහිනී සංස්ථවේ සභාපති, එහි අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති ඇතුළු පිරිසකි.

2014/08/04 දින සිට ජාතික රූපවාහිනියෙන් දිනපතා රාත‍්‍රී 8.30ට තමන් නිෂ්පාදනය කළ නාට්‍ය විකාශය කළත් බවත් ගිවිසුම් ප‍්‍රකාරව අත්සන් කරමින් විකාශය කළ මෙම ටෙලිනාට්‍යය කොටස් හතක් විකාශය වූ බවත් පෙත්සම්කරුවෝ කියති.

විකාශය වූ තම ටෙලිනාට්‍යයේ කොටස්  සඳහා ගෙවිය යුතු මුදල් වගඋත්තරකරුවන් විසින් ලබා නොදුන් බවත්, තමා මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා නිවස උගසට තබා මුදල් ලබා ගත් බවද පෙන්වා දෙන පෙත්සම්කාරිය කියා සිටින්නේ  මෙලෙස මුදල් නොලැබීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්වු බවද කියා සිටින්නීය.

මෙම සිද්ධිය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කොට පෙත්සම් විභාගය කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.එසේම එම ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශය කරන ලෙසත්, විකාශයවූ කොටස් සඳහා ගෙවිය යුතු මුදල තමන්ට ලබා දෙන ලෙස වගඋත්තරකාර බලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ධර්මසේන කරුණාසේන මහතාද, නීතීපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ විවේකා සිරිවර්ධන ද සිල්වා මහත්මියද පෙනී සිටියහ.

 

 



අදහස් (0)

‘ළා සඳ මෝරන්න කලින් ගලවලා’

උදය Saturday, 05 March 2016 12:13 AM

නිමල්, මොකෙක්ද වගේ කියවන්න එපා. ඔය වගේ වැරදි ඉස්සර සිදුවුණා කියලනේ යහපාලනයක් ගෙනාවේ. දැන් ඔය තියෙන්නේ මහා බැංකුවෙන් සල්ලි හොරකම් කරන ඒවා එහෙමත් (නි)

:       0       0

හසන්ත Saturday, 05 March 2016 04:28 AM

යහපාලනය එන්න කලින් තමයි නාට්‍ය පටන් අරගෙන තියෙන්නෙත්, නැවතිලා තියෙන්නෙත්. තමන්ගේ අදහස් ලියන්න කලින්, ලිපියේ තිබෙන දේ හොඳින් කියවන්න. කියවලා තේරුම් අරගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා නම් හොඳයි (නි)

:       0       0

නිමල්l Friday, 04 March 2016 03:35 PM

ඕකත් යහපාලනයේ වැරැක්දක් කියලා කියයි ද දන්නේ නෑ ?(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 121 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 356 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 218 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 529 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 102 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 652 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site