IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෆොන්ටෙරා දැන්විමට අතුරු තහනමක්

මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම  විස රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාගම  මාධ්‍ය දැන්වීම් පළකිරීම්  වළක්වමින් අභියාචනා අධිකරණය  අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ලබන 21 දක්වා මෙම නියෝගය බල පැවැත්වෙයි.

මාතලේ  ප්‍රදේශයේ කමල් සාලිය සමරසිංහ නැමැත්තකු මෙම පෙත්සම ඉදිරිපත් කළේය.



අදහස් (0)

ෆොන්ටෙරා දැන්විමට අතුරු තහනමක්

නිමල් Friday, 09 August 2013 12:25 PM

දැන් වත් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා තීරණ ගත්තොත් හොදයි. හැමදාම විදේශ සමාගම් වල බොරු ප්‍රචාරණයට රැවටිලා විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර ගන්නවා. ඒ අය ලාභ උපරිම කරන්න මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට ගන්නවා. දැන්වත් ඒවාට රැවටෙන්නේ නැතුව පරිස්සම් වෙන්න. මේවා මීට කලින් කෙරන්න තිබුනේ. පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්. කිරි පිටි වලට අමතරව තවත් දේවල්, බෙහෙත්, කෘෂි රසායන ද්‍රව්‍ය, ආහාර වර්ග ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා දේශීය ආහාර වලට වැඩි අවදානයක් යොමු කළොත් හොදයි.නීරෝගිමත් ජනතාව තමයි රටේ ප්‍රධාන සම්පත. (අ)

:       0       0

අප්පුහාමි Thursday, 08 August 2013 10:10 PM

"උත්තර දෙන්න අපි හැමෝම ලැහැස්තියි" දැන් දෙන්නකෝ මේවට උත්තර. (නි)

:       0       0

ච. ගනේගොඩ Thursday, 08 August 2013 10:54 PM

කමල් සාලිය සමරසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙමු. (නි)

:       0       0

කුමාර Thursday, 08 August 2013 10:54 PM

මේ ගැන තවම යමක් කියන්න අපහසුයි. (නි)

:       0       0

දිනේෂ් Thursday, 08 August 2013 11:22 PM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

වසන්ත Friday, 09 August 2013 01:43 PM

බහු ජාතික සමාගම් වල තියෙන්නේ වෙළෙද මාෆියාවක් එයාලට පාඩුවෙනකොට හෝ ව්‍යාපාර වලට එරෙහිවනන් නිසා ව්‍යාපාරය අනතුරකට පත්වන්නේනම් එයට අදාල නිලධාරීන්ට නොයෙකුත් වරදාන දී නැවත නරක දේ හොද කරගන්නවා. එනිසා මාධ්‍ය නිතරම විමසිල්ලෙන් සිට අපව දෙනුවත් කරන්න. වෙන කාණ්ඩ අංක වලින් කිරි පිටි නැවත ඒවී. මහජන සේවා ඉටුකරන මාධ්‍යට අපගේ ප්‍රණාමය

:       0       0

අ හේවගේ Friday, 09 August 2013 12:10 AM

ජනතාව මෙම බහු ජාතික බූවල්ලා පිලිබදව අවදියෙන් සිටිය යුතුයි.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 09 August 2013 01:25 AM

සාලිය සමරසිංහ මහත්මය නියම සිංහයෙක්. ඔබට බොහොම පින්. රටක නීතියක් අබිබවා යන්න තරම් හයියක් බහු ජාතික සමාගමකට ලැබුනේ කොහොමද. සුද්දෝ තවම හිතාගෙන ඉන්නේ කළුහම ඇතිඋන් තවමත් උන්ගේ වහල්ලු කියලා.(නදී)

:       0       0

සරත් Friday, 09 August 2013 01:26 AM

ඉස්සර අවුරුදු 40කට පෙර, නවසීලන්තයේ කිරි ඉතාම හොඳයි. ඒ කාලයේ සැම කුඩා නගරයකම පාහේ කිරි කර්මාන්ත ශාලා තිබුනා. කාලයාගේ ඇවැමෙන් 'නවීකරණය' 'දියුණුව' කියන වචන පාවිච්චි කරල ඒ ඔක්කොම වහල දාල ඔය ෆොන්ටෙරා පටන් ගත්තා. එදා ඉඳල කිරි වර්ග ගොඩාක් එයින් බිහි වුනා. නමුත් ඒ කිරි වලට නොයෙක් විදියේ ප්‍රශ්ණ ඇති වෙන බවත් කිරි ආහාර වල මිලත් වැඩි වුනා. ඇදුම කුශ්ට රෝග වැනි ප්‍රශ්න ඇති වුනා. ගවයන්ට කවන රසායනික ද්‍රව්ය නම් මොනවද දන්නෙ නැහැ, මේ රටේ වුනත් කිරි ආහාර මිලෙන් අධිකයි, ප්‍රශ්නත් වැඩියි. ඒ නිසා ශ්‍රී ලංකාවේම අවශ්‍ය කිරි වර්ග නිපදවා ගැනීම නුවනට හුරු බවයි මට දැනෙන්නෙ.(නදී)

:       0       0

අජන්ත Friday, 09 August 2013 03:00 PM

මේ ගොල්ල අපට තමයි පාර්ට් දමන්නේ මොකද චීනයේ වුන දේට කතා නැත්තේ.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 09 August 2013 05:31 AM

මේ ප්‍රශ්නයේදී දෙපැත්තම බැලිය යුතු නේද? ෆොන්ටෙරා කියන එකත් අපේ කට්ටිය කියන එකත් දෙකම බලල අපිට තීරණයක් ගන්න පුළුවන්. මේ නඩු දාපු පුද්ගලයට හානියක් වෙලා තියෙනවා නම් ඒකත් බලන්න පුළුවන්. (නදී)

:       0       0

ජා Friday, 09 August 2013 07:30 AM

ලොකු දෙයක්.කමල් සාලිය සමරසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙමු (නි)

:       0       0

සමන් Friday, 09 August 2013 07:58 AM

කාන්තාර රටක් වන සෞදි අරාබියේ විශාල වශයෙන් කිරි නිෂ්පාදනය කරලා අසල්වැසි රටවලටත් විකුණන්න පුළුවන් නම් අපේ රටට බැරි ඇයි. කිරි නිෂ්පාදනය සඳහා කුඩා ගොවිපල් හිමියන්ට රජය ආධාර කළ යුතුයි. (නි)

:       0       0

චමත් Friday, 09 August 2013 08:51 AM

අන්න නියම කොන්ද පණ ඇති සිංහලයෙක්! (නි)

:       0       0

අමල් Friday, 09 August 2013 09:01 AM

කමල් ඔබ හොද මිනිසෙක්.(නදී)

:       0       0

සුදීර Friday, 09 August 2013 09:08 AM

මට නම් හිතෙන විදිහට මෙහෙම දේකුත් තියෙනව මේ ප්‍රශ්නෙ. නවසීලන්ත කිරිපිටි වල ඔය දේවල් හම්බ උනේ ඒ අයගෙ තත්ව පාලන සහ පරීක්ෂන හොද නිසානෙ. හැබැයි ලංකාවෙ කිරිපිටි ගත්තොත් ඒ ආකාරයෙ තත්ව පාලන සහ පරීක්ෂන අපේ සමාගම් සිදු කරනවද කියල නම් මට සැකයි. මොකද ඒ අය කිරි එකතු කරන බාහිර ගොවි පට්ටි ගත්තොත් ඒවගෙනම් ඉතින් තත්ව පාලනයක් නැති තරම් නේ.(නදී)

:       0       0

දර්ශන Friday, 09 August 2013 09:53 AM

සාලිය මහතාණනි අපි ඔබ සමග (අ)

:       0       0

රූපවතී Friday, 09 August 2013 10:16 AM

මෙයාල නඩු දමන්නේ එයාලගේ සමාගමට වුණ පාඩුවට නේද? එතකොට අපිට බැරිද මේ දෙගොල්ලන්ටම විරුද්ධව නඩු දමන්න? අපිට විස පොවලා තියනවානේ ...? හිතන්න එපා මේ අසරණ ජීවිත වල වටිනාකම හැමදාම රුපියලකින් තක්සේරු කරන්න පුළුවන් තරමටම මිනිස්සු මේකේ ඉන්නේ කියලා. අපිට වටිනවා අපේ දරු පැටවුන්ගේ ජීවිත. (නි)

:       0       0

සිරි Thursday, 08 August 2013 08:28 PM

කවුරු වුණත් මේ මහත්තයා හොඳ දෙයක් කරලා තියෙන්නේ. නියමයි. (අ)

:       0       0

ඉන්දික Thursday, 08 August 2013 09:01 PM

ලොකු දෙයක්. අපේ කිරි තියෙද්ද ඇයි රට කිරි බොන්නේ?(දී)

:       0       0

දයානන්ද Friday, 09 August 2013 07:02 PM

ලංකාවේ කොපමණ ඉඩම් වගාවලට ගන්නේ නැතිව තියනවද. මේ ඉඩම්වල කිරිහරක් හදන්න බැරිද? ගවයාගේ ගොමටික කොතරම් ප්‍රයෝජනවත්ද? පාලක තුමන්ලා මේ ගැන හිතන්න ඕනා. පිට රටවල විෂ සහිත කිරි බීලා අපේ දරුවෝ ලෙඩවෙන බව. අප මුලදීත් කීවා. අපි අහලා තියනවා කිරි පටිටි හදන රටවල අය බොන්නේ නැහැ කියා. ඒත හරි කව්ද වස බොන්න කැමති.(නදී)

:       0       0

කිංස්ලි - ජපුර Friday, 09 August 2013 11:34 AM

ෆොන්ටෙරා විතරක් නෙවේ සියලුම කෘතීම කිරිපිටි ළමුනට සුදුසු නැත. ෆොන්ටෙරා ආයතනය ඇතුළු අනෙකුත් ව්‍යාපාරිකයින් දිගු කාලයක් කිරිපිටි නිෂ්පාදන අලෙවි කර හා ජනතාව ඒවා දිගු කාලයක් පරිබෝජනය කර යම් තරමින් හෝ විශ්වාසයක් දිනාගෙන ඇත. අන්තිමට සිදුවනුයේ ගෑස් යකා එලවා දැම්මා වගේ වැඩක් තමා. ජාතික ආලය තියෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණි. හැගීම්බර වීම හා ආවේගශීලී වීමට වඩා තර්කානුකූල වන්නේ නම් මැනවි. (ස)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 08 August 2013 09:59 PM

බහු ජාතික සමාගම් දිනන්න හදන්නේ වචන වලින්.සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දුන් පරිදි ජනතාව ක්‍රියාත්මක වන්නේ නම් මැනවි.ෙ දේශීය කිරි ඇති තරම් තිබෙනවානෙ. ඇයි පිටරට කිරි බොන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 18 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 330 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 393 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2254 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12757 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36638 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site