IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ෆිනෑන්ස් සමාගමක තිදෙනෙක් දරුවකුට කැත වැඩක් කරලා

( පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාත්තන්කුඩි  සිට රෝගියකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි  14 හැවිරිදි පිරිමි දරුවකුට ෆිනෑන්ස් සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු  බරපතල ලිංගික අතවරයකට පත් කර ඇතැයි පොලිසිය කියයි.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවා  තම සොයුරියගේ රෝගී සැමියා බැලීම සඳහා තනියම පෙරේදා කුරුණෑගලට පැමිණ ඇත.

⁣එදින පස්වරුවේ රෝගියා බැලීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල සිට ආපසු නිවසට යාම සඳහා දුර ගමන් සේවා බසයකට නැඟ ඇත. සිංහල භාෂාව නොදත් ඔහු මඩකලපුව දෙසට යන බසයකට යැයි සිතා නැඟ ඇත්තේ වාරියපොළ හරහා අනුරාධපුරට යන බසයකටය. මඟ දුරක් ගොස් ටිකට් ගැනීමට යාමේදි මේ බව දැනගත් එම බසයේ කොන්දොස්තරවරයා ඔහු යන්තම්පලාව නගරයෙන් බස්සවා ආපසු කුරුණෑගලට යන ලෙසට උපදෙස්දී ඇත.

සිංහල භාෂාව වචනයක් හෝ කතා කිරීමටවත් තේරුම් ගැනීමටවත් නොදත් ඔහු කුරුණෑගල නගරයට ආපසු යන ආකාරය අසා දැන ගැනීම සඳහා යන්තම්පලාව නගරයේ තිබෙන ෆිනෑන්ස් කොම්පැණියක් වෙත පස්වරු 6.00 ට පමණ ගොස් තිබේ.

⁣එම අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි තරුණයන් තිදෙනකු ඔහුට විස්තර ලබා දෙන මුවාවෙන් ආයතනය ඇතුළට රැගෙන ගොස් ඔහු පැයකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් බරපතළ ලිංගික අතවරයකට ලක් කර තිබෙන බව මේවනවිට සිදු කෙරෙමින් පවතින පොලිස් පරීක්ෂක වලින් අනාවරණය වී තිබේ.

පසුව ඉතා අසීරුවෙන් එම ස්ථානයෙන් පැනගෙන ඇති ඔහු යන්තම්පලාව නගරයේ එම අවස්ථාවේදී රැඳී සිටි මුස්ලිම් තරුණයන් පිරිසකට හමුවී ඇති අතර ඔවුන් ඒ බව තමන් දන්නා යන්තම්පලාව සිංහල වෙළඳ සංගමයේ සාමාජිකයන් පිරිසකට දැනුම්දී ඇත. වෙළඳ සංගමයේ සාමාජිකයන් වහාම ක්‍රියාත්මකවී මෙම සිද්ධිය කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම්දී ඇත.

පොලීසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් අතවර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ඒවනවිටත් එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර ආයතනයේ දොරවල් කඩා පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

 



අදහස් (6)

ෆිනෑන්ස් සමාගමක තිදෙනෙක් දරුවකුට කැත වැඩක් කරලා

ajith Thursday, 18 May 2023 06:09 PM

අද මේ අපරාධ රටේ වැඩි වන්නේ ඒවාට නිසි දඬුවම් නොලැබීමෙන්, මිනිසුන් අපරාධ කිරීමට බිය නොවීමයි. මෙයට වග කිව යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවයි.

:       0       1

Dhanushka Premathilaka Thursday, 18 May 2023 06:27 PM

ඒ රක්ෂණ සමාගමේ නමත් එළි කරන්න මොකද මම දැක්කා මේ ලගදී ජනප්‍රිය පාසලක විදුහල්පති කෙනෙක් මොනවාද හොර ලියකියවිලි හැදුවා කියලා ඉස්කෝලේ නමම ලොකුවට දැම්මානේ? ඉතිං මේකේ නමත් දාන්න.

:       0       1

කිරිපුතා Thursday, 18 May 2023 06:39 PM

මේ විශම කාමතුරයන්ට නම් නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි. දරුවෙක් අසරණ වෙලා ඉද්දි මොවුන් කළ දේ මනුස්ස සංහතියටම අවමානයක් .

:       0       1

de silva Thursday, 18 May 2023 09:15 PM

මෙම ෆිනෑන්ස් සමාගමේ වැඩකරනා සියලුදෙනාම සමලින්ගිකයෝද ?දරුවන්ට මෙවැනි දේවල් කරන මිනිස්සුන්ගේ අරක කපලා දමන්න ඕනේ

:       0       1

prasanna Thursday, 18 May 2023 09:26 PM

දැන් ෆිනෑන්ස් සමාගම් මේවත් කරනවද?ෆිනෑන්ස් කාරයින්ගෙන් ළමා පරපුර රැකගන්න .මේ තමයි ළමා අපචාර වලට එක්වුණු අලුත්ම සෙට් එක

:       0       1

Bunny Preena Friday, 19 May 2023 12:35 PM

ආයෙත් ලිංගික කටයුතුවල නියැලෙන්න බැරි විදියට මුන්ට දඩුවම් දෙන්ට ඔනෙ. එතකොට තමයි මෙවැනි දේවල් නතර කරන්ට පුලුවන් වෙන්නෙ. නැතිනම් මෙවගෙ එවුන් කාගෙ කාගෙ හරි සේවා දායකයො වෙලා පොඩි කාලයක් හිරගෙදර ඉදල ඇවිත් ආයෙත් අර පරන පුරුදු වැඩ ටිකම කරගෙන ඉන්ඩවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 461 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site