IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෆොන්සේකාගේ පෙත්සම ඉවතට

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගාස්තු රහිතව අද(15) නිෂ්ප්‍රභ කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම  පෙත්සම ඉවත දමන ලදී.

සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය මහතා ගොනුකළ මෙම පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය අයිතියක් සහ හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරු කරුණු දැක්වූහ.

මන්ත්‍රී ධූරය අහිමි වූ ෆොන්සේකා මහතා පසෙක සිටියදී වෙනත් පුද්ගලයෙකුට පෙත්සමක්  ගොනු කර පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නැතැයි ද,ඔවුන් ඉල්ලා සිටින පරිදි ෆොන්සේකා මහතා වෙනුවට මන්ත්‍රී ධූරයට පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර නැවතත් ෆොන්සේකා මහතා එම ධූරයට පත්කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නීතිමය ප්‍රතිපාදන නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කීය.

 

 



අදහස් (0)

ෆොන්සේකාගේ පෙත්සම ඉවතට

තිලක් බණ්ඩා Tuesday, 16 June 2015 07:15 AM

සිරිමාන්න මහතාට. හොඳට තුන්කල් පෙනෙන උපදේශකයෙකු සිටියා නම් ඔය දෙය ෆොන්සේකා මහතාට වෙන්නේ නැහැ. ඒ වගේම දැන් උනත් පරක්කු නැහැ නේද.? කොටින්ගේ ඉලක්කයක් බවට පත් වූ ෆොන්සේකා මහතාට දෙවියන් පණ දුන්නේ සැප විඳගෙන පැත්තකට වෙන්න නොවෙයි. ඉදිරියටත් ව්‍යසනයට ගොදුරුවන රට බේරා ගන්නට සටන් කරන්නට කියලයි මා හිතන්නේ. (ස)

:       0       0

සංක Monday, 15 June 2015 11:47 PM

දැන් තේරෙනවා ඇති නේද? සත්‍යය කවදාහරි දිනනවා (නි)

:       0       0

ශිරන්ති Monday, 15 June 2015 12:09 PM

නීතිය කෙසේවෙතත් මේ වගේ මිනිසුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා නේද මහජන මුදලින්?සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ඉගෙනගෙන ආණ්ඩුවේ රැකියාවකින් තමයි විශ්‍රාම යන්නේ.මේ ක්‍රම ලංකාව වගේ දුප්පත් රටවල වෙනස් කළයුතුයි (නි)

:       0       0

සරත් Monday, 15 June 2015 12:40 PM

අනේ මෙහෙම තණ්හාවක් ..! අනේ මෙහෙම ආශාවක්.. ! (නි)

:       0       0

නිමල් Tuesday, 16 June 2015 02:53 AM

සිරිමාන්න මහත්මයා. ඔබතුමා කෙටියෙන් වුණත් ඇත්ත කියලා තියෙනවා .ඒ ගැන මගේ ප්‍රණාමය පුද කරමි. නමුත් පුදුමය නම් ඒ ඇත්ත ගැන කවුරුත් කිසිම විවේචනයක් කරන්නේ නැහැ. හිතට එකඟව කාටත් කතා කරන්න බැහැනේ. (ම)

:       0       0

සුදේශ් Tuesday, 16 June 2015 03:24 AM

ගෙවලයා වගේ පස්සෙන් යනවා කියලා මෙයාම නේද කියන්න‍ේ. ඉතින් කවුද දැන් ............ (ම)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:06 AM

අනුරාධපුරෙන් එහාට නොගිය අය තමයි අද යුද්ධ වීරයෝ වෙන්න හදන්නේ.පොත් ලියා ගන්නේ. (බ)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 16 June 2015 04:12 AM

තමන් ගසා කාපු ධනස්කන්දය,තමන් සතු කර ගත්තු ලාබ ලබන ආයතන සියල්ලම,දමිලමිනිසුන්ගෙන් අයිති කර ගත්තු ඉඩම් වල හදන හෝටල් දාල වෙනසක් වේවි කියන බයට ඇමරිකාවට දුවන අය,නැවත ලංකාවට කිසිම බියක් සැකයක් නැතිව එනවා.ඇවිත් උසාවියට පෙනී සිට,සැප පහසු හෝටල් වැනි ඉස්පිලිතාලෙක ලැගුම් අරගෙන,සැප රියේ සිටම නඩුත් අහල,නිදහසුත් වෙනවා.මොන තරම් නරක පුරවාදර්ශයක්ද රටටම,ලෝකෙටම දෙන්නේ? (බ)

:       0       0

සිරිමාන්න Monday, 15 June 2015 03:33 PM

හිටපු ජනාධිපතිතුමාගේ අණින් සහ පිණින් රණවිරුවන් දිනාගත් දේශය මේ ආණ්ඩුව තුළදීම උතුරේ කොටි සැමරුම් කරද්දී ජාතික කොඩියට ජාතික ගීයට කෙණෙහිලිකම් කරද්දී මේක සිංහලුන්ට අයිති රටක්යැයි කියන්නේ කවුදැයි ඇමතියෙක් අසද්දී විග්නේශ්වරන් කොළඹට ඇවිත් හවත් ඇමතියෙක් ඔලුව වනමින් අසා සිටියදී රණවිරුවන් උතුරෙන් පන්නා දැමීමට යෝජනා කරද්දී නොබෝ දිනකින් මහා වීර දිනය ලංකාවේ කොළඹදී ජයටම පවත්වන්නට තවත් ඇමතියෙක් අඹුඩ ගසද්දී තමා පමණක් තරු පහේ හමුදා තානාන්තර ලබාගත් මොහු ගොලුවෙක් බිරෙක් වගේ අදත් කර බා ගෙන සිටියි. මොහුට මන්ත්‍රී ආසනයකුත් ලැබුනා නම් නිල ඇඳුමෙන් පාර්ලිමේන්තුවටත් යයි. මෙහෙම වෙච්ච එක හොඳයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 04:19 PM

ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු කට්ටිය කට කපල තරුපහක් දුන්නේ කට වහන් පැත්තකට වෙලා දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න තමයි සිරිමාන්න මහත්තයෝ..ඔය මහත්තය දැන් අර අයිසින් කරපු රෙජිෆෝම් කෙක් ගෙඩියක් වගේ ප්‍රදර්ශනේට විතරයි.වෙන ප්‍රයෝජනයක් නැහැ..(බ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 15 June 2015 04:30 PM

නිල/කොළ කොයි කවුරුත් ජෙනරල් සරත් ෆොන්සේකාට බයයි.ඒ කියන දේ කරන,කරන දේ කියන විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා නිසයි. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 15 June 2015 04:32 PM

රටේ දුෂණ වංචා හොයන්න ජෙනරල් සරත් ෆොන්සේකාට දුන්නා නම් ගතවෙන්නේ සති තුනක් පමණයි. කියපු කතාවට කොළ/නිල් කම්බා හොරු ටික බයයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 16 June 2015 06:03 AM

ඩුබායි ටොයිලට් එක හතර වටේම ගද ගස්සනවා..කවුරු හරි වතුර එකක් ගහල දාන්න,,(ම)

:       0       0

ශිරන්ති Monday, 15 June 2015 04:57 PM

ඉස්සර කොළඹට යන්න බයයි.මේ වගේ රටට උදාර සේවයක් කළ මිනිසුන්ට අපහාස ක‍රනන එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 176 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1137 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 221 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 452 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 368 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 613 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36776 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site