IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆොන්සේකාගේ බෑනා බාර වෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර විය.

ව්‍යාජ සමාගමකින් යුද හමුදාවට අවි සැපයීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ 2010 වසරේ දී ය.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ෆොන්සේකාගේ දියණියක සමග විවාහ වී සිටින ඔහු එතෙර පදිංචිව සිටියේය.

ඔහු රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

සුවිශේෂ කරුණු මත ඔහුට ඇප දෙන්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියේය. එසේ ඇප දීමට විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය. හයිකෝ ප්‍රයිවට් කම්පැනි නමින් සමාගමක් පිහිටුවාගෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනියේ නියෝජිතවරුන් බව කියමින් මහජන මුදල් වංචා කළැයි ධනූන සමග වෙලිංග්ටන් දි හෝඩ් හා සරත් ෆොන්සේකාට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනු කැරිණි. එසේ උපයාගත් බව කියන මුදල් ධනූන තිලකරත්න නමින් ඇමෙරිකා බැංකුවක තැන්පත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.

ඇප කරුවන් තම මවුපියන් විය යුතු බව විනිසුරුවරිය නියෝග කළාය. පිටරට යෑම ඔහුට තහනම් කැරුණු අතර මාසයකට වරක් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය. ඔහු උසාවියට බාර කළ නීතිවේදී නිරෝෂණ පෙරේරා මහතා පැවසූයේ සිය ආරක්ෂාව පතා ඔහු සැඟවී සිටි බවයි.

ඔහුගේ මාමණ්ඩිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වසර 1 1/2 ක් සිරගෙට යැවූ බවත් එසේ වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා බවද ඔහු කීවේය. ඉන් පසු ධනුන ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනි නමින් ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර යුද හමුදාවට වංචාවක් කළැයිද ඔහුගේ මව සහ ආච්චිට එරෙහිව නඩු පවරා ඇතැයිද නීතිඥවරයා කරුණු දැක්වීය.

 

DSC_4248 DSC_4266 DSC_4270 DSC_4274 DSC_4285

 



අදහස් (0)

ෆොන්සේකාගේ බෑනා බාර වෙයි

ජනක Friday, 19 December 2014 07:51 AM

හෂාන් අයියාද දන්නේ නැහැ භාර වෙන්න කිව්වේ. එයා දැන් දෑත් ශක්තිමත් කරන්න ගිහින්නේ !! (බ)

:       0       0

සෑම් Friday, 19 December 2014 08:22 AM

අර පරණ යකඩ ටොන් දෙසිය පනහට විද්ද ගුල්ලා බාරවෙන්නේ කවද්ද? (බ)

:       0       0

සිරිනිමල් Friday, 19 December 2014 08:27 PM

මෙයා හිටි තැන මෙච්චර කාලයක් කවුරුවත් දැනගෙන ඉඳලා නැද්ද? (නි)

:       0       0

ශාලිත Friday, 19 December 2014 08:45 AM

ඡන්දේ දුන්නොත් නිදහස් කරන්නම් කිව්වා වද්ද ? (හේ)

:       0       0

රොබින් Friday, 19 December 2014 08:52 AM

ජනවාරි 8 වෙනිදායින් පස්සේ ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.(හේ)

:       0       0

ඩිෂාන් Friday, 19 December 2014 09:24 AM

එතුමා වරදක් කරන්නත් ඇති. සමහරවිට නොකරන්නත් ඇති. මොනවා වුණත් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සින්න පෙරුමාල් Friday, 19 December 2014 10:20 PM

අවුරුදු හතර පහක් තිස්සේ කොහෙද හැංගිලා හිටියේ? (නි)

:       0       0

ප්‍රසංක Friday, 19 December 2014 09:28 AM

කොහෙද හැංගිලා ඉඳලා තියෙන්නේ? (නි)

:       0       0

පුර්නිම Friday, 19 December 2014 09:45 AM

මට දැනගන්න ඕනෑ එයා මෙච්චර දවසක් කොහෙද හිටියේ කියලා. අනික ජාත්‍යන්තරයටත් හොයන්න කියපු කෙනා දැන් කොහෙන්ද ආවේ? ඒ කියන්නේ අපේ රටේ පොලිසියට එයාව හොයාගන්න බැරිවෙලාද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 20 December 2014 01:56 AM

ජරමර අස්සේ බරකරත්ත කිව්වලු. ඔහොම යමුකෝ (නි)

:       0       0

ඇතුගල Friday, 19 December 2014 09:58 AM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා‍ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 December 2014 03:32 AM

මට ප්‍රශ්ණය තියෙන්නේ මේ රටේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ, නීතිය ගැන විශ්වාසයක් නැහැ කියල එදා ඉදල හැංගිලා හිටපු මනුස්සයට කොහොමද එකපාරට අධිකරණය හා නිතිය ගැන දැන් විශ්වාසය ඇතිවුනේ කියලා. මට පේන විදියට පොන්සේකා මහත්තයට දැන් බෑනත් නැහැ වගේ. (නදී)

:       0       0

විශාක් Friday, 19 December 2014 10:24 AM

එයා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ (නි)

:       0       0

අසංග Saturday, 20 December 2014 04:29 AM

මේ අය වරදක් නොකරා නම් ඇයි මෙච්ච්ච්ර දවස් හැංගිමුත්තන් කරේ?(හේ)

:       0       0

සත්‍යපාල Friday, 19 December 2014 10:55 AM

ඔන්න ෆයිල් තියන අය.දැන් ඉතින් කියන කියන දේවල් ලියල දෙන දේවල් ගිරවු වගේ කියන්න වෙනවා.නැත්නම් දග ගෙට යනවා.දැන් රටේ ගොඩවල් දෙකයි.ෆයිල් තියන අය එක පැත්තක.නැති අය අනික් පැත්තේ.(හේ)

:       0       0

ලංකා Friday, 19 December 2014 11:32 AM

බලමු මොකද වෙන්නනේ කියලා.(හේ)

:       0       0

අමල් Friday, 19 December 2014 11:56 AM

හෂාන් වැඩ කාරයා (නදී)

:       0       0

අනුර විජේවර්දන Friday, 19 December 2014 12:03 PM

මොකද මෙයා මෙපමණ කලක් සැඟවී සිට දැන් බාර වුයේ ? කොහෙද මෙපමණ කලක් නොපෙනී සිටියේ , වරදක් නොකලානම් බිය විය යුතු නැහැ (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 19 December 2014 12:10 PM

එතකොට අර වරෙන්තු දෙකක් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටින 'යකඩ මහත්තයා' (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 December 2014 03:59 PM

කැටගොඩ මහත්තයා කියපු විධියට අධිකරණයෙන් මෙයාට ඇප ලැබුනේ එයා පක්ෂේ මාරුකළ නිසාලුනේ. එතකොට අධිකරණය නියෝග දෙන්නේ මෙයාලට ඕන විදියටද? එහෙමනම් තවත් අවුරුදු 6 ට මේගොල්ලන්ට දෙන්නම වටිනවා. (හේ)

:       0       0

ප්‍රභා Friday, 19 December 2014 01:41 PM

අයියා වැඩකාරයා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 291 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 218 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 261 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site