IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ෆොන්සේකාට ඇමරිකා වීසා නොලැබේ

ප්‍රාදේශිය සංවර්ධන ඇමැති හා  හිටපු යුද හමුදාපති  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමරිකා  එක්සත් ජනපදයට  ගමන් කිරිම සඳහා ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇතැයි  ඔහුට  සමීප ආරංචි කියයි. 2009 යුද සමයේ  යුද හමුදාපති වශයෙන් ක්‍රියාකරද්දී  යුද හමුදාවේ අපරාධ සිදුවී යැයි ඔහුට වීසා  නොදීමට  හේතුව බව දැනගන්නට  තිබේ.

ෆොන්සේකාගේ දියණියන් බැලීමට  2015 දී  ඔහු කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයෙන් වීසා  ඉල්ලා සිටි නමුත් එය ද ප්‍රතික්ෂේප විය. කැබිනට්  ඇමැතිවරයකු  වු පසුව ද ඔහු ඇමරිකාවේ සංචාරයකට  අවසර  දෙන ලෙස ඉල්ලා  ඇතැයි  ද එම වීසා ඉල්ලුම්පත ද ප්‍රතික්ෂේප කර ඇතැයි  දැනගන්නට  ඇත.

ඇමරිකා  තානාපති  ආරංචි මාර්ග පවසනුයේ පෞද්ගලික වීසා  ඉල්ලුම්පත් ගැන එම පුද්ගලයාට  හැර  මාධ්‍යයට හෝ වෙනත් අයට  කරුණු  දැක්වීම ඔවුන්ගේ පිළිවෙත නොවන බවයි.

දැනගන්නට  ඇති විදියට මෙම සිද්ධිය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් ඇමරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුවට ෆොන්සේකා කරුණු දැක්වීමට  නියමිත බවයි.

 



අදහස් (0)

ෆොන්සේකාට ඇමරිකා වීසා නොලැබේ

ලලිත් Monday, 20 June 2016 02:29 PM

ලංකාවේ කන්තෝරුවකින් එහෙම ඔය ටික මාධ්‍යවේදියෙකුට කිවුවනම් මෙලහට සමහරු බෝඩ් උස්සගෙන ඒ කන්තෝරුව ඉස්සරහ පිනුම් ගහනවා.දැන් ගහපල්ලකෝ පුලුවන්නම් පිනුම්? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 20 June 2016 02:38 PM

එහෙමනම් නොගිහින් ඉන්න තරමට හොදයි නේද....(බ)

:       0       0

ශ්‍රිමාලී Monday, 20 June 2016 02:54 PM

මෙම තහනම දමා ඇත්තේ යුද්ධයට වගකිවයුතු පුද්ගලයාටයි. මෙයින් පැහැදිලි වෙනවා පසුගිය යුද්ධය මෙහයවපු හරි නායකයා කව්ද කියල, මමයි මමයි කියපු අය නම් කිසි කරදරයක් නැතිව ඇමරිකාවට ගිහින් එනවා (බ)

:       0       0

නුවන්ත Monday, 20 June 2016 03:31 PM

යකාගේ හැටියටලු විමානේ. මෙයා ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගියෙත් නෑ. කළ එකම දේ මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට බැනපු එක පමණි (බ)

:       0       0

පසීර් Monday, 20 June 2016 04:24 PM

ශ්‍රීමාලි, අනේ ඔයා දන්නා යුද්ධේ. (ර)

:       0       0

වින්සන්ට් Monday, 20 June 2016 05:29 PM

ශ්‍රීමාලිගේ අදහස පසීර් මහතා හොඳින් තේරුම් ගෙන නැත. පළවී ඇති පුවතට අනුව එම අදහස වඩාත් නිවැරදි අගය කළ යුත්තකි. (ර)

:       0       0

ශ්‍රීමාලි Monday, 20 June 2016 06:33 PM

පසීර් මහතාණෙනි, මම අදහස් ඉදිරිපත් කර ඇත්තේ පළවී ඇති පුවතට අදාළවයි. වින්සන්ට් මහතාට මගේ ස්තුතිය! (නි)

:       0       0

දිසා Monday, 20 June 2016 07:57 PM

රට ඉවරයි මෙයාලා රට කළොත්. (නි)

:       0       0

යොහාන් Monday, 20 June 2016 08:06 PM

මගේ හිතට නම් ලොකු සතුටක් දැනුනා (නි)

:       0       0

තිලක් - නුවර Monday, 20 June 2016 08:43 PM

පසීර්, ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. මේ මෝඩ මිනිස්සු ඉන්නකන් ලංකාව ගොඩගන්න බැහැ. (නි)

:       0       0

ආසිරි Monday, 20 June 2016 09:08 PM

මේ තමයි ඇමෙරිකාව වැඩකරන විදිය. ඕනෑම කෙනෙකුට සළකන්නේ ටික කාලයක් පමණයි. මේවට කලබල වෙන්න එපා. (නි)

:       0       0

රොෂාන් Monday, 20 June 2016 09:32 PM

පසීර් කියන කෙනා කොහෙද යන කයිවාරුකාරයෙක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Tuesday, 21 June 2016 12:11 AM

වීසා නොදුන් එකමයි හොඳ (නි)

:       0       0

සරෝජා Tuesday, 21 June 2016 01:38 AM

යුද්ධකළේ මෙයා කියලා කියන උදවියටම යුධ අපරාධ කළෙත් මෙයා කියලා පිළිගන්න වෙනවා. එයා චෝදනාව බාරගත්තේ නැත්නම් ඔයාලටම බාරගන්න වෙනවා. මෙයාව අමාරුවේ දාන්නෙත් මෙයාට ලකුණු දන උදවියම තමයි. (නි)

:       0       0

ටිකිරි Monday, 20 June 2016 11:08 AM

රට බේරගන්න මුලිකත්වය දුන් නායකයාට මෙහෙම කරන එක අසාධාරණයි. (ර)

:       0       0

සේන Tuesday, 21 June 2016 03:04 AM

මෙයා තමුන්ව නැති කර ගත්තා (ම)

:       0       0

රුවන් Monday, 20 June 2016 11:29 AM

දෑන් පිලිගන්න වෙනවානේ යුද්ධේ කලේ කවුද යනවග.? (ර)

:       0       0

රජින්ද Tuesday, 21 June 2016 05:07 AM

වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම වෙන දේ ඔන්න බලාගන්න. (බ)

:       0       0

ලක්මාල් Tuesday, 21 June 2016 05:09 AM

ඔබාමා එක්ක එකතු වෙලා මහින්දට ඇමරිකා යන්න තිබ්බා (බ)

:       0       0

රජින්ද Monday, 20 June 2016 12:56 PM

එදා සුදු කොඩි කතාව කියද්දී මෙච්චර දුර හිතුවේ නැහැ නේද. මේකට අපි සිංහලෙන් කියන්නේ ඉල්ලගෙන කෑම නොහොත් ඇදගෙන නෑම කියලයි. (බ)

:       0       0

රොහාන් Monday, 20 June 2016 01:01 PM

ෆීල්ඩ් මාෂල් කුණු කුඩේට තමා (බ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 21 June 2016 06:53 PM

පවු වැඩේ! කොහොමත් ඇමරිකන්කාරයා විශ්වාස කිරීමට නොහැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 16 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 34 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 938 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1374 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2055 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site