IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ෆොන්සේකාට රිට් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සමක් ගොනු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීම සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

දකුණු පළාත් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතඥ මේජර් අජිත් ප‍්‍රසන්න විසින් ගොනු කළ මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.

එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වූ එම.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වූ අතර එයින් පුරප්පාඩු වූ මන්ත‍්‍රී අසුනට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 වැනි වගන්තියට පටහැනි බව පෙත්සමේ සඳහන්වේ.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනම පක්ෂයක නායකයෙකු වන බැවින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දැක්වේ.



අදහස් (0)

ෆොන්සේකාට රිට් පෙත්සමක්

බීනු Saturday, 12 March 2016 08:37 AM

වංචාකාරයෝ, වැරදිකාරයෝ තමයි ෆොන්සේකා මහතාට බයවෙන්නේ (නි)

:       0       0

ධර්ෂණ Friday, 11 March 2016 04:04 PM

පොන්සේකා මහත්තයා එජාපයෙන් පත්වුණා කියල මෙයාට වුන පාඩුව කුමක්ද ? ඇයි එතුමට එච්චර බය? (ර)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 08:01 AM

තමන්ගේ වාසියට ඔක්කොම වමාරන කෙනෙක් වීම ගැන කනගාටුවෙමි.(බ)

:       0       0

නයනා Saturday, 12 March 2016 09:34 AM

ෆොන්සේකා මහතාට දේශපාලන පළපුරුද්දක් නැහැ. මෙතුමා අණට වැඩ කරන්න පුරුදුවුණ කෙනෙක්. එනිසා දීර්ඝකාලීන පළපුරුද්ද අවශ්‍යයි. (නි)

:       0       0

සරත් Saturday, 12 March 2016 09:46 AM

එරන්ද, ඇයි මේවට කලබල වෙලා? ඉවසීමෙන් බලාඉන්න වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

මිලානෝ Friday, 11 March 2016 04:49 PM

මුල්‍ය අපරාධ සහ පසුගිය සමයේ ඇතිවූ අනෙක් අපරාධ පිලිබඳ කටයුතු වේගවත් කිරීමට සරත් ෆොන්සේකා ඇමති තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන මෙන් ඉල්ලා සිටිනවා. (ර)

:       0       0

ටෙහාන් Friday, 11 March 2016 04:46 PM

පැරදුනු අය පාර්ලිමේන්තු ගේනවානම් මොකටද මෙච්චර වියදම් කරල ජන්ද තියන එකේ තේරුම. (බ)

:       0       0

විජේ Saturday, 12 March 2016 10:07 AM

පැරදුනු අය පාර්ලිමේන්තු ගේනවා නම් මොකක්ද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන එකේ තේරුම? ෆොන්සේකා කට ඇරියට ඇයි බයවෙන්නේ? (නි)

:       0       0

ආනන්ද ආර්. Friday, 11 March 2016 05:25 PM

මිලානෝගේ අදහස මමද එලෙසින්ම පිළිගෙන එම ඉල්ලීම යථාර්ථයක් වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සුසන්ත Saturday, 12 March 2016 10:16 AM

ඡන්දෙන් පරදින අයත් ජනතා කැමැත්තට පයින් ගහලා බුරුතු පිටින් හොර පාරෙන් පාර්ලිමේන්තු යවන එකේ, ඡන්ද තියලා මිනිසුන්ගෙම සල්ලි නාස්ති කරනවට වඩා හොඳ නැද්ද තුන්ඩු ඇඳලා, ඉරි අල්ලලා, එහෙම නැත්නම් දාදු කැටයක් උඩ දාලා පාර්ලිමේන්තු නියෝජිතයෝ තෝරාගත්තා නම්? (නි)

:       0       0

අධිකාරී Friday, 11 March 2016 05:21 PM

අපි මොනවා කතාකළත් මේවායින් වන විනාශය සහ පාඩුව රටටයි දර්ශන (නි)

:       0       0

විජේ Saturday, 12 March 2016 10:18 AM

දැන් තියෙන්නේ මොන වගේ ආණ්ඩුවක්ද කියලා අපි දන්නවනේ. ඉතින් මේ දේවල් ගැන පුදුමයක් නැහැ (නි)

:       0       0

සුසන්ත Saturday, 12 March 2016 10:11 AM

එරන්ද, කලින් යුද්ධයට සම්බන්ධව සිටි කෙනෙක් හැටියට ඔහු ඒ ගැන කියන දේවල් වලට බරක් තිබෙනවා. ඉතින් එහෙම කෙනෙක් තැන නොතැන නොබලා, රටට වෙන අයහපත ගැන නොසිතා, පටු වෛර පිරිමහගන්න එහෙම ප්‍රකාශ කරන එක ගැනයි බය. (නි)

:       0       0

සරත් Sunday, 13 March 2016 08:46 AM

සමහරුන්ට නම් තියෙන්නේ එසේ මෙසේ වෛරයක් නෙමෙයි. (නි)

:       0       0

සුමාල් Friday, 11 March 2016 05:52 PM

ටෙහාන්ගේ අදහස මමත් අනුමත කරනවා. (නි)

:       0       0

නිහාල් Friday, 11 March 2016 05:54 PM

කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරගන්න දේශපාලකයෝ තමයි දැන් අපිට ඉන්නේ. (නි)

:       0       0

මැගී Saturday, 12 March 2016 10:35 AM

සරත් ෆොන්සේකා ඡන්ද 2500නේ ගත්තේ. ජනතාව එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කළා. මට එතුමා සමග පුද්ගලික තරහන් නැහැ. නමුත් ඡන්දෙ දිනලා ආවොත් තමයි පිළිගන්නේ (නි)

:       0       0

දහම් Saturday, 12 March 2016 10:30 AM

මහින්දට අපහාස කරවන්න මොනවා කළත්, මේ වැඩ නිසා තව තවත් මිනිස්සු මහින්දට ළංවන බව ආණ්ඩුවේ ලොක්කන්ට තේරෙන්නේ නැති එකයි පුදුමේ. (නි)

:       0       0

ගුණතිලක Friday, 11 March 2016 06:21 PM

අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. යමක් වෙන්න තිබෙනවා නම් එය සිදුවෙනවාමයි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 13 March 2016 09:02 AM

මේතුමාට අයිති තැන ලැබුණා.(හේ)

:       0       0

ටිකිරි Sunday, 13 March 2016 09:11 AM

අපි සහ අපේ අනාගත දරු පරම්පරාව නිදහස් කර දුන්න ජෙනරාල් තුමනි ඔබට පින් සිද්ද වෙනවා.(හේ)

:       0       0

උදය Friday, 11 March 2016 07:04 PM

බය නෙමෙයි දර්ශන, අපිට ඇත්තේ කළකිරීමක් මෙතරම් අඩු සංඛ්‍යාවක් ඡන්ද ගත් කෙනෙක් පාර්ලිමේන්තුවට ආ එක ගැන. (නි)

:       0       0

උපුල් Saturday, 12 March 2016 11:28 AM

ෆොන්සේකා මහත්තයාව නවතන්න ඔය කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නවම් Friday, 11 March 2016 07:17 PM

ටෙහාන්, පැරදුනු අය ගෙනෙනවා කියලා එකක් නැහැ. ජාතික ලැයිස්තුවෙන් ඕනෑම කෙනෙක් ගෙනෙන්න මහලේකම්ට බලය තිබෙනවා නේද? (නි)

:       0       0

ටිකිරි Sunday, 13 March 2016 09:15 AM

ඔය පටන් ගන්නේ වැඩ.(හේ)

:       0       0

එදිරිවීර Saturday, 12 March 2016 11:39 AM

මේ වගේ තව කොච්චර අයට තනතුරු දුන්නද? ඒත් කවුරුවත් කෑගැහුවද? මොකද දැන් මේකට විකරක්? (නි)

:       0       0

චින්තක Saturday, 12 March 2016 11:39 AM

කවුරු මොන පෙත්සම් ගැහුවත් ඔබ බලයේ සිටිය යුතු කෙනෙක්. එයයි අපේ තීරණය. (නි)

:       0       0

ශානක Saturday, 12 March 2016 11:40 AM

එතුමාට බයවෙන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. එයා සුදුසු කෙනෙක් නම් ඉතින් ඡන්දය තිබෙන්න එපායැ (නි)

:       0       0

පොඩිසේන Friday, 11 March 2016 07:53 PM

ෆොන්සේකා කට ඇරිය ගමන් සමහරු බයවෙලා. ඔහු දන්නා දේවල් එළිවෙනකොට කාට කාටත් වදියි. බය නැතුව කතාකරන අය තමයි අපිට ඕනෑ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 March 2016 12:27 PM

පුදුම බයක්නේ. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ නැඟූ හඬට කට්ටියම වෙව්ලන්න පටන් අරගෙන වගේ (නි)

:       0       0

අතුල Friday, 11 March 2016 09:19 PM

පැරදුනු අය පාර්ලිමේන්තු ගෙනෙනවා නම් මොකටද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන එකේ තේරුම? (නි)

:       0       0

විපුල Saturday, 12 March 2016 01:50 PM

කතාව ඇත්ත. නීති පොත් සියල්ල පැත්තකට දාලනේ මේ පත්වීම් ලියුම් දෙන්නේ. (නි)

:       0       0

ශානක Friday, 11 March 2016 09:53 PM

සරත් ෆොන්සේකා කියන්නේ ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප වුණ කෙනෙක්නේ (නි)

:       0       0

බුද්ධික Saturday, 12 March 2016 12:11 AM

මම නම් දකින්නේ මෙයාලා ෆොන්සේකාට බයයි කියලයි. මේවාට කිසිම නීතිමය පදනමක් නැහැ. නිකම්ම එළියට විසිවෙයි (නි)

:       0       0

සෞදි සරත් Sunday, 13 March 2016 10:11 AM

ඔබ තුමා කොහොමද හිතට එකගව පාර්ලිමේන්තු ගිහින් ඇමතිකමක් ගත්තේ මහජනයා ප්‍රතික්ෂේප කළානේ (බ)

:       0       0

ගයාන් Saturday, 12 March 2016 12:51 AM

මිලානෝ, දේශපාලනයට කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා. ලැජ්ජාවක් නැද්ද? (නි)

:       0       0

ලක්විදු Saturday, 12 March 2016 03:14 PM

එතකොට එස් . බී . ගොයියට මොකද වෙන්නේ? (රේ)

:       0       0

ඉමාක් Saturday, 12 March 2016 12:58 AM

පරාජයවුණ අය පාර්ලිමේන්තුවට ගන්නවා නම් ඡන්ද ක්‍රමයක් අවශ්‍ය නැහැ නේද? (නි)

:       0       0

ශ්‍රිමාලී Saturday, 12 March 2016 03:41 PM

කුමාර කියපු කතාව නම් ඇත්ත . රාජපක්ෂ යුගයේ මේ කිසිම කෙනෙක් මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් නීතිය ගැනවත් සාධාරණය ගැනවත් කටක් ඇරියේ නැනේ . මේ විදියට කව්රුවත් කොමෙන්ට් දැම්මෙත් නෑ.(රේ)

:       0       0

තිස්ස Saturday, 12 March 2016 01:33 AM

‍මෙතන ප්‍රශ්නය තිබෙන්නේ කාටවත් බයවෙන එක ගැන නෙමෙයි. මෙම පත්කිරීම ව්‍යවස්ථාවට අනුව කළ පත්වීමක්ද නැද්ද යන්න හොයන එක. ප්‍රජාතන්ත්‍රවාදියි කිය කියා ඒකාධිපති විදිහට කටයුතු කිරීමයි නැවැත්විය යුත්තේ. (නි)

:       0       0

මොරිස් Saturday, 12 March 2016 01:46 AM

කවුරුත් බලයට කැමතියි. බලය නැතිදාට සියල්ල අවසානයි. (නි)

:       0       0

රොකී Saturday, 12 March 2016 01:53 AM

ටෙහාන්, අතුල, ශානක මහත්වරුනි, ඇයි එස්.බී. වගේ පැරදුන කීප දෙනෙක් පත්කළ වෙලාවේ ඔය ප්‍රශ්නය ඇහුවේ නැත්තේ? ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගත්තට ඇයි බය? පළමු කතාවේදීම ඉදිරිපත්කළ අදහස් මොනතරම් වැදගත්ද? (නි)

:       0       0

ධර්මසිරි Saturday, 12 March 2016 01:47 AM

මේවා දැකලා දැකලම ලංකාවේ දේශපාලනය අප්‍රසන්න වෙලා අපිට (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 12 March 2016 06:54 PM

අනේ මහත්තයෝ, ඔබ ජාතික වීරයෙක්. නමුත් දේශපාලනය ඔබට සුදුසු නොවේ. (නි)

:       0       0

ජයන්ත Saturday, 12 March 2016 02:38 AM

මෙතුමාට මෙහෙම කතා කරන්නත් එහෙනම් බැහැනේ. මොකද මෙතුමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවෙයිනේ. (නි)

:       0       0

කුමාර Saturday, 12 March 2016 03:04 AM

ජයන්ත, ධර්මසිරි, තිස්ස, ටෙහාන්, ඔබතුමාලා ගොඩක් අයට ව්‍යවස්ථාව උල්ලංඝනය වීම ගැන හරි දුකක්නේ තිබෙන්න‍ෙ. මහින්දගේ කාලයේ ඔයාලගේ මේ වගේ අදහස් අපි දැක්කේ නැහැනේ. (නි)

:       0       0

අරුණ Saturday, 12 March 2016 10:20 PM

කවුරු කොහොම කෑගැහුවත් ඔබේ ගමන නොසැළී නොබියව ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

අජිත් රණසිංහ Saturday, 12 March 2016 10:40 PM

එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. 48 ලක්ෂයක් ජනාධිපතිවරණයකින් කැමැත්ත ගත් කෙනෙක් (නි)

:       0       0

මුණසිංහ Saturday, 12 March 2016 03:15 AM

පැරදුනු අය පාර්ලිමේන්තු යවලා මේ රට විනාශ කරනවා. පැරදුනා කියන්නේ ජනතාවට එපාවුණ අය. ජනතා තීරණ නිවැරදි නම් මේ ආණ්ඩුව කරන්නේ ජනතා තීරණයට පයින් ගහන එක. කොහොම වුණත් නැවත ඡන්දයක් එනතුරු අපි බලා ඉන්නවා. (නි)

:       0       0

සේනක Saturday, 12 March 2016 03:30 AM

ජාතික ලැයිස්තුවට පිටින් මීටපෙරත් අඩු වැඩි වශයෙන් මන්ත්‍රීවරු නම් කරලා දැන් එය පුර්වාදර්ශයක් වෙලා තිබෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ පත් කිරීම අභියෝගයට ලක්කිරීම අපහසු වෙයි කියලයි මට නම් වැටහෙන්නේ. (නි)

:       0       0

වන්නිආරච්චි Saturday, 12 March 2016 03:39 AM

පාඩුව කෙසේවෙතත් රටේ සදාචාරය කියන එක රැකෙන්න ඕනෑ. ජනතාව බින්දුවටම දාපු අය පාර්ලිමේන්තුවට දාන්නේ ඇයි මේ විදිහට? ඇයි මේ එජාපයේ අය කතා කරන්නේ නැත්තේ. එජාපයේ මන්ත්‍රීවරුනි, තමුන්නාන්සේලා පරිස්සම් වියයුතුයි. ඊළඟ වාරය තමුන්ගෙන් කෙනෙකුට වෙන්න පුළුවන්. තනතුර නොවෙයි, ආත්මය රැකගන්න. (නි)

:       0       0

රත්නසිරි Saturday, 12 March 2016 04:06 AM

කවුරු කවුරු ගැනත් අපි දන්නවා. බලයට කෑදරවීම නම් හොඳ නැහැ (නි)

:       0       0

ශානක Saturday, 12 March 2016 04:35 AM

රොකි, ඔක්කොම එක වල්ලේ පොල්. තමන්ගේ වාසියට තමයි ඔතනට එන්නේ. මේ ආණ්ඩුව ජනතා ඡන්දෙ පැත්තකට දාලා තිබෙන වෙලාවක ඔයා ඔච්චර කඩේ යන්න දඟලන්න එපා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 12 March 2016 04:45 AM

ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ සම්පුර්ණ කතාව එළිකරන්න. එවිට මේ බියවෙන්නේ කුමක් නිසාද කියලා රටම දැනගනීවි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 12 March 2016 04:46 AM

කරුණාකරලා යුද්ධයෙන් සහ යුද්ධයට පසුව සිද්ධවුණ මහා පරිමාණ දුෂණ වංචා සොයන්න ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න. ඒ රට වෙනුවෙන් කරන යුතුකමක්. (නි)

:       0       0

ටිරෝන් Saturday, 12 March 2016 04:48 AM

ඔබතුමාට යමක් උරුම නම් එය ලැබීම වැළැක්වීමට කුමන බලවේගයකට හෝ හැකියාවක් නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 12 March 2016 04:54 AM

එතකොට චම්පික ඇමති හැප්පුවා කියන ළමයට සාධාරණය ඉෂ්ට කරගන්න උසාවි ගියේ? මේ වෛරී දේශපාලනය නිසා කරන දේවල් එහෙම නෙමෙයිනේ. හද පිරි මෛත්‍රියෙන්ම කරන දේවල්. (නි)

:       0       0

විජේ Saturday, 12 March 2016 04:52 AM

මට දැන් හිතෙනවා ලංකාවේ මිනිසුන්ට ඕනෑවට වැඩිය නිදහස ලැබිලද කියලා. වැඩ කරන්න කාලයක් මිනිසුන්ටත් දේශපාලකයන්ටත් නැහැ වගේ. එ්කනේ රාජපක්ෂ මැතිතුමා සියලු දෙනාම අත යට තියාගෙන වැඩ කළේ. ඒ ක්‍රමය තමා අද මිනිස්සු නැවතත් ඉල්ලන්නේ, එහෙම නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 13 March 2016 03:37 AM

රාජපක්ෂලා යුද්ධය කළේ කොහොමද කියන එක ලස්සනට මෙතුමා විග්‍රහ කරනවා. කරුණාකරලා පාර්ලිමේන්තුවේ කළ සජීවී කතාව කොටස් වශයෙන් හෝ පළකරන්න. ඒ සත්‍ය සමස්ත ජනතාවටම අහන්න අයිතියක් තිබෙනවා. (නි)

:       0       0

ටිරාන් Sunday, 13 March 2016 03:38 AM

මේවට හුරේ දාන අයත් ඉන්නවනේ හැබෑට? ඉතින් තවත් මොන කතාද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 13 March 2016 03:41 AM

කම්බා හොරු කල්ලිය විසින් හොරා කෑ සෑම සතයක්ම නැවත ජනතා සතුවෙන්න ඕනෑ කියන එකේ කතා දෙකක් නැහැ. ඒ සඳහා සුදුසුම කෙනා පිට කොන්දක් තිබෙන ජෙනරල් පමණයි. කට්ටිය හොඳටම බයවෙලා. මේ පටන්ගැනීමක් පමණයි (නි)

:       0       0

නාමල් Sunday, 13 March 2016 03:33 AM

අජිත්, ඒ ඡන්ද ලක්ෂ 48ම එයාට කැමැත්තට ලැබුණ ඒවම නෙමෙයි. පක්ෂයට ලැබුණ ඒවා (නි)

:       0       0

සෙනරත් ඩුබායි Sunday, 13 March 2016 04:08 AM

වැරදි පත්කිරිමකට විරුද්ධව උසාවියේ පිහිට පැතීමට එජාපයේ කෙනෙක්ම වෙන්න ඕනෑ නැහැ. ජාතික ලැයිස්තුව ඡන්දයට පෙර ඉදිරිපත් කරලා ඡන්දයට යන්නේ ඔවුන්ගෙන් පත්කරනවාය කියන පොරොන්දුව ජනතාවට දෙමින්. එසේ ඡන්දය ලබාගෙන ලයිස්තුවෙන් පිට පත්කිරීම නීතිවිරෝධී නොවන්නේ කෙසේද? (නි)

:       0       0

කුමාර Saturday, 12 March 2016 05:40 AM

හර්ෂණ, නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන්නේ බයට නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි (නි)

:       0       0

සෙනරත් ඩුබායි Sunday, 13 March 2016 04:14 AM

සුසන්තගේ කීම සම්පුර්ණ සත්‍යයක්. මෙය ජනතා පරමාධිපත්‍යය වෙන්නේ කොහොමද? මෙය අනුමත කළහැකිද? (නි)

:       0       0

චමින්ද Saturday, 12 March 2016 05:46 AM

ෆොන්සේකා කට ඇරියට අපි නම් බය නැහැ. නමුත් කැමති නැහැ. (නි)

:       0       0

ඉන්දික Sunday, 13 March 2016 04:48 AM

මේ අය මුළු පාලන තන්ත්‍රයම විනාශ කරදමමින් පවතිනවා. ඡන්දයකින් පැරදුනු කෙනෙක් ගෙනෙන්න නම් ඇයි මහජන සල්ලි වියදම් කරලා ඡන්ද පවත්වන්නේ? නීතිය සහ සම්ප්‍රදාය වල්වැදී ඇති බව පැහැදිලියි. දැනුයි අපිට නියම ඒකාධිපතිවාදය බලන්න පුළුවන්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Sunday, 13 March 2016 05:13 AM

අපි නම් කවුරු මොනවා කිවුවත් ඔබ ගැන ඇත්ත දන්නවා. ඔබට ජය නියතයි (නි)

:       0       0

ආරි Sunday, 13 March 2016 05:33 AM

ඔහු කුමනාකාරයේ කෙනෙක්ද යන්න රටට ආදරය කරන අය දන්නවා. අපිට නම් කියන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

පද්මිණී Sunday, 13 March 2016 05:59 AM

රට වෙනුවෙන් තුන්වරක් ලේ,මස්,පුජා කළ එතුමා ජාතික වීරයෙක්. අපිට අවශ්‍ය නිර්භීත ජනතා සේවකයින් (බ)

:       0       0

එරන්ද Saturday, 12 March 2016 06:37 AM

ඇයි මෙච්චර ෆොන්සේකාට බය? මට තේරෙන්නේ නැත්තේ ඒකයි (නි)

:       0       0

කුලරත්න Saturday, 12 March 2016 06:54 AM

අපිට නම් ලැජ්ජයි මේ සිද්ධවෙන දේවල් දකිනකොට. ඒත් සමහරුන්ට නම් ගාණක්වත් නැහැ (නි)

:       0       0

දර්ශන Saturday, 12 March 2016 07:26 AM

මෙතුමා පළමු දිනම කළ කතාවෙන් කිවුවේ කුමක්ද? සුදු කොඩි කතාව ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි කියලා මෙතුමා කියනවා නේද? (නි)

:       0       0

සරත් Saturday, 12 March 2016 07:36 AM

මේවා හැමදේම සිදුවෙන්නේ නීතියක් ක්‍රමයක් නොමැති නිසා. අද පාලනයේ නොහැකියාව අපිට හොඳින් පෙනෙනවා (නි)

:       0       0

අරවින්ද Saturday, 12 March 2016 07:33 AM

අපේ මිනිසුන්ට මොනවාහරි ඇදලා ගත්තහම වෙන ප්‍රශ්න මොකුත් මතක නැහැ. මේකත් ඒ වගේ තමයි (නි)

:       0       0

සුනිල් Saturday, 12 March 2016 07:41 AM

ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ අය මෙලෙස නැවත ගෙන්වීම ගැන නම් දෙවරක් සිතාබැලිය යුතුයි (නි)

:       0       0

අකිල Saturday, 12 March 2016 07:56 AM

මේ දේවල් නෙමෙයි, රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළට ගෙනඒමට, මන්දපෝෂණය රටෙන් අතු ගා දැමීමට රජය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

සරත් Saturday, 12 March 2016 07:51 AM

මහජනයා ප්‍රතික්ෂේප කළ කෙනෙක් මෙහෙම ගත් එක අපිත් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Sunday, 13 March 2016 07:17 AM

සුදු කොඩි කතා කියල රට පවා දෙන්න ගිය, බලයට කෑදර කෙනෙක් ජාතික දොහියෙක් මිසක් වීරයෙක් නෙමෙයි. (ම)

:       0       0

දුමින්ද Saturday, 12 March 2016 08:19 AM

ජනමතය සමග සූදු ක්‍රීඩා කිරීම නම් කවුරු කළත් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

අසාද් Saturday, 12 March 2016 08:12 AM

ගොඩක් අය බයවෙලාද කොහෙද? එදා එතුමා කට අරින්න හදනකොට හිරේට දැම්මා. අද කට අරින්න හදනකොට වෙන අය දාලා එ්ක නවත්වන්න හදනවා. එතුමාගේ ගමන නවත්වන්න ඕනෑ එක්කෙනා කොච්චර හැංගිලා හිටියත් රටම දන්නවා ඒ කවුද කියලා. (නි)

:       0       0

අසාද් Saturday, 12 March 2016 08:22 AM

තිස්සලට මතක නැද්ද කොහෙද, ඒ දවස් වල ව්‍යවස්ථාවට අනුව වැඩවුණාද නැද්ද කියලා? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 12 March 2016 08:28 AM

ඒ කාලේ මොන වැරදි සිද්ධවුණත් කවුරුත් ඒවාට කතාකළේ නැහැ. ඒකට දැන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 113 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 314 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 152 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4051 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2128 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site