IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ෆොන්සේකාට/ සේනකට බේත් ගන්න රට යන්න අවසර

යුද හමුදාවෙන් පැන ගිය දස දෙනකුට පසුගිය ජනපතිවරණ සමයේ රැකවරණ දුන්නැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහායක කපිතාන් හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව විභාගය කොළඹ මහාධිකරණය පෙබරවාරි 18 වැනි දාට කල් තැබීය.

නඩුවේ තෙවැනි විත්තිකාර යුද හමුදා පොලිසියේ ලුතිනන් ජනරාල් ප්‍රේමලාල්ට සාක්කි දීම සඳහා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.

සිංගප්පූරුවේ ග්‍රීන් එළිසබෙත් රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ෆොන්සේකාගේ හා හරිප්‍රිය ද සිල්වාගේ ගමන් බලපත් රුපියල් ලක්ෂය බැගින් වූ බැඳුම්කර දෙකක් මත මුදා හැරීය.

සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නොවැම්බර 21 වැනි දා තෙක් කල් දුන් අධිකරණය ඉන් පසු ගමන් බලපත් අධිකරණයට භාර දෙන ලෙස නියෝග කැරිණි.

ජනාධිපති නීතීඥ සාලිය පරීසි, රුක්ෂාන් නානායක්කාර හා තනූක නන්දසිරි ෆොන්සේකා වෙනුවෙන් ද, උපුල් ජයසූරිය හා කැලුම් කුමාරසිංහ හරිප්‍රිය සිල්වා වෙනුවෙන් ද පෙනී සිටියහ.



අදහස් (0)

ෆොන්සේකාට/ සේනකට බේත් ගන්න රට යන්න අවසර

ගයාන් Wednesday, 05 November 2014 08:38 AM

රජෙක් වගේ ඉන්න තිබුන කෙනෙක් නේද මේ? අද ලෙඩකට බෙහෙත් ගන්නත් උසාවියෙන් අවසර ගන්න වෙලා. (නි)

:       0       0

ටෙක්ලා Wednesday, 05 November 2014 01:21 PM

මෙතුමාගේ වීරත්වය බොහෝ දෙනෙකුට අමතකව ඇති හැටි පුදුමයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 01:24 PM

කොහොම ඉන්න පුළුවන් මනුස්සයෙක්ද? අද දහසක් නීතිරීති මැද්දේ දුක් විඳිනවා. (නි)

:       0       0

වනිගතුංග Thursday, 06 November 2014 12:12 AM

අනේ පවු! එතුමා ගැන ඇයි අපිට මීටවඩා හිතන්න බැරි? (නි)

:       0       0

නුවන් Wednesday, 05 November 2014 08:44 AM

දෙන්නටම එකම අසනීපයක්ද? එකම රටට යන නිසයි එහෙම ඇහුවේ. (නි)

:       0       0

රෝහණ‍ Thursday, 06 November 2014 12:49 AM

ඔබතුමා දැන්වත් ඔය දේශපාලන කටයුතු වලින් ඉවත්වෙලා තමන් ගැන හිතන්න (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 November 2014 09:01 AM

රට බේරා ගත් විරුවාණනි.ඔබට නිරෝගී සුවය පතන්නේ නැවතත් ඔබ අපේ රට බේරා ගත යුතු නිසාය. (දිල්)

:       0       0

ශාන්ත Wednesday, 05 November 2014 01:43 PM

මැතිඳුනි, නැවත වරක් අපේ රට බේරාදෙන්න (නි)

:       0       0

ජනනි ලොකුහේවා Thursday, 06 November 2014 01:50 AM

දේශපාලනයේ සදාකාලික සතුරෝවත් මිතුරෝවත් නැත. එසේනම් පන්දමේ ආලෝකයවත් නොලැබ තව දුරටත් අඳුරේ අතපත ගාමින් නොසිට, කාරුණික හදවතක් ඇති අතිගරු ජනාධිපතිතුමා හමුවී එතුමා සමඟ එක්වී අලුත් ගමනක් යන්නට කල්පනා කරන්න. (නි)

:       0       0

වාස් Wednesday, 05 November 2014 09:17 AM

රට්ටක් බේරාගත් සෙන්පතියන්ට සලකන අාකාරය ඉතා කනගටුදායකයි.(බ)

:       0       0

දිනෙල්ක‍ා Thursday, 06 November 2014 02:37 AM

ඔබතුමා අද ඔය ඉන්න තැනට වගකියන්න ඕනෑත් ඔබතුමාමයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 November 2014 02:44 PM

අති දක්ෂ, දැඩි විනයකින් හෙබි හමුදා නිලධාරියෙක්. (ර)

:       0       0

චින්තක Wednesday, 05 November 2014 10:09 AM

ඔබට සුවය පතමි.(හේ)

:       0       0

චමත් Wednesday, 05 November 2014 10:15 AM

දන්නේ නැති නිසා අහන්නේ. කරුණා , පිල්ලෙයාන් , කේ.පි එහෙමත් රට යන්නේ උසාවියෙන් අහලද?. ආශ්චර්ය නේද?(හේ)

:       0       0

ඉන්දික Wednesday, 05 November 2014 10:15 AM

දෙන්නම එකපාර යන්නේ මොකද දන්නේ නැහැ.(හේ)

:       0       0

චන්ද්‍රා Wednesday, 05 November 2014 10:18 AM

මේවට වන්දී පොලියත් එක්ක ලැබෙන්න යන පාටයි. ඔබට නීරෝගී සැප ලැබේවා!. ඔබට රට වෙනුවෙන් ඉතුරු මෙහෙයුම කරන්නට හැකිවේවා.(අ)

:       0       0

සෙනරත් Wednesday, 05 November 2014 10:19 AM

තමුන්ට නොගැලපෙන වැඩ කරන්න ගියාම ඔහොම තමා. එතුමාම සේවයේ ඉදිද්දී කිවුව, මම දේශපාලනයට ආවොත් ලෝකේ නරකම දේශපලඥය මම වේවි කියල. උෟවේ චන්දෙන් ගත්තු ප්‍රතිඵලය දැක්කනේ. ස්වාදීන අපේක්ෂකයොත් එයිට වැඩිය ගත්ත. දැන්වත් ඉන් ඉවත් වෙන එක තමයි හොදම දේ. (අ)

:       0       0

නිිමාලිතා Thursday, 06 November 2014 04:17 AM

සිංහලයන් නොඑකුත් අන්දමින් මරා දැමු මහා කොටියන්ට තියෙන රජ සැප මේ විරුවන්ට නැත්තේ ඔවුන් දේසපාලන වසයෙන් දන නොගැසූ නිසාද? (අ)

:       0       0

වෙකෝ Wednesday, 05 November 2014 10:31 AM

සෙන්පතියාණෙනි අපි ඔබ එනතුරු බලාසිටිමු . සියලු සැපසම්පත් අතහැර දෙවිහිමියෙන් රටබේරගත් ඔබතුමන්ට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් ගේ රැකවරණ වේවා! (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 10:43 AM

ඉදල හිටලවත් ගිහින් බෑණ පොඩ්ඩ බලල එන්න එතුමත් ආස ඇතිනේ..කොහොම වුණත් මේ දෙන්නව එකම ගුවන් යානයේනම් යවන්න එපා..පොරකාපු බළල්ලු දෙන්නගේ වලිග විතරක් ඉතුරු වුනා වගේ අන්තිමට ගුවන් යානෙන් බහින්න දෙන්නෙක් නැති වේවි..(අ)

:       0       0

විචාර Thursday, 06 November 2014 04:47 AM

ජනනි ලොකුහේවා සහෝදරියගේ අදහසට මමත් එකඟ වෙමි. ෆොන්සේකා මහතා වෙතින් දිනෙන් දින කලකිරීමෙන් වෙන්වන්නට දඟලන පිරිස් ලියවිලිවලින් බැඳ තබා ගන්නේ නැතිව ඔවුනුත් මුදා හැර ඔබත් මිදී විමුක්තියක් ලබන්න යයි ඉල්ලා සිටිමි. (අ)

:       0       0

රෝහණ‍ Thursday, 06 November 2014 05:33 AM

බන්දුල, එතුමාට ඔය වගේ දේවල් කියන ඔබ වැනි අයට නිරයක් නම් නැත.රට බේරාගත්තේ එතුමායි.එතුමා බෝම්බයෙන් පසු රෝහල්ගත කළ කාලයේ පවා දුරකතන කීපයක් තියාගෙන යුද්ධය සැළසුම් කළ බව කඩේ යන බන්දුල හැරෙන්න හමුදාවේ හිටි ඕනෑ කෙනෙක් දන්නවා. (නි)

:       0       0

සෝමරත්න - මහරගම Wednesday, 05 November 2014 11:14 AM

ඔබට ඉක්මන් සුවය. (ර)

:       0       0

කමල් Wednesday, 05 November 2014 11:15 AM

මෙතුමා මාලකටත් වඩා නරක කෙනෙක්ද? (ර)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Thursday, 06 November 2014 06:13 AM

කෙටි කාලයක් දේශපාලන වශයෙන් සමීපව සිටි කෙනෙක් විදියට මම ඔබතුමාට නිදුක් නිරෝගි සුව පතමි.රටේ බහුතරයකගේ අවාසනාව සහ අකෘතඥබව ඔබතුමාගේ සිත සසල නොකළ බව දනිමි. ඔබතුමා සියලු දේ කැපකළේ ඔබ වෙනුවෙන් නොවන බව කවදා හෝ දැනේවි. පිවිතුරු,එඩිතර,හිතවත් ඔබ නැවතත් මුණගැසෙනතුරු ආයුබෝවන්! (නි)

:       0       0

බෙනට් Wednesday, 05 November 2014 11:29 AM

ඇයි දන්නේ නෑ මේ නඩුව ඉවරයක් කරගන්න තාම ආණ්ඩුවට බැරි වුනේ ..අනිත් ඒවානම් ඉක්මනටම අහලා තින්දුත් දීලා දඬුවමුත් දුන්න.(හේ)

:       0       0

ශ්‍යාමා Thursday, 06 November 2014 06:31 AM

ඇල් වපුරුවොත් ඇල් කපාගන්නා බවත් අමු වැපුරුවොත් අමු කපාගන්නා බවත් කියනවා නේද? එතකොට මේ මහත්තයා කපාගත්තේ මොනවද? (නි)

:       0       0

සිරිල් Thursday, 06 November 2014 06:32 AM

ආයෙමත් කලින් කළ දේවල් නම් කරන්න යන්න එපා (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 05 November 2014 06:13 PM

පිටිගල මිලානෝ, නොදන්නා දේවල් වලට කඩේ යන්න එපා (නි)

:       0       0

අමන්දා Thursday, 06 November 2014 07:06 AM

සිරිල්,කලින් කලදේ කියන්නේ රට බෙර ගත්ත එකද ?(බ)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 05 November 2014 12:30 PM

හිටපු ත්‍රස්තවාදී නායකයන් වන කරුණා , පිල්ලෙයාන් , කේ.පි එහෙමත් රට යන්නේ උසාවියෙන් අහලද?

:       0       0

එරංග Wednesday, 05 November 2014 12:32 PM

රටේ මිනිස්සු එදා නිවැරදි තීන්දුවක් අරගෙන තිබුනානම් අද මෙවැනි දුකක් සිද්ද නොවෙන්න තිබුනා.රටේ කරුමෙද,රටේ මිනිසුන්ගේ කරුමෙද දන්නේ නැහැ.(හේ)

:       0       0

සිරිමෙවන් Wednesday, 05 November 2014 12:34 PM

අවුරුදු තිස් ගණනක් රජයේ සේවයේ නිරතවුණ මෙතුමාට විශ්‍රාම වැටුප නැත්නම් අඩුතරමින් කරුණාසහගත දීමනාවක්වත් ගෙවන්න බැරිද? (නි)

:       0       0

පද්මිණී Wednesday, 05 November 2014 12:43 PM

තුන් වරක් මස්,ලේ දන් දීල රට බේරා ගත් අභීත සෙන්පත්දුනි. ඔබට නිරෝගී සුව! (ර)

:       0       0

අශාන් Wednesday, 05 November 2014 01:03 PM

බන්දුල වගේ අය ඉන්නතුරු ලංකාවට බුදු සරණයි! (නි)

:       0       0

චින්තක Wednesday, 05 November 2014 01:03 PM

දැන්වත් බෙහෙතක් හේතක් කරගෙන ඔබතුමා පාඩුවේ ඉන්න බලන්න (නි)

:       0       0

ටෙක්ලා Wednesday, 05 November 2014 11:28 PM

මට ඇත්තටම මෙතුමා ගැන කණගාටුයි (නි)

:       0       0

සිරිසේන Wednesday, 05 November 2014 11:28 PM

දැන්වත් හිතලා හැදෙන්නකෝ .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 7 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 127 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 146 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 148 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 63 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site