(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ.
ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.
මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතාද අද ඇප මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.
සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී ඉන් පරාජයට පත්විය.
මේ අනුව ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන්නේය.
මේ අතර මෙවර ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇතැයි මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකාත් ඇප තියයි
Roshan Monday, 05 August 2024 06:14 PM
බොරු වැඩ. ඒකෙනුත් කෙලවෙන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල් වලට තමයි. කෝටි 50ක වත් ඇප මුදල් තියන්න ඕනෑ. නැත්තන් බල්ලයි කොල්ලයි හැමෝම ඇප තියනවා..!
Prabha Monday, 05 August 2024 06:41 PM
මේ මනුස්සයා පුදුම අධිතක්සේරුවකනේ ඉන්නේ... පව්...!
Ruwan De Silva Monday, 05 August 2024 07:10 PM
කෝ JVP ඇප තිබ්බේ නැද්ද?
Nilantha Tuesday, 06 August 2024 05:46 AM
මම හිතන්නේ මාලිමාව එක්කෝ ඉල්ලන්නේ නැහැ. නැත්නම් ශුභ වේලාවක් නැතුව ඇති සමහරවිට සැප්තැම්බර් 21 ඔහුට අශුභයි කියලා හිතෙනවා වෙන්න පුළුවන්. දැන් බලනකොට රාහුගේ කාලය සොයන්න ඇත්තේ අනුරයියා ද කියලා හිතෙනවා.
chandima Monday, 05 August 2024 07:50 PM
දැන්මම ඇප බඳින්න කියපු එක හොඳයි.., නැතිනම් ඡන්දෙ කිට්ටු වෙද්දී වෙන කොහේට හරි හේත්තු වෙන්න ඉඩ තියෙනවා.
Rohana Monday, 05 August 2024 09:36 PM
මේ විදියට අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ජනප්‍රිය වෙන්නද?වැඩිම උනොත් ඡන්ද 100 ක් ගනියි. ඡන්ද පත්‍රිකාව අපේක්ෂකයින්ගෙන් පුරෝලා ඡන්දදායකයට වදයක් වෙන්නද හදන්නේ. ස්වාධීන සහ අලුක්කාල් පක්ෂවලට ඇප මුදල අවම වශයෙන් ලක්ෂ 50 ක්වත් කරල අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්විය යුතුයි.
Nihal Gurusinghe Tuesday, 06 August 2024 02:13 AM
මුන් ඔක්කොම බැසිල්ගේ ඉත්තෝ. මාලිමාවේ ඡන්ද කඩන්න දාපු.
විදුර Tuesday, 06 August 2024 07:17 AM
හාල් කිලෝව 200ට වැඩී.
Asanga thiththagalla gamage Tuesday, 06 August 2024 10:10 AM
මෙයා ඇප තියලා ඇප නතිව යන්නේ.