IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ෆොන්සේකා ගෙදර ඉඳන් රට යයි

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තම දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තරයට විහිදුවමින් පක්ෂ කාර්යාල ආරම්භ කිරිමට සුදානමින් සිටි.

ඔහු ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරිමේ ප්‍රථම අදියර වශයෙන් ලබන ඉරිදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මිලානො නුවර ශ්‍රි ලාංකිකයින් ඇමතිමට නියමිතය.

මිලානෝ නුවර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සංවිධායකයින් පවසනුයේ ඉරිදා සවස 4.30ට වියා සලමෝනේ අංක 84 දරන ස්ථානය ඒ සදහා වෙන්කොට ඇති බවයි.

 



අදහස් (0)

ෆොන්සේකා ගෙදර ඉඳන් රට යයි

මාලක Saturday, 16 November 2013 08:19 AM

කොහෙන් පටන් ගත්තත් හොඳයි. හැබැයි හැමදාම බොරු කරන්න බැහැ. (නි)

:       0       0

දයා Sunday, 17 November 2013 12:13 PM

දම්මික ලාබාල වෙන්න පුළුවන්. ඒත් ඔබට බලාගන්න බැරි වේවිද ?(නදී)

:       0       0

සුරනිමල Saturday, 16 November 2013 08:56 AM

රටේ යහපත පමණක් මුල් කර පිළියෙළ කළ කරුණු ප්‍රජාන්තරවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කර ඒවා ඒ අයුරෙන්ම ක්‍රියාත්මක කරන බව ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න.ජනතාව රවට්ටන්න එපා.ඔබ ජනරාල් ඩිගොල් මෙන් අවංක උතුම් දේශපාලයෙක් සේ ඉතිහාසයට එක් වනවා ඇත. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 November 2013 09:07 AM

දේශපාලනය නොකරපු ජෙනරල් සරත් ෆොන්සේකා වගේ නිහතමානී,අවංක,කෙළින් වැඩකරන,වංචා දුෂණ නැති නායකයෙක්ගේ අවශ්‍යතාවය ලංකාවට දැනිලා තියෙන්නේ.අනාගත දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කරන්න ඕනෑ නිසි අපි එතුමාට සහයෝගය දෙන්නේ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 16 November 2013 09:09 AM

එයා ගැන අපි හොදට දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 November 2013 09:09 AM

වංචා දුෂණ වලට ඉඩ නොදෙනවා වගේම වංචා දුෂණ කළ අයට දැඩි දඩුවම් කරන්න ඕනෑ කියන මතයෙයි අපි ඉන්නේ.ලංකාව විනාශ කළ අයට අනිවාර්යෙන්ම දඩුවම් කරන්න පුළුවන් කොන්දක් තිබෙන එකම නායකයා ජෙනරල් සරත් ෆොන්සේකා පමණි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 17 November 2013 12:47 PM

ජයා මහත්තයෝ..මේක නිල් කන්නාඩියක් නෙමෙය්..මේක සාපේක්ෂතාවාදයේ කන්නාඩිය.මම දෙයක් දිහා බලන්නේ දෙයකට සාපේක්ෂව..මේ රජය දිහා බලන්නෙත් මෙතුවක් පැවති රජයන්ට සාපේක්ෂව..මේ රජය මේ රටට යම් දෙයක් කරලා තියෙනවා..යුද්දය අවසන් කිරීම විශේෂයි. අඩුපාඩු තිබුනත් යම් සංවර්ධනයක් අනෙකුත් රජයන් හා සාපේක්ෂව බැලුවොත් රටට කෙරෙනවා..හොරු නැති වංචා කාරයෝ නැති රටක් ලෝකේ කොහෙවත් නැහැ.මේ බන කියන අයට හැන්ද අතට දුන්නනම් බෙදන හැටි බලාගන්න තිබුන අඩු පාඩු නැතුව..ඔය බයිලා අපි එදා ඉදන් අහල තියෙන බයිලා (ස)

:       0       0

චන්දිම Friday, 15 November 2013 11:12 PM

ගොඩක් ය හිතනවා මෙතුමා හොඳ වැඩ කාරයෙක් කියල......එක යුද්දෙට හරි. මම එක 100% පිලිගන්නවා. එත් එක දේශපාලනේට හරි ගියේ නෑ....එහෙම හරි ගියානම් මෙතුමා මේවගේ අනාතවෙනවද? ගොඩක් කට්ටිය තාමත් හීන මවනවා...නැත්නම් ඇත්ත තේරුම් ගන්න බෑ. මෙතුමා අපරාදේ කලයි සල්ලි නාස්ති කරනවා. (දී)

:       0       0

නඩරාජා Friday, 15 November 2013 11:13 PM

ඉතාලි සහෝදර සහෝදරියනි ,ප්‍රවේසමෙන් අන්තිමේදී ඔයාලටත් කලවැද්දෝ කියල ආමන්ත්‍රණය කරවී.(දී)

:       0       0

බෙන් සිල්වා මකරා ස්විස් Friday, 15 November 2013 11:18 PM

ෆොන්සේකා මහතාට දිග ගමනක් යන්න තියෙනවා කියනවා බොහෝ දෙනෙක් . ඔය ස්කයිප් එකෙන් කතා කරලා ඉතාලි ෆිඅට් කාර් එකක් අඩුවට ගන්න බලන්න ගමන දුර නිසා . එකෙන්වත් යන්න . නිකන් ඉන්න වෙලාවට ෆොන්සේකා මහතාට කඩේ යන අයට එකෙන්ම කඩේ යන්නත් පුළුවන් (දී)

:       0       0

කුමාරන Friday, 15 November 2013 06:37 PM

මහත්තයෝ, පළමුව ලංකාවේ ඉන්න අය දිනා ගන්න.සමීක්ෂණ කරන්න. විද්වතුන් එකතු කරන්න.සැළසුම් ප්‍රතිපත්ති හදන්න. සම්පත් හඳුනා ගන්න.ඉලක්ක ගත වැඩසටහන් ඉදිරිපත් කරන්න.හැමෝම ආණ්ඩුව වට්ටන්න පොර කනවා.නමුත් ඒ එක්කෙනෙකුටවත් විකල්ප වැඩසටහනක් නැහැ.මම කියන්නේ 2000 වර්ෂයේ යූ.එන්.පී. එක යලි පුබුදමු ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලයි. (නි)

:       0       0

අචිනි Saturday, 16 November 2013 09:25 AM

ලංකාවේ ඉන්න කුහකයෝ මෙතුමාව යළිත් නවත්වන්න පුළුවන් (නි)

:       0       0

දයා Sunday, 17 November 2013 01:22 PM

දවල් හීන කියන්නේ නමක්ද?නැත්නම් අදහස් ලියු පුද්ගලයාද ඔය කියන කලවැද්ද ?මේ වගේ මෝඩ ඉදිරියට එන්න බැරි අය හැමදාම කැලයේම තමයි ඉන්න ඕන. (නදී)

:       0       0

අමාලි සිල්වා Friday, 15 November 2013 11:22 PM

ජයා මහත්තයෝ ඔබ දන්නා පරිදි මෙතුමා කෙලින් වෙඩ කරන අවංක දුෂිත නොවූ කෙනෙක් නම් . මොකද මෙයාගේ දුව බැන්ද බැනා දනුන තිලකරත්න තවම හැංගිලා ඉන්නේ . තමන්ගේ මාමා (ෆොන්සේකා ) එක්ක . කොමිස් ගහල යුද උපකරණ ගෙනාපුවා අසුවෙලා නේද ? කරුණු නොදෙන එක එකාට කඩේ යන්න එපා ජයා මහත්තයෝ (දී)

:       0       0

යු. එස්. ඒ Friday, 15 November 2013 06:42 PM

පොන්සේකා මහත්තයට හොඳ ඉතාලියම තමා. එහෙ ඉන්නවා හොඳ කට්ටියක් සාමාජිකයන් හැටියට බඳවා ගන්නට. එතුමාට පස්සේ පුළුවන් ලංකාවේ දිනන්න බැරි වුණොත් ඔය නාපොලි හරි වෙරෝනා පැත්තේ ඡන්දය ඉල්ලන්නට (නි)

:       0       0

බණ්ඩාර Saturday, 16 November 2013 09:31 AM

ඔබට ජයවේවා(දිල්)

:       0       0

ෂෙහාන් Saturday, 16 November 2013 09:32 AM

තිලක් ඉක්මනටම ලංකාවට අවොත් හොඳයි... (දිල්)

:       0       0

ජගත් Friday, 15 November 2013 06:43 PM

සුබ නැකතින් පටන් ගනිමු වැඩේ.ගමන සුභයි, ජය නියතයි (නි)

:       0       0

දුල් Friday, 15 November 2013 11:29 PM

ඔය එක එක රටවලට ගිහින් බොරු එහෙම කියනවා නෙමෙයි මොකද සමහර අයට සල්ලි එන මග දැක්ක ම කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා (දී)

:       0       0

තාරික් ඩුබායි Saturday, 16 November 2013 09:47 AM

මෑතක් වෙනකල් ගෙදර බුදුන් දෙවියන් ට පහලින් දේශප්‍රේමි නායකයන්ගේ ෆොටෝ තියල වන්දනාමාන කල මගේ අම්ම තාත්තටත් දැන් රටේ වෙනස තේරිලා තියෙන්නේ.රට කොහෙට ද ගමන් කරන්නේ කියලා පැහැදිලි පින්තූරයක් තියෙන්නේ.ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ වටිනා කම දැන් තේරිලා තියෙන්නේ.අපි කාලයට එදා දීල බලන් ඉමු.(දිල්)

:       0       0

සේන Saturday, 16 November 2013 09:56 AM

අචිනි, ලියන හැම වෙලාවේම කල්පනාවෙන් ලියන්න.ලංකාවේ ඔක්කොම කුහකකෝ නොවේ (නි)

:       0       0

ජයා Sunday, 17 November 2013 01:41 AM

බන්දුල පෙරේරා, කවදාද ඔයා නිල් කණ්ණාඩිය ගළවන්නේ? (නි)

:       0       0

ජයතිලක Friday, 15 November 2013 07:02 PM

යු .එස්.ඒ. තමයි යු.එස්. ඒ. (නි)

:       0       0

ආරියසේන Saturday, 16 November 2013 12:24 AM

හොරෙන් කට්ටි පැනපු නිතිවිරෝධිව රටින් පිටමන් වුනු අය තමා වැඩිහරියක්ම ඉන්නේ ඒ අය ඔබතුමාගේ පක්ෂයට වැඩි වැඩියෙන් බඳවාගන්න.ඒක වඩා හොඳයි. (දී)

:       0       0

සෙන Saturday, 16 November 2013 12:35 AM

අමාලි, ඔයටයි වැරදිලා තියෙන්නේ. ඔයා හරියට ඔය සිදුවීම කියවල බලන්න. ඔයා හිතන හොරු, මිනීමරුවෝ ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ. අවංක කොන්ද කෙලින් අයගෙන් සමහරු හිරේ, එක්කෝ හැංගිලා, සමහරු හංගලා, එක්කෝ බයකරලා. නැතිනම් රටෙන් පැනල ගිහිල්ල. (දී)

:       0       0

අමිල කටුනායක Friday, 15 November 2013 07:13 PM

ඒක කරන්න එතුමාට අයිතියක් තිබෙනවා (නි)

:       0       0

අලිවිස් Saturday, 16 November 2013 10:52 AM

මොකක් කරන්නත් කලින් මහත්තයෝ, දේශපාලනය ගැන හොඳ දැනීමක් තියෙන රටේ වපසරියවත් හරියට දන්නා දෙන්නෙක්වත් පත් කරගන්න. (දී)

:       0       0

ජානි Saturday, 16 November 2013 10:53 AM

නියම වැඩේ. දිගටම ඔහොම කරගෙන යන්න (දී)

:       0       0

චානා Friday, 15 November 2013 07:18 PM

ඉතාලියේ කලවැද්දෝ නැතුව ඇති, ඔහොම යන්,.(අ)

:       0       0

නිල කොස්තා. Saturday, 16 November 2013 12:43 AM

ඔය කට්ටිය කිසිම දෙයකට කලබල වෙන්න එපා, ඔය මිනිහ යන්නේ ඊළගට ලගට පිස්සන් කොටුවට, (දී)

:       0       0

පෙත්තා Saturday, 16 November 2013 12:57 AM

කොහොම ඉන්න තිබුන සිංහලයෙක්ද? කරුමෙක මහත. පෙර පිනකට සිරි කොතට ගියේ නෑ ඊයේ පෙරේදා...ඉක්මනට පවා ඉවර වේවා කියා පතමි. (දී)

:       0       0

සුරනිමල Saturday, 16 November 2013 12:59 AM

1977 පසුව විනාශ වුන අපේ රටේ විනය නැවත ඇති කර දෙන්න .දැනට සිටින අයගෙන් එය කල හැක්කේ ඔබට පමණක් බව අපගේ අදහසයි . (දී)

:       0       0

තිලක් - ඩුබායි Friday, 15 November 2013 07:22 PM

ජනාදිපතිවරණයේදී ජේනෙරල් ට බැනපු මගේ භාර්යාව රටේ විනාසය බලන් එන්න බැරි වෙලා දැන් ජේනරල් සරත් ෆොන්සේකාගේ රැස්වීම් හොයනවා යන්න.අපි කිව්වට බැහැ ,(දී)

:       0       0

අල්විස් Saturday, 16 November 2013 11:05 AM

මේ වගේ අදහස් අපේ අහිංසක මහත්තයට දෙන්නේ කවුද අප්පා... (දී)

:       0       0

සුපුන් සේනානායක Saturday, 16 November 2013 11:05 AM

පොන්සේකා, මහත්තය මොනවා කලත් එතුමාට ලැබේන්න තියන චන්ද තවත් අඩු වෙනවා. (දී)

:       0       0

විජේ Friday, 15 November 2013 07:26 PM

ෆොන්සේකා මහත්තයෝ හිමින් යමු. දිගු ගමනක් යන්න පුළුවන්.(අ)

:       0       0

දම්මික Sunday, 17 November 2013 06:35 AM

මෙතන ප්‍රතිචාර දමන අය වයසක උදවිය නොවේ නම්, තව අවුරුදු 5 විතර යනකොට පෙනේවි ෆොන්සේකාට වෙන දෙය. (නි)

:       0       0

චනිද්මා Friday, 15 November 2013 07:27 PM

සහෝදර වරුනි....... මගේ දැනීමේ හැටියට ෆොන්සේකා මහත්තය දේශපාලන වශයෙන් මියගිහින් ඉවරී . මම කියන දේ වැරදිනම් කියන්න. එතුමාගේ දේශපලනයේ ඔයින් එහාට දියුණුවක් දකින්න ලැබෙන්නේ න. මේ පිලිබඳ විශ්ලේෂණ අගය කරම (අ)

:       0       0

සරා Friday, 15 November 2013 07:27 PM

මෙහෙමත් නරි නාටක කෝලම් (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 November 2013 11:51 AM

පොන්සේකා නෙවෙයි කවුරු අවත් තිලක් බයට ගෙදර එන්න ලැබෙන්නේනම් නැහැ ගෙදර වියදම අනුව..කම වේලකට 1500ක්..මාසෙට කෑම වියදම විතරක් 135000ක්..තව අනෙක් ඒවාට කොහොම ඇත්ද?. රටේ හොරු අල්ලන්න කලින් ගෙදර හොරාව අල්ල ගන්න..ගෙදර කට්ටිය තිලක් ඩුබයිව අන්දනවා වගේ මට පෙන්නේ..(දිල්)

:       0       0

තාරක Friday, 15 November 2013 07:39 PM

ලංකාවේ දේශපාලනය කරන්න තහනම් උනාට පිටරට තහනමක් නෑනේ !!(දී)

:       0       0

සුනිල් යහම්පත් Saturday, 16 November 2013 06:47 PM

ෆොන්සේකා මහතාගේ සිහින ලෝකයේම තවත් අපේ සිංහලුන් කොටසක් සිහින මවනවා. සියලුම සිහින නැගිටිනවිටම සිහිනම පමණකි. (නි)

:       0       0

දයා Saturday, 16 November 2013 01:38 AM

ඩී එස් සේනානායක මහතාගෙන් පසුව රට ජාතිය වෙනුවෙන් බිහිවූ එකම නායකයා ඔබයි.තෙරුවන් සරණත් දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබට ලැබෙනවා.ඔබට ජය සිකුරුයි. (දී)

:       0       0

සෞදි සමීර Saturday, 16 November 2013 01:45 AM

ජය වේවා අපේ යුද සේනාපති තුමන්ට........

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 15 November 2013 08:01 PM

තිස් වසරක සාපකාරී යුද්ධය​, මෙතුමා ට බලය ලැබුනු පලමු අවස්ථාවේදීම ඉතා සැලසුම්සහගතව නිමකරා. මෙතුමා සහ රජය අතර ඇතිවූ අරෝවාව​, කොටි හොල්මන් වලට පනදීමක් උනා. රටේ දියුණුවට සියලුම සම්පත් දායකයන්, කළමණාකරනය ඉතා වැදගත්....... අකාර්‍යමත් රජයේ සේවය ගොඩනැංවීමට​, ඉතා උසස් හා දැඩි විනයානුකූල හා දේශපාලනික නොවූ දැක්මක් තිබිය යුතුයි. අපේ රට ගොඩගැනීමට ඇති එකම මාවත එයයි.(අ)

:       0       0

ජගත් ලියනගේ Saturday, 16 November 2013 01:04 PM

මෙතෙක් කල් දේශපාලනය කරපු මිනිස්සු කරපු දේ තමයි ඡන්ද දායකයින් අන්දපු එක.ඔබ තුමා වත් එසේ නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. රටේ මහජනයා හොදින් බලාගන්න පුළුවන් නායකයෙක් වේවා. ඔබට සුබ පැතුම්!(දිල්)

:       0       0

දයා Saturday, 16 November 2013 02:08 AM

රනිල් මහතා නිසා අනාත වූ සියලු එ ජා ප පාක්ෂිකයන්ද ඔබ සමග නිසා ඔබේ ජයග්‍රහණය නියතයි. (දී)

:       0       0

දයා Saturday, 16 November 2013 07:14 PM

පක්ෂ දිනවන්න කරන දේශපාලනය හැමදාම බලයේ ඉන්න කරන දේශපාලනය ඉගෙන ගන්නවට වඩා නීතිය සාමය ආරක්ෂා කරමින් යුක්තිගරුකව රටත් ජනතාවත් පාලනය කරමින් රටේ නායකත්වය හෙබවීමට ඔබගේ බුද්ධිය ප්‍රමාණවත් බැවින් ප්‍රජාතන්ත්‍රවාදී සියලුම දෙනාගේ සහයෝගය ඔබටයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 16 November 2013 02:31 AM

අයි එක පක්ෂෙක ය විතරද මේ රටේ දේශපාලනේ කරන්න දන්නේ? (දී)

:       0       0

දසුනි Saturday, 16 November 2013 02:36 AM

මෙතන තියෙන හුගක් අදහස් මෙතුමා බලවත් වෙයි කියන බයට ලියපුවා මිසක් සැබෑ ජනමතය නෙවෙයි.බහුතරය ඩුබායි - තිලක් කියන විස්තරයට එකගයි.(දී)

:       0       0

සම්පත් Saturday, 16 November 2013 07:36 PM

ඕවට අහුවෙන්න එපා.. (නි)

:       0       0

කුසුම් Saturday, 16 November 2013 02:04 PM

ෆොන්සේකා මහත්මයාගේ නම ඇහෙද්දීත්, තක්කඩින් වෙව්ලන්න උණා . මානසික ආතතිය වැඩිවෙනවා වගෙයි. මනුෂයෙකුට ඔයතරම්ම බිය වෙන්නත් එපා මිනිසුනේ. ලජ්ජා නැද්ද?(දිල්)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 15 November 2013 08:34 PM

තිස් වසරක සාපකාරී යුද්ධය​, මෙතුමා ට බලය ලැබුනු පලමු අවස්ථාවේදීම ඉතා සැලසුම්සහගතව නිමකරා. මෙතුමා සහ රජය අතර ඇතිවූ අරෝවාව​, කොටි හොල්මන් වලට පනදීමක් උනා. රටේ දියුණුවට සියලුම සම්පත් දායකයන් කළමණාකරනය ඉතා වැදගත්....... අකාර්‍යමත් රජයේ සේවය ගොඩනැංවීමට​, ඉතා උසස් හා දැඩි විනයානුකූල හා දේශපාලනික නොවූ දැක්මක් තිබිය යුතුයි. අපේ රට ගොඩගැනීමට ඇති එකම මාවත එයයි (අ)

:       0       0

නිර්මල Friday, 15 November 2013 08:53 PM

කව්ද මේ සංවිධායකයෝ, අපි නම් දන්න තරමට ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් මුල ඉඳලම වැඩ කලේ සහ හිර බත් කන කොට හොයලා බැලුවේ වන්නි අයියයි කමලුයි නලීනුයි.මුල අමතක කිරීමත් හොඳ නැහැ මහත්තයෝ. (අ)

:       0       0

රුබට් Friday, 15 November 2013 08:54 PM

යු. එස්. ඒ , ගේ කතාව ඇත්ත. ලංකාවට ෆොන්සේකාගෙන් වෙනද දෙයක් නැහැ. ලංකාවේ දේශපාලනයට ඕන පැන්ෂන් ගිය කූගත් මිනිස්සු නෙවේ, උගත් තරුණයෝ. ඉතාලියට ගියොත් ෆොන්සේකාට කඩේක වැඩක් හරි කල හැකි. (අ)

:       0       0

පවිත්‍රා Friday, 15 November 2013 08:56 PM

ඔබතුමා තවත් ත්‍රී වීලර් පක්ෂයක් නොවී රටේ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන ප්‍රවාහයට එක්වී මේ දූශිත පාලනය අවසන් කිරීමට දායක වන්න. ඔබතුමා මතු බිහිවන ප්‍රජතන්ත්‍රවාදී රජයේ ආරක්ෂක ඇමති විය යුතුයි. මොකද තවමත් කොටි මලකුණු තිබෙනවා ශුද්ධ කර දැමීමටත්, යුද්ධය නිසා විනාස වූ රටේ කීර්ති නාමය ගොඩ නැගීමටත්, එය කලහැක්කේ ඔබතුමාටයි. (අ)

:       0       0

සුරේෂාන් Friday, 15 November 2013 09:03 PM

පොන්සේකා මහත්තයට හොද ගමනක් යන්නපුළුවන්. (අ)

:       0       0

ප්‍රදීප් Friday, 15 November 2013 09:41 PM

බලමු එකත් කරලා (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 15 November 2013 09:47 PM

හමුදාවක් පාලනය කරන එකත් රටක් පාලනය කරන එකත් දෙකක්..හමුදාවේදී අනුන්ගේ මත ඉවසන්න අවශ්‍ය නැහැ..තමන්ගේ මතය තමයි එකම මතය..ඒකට උඩින් යන්න හැදුවොත් සිදු වෙන දේ ෆොන්සේකා මහත්තය තම හමුදා ජීවිතයේදී පැහැදිලිව තමන්ගේ පහත් නිලයන්ට පෙන්නුවා..එම ක්‍රමේට රටත් පාලනය කරන්න පුළුවන් කියල ෆොන්සේකා මහත්තය හිතනවා ඇති,බලේට ආවනම් ඔහු ඒක කරාවි නොවරදවාම.. මානව හිමිකම් ගැන, උද්ගෝෂණ අයතීන් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඩ තලන කට්ටියගේ අළු දුවිලිවත් එදාට හොයාගන්න ලැබෙන එකක්නම් නැහැ...ෆොන්සේකා මහත්තයගේ හිනාව දැක්කමනම් හිනා යනවා.. හිනාව දැකල නැති හිනාව අදුරන්නති කෙනෙක් හිනා වෙන්න හදන්නේ ඔය විදියට වෙන්න ඇති..(දී)

:       0       0

මිනිපෙ Saturday, 16 November 2013 06:42 AM

දයා, ඕවා පාවිච්චි කරන්න එපා කියලා ඔයාට මම කොච්චර කියනවද?අහන්නෙ නැහැනේ (නි)

:       0       0

කුමාරි Friday, 15 November 2013 09:58 PM

අනේ මන්ද. යුද්දේ ඉවරවුනා විතරයි මෙතුමා ආණ්ඩුවෙන් අයින්වෙලා වෙනම පක්ෂයක් හැදුවේ නිකන්ද? ඇයි ජනාධිපතිතුමත් එක්ක එකතුවෙලා යුද්දේ දිනුවානම් රටත් දිනවන්න තිබුනනේ. ? කාට කාටත් රජ පුටුවම තමා බලාපොරොත්තුව.(දී)

:       0       0

මිනිපෙ Friday, 15 November 2013 10:11 PM

ඕක වැඩිය ගණන් ගන්න එපා.ඕක පොඩි නිවාඩුවක් ගත කරන්න ගිය ගමනක්.(දී)

:       0       0

අජිත් Friday, 15 November 2013 10:24 PM

ජනරාල්තුමනි , ඔබගේ දේශපාලන ගමන මේ රටේ මධ්‍යස්ත හා බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවන් දිරිමත් කරවන්නකි . අද දේශප්‍රේමයේ නමින් සිටින බහුතරයක් දේශපාලකයන් හොරුන් හා මැරයන් . ඔබගේ අනාගතය ඉතා පැහැදිලි ය . (දී)

:       0       0

ජයා Friday, 15 November 2013 10:32 PM

අපි දන්නා පරිදි මෙතුමා කෙලින් වැඩ කරන දුෂිත නොවූ පුද්ගලයෙක්. තමන් සමග එකතු වන අයව හොඳින් අඳුන ගෙන දිගු ගමනක් යන්න ඔබට මගේ ආශිර්වාදය. (දී)

:       0       0

සමන් කුමාර Saturday, 16 November 2013 08:01 AM

ෆොන්සේකා මහත්තයෝ, මොනවා කරන්න පෙර ඔබතුමාට විරුද්ධව තිබෙන දේවල් නැතිකරගන්න (නි)

:       0       0

සිල්වා Saturday, 16 November 2013 10:06 PM

යුද්ධය දිනු පලියට රට පාලනය කරන්න බැහැ. හමුදාවේ තිබුණු ගෞරවය තියාගෙන හිටියා නම් හොදයි (නි)

:       0       0

දවල් හීන Friday, 15 November 2013 10:40 PM

යන එන මං නැති ෆොන්සේකට දැන් ඉතිං ඡන්ද කරන්න වෙන්නෙ ස්කයිප් එකෙන් තමයි.නිකන් ඉන්න එකේ හඳටත් කථා කරලා බැලුව නම් අළුත් කළවැද්දො ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ,...(දී)

:       0       0

කලන Sunday, 17 November 2013 11:49 AM

හොඳ වෙඩක්, සුබ අනාගතයක්. කරන වැඩේ හරි, ඔහොම යන්(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 133 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1198 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1968 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 858 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 207 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 545 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14593 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site