IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ෆොන්සේකා නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණා‘

තම සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවීයැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆෝන්සේකා ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය කිසිත් කියා නැතත් ඔහු ‘දින කිහිපයක්‘ ඇතුළත නිදහස් කරනු ඇතැයි එහි නිලධරයෙක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ බව ද ප්‍රංශ පුවත් සේවය කියයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ජනපති හමුවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අරලිය ගහ මැදුරේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් පසුව අලස් මහතා පැවසූවේ ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරන බව තමන්ට විශ්වාස බවයි. සුළු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා සාකච්ඡා කළ වත්, දවසකින් දෙකකින් පමණ එම ක්‍රියාවලිය අවසන් විය හැකි බවත් ඔහු කියා සිටියේය. ජනපති හමුවෙන් පසුව ටිරාන් අලස් මහතා නවලෝක රෝහලට ගොස් ෆොන්සේකා හමුවිය. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් යටතේ ෆොන්සේකා එහි ප්‍රතිකාර ලබයි. 2010 ජනපතිවරණයේදී ජනපති සමග තරඟ කර පරාජය වූ ෆොන්සේකා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. යුද්ධාධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් නියමවීමත් සමග ඔහුගේ අසුන අහිමි විය.



අදහස් (0)

‘ෆොන්සේකා නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණා‘

අශෝක-Cyprus Thursday, 17 May 2012 07:39 PM

ජාත්‍යන්තරේට ජය වේවා!

:       0       0

දුලන්ජලී Thursday, 17 May 2012 07:41 PM

හොද දෙයක්

:       0       0

මංගල Thursday, 17 May 2012 07:50 PM

නිදහස් කරලා විතරක් මදි.දීපු වද වේදනා වලට සමාව ගන්නත් ඕනේ

:       0       0

අනුරාධ Thursday, 17 May 2012 08:09 PM

නිදහස දීමත් නිදහස ලැබීමත් ඉතාමත් ප්‍රශංශනීයයි.ඒත් රණ ශූරයෙකු වශයෙන් ඔහු ලැබු ශ්‍රේෂ්ඨත්වය දේශපාලන මඩ ගොහොරුවක දිය කර හරින්න එපා

:       0       0

අජිත් Thursday, 17 May 2012 08:43 PM

රටට යහපතක්...

:       0       0

සුරංග Friday, 18 May 2012 10:28 AM

ජනාධිපති ජෙනරාල් එකතු වී රට ජාතිය වෙනුවෙන් එහි දියුණුව වෙනුවෙන් වැඩ කරනවානම් අපි එකතුයි ඒත් වෛරයෙන් පළිගන්නවානම් කවදාවත් ඒක හරියන වැඩක් නෙමේ. දන්නවා ඇති තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්න රටේ පෙන්න දෙවිවරු නැති බව .තම දක්ෂතා නොපෙන්වන ඉතාමත් බලගතු සත්වයොත් මෙහි ඉන්නවා ආරක්ෂාවට.

:       0       0

තාරක Thursday, 17 May 2012 01:26 PM

ජනාධිපතිතුමනි මෑත කාලයේ ඔබ කරන්න යන හොද වැඩක් අහන්න ලැබුනෙ

:       0       0

බණ්ඩාර Thursday, 17 May 2012 01:31 PM

දිගු කාලෙකින් පස්සේ හොද තීරණයක්.

:       0       0

රුමේෂ් Thursday, 17 May 2012 09:50 PM

අනේ පව් නේද ??

:       0       0

අනුර - ඉරාකය Thursday, 17 May 2012 01:40 PM

ජනපතිතුමනි ඔබතුමා ගොඩක් හොද කෙනෙක්. සරත් ෆොන්සේකා ඔබත් එක්ක එකතුවෙලා අපේ රටේ අනාගතය ගැන හිතාවි.

:       0       0

අනුර ශාන්ත Thursday, 17 May 2012 01:44 PM

පාර්ලිමේන්තු අසුනත් ලැබිය යුතුයි නේද

:       0       0

වරු Thursday, 17 May 2012 01:46 PM

ඔබයි රම්‍ය සඳ කරන ගන අන්ධකාරේ., ඔබයි රම්‍ය තරු එළිය ගිම්හාන කළේ

:       0       0

නිලන්ත Thursday, 17 May 2012 01:52 PM

මිනිසත්කම හැමදේටම වඩා වටිනවා ......ජනපති තුමනි ඔබට අපේ ප්‍රණාමය...

:       0       0

ප්‍රියන්ත Thursday, 17 May 2012 01:53 PM

අනේ ම‍ගේ කට....

:       0       0

Lakshman Thursday, 17 May 2012 01:56 PM

පුදුම වෙන්න දෙයක් නෑ.....මේ ලංකාවනේ............

:       0       0

somay uae Thursday, 17 May 2012 01:59 PM

ජනපති තුමනි ඔබට පින්.....ෆොන්සේකා මහතානනි ඔබට ජය...!!

:       0       0

දමිත් Thursday, 17 May 2012 02:02 PM

ස්තූතියි ජනපති තුමනි !

:       0       0

සෙනවිරත්න Thursday, 17 May 2012 02:03 PM

වරද කොතැනද ??????

:       0       0

ඒ.එස්.ඩී Thursday, 17 May 2012 02:06 PM

ස්තූතියි ඔබාමා....

:       0       0

අලිබබා Thursday, 17 May 2012 02:06 PM

මෙ පෘතුවිතලයම එක්තරා රගමඩලකි. එහි රගපෑමි කරන්නේ මෙ ජීවත්වන මනුෂ්‍යයන් වන අපමය. විවිධ අය විවිධකාරයේ චරිතයන් රගදක්වයි.ඒ නාටකයේ මෙයද එක් අවස්ථාවකි. ඔහුද අප මෙන් නිදහස් නිවහල් මනුෂ්‍යයකි. කෙසේ හෝ ඔහුව මානුෂික බැදීමිවලින් නිදහස්කර ඔහුට නිදහසේ ජීවත්විමට නිදහස ලබාදෙන්නේනමි එයටයි මානුෂික නිදහස යනුවෙන් පවසනු ලබන්නේ නිදහසේ ජය,ඔබට ජය. !

:       0       0

ලාල් ගලබඩ... Thursday, 17 May 2012 02:08 PM

නිදහස්‌ කරන්නේ නම් එතුමාට අවශ්‍ය විවේක සුවයෙන් නිදහසේ ඉදීමයි..ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ගෙන් පස්‌සේ කවුද රටට වැඩක්‌ කලේ?.....................??

:       0       0

සෙව්වන්දි Thursday, 17 May 2012 02:12 PM

මෙය ඔබ ගත් බුද්ධිමත් තීරනයක් කියා සිතේ....

:       0       0

ජගත් Thursday, 17 May 2012 02:13 PM

සිර දඩුවම ඉවරයි නේ...එතුමා කොහොමත් නිදහස් තමයි...

:       0       0

විදු Thursday, 17 May 2012 02:16 PM

ගොඩක් හොඳ, වැඩදායී තීරණයක් .... . .@~@~~@~~~:

:       0       0

සමන් Thursday, 17 May 2012 02:16 PM

ෆොන්සේකා මහතාට සුභ පැතුම් !

:       0       0

නුවන් Thursday, 17 May 2012 02:20 PM

මෙච්චර කල් තියන් හිටියත් එක චෝදනාවක් වත් ඔප්පු කරගන්න බැරි උනානේ . ජෙනරාල් තුමා නිදහස් වෙන එක ගැනනම් බොහොම සතුටුයි.

:       0       0

අමිල කටුනායක Thursday, 17 May 2012 02:20 PM

දේශපාලනයේ හතුරෝත් නෑ මිතුරෝත් නෑ....

:       0       0

අනුර Thursday, 17 May 2012 02:23 PM

ජනපතිතුමනි ඒක කරන හොද වැඩක්‍‍................

:       0       0

අමිල කටුනායක Thursday, 17 May 2012 02:24 PM

අපි රතිඤ්ඤා වැලක් ගෙනත් තියෙන්නේ ආරංචිය ආපු ගමන් පත්තුකරන්න...

:       0       0

සන්ක නිශා Thursday, 17 May 2012 02:29 PM

සියලු ‍භේධ අමතක කර නැවතත් ජාතියක් ලෙස එක්ව නැගිටිමු, ජනාධිපති තුමාට රටේම ගෞරවය හිමි වේවා !!!

:       0       0

ෆාරු Thursday, 17 May 2012 02:29 PM

හොඳ වැඩක් තමයි..මීට කලිනුයි මේක කරන්න තිබුනේ ජනාධිපති තුමාට මාගේ ප්‍රණාමය...

:       0       0

විපුල් Thursday, 17 May 2012 02:37 PM

මේක බෞද්ධ පින් බිමක්...

:       0       0

සිරාජ් Thursday, 17 May 2012 02:42 PM

මොකෝ ඉස්සරහාට ඡන්දයක් තියනවාද?.....................??

:       0       0

ඩුබායි වල සෙනෙවිරත්න Thursday, 17 May 2012 02:42 PM

ජනාදිපති තුමට ගෞරවය හිමිවෙන්ඩ................???

:       0       0

රොෂාන් කොඩිකාර Thursday, 17 May 2012 02:47 PM

ඔබාම දැන් ඉන්නේ ආයේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල හිත හිත....

:       0       0

පාල්ත Thursday, 17 May 2012 02:49 PM

ජනපති තුමනි, ගොඩක් සතුටුයි..........

:       0       0

Thursday, 17 May 2012 02:49 PM

නහී වේරේන වේරානී..........

:       0       0

ජිනේන්ද්‍ර Friday, 18 May 2012 12:03 AM

මුකුත් කියන්න දැන්මම කියන්න බැ. SF මගේ වීරයෙක්, නමුත් එයා දේශපාලනයට ආපු විදිහ සහ වෙලාව වැරදියි. තිත්ත උනත් ඒක තමා ඇත්ත. ඔහුගේ ප්‍රකාශ වලින් සිය දහස් ගුණයකින් රටට අගෞරව උනා. SF දේශපාලනයට ආපු දවසේ ඉදලා, රටට කෙළසන්න හිටිය හැමෝටම SF මහා වීරයෙක් උනා. කිසිම දේශපාලන කතාවක් කරේ නැත්නම් අද SF රටේ ජනාධිපති. රටේ දේශපාලනය රට ඇතුලට විතරයි. SF ගෙන් රටට අති විශාල සේවයක් උනා. වදපු අම්මට අයිතියක් නැ දරුවෙක්ව මරන්න. මට කිසිම විශ්වාශයක් නැ SF තව දුරටත් රටට අගෞරවයක් නොවේවි කියලා. ඔහුට පලිගැනීමේ චේතනාවක් ඇති හෝ නැති කියලා හෝ ඒක සාදාරණද අසාදාරණද කියලා තර්ක කරන්න කාටවත් බැ. දැන් හැමෝම බලන් ඉන්නේ SF එයාගේ නිර්දෝෂී බාවය කොච්චර සාමකාමිව සහ සාර්ථකව රටට පෙන්වනවද එහෙම නැතිනම් රටෙන් පිට ගිහින් රටට අගෞරව වෙන වැඩ පිළිවෙලක් ගෙනයනවද කියලා. හැමෝම වගේම මගේ ප්‍රාර්ථනාව නම් SF , MR සහ GR නැවත එකතුවී අපේ රට ගොඩ නැගීමයි. ජයවේවා ශ්‍රී ලංකා. මගේ රටට දළදා හිමි සරණයි !

:       0       0

කුමාර Thursday, 17 May 2012 02:53 PM

නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ.... මේක මාර රටක්....

:       0       0

අමල් Thursday, 17 May 2012 02:53 PM

ස්තූතියි USA ..........

:       0       0

කුමුදු Thursday, 17 May 2012 02:56 PM

අනතුරක් ඉදිරියෙන්..............

:       0       0

බන්ඩාර Thursday, 17 May 2012 02:58 PM

බයට තමා ............

:       0       0

ගමගේ Thursday, 17 May 2012 03:05 PM

බොහොම හොද දෙයක් .... රටට යහපතක්ම වේවා ...

:       0       0

සන්ජය Thursday, 17 May 2012 03:09 PM

අගය කළ යුතු දෙයක්.ඉදිරියටවත් කාගෙවත් ලණු කන්නේ නැතුව හිටියොත් හොදයි

:       0       0

අශ්මිනි Thursday, 17 May 2012 03:14 PM

මේවාට වන්දි ගෙවන්න වෙනවාමයි අදාල අයට

:       0       0

උපාලි Thursday, 17 May 2012 03:15 PM

නහී වේරේන වේරානී.......... සියලු ‍භේද අමතක කර නැවතත් ජාතියක් ලෙස එක්ව නැගිටිමු....!!!!!

:       0       0

දෙමිත්‍රියෝ Thursday, 17 May 2012 03:20 PM

US වල බලපෑම නිසා ඕක කළේ..නැත්නම් කොරයි.. දැන් තේරෙනවා ආන්ඩුවට වැඩිකල් ආයුශ නෑ කියලා ඔබාමා බලපෑම කලේ නැත්නම් කරයි නිද්හස්

:       0       0

තරුශි Thursday, 17 May 2012 03:25 PM

මෙහෙමත් රටක්

:       0       0

මංඡුල බ්රැට් Thursday, 17 May 2012 03:27 PM

කණට ගහල අතගානව වගේ වැඩක්.. ෆොන්සේකා මහතට පෙර කර්මයක් පලදුන්න.මෙයාලට X කතිර. අපි කරගත්ත පවි තාම ගෙවනවා

:       0       0

අශෝක Tuesday, 22 May 2012 01:54 AM

ගෙදර ගින්දර පිටට දෙන්න එපා. උඩ බලන් කෙළ ගහ ගන්නත් එපා.ඇස් දෙක පියාගෙන බන්කොලොත් පාටි වලට හේත්තු වෙන්න යන්නත් එපා.මොකද විරුවෙක් කියන්නේ නොසැළෙන කෙනෙක්

:       0       0

නිලන්ත Thursday, 17 May 2012 03:29 PM

පරක්කු වැඩි. ඔක කරන්න තිබූනේ මීට කලින්.

:       0       0

තිලිනි Thursday, 17 May 2012 03:39 PM

මොනවා වෙන්න යනවාද මන්දා. මට නම් හිතා ගන්නවත් බෑ. මෙයාල හම්බවෙනවා යන්නේ නෑ කියල දැන් යන්නේ ඇයි.

:       0       0

සමී Thursday, 17 May 2012 03:39 PM

පොන්සේකා නිදහස් කරපු එක හොඳයි නමුත් එතුමා දේශපාලනයට හරිනෑ. අපි වගේ පොඩි මිනිසුන්ගේ දියුණුවට කකුලෙන් අදින්න එපා.

:       0       0

මහින්ද Friday, 18 May 2012 01:38 AM

ගෙදර ගින්දර පිටට දෙන්න එපා. උඩ බලන් කෙළ ගහ ගන්නත් එපා.ඇස් දෙක පියාගෙන බන්කොලොත් පාටි වලට හේත්තු වෙන්න යන්නත් එපා.මොකද විරුවෙක් කියන්නේ නොසැළෙන කෙනෙක්

:       0       0

තිලක් Thursday, 17 May 2012 03:44 PM

මේකත් වාසියට තමායි

:       0       0

සනත් -හෝබාර්ට් Thursday, 17 May 2012 03:49 PM

නැවතත් රනිල්-ජවිපෙ ලණු කාල අමාරුවෙ වැටේයිද දන්නෙ නැහැ.

:       0       0

චූටි බබා Thursday, 17 May 2012 03:53 PM

දේශපාලනයේදී සදාකාලික සතුරන් නැතිව සේම මිතුරන් ද නැත.

:       0       0

vimal Thursday, 17 May 2012 04:00 PM

.එතුමා කොහොමත් නිදහස් තමයි.

:       0       0

ඩී රත්නායක Thursday, 17 May 2012 04:05 PM

ජනපති තුමනි, ගොඩක් පින් සතුටුයි..........

:       0       0

chami Thursday, 17 May 2012 04:14 PM

ඉතාම හොද තීරණයක් මෙය කළ යතු ව තිබුනේ. මාස කීපයකට ...පෙර කොහොම උනත්.....මේ අවස්තාවේ හෝ නිවැරදි තීරණයක් ගැනීම නම් සතුටට පත් වෙනවා .......දැන් කල යුතූ ,,,,,ඔහු කල සේවයට .......පළමුව ........ගෞරවාන්විත ......සමුගැනීමක් .. පසුව.......තවත් .....ඔහුගෙන් . රටට ලබාගැනීමට ......සේවය.....ලබාගනිමි....ජනතා ...විමුක්ති ...පෙරමුණ.......තමන්ගේ නොහැකියාව රටට තව ..තවත් ....නො පෙන්නා බලලුන් ලවා කොස් ඇට නො බාගෙන .....තමන්ගේ .....ශක්තිය ....පෙන්නා වැඩ කිරීම තමා හොද ......ෆොන්සකා මැතිතුමනි ඔබට නිරෝගී සුවය පතමි .ජනාදි පති තුමනි ..ඔබට ස්තුති . මම චමි

:       0       0

නෙල්සන් Thursday, 17 May 2012 04:17 PM

බය වුනාම ඔහොම තමයි

:       0       0

nimal siritissa Thursday, 17 May 2012 04:22 PM

අපේ රටෙ ගොඩක් ඉන්නෙ බක පණඩිතයො පොන්සේකා මයා අමාරැවෙ දැමිමෙ උන් දැන්වත් පාඩුවෙ ඉන්න දීපල්ල ලණු දෙන්නෙ නැතිව ඒ මහතාගෙ කරෙන් යන්න තමයි ජේ වී පී කාරයො උත්සහ කලේ

:       0       0

රංජනී Thursday, 17 May 2012 04:29 PM

ගොඩාක් ස්තූතියි

:       0       0

නසාර්-kuwait Thursday, 17 May 2012 04:44 PM

ජනපතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය! ඔබට තව තවත් ජය අත්වේවා!

:       0       0

දිනේෂ් Thursday, 17 May 2012 04:47 PM

මම හිතන්නේ ජෙනරාල්තුමා මේ වෙච්ච දේවල් හොද පාඩම් ඉගෙන ගෙන නව විදියකට හිතයි ඉදිරියට

:       0       0

රසූල් Thursday, 17 May 2012 04:58 PM

තවත් මනමේ නාට්‍යයක් රග පාන්න වගේ

:       0       0

ග්‍රේෂන් Thursday, 17 May 2012 04:59 PM

රටට වෙනසක් අවශ්‍ය මෙහොතක තමයි අපිත් ඉන්නේ.ඒත් සුදු වෑන්??? නාදුනන තුවක්කු??? අනේ මන්දා

:       0       0

වීරසිංහ Thursday, 17 May 2012 05:02 PM

මායාකාරී රජයක තවත් මායාවකි

:       0       0

තුෂා Thursday, 17 May 2012 05:04 PM

මේ 19 වෙනිදට නිදහස් කරනව නම් ගොඩක් හොදයි.බුදු සරණයි ජෙනරාල්තුමාට

:       0       0

 දියසේන Thursday, 17 May 2012 05:28 PM

ලංකාවෙ මෝඩයෝ ඉන්නකන් හොඳයී.රට වෙනුවෙන් ලේ වැගුරූ නියම වීරයා ගැන දැනුයි සංවේඳී ජාතියේ පියාට මතක් වෙලා තියෙන්නෙ.

:       0       0

මල්දේනියේ සීමියොන්.. Friday, 18 May 2012 05:11 AM

දැන්වත් කට මැත නොදොඩා ඉන්නවානම් ඉතා අගේයි...නිදහසේ සැදැ සමය ගත කේරුවැහැකි...

:       0       0

ලක්ෂ්මන් Thursday, 17 May 2012 05:53 PM

වැරදි නොසොයා දැන් සතුටු වෙමු

:       0       0

චමින්ද Friday, 18 May 2012 06:15 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?

:       0       0

අජිත් Friday, 18 May 2012 06:29 AM

නිදහස දුන්නට එතුමාගේ ගෞරවය දෙන්නේ කවුද?

:       0       0

ජානිස් Thursday, 17 May 2012 06:15 PM

ඔවු ඉතිං.. නඩු තීන්දුවට කලින් නිදහස් කළාම ළකුනු වැටෙන්නේ කාටද නේද?

:       0       0

රුවනි Thursday, 17 May 2012 06:17 PM

මට නම් තේරෙන්නේ ජනපතිට බයයි මෙතුමාව නිදහස් කරන්න

:       0       0

නන්දන Thursday, 17 May 2012 07:26 PM

ජනපති තුමාට අපගේ ප්‍රණාමය....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 691 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3592 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1290 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site