හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
චන්ද්‍රා ඒකනායක, සරත් ද ආබෘ, බුවනෙක අලුවිහාරේ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැඳවු අවස්ථාවේදී විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ පෞද්ගලික හේතූ මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බවයි.
නිසියාකාරව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අවසර දෙන්නැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා ගේ පෞද්ගලික ලේකම සේනක හරිප්‍රිය ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට එම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වු බවට, එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වු බවට, ඒ වෙනුවට ජයන්ත කැටගොඩ මහතා පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මහෙල්කම් ධම්මික දිසානායක, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ජයන්ත කැටගොඩ ඇතුළු අටදෙනෙකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
යුද අධිකරණය මගින් වරදකරුවෙකු වීමෙන් පසුව තමන්ගේ මන්ත‍්‍රී ධුරය අහිමි වූ බවද ෆොන්සේකා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
එහෙත් මේ වන විට තමන් සියලූ චෝදනාවලින් නිදහස් කර ඇති බැවින් මන්ත‍්‍රී ධුරය දැරීමට හැකියාවක් ඇති බවත්, එමෙන්ම ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත‍්‍රී ධුරය අවලංගු කරන ලෙසත්, ඔහු එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෆොන්සේකා මන්ත්‍රීකම ඉල්ලන පෙත්සම විභාගයට
විජිත Tuesday, 19 May 2015 07:21 PM
බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
රිතික් Tuesday, 19 May 2015 09:51 PM
භද්‍රානි කියන්නේ සුදු කොඩි කතාව නිවැරදි වැඩක් කියලද එතකොට? (නි)
සත්‍යයා Wednesday, 20 May 2015 12:13 AM
මහින්ද රාජපක්ෂ විසින් ගෙනගිය පාලනයේ එක් විෂම ප්‍රතිඵලයක් තමයි කළගුණ සැළකියයුතු බව ජනතාවට අමතක කරන්න උගන්වපු එක. මෙතන අදහස් පළකළ 6 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම ෆීල්ඩ් මාර්ෂල්ට සුභ පතන අතර එක කෙනෙක් පමණක් නිවැරදි මඟින් පිටපැනීම ඇත්තෙන්ම ශෝචනීයයි. (නි)
බණ්ඩාර Tuesday, 19 May 2015 10:27 AM
ඔබ තුමාට දිගාසිරි.(හේ)
චන්න Tuesday, 19 May 2015 10:53 AM
මුලින්ම කරන්න ඕන රට ගැන හිතන රටේ ව්‍යවස්ථාවට ගරු කරන පිරිසක් විනිසුරුවරුන් ලෙස පත් කීරීමයි. මොකද ඔය පහුගිය කාලේ රටේ කල දුෂණ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයත් දූෂණය වෙලයි තියෙන්නේ. (ස)
ඉන්දිකා Tuesday, 19 May 2015 11:30 AM
පත්කරන්න කලින් විනිසුරුවරයන්ගෙන් අහලා බැලුවොත් නරකද?(හේ)
ඇසළ Tuesday, 19 May 2015 12:40 PM
නොදන්නා දේශපාලනේ කරන්න ගිහින් විහින් නහිනවා. (ර)
දයා අලහකෝන් Tuesday, 19 May 2015 12:43 PM
ඉන්දිකා කොහෙද යන්නේ.? මල්ලේ.... (ර)
බද්‍රානි Tuesday, 19 May 2015 12:46 PM
එතුමා පාර්ලිමේන්තුවට තේරුනේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. ඒ ජනතා පරමාධිපත්‍ය ඒකාධිපති පාලන තන්ත්‍රයක් තුලින් නැති කරනු ලැබුවා. ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. එතුමා නිර්දෝසි පුද්ගලයෙක් කියලා මේ මුළු රටම දන්නවා. හොඳ අවංක නිර්භීත හදවතක් තියන එතුමාට, හිරේට නියම වෙද්දී හොර පපුවේ අමාරු නොහැදුණු බවත් අපිට මතකයි. (ර)
ක්‍රිෂාන්ත Tuesday, 19 May 2015 12:54 PM
මොනවා කියනවාද අප්පා.? මේකත් එතුමාට ලැබෙනවා ලැබෙනවාමයි. (ර)
සුමුදුහේවා Wednesday, 20 May 2015 05:34 PM
භද්‍රානි කියන්නේ සුදු කොඩි කතාව කියල අපේ රට පාවා දීමත් නිවැරදි වැඩක් කියලද එතකොට?(නදී)
සහන් Tuesday, 19 May 2015 04:36 PM
ජාතික වීරයා හිරේ දාල ඔහුගේ සියලු වරප්‍රසාද සහ විශ්‍රාම පඩියත් උදුරාගත් පාලකයන් ළඟට ඔහුගේ මන්ත්‍රී අසුන පිනට ලැබුන ජයන්ත කැටගොඩ වහාම එම අසුන නැවත ඔහුට දිය යුතුයි (බ)