(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ "ෆයිසර් " එන්නත් මාත්‍රා 76,000 ක් , අද අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 445 ක් බරැති පෙට්ටි තුළ අසුරා , නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
එසේම ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් රුසියාවේ "ස්පුට්නික් - V" එන්නත් මාත්‍රා 120,000 ක් සහ චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් ද මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය .
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆයිසර් ඒන්නත් 76,000ක් කටුනායකට
Sriland Monday, 13 September 2021 05:02 PM
වැක්සීන් ගෙන්වනවා ඉවරයක් නෑ... කොරෝනා බොරුව ඉවරෙකුත් නෑ...