IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෆෝර්ට් සිටියටත් කළුගල් ප්‍රශ්නයක්

චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් අවශ්‍ය බවත්, එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්න යහපාලන ආණ්ඩුව රටට වහා හෙළි කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පරිසර විරෝධී සංවර්ධන ව්‍යාපෘති නිසා මිනිසුන් ලක්ෂ ගණනින් බැට කමින් සිටින මේ මොහොතේ වරාය සංවර්ධන නගර ව්‍යාපෘතියත් දියත් කළ හොත් එහි බලපෑම අද මෙන් දහ දොළොස් ගුණයකින් මුළු රටටම නුදුරේම එල්ල වෙනු ඇති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ලංකාදීපයට පැවසීය.

සිය මැතිවරණ දේශපාලනය වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නම ඇසූ ජාතික හෙළ උරුමය සියල්ලට ප්‍රථමයෙන් මේවාට උත්තර දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.



අදහස් (0)

ෆෝර්ට් සිටියටත් කළුගල් ප්‍රශ්නයක්

චතුරි Friday, 20 May 2016 06:18 PM

මහින්ද දීපු උත්තරයම මේ ආණ්ඩුවත් දෙයි. බැරිවෙලාවත් ඔයාලට රට කරගෙන යන්න ලැබුනොත් කොහෙන්ද කළුගල් ගන්නේ? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 20 May 2016 08:54 PM

ඕකත් ලොකු කජ්ජක්ද? ඔය චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පටන්ගන්න යෝජනා කරනකොටම චීන්නු දැනගෙන හිටියා මෙතරම් කළුගල් තොග ශ්‍රී ලංකාවේ නොමැති බව. අතරමඟ නතර නොකර මේ වැඩේ දිගටම කරගෙනයාම සඳහා චීනෙන් කළුගල් තොග පිටින්, නැව් පිටින් අපේ රටට විකිණීම මේ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් අත්සන් කිරීමට චීන්නු කට අැරගෙන බලා හිටියා. අපේ අයත් මේ චීන උගුලට අහුවුණා.... (නි)

:       0       0

සෑම් Friday, 20 May 2016 09:07 PM

කවදා ඉඳලාද "පෙරටුගාමීන්" ජාතියේ මුරදේවතාවුන් වුණේ? (නි)

:       0       0

සත්‍යයා Friday, 20 May 2016 11:18 PM

මෙතෙක් බලයට පත්වූ බොහෝ ආණ්ඩු යැපුණේ පරිසරය විනාශ කරන අය සපයන ප්‍රතිපාදන වලින්. ඇත්ත කියන්න, වගකීමක් ගන්න, නැත්නම් උත්තර දෙන්න පුළුවන් අය දැන් රට අතහැරලා දාලා ගිහිල්ලා. ලූලා නැතිවලට කණයා පණ්ඩිතයලු. (නි)

:       0       0

නිම්මි Sunday, 22 May 2016 03:03 PM

අනේ මේ රටේ මිනිස්සු කියන විදිහට මේ රටේ මොකුත්ම කරන්න බැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ මහින්ද හදපු දේවල් විතරයි. පඩි ගෙව්වම වෙන දෙයක් කරන්න සල්ලි නැහැ. බොරුවට රාජපක්ෂලාට බනිනවා තමුන්ගේ බැරිකම වහගන්න. (නි)

:       0       0

ධම්ම Saturday, 21 May 2016 12:42 AM

චීන වරාය වැඩබිමේ පෙරටුගාමී පක්ෂයේ රැස්වීමක් පවත්වන්න. එවිට ප්‍රශ්න නිකම්ම විසඳෙයි (නි)

:       0       0

ඩිලන්ත Sunday, 22 May 2016 05:35 PM

මහින්දගෙන් අහන්නකෝ එයා කොහොමද කළු ගල් දෙන්න සැළසුම් කරගෙන හිටියේ කියලා. උගන්ඩාවෙන් හරි ස්වාසිලන්තෙන් හරි ගෙනෙන්න හිතාගෙනද දන්නෙ නැහැ හිටියේ (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 21 May 2016 12:48 AM

රටට මහා විනාශයක් කරන ඔය ව්‍යාපෘතිය පටන්ගත් හිටපු රජයේ ලොක්කන්ට දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

අතුල Saturday, 21 May 2016 01:19 AM

කතාකරන්න නිදහස ලැබුනහම කටට ආව දේ කියවනවා. ගිය ආණ්ඩුව කාලයේ කටවල් වැහිලා. (නි)

:       0       0

දේවප්‍රිය Saturday, 21 May 2016 01:17 AM

චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් ලංකාවේ සියලුම කඳු කඩලා, නායයවලා, පුපුරවලා ලබාගන්න වුණත් සූදානම් අය ඇති (නි)

:       0       0

රොකී Saturday, 21 May 2016 01:24 AM

මොන ප්‍රශ්නයක්ද අපේ දේශපාලඥයින්ට? සීගිරිය, යාපහුව, ඇතුගල වගේ ගල් තියෙන්නේ! (නි)

:       0       0

බර්නි Saturday, 21 May 2016 02:51 AM

කුහක වෙන්න එපා. ඔය දේශපාලනයට වැඩිය හොඳයි හිඟාකෑම (නි)

:       0       0

උපාලි Saturday, 21 May 2016 03:12 AM

මොකද දන්නේ නැහැ හදිසියේම කළු ගල් මතක් වුණේ. අපිත් ඉන්නවා කියන්න මොනවාහරි කියන්න එපායැ. (නි)

:       0       0

කමණි Saturday, 21 May 2016 04:27 AM

ලංකාවේ පිඩිත පන්තිය නැතිවුණොත් සමහර අයට යන එන මං නැතිවෙනවා නේද? (නි)

:       0       0

අමරපාල Saturday, 21 May 2016 05:34 AM

රටේ කඳු කඩලාද ඕක හදන්නේ? (නි)

:       0       0

මොහාන් Monday, 23 May 2016 03:17 AM

මේ කළුගල් කඩන නිසා තමයි කඳු නායයන්නේ (නි)

:       0       0

ලතා Monday, 23 May 2016 03:18 AM

මහින්ද කරනකොට කොහෙද හිටියේ? දැන් වීරයෝ වගේ කතා කරනවා (නි)

:       0       0

සුදේශ් Saturday, 21 May 2016 09:59 AM

තව කාලයක් කතාකරන්න හොඳ මාතෘකාවක් (නි)

:       0       0

රවිඳු Saturday, 21 May 2016 10:39 AM

දැන් ඉතින් ප්‍රචාරයක් ගෙනියයි සීගිරි ගල ඩෝසර් කරලා තමයි කළුගල් ප්‍රශ්නේ විසඳන්න යන්නේ කියලා. අනේ මන්දා මහා පුදුම කට්ටියක් (නි)

:       0       0

තිලක් Saturday, 21 May 2016 12:56 PM

තව තව ගල් කඩලා, තව තව කඳු කපලා මේ රට ඉවරම කරන්න. හොර දේශපාලුවොයි හොර ව්‍යාපාරිකයොයි සල්ලි හොයාගෙන පිටරට පදිංචි වෙයි. ඡන්දදායකයෝ මුහුදට පනින්නෙ නැතෑ (නි)

:       0       0

ඩිලාන් Saturday, 21 May 2016 02:40 PM

ගංවතුර අස්සේ මේගොල්ලෝ කොනක් හොයාගෙන ටික දවසක් යනතුරුු ගැටගහගන්න. මම අහලා තිබුනා කලින් අාණ්ඩුව කාලේ මෙම ව්‍යාපෘතියට වැලි පවා චීනයෙන් ගෙන්වන්න තමයි සැළසුම් කර තිබුනේ. බොරුවට කෑගහන්න කලින් ටිකක් හොයලා බලලා අපිටත් අැත්ත එළිකරන්න. (නි)

:       0       0

බෙත්මගේ Sunday, 22 May 2016 07:27 AM

ලංකාවේ නැත්නම් රටින් ගෙන්වා ගමු. (ර)

:       0       0

උපුල් වීරසිංහ Sunday, 22 May 2016 08:34 AM

මේ කියන දේත් ඇත්තක් තියනවා. (ර)

:       0       0

රුවන් Sunday, 22 May 2016 08:48 AM

පිටරටින් ගෙන්වමු. (ර)

:       0       0

පුෂ්ප Sunday, 22 May 2016 10:49 AM

සංවර්ධනය අත්‍යවශ්‍යයි. මේ සංවර්ධනයත් සමඟ රැකියා සහ මිනිසුන්ගේ ජීවන තත්වය රඳා පවතී. නව ලෝකයේ පරිසරය සමඟ සහජීවනයෙන් ව්‍යාපෘති සිදුකළ හැකිය. හොඳින් සොයාබලා හඳුනාගත් ප්‍රදේශයකින් කළුගල් ලබාගැනීම කළයුතුයි. කොළඹ හැකි ඉක්මනින් ජ්‍යාත්‍යන්තර තත්වයේ ආර්ථික මධස්ථානයක් කළයුතුයි. අප වටේ සිටිනා අසල්වැසියන් මේ ව්‍යාපෘතියට කැමති නැත. ඉතින් ඉත්තෝ යොදාගනිමින් මෙය කුමන ආකාරයකට හෝ කඩාකප්පල් කිරීමට ඔවුන්ට උවමනාය. අපේ රටේ වැසියනි, පරිසරය ගැන ප්‍රශ්න ඇසීම මෙම ව්‍යාපෘතියට පරිසර හිතකාමී ලෙස කිරීමට උදවුවෙන ලෙස කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 70 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 411 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 179 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 347 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 772 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site