IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ෆෝර්ට් සිටි සේවකයෝ කනස්සල්ලෙන්

කොළඹ ගාලු මුවදොර ෆොර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීම නිසා 945 දෙනකුට රැකියා නැතිවෙන බව එහි සේවකයෝ පැවසූහ.

ඔවුන් අද මාධ්‍යවේදීන් එහි කැඳවූහ.

එය අත්හිටුවීමෙන් ආර්ථික, සමාජීය බලපෑම් ඇති කරනවා පමණක් නොව ඔවුන්ගේ පවුලේ හා යැපෙන්නන්ට ද විශාල බලපෑමක් එල්ල කරන බව ඔවුහු කීහ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාල ආයතනවලින් මාසයක් ගානේ ගත් තත්ත්ව සහතිකවලට අනුව පරිසර හානියක් නොවන බව දැක්වෙන්නේ යැයි ද සේවකයෝ පවසති.

 

_DSC0067 01mh P1000401 RDS_7681 RDS_7725 RDS_7749 RDS_7795 RDS_7805 RDS_7812 RDS_7824 RDS_7837 RDS_7845



අදහස් (0)

ෆෝර්ට් සිටි සේවකයෝ කනස්සල්ලෙන්

සුජිත් Tuesday, 10 March 2015 09:38 AM

මගලි මහින්දට පුදුම බයක් තියන්නේ හැමදාම පරද වෙච්ච එක්කෙනාට වැඩිය එකපාරක් පැරදුණ එක්කෙනා හොදින් (දිල්)

:       0       0

චමිලා Tuesday, 10 March 2015 10:48 AM

යහ පාලනයේ ප්‍රතිඵල නේද ? උත්තර දෙන්න (ම)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 10 March 2015 11:06 AM

වෙනසකට ගියාම ඔහොම වෙනවා (දිල්)

:       0       0

වසන්ත Monday, 09 March 2015 11:25 PM

රැකියා නැතිවීම ප්‍රශ්නයක්. හැදුවොත් ඒකත් ප්‍රශ්නයක්. (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 10 March 2015 12:05 AM

මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ බොහොම ළඟදී. මීට කලින් ඔවුන් කොහොමද හිටියේ? මේ විශාල වපසරියක මහා මුහුද ගොඩකරන්න කළු ගල් ගන්නේ කොහෙන්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 10 March 2015 12:08 AM

ඇත්ත. ඒ මිනිසුන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

සමන්ති Tuesday, 10 March 2015 12:23 AM

ව්‍යාපෘති වලට වැඩට ගන්නේ කොහොමත් තාවකාලික සේවයට. ව්‍යාපෘතිය අවසන් වුණොත් හෝ නැවතුනොත් සේවකයන්ගේ සේවය අවසන්වෙන නිසා ටිකක් වැඩිපුර ගෙවලා කොන්ත්‍රාත්තුවක් මතයි ගන්නේ.මෙය දැනගෙනයි වැඩට යන්නේ (නි)

:       0       0

පිවිතුරු Tuesday, 10 March 2015 12:55 AM

දැන් ඉතින් ඕවා විඳදරා ගන්න වෙයි.වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන්ට ඒ වෙනස හොඳින් අත්විඳින්න ලැබේවි.මිනිසුන්ගේ හිත වෙනස් කළාට දවසින් දවස ඒ වෙනස්වුණ හිත්වලට සත්‍ය කාවදිනවා. ගෙදර යවපු මහින්ද මහත්තයාව සියලු කුමන්ත්‍රණ පරදවා අපි නැවත බලයට ගේනවා.ඒක සත්තයි. සහතිකයි.. (නි)

:       0       0

ධනංජය Tuesday, 10 March 2015 01:43 AM

ජනප්‍රිය තීරණ ගන්න ගියාම මෙහෙම වෙනවා. බයවෙන්න එපා. ඕක නවතින්නේ නැහැ. ඕනෑ ඔට්ටුවක්! (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 01:47 AM

පිවිතුරු, කාලය සෑමදෙයම වෙනස්කළා. ජනතාව ආදරය කළ අය බලය නිසා වෙනස්වුණා (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 10 March 2015 01:28 PM

මේවා අපිටත් හොඳ පාඩම්. අපිත් රැවටුනා. අපායක් වගේ තිබුන කොළඹ ලස්සන කරලා,යුද්දෙත් අවසන් කරලා ලෝකයේම ආර්ථිකයන් වැටෙමින් තිබෙන වෙලාවක ණයවෙලා හරි රට පුරා සංවර්ධන ව්‍යාපෘති මඟින් විරැකියාව අවම කරමින්, රට ඉදිරියට යමින් තිබුන මොහොතක රත්තරන් බිජු දමපු කිකිළියගේ බඩ පලා එකවර පොහොසත් වෙන්න ගියා වාගේ වැඩක් අපි කරගෙන තියෙන්නේ. හිටිගමන් සංවර්ධන ව්‍යාපෘති නවත්වනවා කියන්නේ,විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා. (නි)

:       0       0

සොපී Tuesday, 10 March 2015 02:14 AM

කණ්ඩලම හෝටලය හදද්දීත් ඔයවගේ උද්ඝෝෂණ තිබුණා. පස්සේ තේරුම් ගත්තා. ඇත්තටම මේකත් ඔය කියන තරම්ම භයානකද?දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ ..... (නි)

:       0       0

චන්දු Tuesday, 10 March 2015 02:31 PM

අනුර කියපු කතාව සහතික ඇත්ත. බඩ ගැන විතරක් හිතන රට සංවර්දනය කරන්න උවමනාවක් නෑ. (ර)

:       0       0

ජීවන් Tuesday, 10 March 2015 02:24 AM

පිවිතුරු, ඔබ රට විනාශකරලා හරි තමන්ගෙ මඩිය තරකරගන්න අයගැන හොඳ උදාහරණයක්. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 10 March 2015 02:36 AM

දුමින්ද, ඔයා හරිම උත්තරය පිවිතුරුට දීලා තියෙනවා. සන්තෝෂයි. (නි)

:       0       0

ශානු Wednesday, 11 March 2015 06:30 PM

මේක ගැන පාට කණ්ණාඩි දාගෙන බලලා හරියන්නේ නැහැ. අපේ රටේ කොටසක් පිටරටකට අයිතිවෙන එක කොයිතරම් භයානකද කියලා හිතලා බලන්න. අනිත් පැතිවල මුහුද කිට්ටුව ඉන්න අයගේ ඉඩම් මුහුදු ඛාදනයට ලක්වෙලා මුහුදට ඇදිල ගියාම ඒවාට වන්දි ගෙවන්නේ කවුද? දේශපාලන කුහකත්වයෙන් මිදිලා ඇත්තටම රට ගැන හිතලා වැඩ කරන්න ඉගෙනගන්නේ කවදාද අපේ මිනිස්සු? (නි)

:       0       0

චන්දු Tuesday, 10 March 2015 02:32 PM

අනුර කියපු කතාව සහතික ඇත්ත. බඩ ගැන විතරක් හිතන කෙහෙල්මල් යහපාලනෙට රට සංවර්ධනය කරන්න උවමනාවක් නෑ. පසු ගිය රජයෙන් කරපු සංවර්ධන වැඩ වලින් කාලක් මේගොල්ලන්ට කරන්න බෑ.දැන් රටේ සංවර්ධනය සම්පුර්ණයෙන් නැවතිලා, (බ)

:       0       0

සඳුන් Tuesday, 10 March 2015 02:43 AM

ඇයි මේ වගේ හොඳ ව්‍යාපෘතියක් නවත්වන්නේ? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 10 March 2015 02:53 AM

පෙර රජය යම්කිසි වැඩක් ආරම්භකළා නම් පත්වුණ රජය එය ඉදිරියට කරගෙන යන්න ඕනෑ. මේ රටවල නම් සිද්ධවෙන්නේ එයයි. එවිටයි රටක් දියුණුවන්නේ. (නි)

:       0       0

දයාන් මනතුංග Tuesday, 10 March 2015 03:05 PM

ගිරව් වගේ පරිසර හානි ගැන කියවන කෙනෙක් පැහැදිලිව කියන්න බලන්න මොකද්ද මේකෙන් වෙන හානිය කියලා (බ)

:       0       0

සමන් Tuesday, 10 March 2015 03:10 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවන්න වෙනවා (නි)

:       0       0

ඉන්දික Tuesday, 10 March 2015 03:20 AM

රටක ආණ්ඩු මාරුවුණාට ප්‍රතිපත්ති මාරුකරන්න ගියොත් රටක් දියුණු කරන්න අමාරුයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 10 March 2015 06:55 PM

පවතින විෂමතා සමතයකට පත්කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතුයි. මෙහි වටිනාකම සහ ඵලදායීතාවය තිබෙන්නේ ඉදිරියේදී අනාගත දරුවන්ටයි. මේ වගේ ව්‍යාපෘති ලෝකයේම 200ක් විතර තිබෙනවා. (නි)

:       0       0

නන්ද Tuesday, 10 March 2015 03:55 AM

මේ ව්‍යාපෘතියේ 2/3 ක් වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් වෙන්නට ඕන පරිසර විනාසය වෙලා ඉවරයි. නැවත මෙතන යටකරපු ගල්, මුදල්, දහදිය මහන්සිය නැවත ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙම උනොත් එ්කත් ගෙවන්නට වෙන්නේ මහජනයාටමයි. මේ ව්‍යාපෘතියේ ඉතුරුත් ටිකත් ඉවරකරලා, රටට හානිකර වගන්ති ගිවිසුමෙන් ඉවත්කර ගැනීමයි කලයුත්තේ.(නදී)

:       0       0

roshan Tuesday, 10 March 2015 03:59 AM

අපි පිටරට වැඩ කරන්නේ කොන්ත්‍රාත් පදනම මත කොන්ත්‍රාත්තුව ඉවර උනාම මාධ්‍ය වේදීන් ගෙනත් සන්දර්ශන තියෙනවාද? ගෙවල්වල උදවියට ජීවත් වෙන්න නැහැ කියලා පිළියමක් හැටියට අපි කරන්නේ වෙන කොන්ත්‍රාත්තුවක් හොයාගන්න එක පරිසරයට හෙනගැහැවුවත් කමක් නැහැ බඩවල් රැකෙනවානම් මේ උදවියට (කෞ)

:       0       0

ප්‍රසන්න Tuesday, 10 March 2015 04:04 AM

නන්ද 2/3 කියන්නේ කොපමනද කියලා දන්නවද? තවම මුහුද ගොඩ කරලා භුමිය හදල ඉවරත් නෑ. කොහොමද 2/3 ඉවර උනේ? සමහර විට 2/3 කොමිස් නම් ගෙවල ඉවර ඇති. (නදී)

:       0       0

එන්. වික්‍රමසිංහ Tuesday, 10 March 2015 04:10 AM

මිනිස්සු යහපාලනයට ඡන්දෙ දුන්නේ බඩ ගැන හිතලනේ. කරගෙන ගිය ව්‍යාපෘති නවතා අඩුවට කන්න දෙන්න ගියොත් නම් රටම නැවතෙනවා (නදී)

:       0       0

රමණි Tuesday, 10 March 2015 08:26 PM

දයාන් කියන කතාවට මමත් එකඟයි (නි)

:       0       0

රුවන් Tuesday, 10 March 2015 04:27 AM

මෙක ඈත්තම තත්වේ මොකක්ද රජයට වඩා මෙක නවත්තන්න ජනතාවට උවමනා නම් නිවරදි තිරනය කොහොමද ගන්නේ.(නදී)

:       0       0

මැගී Tuesday, 10 March 2015 04:43 AM

බොරු හේතු පෙන්න පෙන්න රටේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරනවද කියලත් ජනතාව අතර කසුකුසුවක් තියෙනවා .(නදී)

:       0       0

රොෂාන් Tuesday, 10 March 2015 04:51 AM

පිවිතුරු එ්ක තමා ඇත්ත. නමුත් නන්ද ගේ කතාව හරි, ඉන්දික කියන්නෙත් එ්ක තමා (නදී)

:       0       0

සමන් Tuesday, 10 March 2015 04:53 AM

අනේ ඇත්තටම අපේ අග නගරේ ගාව දුපතක් තව රටකට සින්නක්කර දෙනවා කියල කියන්නේ මොන මෝඩ වැඩක්ද? ඕක හැදුවට පස්සේ ඒ අයගේ කොටසේ හොදම ගොඩනැගිලි හදල අඩුවට දුන්නහම ඔක්කොම ව්‍යාපාර එ්කට යයි. අපේ කොටසට ගමෙන් ගෙනා අහිංසක යුවතියෝ ටික දාල මඩුවක් නටන්න තමයි වෙන්නේ (නදී)

:       0       0

රුමේෂි ප්‍රනාන්දු Tuesday, 10 March 2015 04:59 AM

මුහුද ගොඩ කරල පෝර්ට් සිටි හැදුවාම වෙන තැන් වලින් මුහුදු වතුර රට ඇකුලට එනවා. හොඳම උදාහරණය ගෝල් ෆේස් එක. දැන් බැම්ම ලඟටම වතුර එනවා. ඕක හැදුවොත් ලංකාව විනාශ වෙනවා. (කෞ)

:       0       0

චමින්ද Wednesday, 11 March 2015 12:59 AM

ව්‍යාපෘතියෙන් වෙන හානිය ගැන ඇයි කවුරුත් කතාකරන්නේ නැත්තේ? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 10 March 2015 05:10 AM

නන්ද, දන්න දෙයක් කියන්න. මේකේ තවම හදන්න පටන් අරගෙන තියෙන්නේ පිවිසුම් මාර්ගය. ඒකත් ව්‍යාපෘතිය සම්පුර්ණ වුණාට පසුව ඉවත් කිරීමට ඉඩ තිබෙනවා. තවම එම මාර්ගයේ වැඩවත් 2/3 ක් අවසන් නැහැ. අනික මෙයාලට රැකියා නැතිවෙනවා කියල රටට සිද්ධවෙන්න යන විනාශයට ඉඩදෙන එක ලොකු වැරැද්දක්. (නි)

:       0       0

අනිල් Tuesday, 10 March 2015 05:13 AM

තව ඔය වෙන්න පටන්ගත්තා විතරයි. මේ වගේ සංවර්ධන ව්‍යාපෘති එපා කියන අයට ටිකක් ඇස් ඇරලා ලෝකයේ වෙන දේවල් බලන්න වටිනවා. එහෙම නැත්නම් කටුමැටි පැලක් අටවාගෙන, ගිනි මැලයක් ගහගෙන, සතෙක් එළාගෙන, කොළ අතු ඇඳගෙන තමයි ඉන්න වෙන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 10 March 2015 05:13 AM

ඔය වෙන්න පටන්ගත්තා විතරයි හො‍ඳේ (නි)

:       0       0

ඇසළ Tuesday, 10 March 2015 05:14 AM

මේක නවත්වපු අයව සිංගප්පුරුවට ගෙනිහින් පෙන්නන්න ඕනේ මුහුද ගොඩ කරලා හදලා තියන ගොඩනැගිලි දුපත් උද්‍යාන. රට දියුණු වෙනවට කැමති නෑ සමහරු ඒකයි ඔය (දිල්)

:       0       0

කසුන් Tuesday, 10 March 2015 05:15 AM

අපේ මිනිස්සු පිට රටවල් ගිහින් ඒ රටවල් හදලා තියෙන මේ වගේ නිර්මාණ බලලා හුඋල්ලනවා අපේ රටේ මේව නෑ කියලා. වියදම් කරගෙන ඩුබායි යනවා එහෙ හදලා තියෙන මේ වගේ දේවල් බලන්න. (දිල්)

:       0       0

ටෙනිසන් Tuesday, 10 March 2015 05:19 AM

ඉතින් කවුද දැන් මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

චානක Wednesday, 11 March 2015 01:52 AM

වරින්වර නවත්වන, ඒ වාගේම ආරම්භ කරන වරාය නගරය ව්‍යාපෘතිය තුළින් අතිවිශාල ලෙස පරිසර හානියක් වේ නම් එය නැවැත්විය යුතුය.ඒ වාගේම මෙයින් සිදුවන පාරිසරික බලපෑම් අවම කරගැනීම සදහා වන ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය යුතුය. මක්නිසාදයත් අද නොව තවත් වසර 15 කින් පමණ කොළඹ බිම් ප්‍රමාණය සීමාසහිත තත්ත්වයට පත්වේ. එසේ නොමැති වුවහොත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තිබෙන කුඹුරු හා තෙත්බිම් ගොඩකර අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණ සකසා ගැනීමට සිදුවේ.එසේ වුවහොත් වර්ෂා කාලවලදී කොළඹ ඇතිවන ජලගැලීම් පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්වේ .ඒ වගේම රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන රැකියා කප්පාදුව පිළිබද අවධානය යොමු කළයුතුය. (නි)

:       0       0

සුනිල් Tuesday, 10 March 2015 05:20 AM

මේ අය යොදවන්න ඇත්තේ ඉදිකිරීම් සමාගමකින්නේ. මේ අ‍යගේ වගකීම ගන්න ඕනෑ ඒ අයයි. අනික මේක නැවැත්තුවේ නැතිවුණත් තව ටික දවසකින් අවසන් වෙනවනේ. එතකොට මොකද කරන්නේ? මේ රජය බලයට පත්වෙන්න කලින්ම කිව්වා හරි වාර්තාවන් ලැබෙනතුරු මේක නවත්තනවා කියලා.මිනිස්සු බහුතරය එකට එකඟ නිසා තමයි ඒ පැත්තට ඡන්දෙ දුන්නේ. මිනිස්සු ටික දෙනෙක්ගේ කෙටිකාලීන වාසිය වෙනුවෙන් රටේම වෙරළ තීරය අනතුරේ දාන්නද කියන්නේ (නි)

:       0       0

යසපාල Tuesday, 10 March 2015 05:21 AM

ඔවුන්ට යම් සාධාරණයක් කළයුතුයි නේද? (නි)

:       0       0

ජානකි Tuesday, 10 March 2015 05:29 AM

ඔය පරිසර වාර්තාව ප්‍රසිද්ධ කරලා මිනිසුන්ට ඇත්ත තත්වය පැහැදිළි කළොත් හොදයි. එක් පැත්තකින් මුහුද ගොඩ කරනවිට තව පැත්තකින් අනිවාර්යෙන්ම කඩන්න වෙනවා. මේවා ජනතාවට පැහැදිළි කළයුතුයි.(දිල්)

:       0       0

කසුන් Tuesday, 10 March 2015 05:30 AM

අනිල්ගේ කතාව හරියටම හරි. අනික මේ ගහක් කොළක් හොයා ගන්නන හරියේ මොනවගේ විශාල පාරිසරික හානියක්ද වෙන්නේ කියලා කියල හිතා ගන්න බැහැ මට නම්. (දිල්)

:       0       0

අනුර Tuesday, 10 March 2015 05:43 AM

මම නම් කියන්නේ මෙහි වැඩ නැවත පටන්ගනීවි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 10 March 2015 05:49 AM

ඇසළ කියනවා වගේ සිංගප්පුරුවයි ඩුබායි රටයි දැන් නැතිවෙලා තියෙන්න ඕනෑ මුහුද ගොඩකරලා ව්‍යාපෘති කරනකොට. අපි සල්ලි දීලා ඒවා බලලාහරි ෂෝක් කියලා එනවා. මෙහෙ හදනකොට ඒවා වැරදියි. (නි)

:       0       0

අරවින්ද Tuesday, 10 March 2015 05:53 AM

මුහුද ගොඩ කරන සල්ලි වලට අපේ රටේ වෙනත් පළාත් වල නගර දෙක තුනක් දියුණු කළානම් කොච්චර හොදද මං හිතන්නේ අපේ රටට අවශ්‍ය වෙන්නේ එවැනි දේවල් (දිල්)

:       0       0

දිනේෂ් ප්‍රියංකර Tuesday, 10 March 2015 06:21 AM

දැන් ඉතින් ඕවා විඳදරා ගන්න වෙයි. වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන්ට ඒ වෙනස හොඳින් අත්විඳින්න ලැබේවි. මිනිසුන්ගේ හිත වෙනස් කළාට දවසින් දවස ඒ වෙනස්වුණ හිත්වලට සත්‍ය කාවදිනවා. මහින්ද මහත්තයාව අපි නැවත බලයට ගේනවා. ඒක සත්තයි. සහතිකයි. (ර)

:       0       0

අනුර Tuesday, 10 March 2015 06:29 AM

ලංකාවේ මිනිස්සු නිකන් බොරුවට නැති ප්‍රශ්න උලුප්පලා පෙන්නන්න දක්ෂයි. පාරේ තොටක හරියට හදාගන්නේ නැති, කුණු ටිකක් හරියට කළමනාකරණය කරගන්න බැරි, වැසි වතුර ටික හරියට කළමනාකරණය කරගන්න බැරි මිනිස්සු බොරුවට පරිසර විනාශය ගැන කතාකරනවා. ඔය වගේ සංවර්ධන කටයුතු කලේ නැත්නම් කවදාවත් දියුණු වෙන්න බෑ. (ර)

:       0       0

මාටින් Monday, 16 March 2015 03:44 AM

කවුරු කැමති උනත් අකමැති උනත් වැඩක් නෑ. මේ ඉඩම් ටික චීනයට අයිති උනාම චීනය කැමති දේවල් කරන්න පුළුවන්,උදා. ලෙස එයාලගේ සබ්මැරීන් එහෙම නවත්වන්න කාගෙවත් අවසරයක් ඕන නෑ. ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තම ඉන්දියාවටයි, අමෙරිකාවටයි විශාල තර්ජනයක්, ඒ හින්ද කවුරු අකමැති වුනත් මේක නවතින එක වලක්වන්න බෑ, මේක ඉන්දියාවට හරි ඇමෙරිකාවට හරි දෙනවනම් හැර. (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 March 2015 06:43 AM

රටේ පාලන අදිකාරියේ වැරදි තීන්දු තීරණ නිසා දුක් විදින්නේ රටේ ජනතාවයි. උමා ඔයෙත් පලහිලව්ව මේ හා සමානයි. කෙනෙක් රැකියාව නැතුව මැසිවිලි නගද්දී තව කෙනෙක් ඒ තුලින් වෙන විනාසය නිසා දුක් අදෝනා නගති. (නදී)

:       0       0

හසිත Tuesday, 10 March 2015 06:46 AM

මෙවන් ව්‍යාපාති නැවත්වීම චීන ලංකා මිත්‍රත්වයටත් ප්‍රශ්ණයකි. අනික් පැත්තෙන් මහින්ද ජයගත්තා නම් නිහඩව නිමාවට පත් වෙනු ඇත. කෝට්ටේ පාර්ලිමේන්තුව ජේ.අර් රජය හදනවිට එදා විරුද්ද පක්ෂය කොපමණ චෝදනා කලද පසු කාලීනව විරුද්ද පක්ෂය බලයට පත් වූ පසු කෝට්ටේ අවට තවත් අලංකාර කරන ලදී (නදී)

:       0       0

නිමල් Tuesday, 10 March 2015 06:47 AM

යහ පාලනයේ ප්‍රථිඵල නේද ? උත්තර දෙන්න.(නදී)

:       0       0

අභය Tuesday, 10 March 2015 06:47 AM

මට මතකයි අපි පොඩි කාලේ තමයි "කන්දලම" හෝටල් ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේකටත් පරිසර කාරයෝ ආගමික නායකයෝ ගොවියෝ මොනතරම් විරුද්ද උනාද නමුත් අද එ්ක ලෝකයේ හොදම පරිසර හිතකාමී හෝටල් වලින් එකක් මේකත් ඒ වගේ තමයි.(නදී)

:       0       0

ෂෙහාන් Tuesday, 10 March 2015 06:54 AM

වසන්ත, අනුරුද්ධ වගේ හිතන අය තමයි හැමදාමත් මේ රට ආපස්සට යවන්න වැඩ කලේ. අපිට හැමදාමත් අන්තිම ටික තමයි ඉවසන්න බැරිම උනේ. 77 උනෙත් එ්ක. 2015 උනෙත් ඒකමයි. හරියට ශ්‍රීපාදේ මහා ගිරි දඹ පාමුලටම ගිහින් අම්මෝ බැහැ කියල ආපහු හැරිලා එනවා වගේ.(නදී)

:       0       0

සුජිත් Tuesday, 10 March 2015 06:58 AM

ඕක මෙහෙම වෙන්න බැරිද ? දැන් ඕකේ කොමිස් අරන් ඉවර ඇතිනේ යහපලානේ කට්ටියට මුකුත් නැති හින්ද බොරුවට පස්සට අදිනවා කොමිස් එකක් සෙට් උනාම ඕක පටන්ගනී (නදී)

:       0       0

මගලී Tuesday, 10 March 2015 07:43 AM

මහින්දව ගෙදර යැව්වේ ජනතාව. අනික දෙපාරක් ඉල්ලලා අායේ ඉල්ලන්නත් බැහැ. මහින්දව ආයේ ගේනවා කියනවා නම් ඒක හීනයක් විතරයි.(නදී)

:       0       0

වසන්ත Tuesday, 10 March 2015 08:18 AM

සංවර්දනය වෙන්ඩත් ඕනා. පටන් ගත්ත ඒවා මග නතර කරනවිට ඒ වියදම් කොහොමත් අපරාදේ. පරිසර වේදිනුත් කතා කරලා හොඳම විදියට කලොත් හැම පැත්තටම හොඳක් වේවි. රටට බලපාන ගිවිසුම් ගැනත් බලන්ඩ වේවි (නදී)

:       0       0

විජයබාහු Tuesday, 10 March 2015 08:31 AM

රටක් හැදෙනවට අකමැති කුහක මිනිස්සු මේ වගේ දේවල් කරනවා දේශපාලන වාසි තකා. අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඔච්චර හිතනවා නම් ඔව්වා නෙවේ නවත්වන්න ඕනේ.(නදී)

:       0       0

අනුරුද්ධ Tuesday, 10 March 2015 08:38 AM

සිංගප්පුරුව වතුර ගන්නේ මැලේසියාවෙන් සල්ලි වලට. ඩුබායි වතුර ගන්නේ මුහුදු වතුර පසු ආස්රුතියෙන්. ඒ රටවලට තවත් වෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ. විශාල සාරවත් ගොඩ බිමක් නැති, මිලදී ගැනීම - විකිණීම ආර්ථිකය කරගතිපු නගර රාජ්‍ය කරන දේවල් ලංකාවට සුදුසු නෑ. එමීර් රාජ්‍යයේ වැඩිපුර තියෙන්නේ කාන්තාර බවත් අමතකයි වගේ සමහරුන්ට. වර්ග කිලෝමීටර් 65000 ක් පමණ තිබෙන අපේ රටේ මුහුද ගොඩකරලා දුපත් හදල ව්‍යාපෘති නොකලොත් රට ආපස්සට යනවා කියල කියන එක නම් හාස්‍යයට කරුණක්. අනික චීනය කියන්නේ සංවර්ධනයේදී වැඩිම පරිසර දුෂණයක් සිද්ද කරගත් රට. කරුණු බාගෙට දැනගෙනයි ෂෙහාන් කියන්නේ අපි රට ආපස්සට ගෙනියනවා කියල. (බ)

:       0       0

චමින්ද Tuesday, 10 March 2015 08:39 AM

අපේ රටේ මුහුද පුරවල ඉඩම් හදන්න තරම් ජපානේ වගේ ඉඩම් හිඟයක් තියනවද ? (බ)

:       0       0

හරීන් Tuesday, 10 March 2015 08:44 AM

මුහුද හාරලා වැලි ගද්දි , හරපුව ආපහු පිරෙන්නේ අපේ වෙරළම හෝදගන ගිහින් තමා. ඊළඟට කෑගහනවා මුහුදු ඛාදනය වෙනවා කියලා .(දිල්)

:       0       0

යසපාල Monday, 09 March 2015 06:28 PM

ඒ මිනිසුන්ට සාධාරණයක් කරන්න (නි)

:       0       0

දයා Tuesday, 10 March 2015 08:49 AM

දැක්කද වෙනස .යහපාලනයේ ප්‍රතිපල කොහොමද ? (දිල්)

:       0       0

ශ්‍රීමාල් Tuesday, 10 March 2015 08:51 AM

මෙතන දැනට වැඩ කරන්නේ 300 දෙනෙක් විතර , ඒගොල්ලන්ට වෙන රැකියා හොයලා දුන්න නම් හරි .(දිල්)

:       0       0

අරුණ Tuesday, 10 March 2015 09:01 AM

අරලිය මැදුරේ මල්පෝච්චි විසිකරලා තියන හැටි දැක්කම මේකට යන කල හිතා ගන්න පුළුවන් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 83 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2160 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 313 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 401 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1614 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1584 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site