IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ෆුල් ෆේස් හෙල්මට් තහනම මාසයක් තහනම්

අද සිට ෆුල් ෆේස් හෙල්මට් පාවිච්චි කිරීම වළක්වමින් පොලිසිය නිකුත් කළ චක්‍රලේඛය අප්‍රේල් 28 වැනි දා තෙක් තාවකාලිකව තහනම් කරන ලෙස අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.

අධිකරණය එලෙස නියෝග කළේ යතුරු පැදිකරුවන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

 



අදහස් (0)

ෆුල් ෆේස් හෙල්මට් තහනම මාසයක් තහනම්

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:06 PM

ගිය අවුරුද්දෙ නිවාඩුවට ලංකාවට ඇවිල්ලා මගේ යතුරුපැදියේ පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් ගිහිල්ලා, වැලි සහිත පොළවේ ලිස්සලා වැටිලා,තාර පාරේ "දෙපාරක්" ඔලුව හැපිලත් මට ජීවත්වෙන්න වාසනාව තිබුනේ උසස් තත්වයේ "ෆුල්ෆේස් හෙල්මට්" එකක් පැළදගෙන හිටිය නිසයි.දෙවැනිවර ඔලුව හැපෙද්දී පවා මගේ හිසෙන් හෙල්මට් එක ගැළවුණේ නැහැ.ෆුල්ෆේස් හෙල්මටයෙන් ඇස්,දත්, කට,නහය, මුහුණ, නිකට, බෙල්ල ආදියද ආරක්ෂා කළ නිසා දෙවියනේ කියලා නැවත ඩුබායි රටට එන්න පුළුවන් වුණා. (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:09 PM

මහදවල් ගසාකෑ ඒවා කළෙත් ෆුල්ෆේස් හෙල්මටයක් පැළදගෙන ඇවිල්ලද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:10 PM

රටේ ධනස්කන්දය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑවෙත් ෆුල් ෆේස් හෙල්මටයක් පැළදගෙන ඇවිත්ද? (ස)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 02 April 2015 04:12 PM

රටේ නීතියක් නැහැ කියල ලංකාවේ අපි දන්නවා වුනාට,හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා.(ස)

:       0       0

සුමින්ද සම්පත් Thursday, 02 April 2015 09:17 AM

ලංකාවේ නීතිය බල්ලට ගිය හැටි. (ස)

:       0       0

එෂාන් Thursday, 02 April 2015 09:40 AM

යතුරුපැදි කරුවන් දෙන්නට ජය වේවා. ඔබට ඉස්ස්තුති ගොඩක්.(ම)

:       0       0

දුමින්ද Thursday, 02 April 2015 09:43 AM

ජීවිතය රැක ගැනීමේ හිමිකමක ජයකි. (ම)

:       0       0

සෂික Thursday, 02 April 2015 10:10 AM

ෆුල් ෆේස් හෙල්මට් එකකින් හදිසි අනතුරකදී මුහුණට ආරක්ෂාවක් ලැබෙනවා. එසේම එම හෙල්මට් දමාගෙන කෙරෙන හොරකම්ද වැඩිවී තිබෙනව. එම නිසා සොරුන් ඇල්ලීමට විධිමත් වැඩපිළිවෙලක් පොලීසිය සතුව තිබිය යුතුයි. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම ප්‍රශ්නයට විසඳුම ලෙස මම දකින්නෙ නෑ. අතීසාරයට අමුඩ ගැහුවා හා සමානයි. (ස)

:       0       0

සනත් Thursday, 02 April 2015 10:30 AM

සුමින්ද නිතිය බල්ලට ගියේ පොලිසිය කරපු දෙයින්ද?. උසාවිය කරපු දෙයින්ද? (ස)

:       0       0

සහන් Thursday, 02 April 2015 10:40 AM

මේ දෙදෙනා හා එදා රැලියට සහබාගි වුවන් මා ඉතා ගෞරවයෙන් සලකනවා. අවනීතියට එරෙහිව නැගී සිටියවුන් ලෙස. අපි මේවා මිලදී ගත්තේ රු. 7000කට විතර. මිල සේම ෆුල් ෆේස් හෙල්මට් වනාහි ලෝකයේ ඉතා ආරක්ෂිත යයි සම්මත නීත්‍යනුකුල හිස් වැසුමයි. පොලිසියේ මේ තීරණය වනාහි තමන්ගේ දුර්වලතාවය වසා ගැනීමට ජනතාවගේ මුදල් හා ආරක්ෂාව බිල්ලට දීමකි. (ස)

:       0       0

භාති Thursday, 02 April 2015 10:49 AM

ෆුල් ෆේස් තහනම් කලා කියා හොරු බැංකු කැඩීම නවත්වන්නේ නැත. ඔවුන් පොලිසියේ දුර්වල තැන හොඳින් දන්නා බැවින් බුර්කාවක් හෝ ඇඳගෙන එනු ඇත. ජනතාවගේ ඔලුවේ ආරක්ෂාව නම් බල්ලට යනු ඇත. ලංකාව නම් එයයි. බුද්දිමතුන් මුළු ගන්වා ඇත. මෝඩයෝ රට පාලනය කරති. (ස)

:       0       0

නිහාල් Thursday, 02 April 2015 11:04 AM

සාමාන්‍ය හෙල්මටයකින් ආරක්ෂාව සැලසෙන්නේ ඔලුවේ පිටිපසට පමණි. ෆුල් ෆේස් හෙල්මටයෙන් එයට අමතරව. ඇස , දත්, කට , නහය, මුහුණ, නිකට, බෙල්ල ආදියද ආරක්සා කරයි. මට දැන ගැනීමට ඇත්තේ මිනිසාගේ එවන් අවයව ආරක්සා කරගැනීමේ මුලික අයිතියවත් අපට නැද්ද කියාය. (ස)

:       0       0

රෂිකා Friday, 03 April 2015 10:02 AM

මේ නීතිය අසාධාරණයි.(හේ)

:       0       0

තිළිණ Thursday, 02 April 2015 11:09 AM

අතීසාරයට අමුඩ වැනි මෙම හෙල්මට් තහනම් කිරීම අනුමත කරන අයත් අද ලංකාවේ ඉන්නවා නේ . (ස)

:       0       0

ඉඳුනිල් Thursday, 02 April 2015 11:24 AM

මාහට ප්‍රශ්න කීපයක් ඇත. දුම්රියට බෙල්ල තියා මැරුණු ගණන ඉතා විශාලයි. දුම්රිය තහනම් කරන්නේ කවදාද? පොරවෙන් ගසා ජනපතිගේ මල්ලි මරුන බැවින් පොරව තහනම් කරන්නේ කවදාද? හොරුන් පොලිස් නිල අැඳුම ඇදගෙන අපරාද කල වාර ගණන අනන්තයි. පොලිස් නිල ඇදුම තහනම් කරන්නේ කවදාද? මහාමාර්ග අනතුරු අනන්තයි මහාමාර්ග ඉවත් කරන්නේ කවදාද? බෙල්ලේ වැල ලා ගැනීම් අනන්තයි . ලනු තහනම් කරන්නේ කවදාද? (ස) පොලිසිය අත ඇති ගිනි අවියෙන් අහිමි වූ ජීවිත අනන්තයි. ඒවා තහනම් කරන්නේ කවදාද?

:       0       0

ඈන් Monday, 06 April 2015 05:03 AM

ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරනවට වඩා විනිවිද පෙනෙන ආකාරයට නවතම ෆුල්ෆේස් හෙල්මට් වර්ගයක් නිෂ්පාදනය කරන්න. එතකොට හැමෝම ගොඩ. (නි)

:       0       0

දීප්ත Thursday, 02 April 2015 11:36 AM

ලංකාවේ පසුගාමිත්වය තමයි මේ පේන්නේ .(දිල්)

:       0       0

ද සිල්වා Friday, 03 April 2015 01:06 PM

ඉඳුනිල් ගේ ප්‍රතිචාරය මමත් අනුමත කරමි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 86 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 773 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1611 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1045 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 441 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 269 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site