IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක්

අයහපත් කාලගුණය හේතුවෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම තරමක් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු ප්‍රතිඵලය ලැබෙන්නේ කීයටදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අද සවස පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ සඳහන් කළේය.

ඡන්ද නීති කඩන අය සම්බන්ධයෙන් කළ විමසීමකදී අද දිනයේ අඩුම ගණනේ 50කටවත් බන්ධනාගාර භෝජනයේ රස බැලිය හැකි යැයි මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවිය අද දිනයේ අක්‍රිය වීමට හේතුව බොහෝ පරිශීලකයන් පිරිසක් එකවර වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කිරීම යැයිද ඒ මහතා එහිදී පැවසීය. එහි ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

පරිගණකය මගින් ඡන්ද ගණන් කිරීමේදී පක්ෂග්‍රාහී විය හැකි බවට දේශපාලනඥයකු ප්‍රශ්න කළ අවස්ථාවේ තමා ඔහුගෙන් ‘ඔබතුමා පාර්ලිමේන්තුවට පත්වුණේත් එසේදැයි‘ විමසු බවත් එවැනි අයත් එසේ ප්‍රශ්න කිරීමෙන් ව්‍යාජ සැකයන් සමාජ ගතකරන බවත් ඔහු සඳහන් කළේය.

ෆේස්බුක් මගින් කළ විමසීමකදී අයකු අලුත් පරිගණකයක් හඳුන්වාදී ඇත්දැයි කළ විමසීමකදී ඔබ ඇතුළු 50 දෙනකුට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට යාමට අවස්ථාව දෙන බවත් ඒ ක්‍රමය වැරදි නම් කියන්න එයාගේ චෝදනාව වැරදිනම් එයා අපිට වන්දි ගෙවන්න ඕන යැයි කොමසාරිස්වරයා කීවේය. පරිගණක මගින් ඡන්ද ගණනය කිරීමේ තාක්ෂණය අපට නැති බවත් ගණන් කිරීමේ නිලධාරීන් සිය අතින් ඒවා සිදුකරන බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

ෆේස්බුක් පාඨකයාට මැකෝගෙන් අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 30 0


හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 537 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2348 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1184 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14627 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site