IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆේස්බුක් මිතුරෝ පාසලකට උදව් කරති

ෆේස්බුක් සමාජ බෙව් අඩවියෙන් දැන හැඳින ගත් මිතුරෝ පිරිසක් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියේ සිටින මිතුරන් 40කගේ ද උදව් ඇතිව මොණරාගල කරාණගම කනිටු විදුහලට තෑගි බෝග රැගෙන නෑගම් ගියහ.

මොරටුවේ ධන්ෂ් මධුරංගගේ අදහසක් අනුව සිදුකළ මෙම සත්කාරයට සියලු පහසුකම් ලැබී ඇත්තේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැදින ගත් මිතුරන්ගෙනි.

ශ්‍රී ලංකාවේ විවිධ පැතිවල සිටින ෆේස්බුක් මිතුරන්ට අමතරව ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, කුවේට්, ඩුබායි, ඊශ්‍රායෙලය, කොරියාව සහ  එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල රිකියා කරන ශ්‍රී ලාංකික ෆේස්බුක් මිතුරෝද රැසක් ද මේ සත්කාරයට දායක වූහ.

දුෂ්කර පාසලකට උදව් උපකාර කිරීමට ඇත්නම් හොඳ යැයි ධනේෂ් මධුරංග විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසකට අනුව එය දුටු ෆේස්බුක් මිතුරන් රැසක් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති අතර දුෂ්කර පාසලක් සොයද්දී මොණරාගල කරාණගම කණිටු විදුහල සොයා දී ඇත්තේ ද මොණරාගල ෆේස්බුක් මිතුරකු විසිනි.

කොළඹ සිට මොණරාගලට නෑගම් යෑමට සඳහා වෑන් රිය, ඉන්ධන හා නවාතැන් පහසුකම් ද නොමිලයේ ලැබී ඇත්තේ  ෆේස්බුක් මිතුරන්ගේ මාර්ගයෙනි.

උදව් උපකාර කළ සියලු ෆේස්බුක් මිතුරන් නියෝජනය කරමින් 10 දෙනකු සඳුදා (07) උදෑසන 7.30ට මොණරාගල දොඹගහවෙල කරාණගම කණිටු විදුහලට ගිය අතර එම විදුහලේ විදුහල්පති ඒ එම් විජේරත්න මහතාගේ උපදෙස් පරිදි සිසුන් විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

පාසල් ළමයි , දෙමාපිය , ගුරුවරු  සහ ෆේස්බුක් මිතුරෝ පිරිස එක්ව කිරි උතුරවා ගනුදෙනු කිරීමෙන් පසු කැවුම් කිරිබත් කෑහ.

අනතුරුව අවුරුදු උත්සවය ආරම්භ විය. පාසල් ළමයින් වෙනුවෙන් බනිස් කෑම, බැලුම් පිපිරවීම, අන්ධයාට කිරි කැවීම, ගෝනි දිවීම, ඉඳිකටුවට නූල දැමීම, පිටිගොඩේ කාසිය සෙවීම, ටොෆි ඇහිඳීම, ලිස්සන ගස නැගීම, බෝතලයට වතුර පිරවීම, කනාමුට්ටි බිඳීම, සමබර දිවීම, විවිධ ඇඳුම් තරඟය, අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟ පැවැත්විණි.

දෙමාපියන් වෙනුවෙන් ජන ගායනා, පොල් අතු විවීම සහ කෙටි දුර දිවීමේ අතඟ පැවැත්වූ අතර ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ තරඟ වර්ෂාව නිසා නතර කරන්නට සිදු විය.

සියලු තරග පවත්වා අවසානයේ ජයග්‍රාහකයනට තෑගි දුන්හ.

ඊට අමතරව පාසලේ සිසුන් 81 දෙනා වෙනුවෙන්ම ත්‍යාග පාර්සල 81 පිරිනැමූහ. පොත්, පෑන්, පැන්සල්, අඩිරූල්, කවකටුපෙට්ටි, පාට පැන්සල්, වතුර බෝතල්, කතුරු ආදී අධ්‍යාපන උපකරණ රැසක් ඊට එම ත්‍යාග පාර්සලවල ඇතුළත් විය.

විදුහල වෙනුවෙන් හුණු පෙට්ටි, ෆයිල්කවර, ඔරලෝසුවක් සහ තවත් උපකරණ කිහිපයක්  පිරිනැමූහ.

මේ සියලු ත්‍යාග ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ලැබුණු ඒවා වීම විශේෂත්වයක් විය.

ධනේෂ් ඇතුළු ෆේස්බුක් මිතුරන් කිහිප දෙනෙක් එක්ම මීට සති කිහිපයකට පෙර ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර ඒ සඳහා 132 කු පැමිණ ලේ පරිත්‍යාග කර තිබිණි.



අදහස් (0)

ෆේස්බුක් මිතුරෝ පාසලකට උදව් කරති

තුෂාරිකා Wednesday, 09 April 2014 10:38 AM

හොඳ වැඩක්. සියලු දෙනාටම ආදර්ශවත් වැඩක්.තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා!!! (ස)

:       0       0

නිලන්ති Wednesday, 09 April 2014 10:42 AM

බලන්න කොච්චර ආදර්ශවත් වැඩක්ද කියලා. අද අන්තර්ජාලය පාවිච්චි කරල වෙන අනිටු විපාක වලට මේවා හොඳ පාඩම්.මේ වගේ හොඳ වැඩ කරනවනම් කොච්චර හොඳද? (ස)

:       0       0

විදුර Wednesday, 09 April 2014 10:43 AM

කෝ මේ අපේ කට්ටිය. මේවගේ හොඳ දෙයක්වත් අගය කරන්නෙ නැද්ද? ඉතා හොඳ වැඩක්. සුබ පැතුම් (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 09 April 2014 10:51 AM

අපේ පැරණි සංස්කෘතිය මේ පුංචි පැටවුන්ට දැනගන්න පුළුවන් වුණ හොඳ අවස්ථාවක්.සුබ පැතුම් නංගිලා මල්ලිලට. තවත් මෙවැනි දේ සංවිධානය කිරිමට ශක්තිය ලැබේවා. (ස)

:       0       0

මීනා Wednesday, 09 April 2014 11:28 AM

හොඳ වැඩක්. අපේ දේ රැකගන්න ඕන අපිම තමයි. අන්තර්ජාලයෙන් මෙවැනි හොඳ දේවලුත් කරන්න පුළුවන් කියලා හැමෝටම කියල දුන්න ඔයාලට ස්තූතියි. (ස)

:       0       0

නිලන්ති Wednesday, 09 April 2014 11:51 AM

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා. වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රන්ඔංචිල්ලා. (ස)

:       0       0

කසුන් Wednesday, 09 April 2014 12:17 PM

අගය කළ යුතු හොඳ වැඩක්. (ස)

:       0       0

මීනා Wednesday, 09 April 2014 12:32 PM

අවුරුද්දත් කිට්ටු කිට්ටු. එරබදු මල් පොට්ටු පොට්ටු. අපේකම මේ දරුවන්ට කියල දෙන්න ගත්ත හොඳ උත්සාහයක්. මේකට අනුග්‍රහය දක්වපු මල්ලිලා නංගිලටත් ස්තූතියි. අගේ කළ යුතු යහපත් වැඩක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6611 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28659 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site