IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ෆේස්බුක් මිතුරෝ පාසල් දෙකකට උදව් කරති

ෆේස්බුක් මිතුරෝ පිරිසක් ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට සහ වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයට ගොස් ළමයින්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන්හ.

පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවියන් 57 දෙනෙක් සහ ගුරුවරු හය දෙනෙක්  ද, වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන් 34ක් සහ ගුරුවරු පස් දෙනෙක් සිටිති.

ධනේෂ් මදුරංග එදිරිසූරිය නම් තරුණයාගේ අදහසකට අනුව ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් ‘සමාජ සත්කාර ඩොට් එල්කේ‘ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔවුහු මාස ගණනක සිට සමාජ සත්කාර කිහිපයක්ම සිදු කළහ.

දුර බැහැර දුප්පත් පාසලකට උදව් උපකාර කිරීමට අවශ්‍ය බවට ෆේස්බුක්හි පණිවිඩයක් පළකිරීමෙන් පසු ලැබුණු තොරතුරු අනුව  ෆේස්බුක් මගින් හැඳින ගත් දිනේෂ් කුමාර විජේසේකර නම් මිතුරකු සමග ධනේෂ් යතුරු පැදියකින් ගලේවෙල ගොස් පාසල සොයාගෙන විදුහල්පති හමුවී සාකච්ඡා කළේය.

පාසලේ ඡායාරූප හා විස්තර ෆේස්බුක්හි පළකළ අතර එය දුටු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන්ගේ එකමුතුව එම පාසලට හා ළමයිනට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සඳහා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පරිත්‍යාග කර තිබිණි.

තවත් ෆේස්බුක් මිතුරන් තුන් හාරසියයකගේ උදව්වෙන් අධ්‍යාපන උපකරණ රැගෙන පාසල් දෙකට ගිය ඔවුහු පාසල් දෙකේ සියලු සිසුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන් අතර එක් සිසුවකුට රුපියල් හය දහසක කට්ටලයක් ලැබිණි.

සෑම සිදුවකුටම පොත් බෑගයක්, සපත්තු ජෝඩුවක්, මේස් ජෝඩුවක්, පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, කෑම පෙට්ටි, කතුරු ඇතුළු උපකරණ රැසක් ඇතුළත් කට්ටලයක් ලබා දුන් අතර ගුරුවරුනට කලිසම් රෙදි සහ සාරි පිරි නැමිණි.

ඊට අමතරව පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට පුස්තකාල අල්මාරියක්, පරිගණකයක්, මුද්‍රණ යන්ද්‍රණක් හා වතුර පෙරුම් උපකරණයක් ද පරිත්‍යාග කළහ.

21(28)

 20(36) 19(34) 18(30) 17(44) 16(37) 15(42) 14(44)



අදහස් (0)

ෆේස්බුක් මිතුරෝ පාසල් දෙකකට උදව් කරති

සදීමා Tuesday, 08 July 2014 10:11 AM

අනේ හොද වැඩ (දී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Tuesday, 08 July 2014 10:19 AM

සියල්ල අනිත්‍යයි කියල තේරුම් ගෙන මෙකරන සත් ක්‍රියාව තව තවත් ඉහලින් කරගැනීමට ශක්තිය ධෛර්ය උදාවේව,,,,,ජය වේවා (දී)

:       0       0

හේමන්ත Tuesday, 08 July 2014 10:28 AM

තෙරුවන් සරණයි ඔබ සැමට! (නි)

:       0       0

තේජාන්විත Tuesday, 08 July 2014 10:29 AM

ඔන්න මල්ලි, වැඩ කියන්නනේ මෙන්න මේවා. නියම ආදර්ශ. ජයවේවා! (නි)

:       0       0

හංසනී ප්‍රේමරත්න Tuesday, 08 July 2014 10:42 AM

හොඳ වැඩක්.අපේ හැම කෙනෙක්ම මේකට සහයෝගය දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

රුවන් Tuesday, 08 July 2014 10:44 AM

කොච්චර හොඳද? (නි)

:       0       0

දනේෂ් Tuesday, 08 July 2014 10:52 AM

ඔබත් කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ලින්ක් එකට එන්න. https://www.facebook.com/B.H.EdirisooriyaFoundation (නි)

:       0       0

නීල් Tuesday, 08 July 2014 10:53 AM

ඔබ සැමට අපගේ උත්තමාචාරය! මෙවැනි දේවල් කරන්න ඔබට තවත් ශක්තිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)

:       0       0

අකලංක Wednesday, 09 July 2014 07:40 AM

කොල්ලන්ගේ නියම වැඩක් (නදී)

:       0       0

නුවන් Tuesday, 08 July 2014 09:42 PM

බොහෝ දෙනා අපයෝජනය කරන ෆේස්බුක්, ඉතාම සද්කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගෙන රටටම ආදර්ශයක් දුන් ඔබ සැමට ප්‍රණාමය. (නි)

:       0       0

කුමාර් පළමු Tuesday, 08 July 2014 11:51 AM

මේ දෙයට සහභාගීවූ සියලු දෙනාට සර්වභලධාරී දෙවිඳුගේ ආශීර්වාදය පතනවා. (අ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 08 July 2014 11:53 AM

ඔය විදිහට ලංකාවේ රජයක් කියල දෙයක් ඕනේ කරන්නේ නැහැනේ.හැම දෙයක්ම පිට රටවල දුක් විදින මිනිසුන් ලවාම කර ගන්න පුළුවන්නේ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 08 July 2014 11:55 AM

මෙවැනි දේවල් දැකල කෝටි ගණනින් කොමිස් ගහල රට විනාස කරන දීශපාලකයන් ලජ්ජා වෙන්න ඕනේ . (අ)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 08 July 2014 11:58 AM

පුංචි රටේ පාලනය කරන්න කියල අවරුද්දකට කෝටි ගානක් කාබාසිනියා කරලා ඇමතිවරු අකසිය ගානක් ජාතික අදායමෙන් නඩත්තු කලාට රටේ අසරණ දරුවන් ලක්ෂ ගාණක් ඉන්නවා කහට තේ කෝප්පය බීල පාසල් යන.සෙරෙප්පු දෙකක් නැතිව පාසල් යන. (අ)

:       0       0

ආසිරි බණ්ඩාර​ Tuesday, 08 July 2014 12:02 PM

ඉතාම හොඳ යහපත් වැඩක්. හරිම අගෙයි, නමුත් තොරණේ සඳහන් වචන දෙක ගැන පාසලේ සිංහල ගුරුතුමා පොඩ්ඩක් සැලකිලිමත් වුනා නම් තවත් අගෙයි. මොකද මේක දරු පරපුරකට දැනුම ලබා දෙන පාසලක් නිසා. (අ)

:       0       0

සංජීව Tuesday, 08 July 2014 12:17 PM

බොහොම හොඳයි දිනේෂ් (අ)

:       0       0

අශේන් Wednesday, 09 July 2014 03:01 AM

ඉතා හොඳ එකමුතු වැඩක් ආදර්ශය ඉතා උතුම් (නදී)

:       0       0

තුදේෂ් Tuesday, 08 July 2014 02:04 PM

අගය කල යුක්තකි. බොහෝ ෆෙස් බූක් මිතුරන්ට මෙය ආදර්ශයකි ලොකු පිනක් (අ)

:       0       0

බහනු Tuesday, 08 July 2014 02:19 PM

ඉතා සතුටුයි ! සැමට යහපත සැලසේවා ! (අ)

:       0       0

ලක්මාල් Wednesday, 09 July 2014 04:47 AM

ඉතාම අගය කළ යුතු සමාජ සත්කාරයක්. බලධාරින්ගේ ඇස් අන්ධ වී ඇති කාලයක මෙය උතුම්කොට සළකමු. (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 09 July 2014 05:38 AM

අපි ලංකාවට එන්නේ මේ අවුරුද්දේ අවසානයේදීයි. ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි ඉන්නේ අබුඩාබි වල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 386 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2195 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1620 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 696 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 605 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 702 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37707 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site