IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ෆේස්බුක් ලින්ක් ක්ලික් කරන්නේ බලාගෙනයි

ෆේස් බුක්  ගිණුම්  මගින් ලොව පුරා සිදුවීමට ගිය සමාජ ව්‍යසනයක් සම්පුර්ණයෙන්ම  අඩපණ කැර දැමීමට  ඇමෙරිකාවේ ෆේස්බුක්  මුලස්ථානයේ  බලධාරීන් පියවර ගත් බව  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු  ආරක්ෂක ඉංජිනේරු රොෂාන්  චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

 ෆේස් බුක් ගිණුම් වලට අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය තොරතුරු රැගත් ලින්ක් (සබැඳියක්) සටහන් කිරීම මෙම සමාජ  ව්‍යසනයයි.

මේ බවට දැක්වෙන පැමිණිලි පහක් පමණ  ශ්‍රී ලංකා  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී තිබිණි.

මේ පිළිබඳව පරීක්ෂා කිරීමේදී  පෙනී ගියේ අදාළ ෆේස්බුක්  ගිණුමේ හිමිකරු තම ගිණුමේ සටහන් වු  තමන් නොදන්නා ඡායාරූප  සහ ලින්ක් (සබැඳියන්) කිසිදු සොයා බැලීමකින් තොරව ක්ලික් කිරීම හේතුවෙන් අනවශ්‍ය ගැටළු පැන නැඟි ඇති බවයි.

එසේ ක්ලික් කිරීම නිසා අදාළ ගිණුම හා සම්බන්ධ සෙසු ගිණුම් අතරේද මෙය පැතිර යාම නොවැළැක්විය හැකි කරුණකි.

මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් නිලධාරීන්  වෙතට දැනුම් දීමක් කළේය. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම මේ ගැන වාර්තා කර  තිබෙන බව  රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

අවසානයේදී මෙම අර්බුදය අඩපණ කිරීමට  ශක්තිමත් පියවරක් යෙදීමට ෆේස්බුක් බලධාරීන් සමත්  වී ඇත.

මෙම තත්ත්වය  සැලකිල්ලට ගනිමින්  අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන ලෙසට සියලුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි . මොනම හේතුවක්  නිසාවත් තමන් නොදන්නා  ඡායාරූප හෝ ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි තොරතුරු සංසදය දැනුම් දෙයි.

 



අදහස් (0)

ෆේස්බුක් ලින්ක් ක්ලික් කරන්නේ බලාගෙනයි

සුමිත් දොරඹවිල Tuesday, 03 March 2015 09:57 AM

ඕනෑම දෙයකට මූණදෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතිව ක්ලික් නොකර හරියන්නේ නැහැ නේද ?(නදී)

:       1       3

මගලී ෆොන්සේකා Tuesday, 03 March 2015 11:12 AM

මොනා හරි හොදකට අවවාදයක් කියපුවාම මාර පණ්ඩිත දේවල් ලියන්නේ. අපේ අය කොහොමත් අසභ්‍ය දේවල් බලන්න මාර අාසයි එ්කයි මේ (නදී)

:       1       0

සද්දානන්ද Wednesday, 04 March 2015 07:55 AM

ඇත්තටම මේකේ හොද පැත්තක් හෝ නරක පැත්තක්ද ඇත එම නිසා මෙහි සිටින සියලු දෙනාට කියා සිටින්නේ බොභෝ සෙයින් මෙය හොඳ අතට පාවිච්චි කරන ලෙසටය මෙය නරක ලෙස පාවිච්චිය නිසා ලංකාව තුළ ජීවිත රාශියක් මේවන විට වීනාශ වී ඇත ,මේ ගැනත් සැලකිලිමත් වන්න (බ)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 08:02 AM

සමහර සබදතා නැති එක කාට-කාටත් ගුණදායක වේ. (ර)

:       0       0

අනුර Tuesday, 03 March 2015 08:30 AM

සම්බන්දතා නැතුව ලෝකයක් පවතින්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 325 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 204 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 337 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1042 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2830 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 347 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site