IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ෆේස්බුක් වාරණයට නීති එන පාටයි‘

විවිධ හේතු  නිසා සිදුවන සිය දිවි හානි කර ගැනීම්වලට ෆේස් බුක් වග කිව යුතු යැයි කියමින් ෆේස්බුක් වාරණය කිරීමට ආණ්ඩුව නීති ගෙන ඒමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා කියයි.

මෑත කාලයේ ජනමාධ්‍යයේත් රටේත් කතා බහට ලක්වූ සිද්ධි කිහිපයක් ගැන හා ෆේස් බුක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවර පැහැදිලි කිරීමට සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී රත්නාහක මහතා එලෙස පැවසීය.

‘ පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ දී තරුණියන් හතර දෙනෙකු  සිය දිවි නසා ගැනීම් ෆේස්බුක් මගින් සිදුවූ මරණ විදියට අර්ථකථන  දී තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්   ෆේස්බුක් තහනම් කරනවා යැයි කෙළින්ම නොකිව්වත් ඒ හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර තිබුණා. ෆේස්බුක් සඳහා නීති ගෙන එන බව තවත් ඇමැතිවරයකු කියා තිබුණා.

 ලෝකයේ අනියම් සම්බන්ධතා නිසා සියදිවි හානි කර ගැනීම් කලින් කලට වාර්තා වුණා.  ෆේස්බුක් නිසා අනියම් සම්බන්ධා හදා ගන්නවා හෝ දිවි නසා ගන්නවා කියන්න කාටවත් කියන්න බැහැ.

ෆේස්බුක් එන්නට පෙර ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් විවිධ ක්‍රම මගින් ආදර සම්බන්ධතා පැවැත්වුවා. මීට පෙර ජංගම දුරකතන, ඊට පෙර පෙම් හසුන්. පෙම්හසුන් නිසා දිවි හානිකර ගැනීම් කොතරම් නම් කර ඇත්ද?

මීට පෙර එක්තරා පළාත් සභාවක තීරණයක් ගෙනාවා දිය සිවි නසා ගැනීම් වැලැක්වීමට එම පළාතේ කනේරු ගස් විනාශ කළ යුතු කියා. මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක්.

නගරයේ බාලිකා පාසල්වල බිත්තිවල එක එක ඒවා ලියනවා. කොච්චර තීන්න ගෑවත් ඒ දේ කරනවා. එහෙම කියලා ඒ ස්ප්‍රේ වර්ග සහ තීන්ත වර්ග තහනම් කිරීම හරියනවද? ‘



අදහස් (0)

‘ෆේස්බුක් වාරණයට නීති එන පාටයි‘

ප්‍රදීපා Tuesday, 25 February 2014 11:33 PM

පිහියෙන් බෙල්ල කපන්නත් පුළුවන්, එළවලු කපන්නත් පුළුවන්. ඒ වගේ ෆේස් බුක් කියන එක දුර රටක ඉන්න තමන්ගේ යාලුවෝ, නෑදෑයෝ, හිතවතුන් සම්බන්ධ කර ගන්නට හොඳම තෝතැන්නක්. පිහිය කැපෙන බව දන්නා නිසා දෙමවුපියෝ ඒක පොඩි දරුවන්ගේ අතට අහුවෙන්න තියන්නේ නැහැ, ඒ වගේ දෙමවුපියෝ ෆේස් බුක් කියන එකත් තමන්ගේ දරුවට හිතුමතේ පරිහරණය කරන්නට දුන්නොත් අනතුරු වෙනවා නිසැකයි. 15,16,17 කියන්නේ කුතුහලයෙන් පිරුණු වයසක්. මෙහෙම හිතන්නකෝ එහෙනම්. ෆේස්බුක් නිසා මාස 2ට මරණ 4ක් උනා කියන්න. මැද පෙරදිග මෙහෙකාර සේවයට කාන්තාවන් යවලා, ඔවුන් මරණ, ආභාධිත කරන, දස වධ දෙන නිවුස් මාසෙකට කීයක් අහන්න ලැබෙනවද? මම ඊයෙත් දැක්කා අම්මා කෙනෙක් පූර්ණ ආභාධිත කරලා පොලු වලින් ගහලා. ඒ අම්මගේ දරුවන්ට දැන් කාගේ පිහිටක්ද? ඔය ෆේස්බුක් එක ගැන තියෙන උනන්දුවෙන්ම මේ ගැනත් හොයලා බලලා කාන්තාවන් මැද පෙරදිග වහල් මෙහෙයට යවන එක නතර කරන්න උත්සාහ කලානම් ඒකට හැමෝම ප්‍රශංසා කරාවි. (දී)

:       0       0

තිලින දිනුෂා Tuesday, 25 February 2014 12:42 PM

මේ වගේ කී දෙනෙක් නම් මැරුනද මේවට මුකුත් කරන්නේ නැද්ද ?(දිල්)

:       0       0

ගයාන් කන්තලේ Tuesday, 25 February 2014 12:48 PM

අන්න බුධිමත් තීරණයක්. එක මකුණයි කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ....!!(දිල්)

:       0       0

සේන Tuesday, 25 February 2014 01:04 PM

පසුගාමීත්වය අතින් අපි ඉන්නේ ලෝකයේ පළමු තැනට වගේ (දිල්)

:       0       0

නෙවිල් වික්‍රමසූරිය ප්‍රනාන්දු Wednesday, 26 February 2014 02:43 AM

තමන්ගේ ජීවිතයට මුල් තැන නොදි හොද දේ පමණක් ගන්නවා නම් කිසිම මරණයක් වෙන්නේ නෑ

:       0       0

රංග ජයවර්ධන Tuesday, 25 February 2014 01:41 PM

ෆේස්බුක් අපේ ජීවිතය වගේ. (දී)

:       0       0

මලිත් ලක්ශාන් Tuesday, 25 February 2014 01:43 PM

මේක තහනම් කරන එක නෙමෙයි වැඩේ මේක හරියට භාවිතා කරන හැටි කියලා දෙන එක (දී)

:       0       0

තිලක් රත්නසුරිය Tuesday, 25 February 2014 01:48 PM

මෙය ෆේස් බුක් . වරදක් නවෙයි භාවිතයේ වරදක් (දී)

:       0       0

පරාක්‍රම බාහු Tuesday, 25 February 2014 02:12 PM

1. අරක්කු නිසා ගෙවල් වල පවුල් ආරව්ල් ඇති වෙනවා...අරක්කුත් තහනම් කරමු කෝ..... 2. දුම්රිය නිසා කීයක් මැරෙනවද වසරකට. ඒ නිසා දුම්රියද තහනම් කරමු කෝ.........(දී)

:       0       0

අසංග රත්නායක Tuesday, 25 February 2014 02:13 PM

මේ මරන සිදු උනේ ෆේස්බුක් නිසා නොවේ මේවාට ප්‍රධාන වැරදිකරුවන් දෙමව්පියන් ඔව්න් දරුවන් කුඩා කල සිටම ආගම දහමට යොමු කර සාරධර්ම සංස්කෘතිය ගුණධර්ම ගැන දරුවන්ට කියාදෙමින් හැදුවනම් මේ මරණ එකක්වත් වෙන්නෙ නෑ අද කාලෙ ලමයෙක්ට පන්සලකට පල්ලියකට යන්ඩ වෙලාවක් නෑ පැය 24ම අද්යාපනයට යොමු කරලා ඇයි මේ මෙතනයි වෙනස් විය යුත්තේ අද්‍යාපනය අවශ්‍ය දෙයක් තමයි ඊට සමගාමීව ගුණධර්ම හා බුද්ධියත් දියුණු වියයුතුයි ඒ වගේම තව වරදක් තමයි දැන් අව්රුදු 4 ක් 5ක් වයස ලමයින්ට අන්දවන්නෙත් සරාගී ගතිය මතුවෙන ඇඳුම් පොඩි කාලෙ ඉඳලම දකින්නෙ රූපවාහිනියෙන් බොලඳ පෙම් කතා ඉතින් ඒ අයට ලමා මානසිකත්වයක් නෑ ඒකයි අපචාර වැඩි ඔය ෆේස්බුක් තහනම් කරන්න හදන එක්කෙනෙක් හරි කවදාවත් කිව්වද ලමයින්ට වෙනම ටීවී චැනල් එකක් හදමු කියලා එහෙම නැත්තම් ලමා මානසිකත්වයට ගැලපෙන අයුරින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා දැන් යන ලමා වැඩසටහන් ඉදිරිපත් කරන ලමයි අඳින ඇඳුම් දැක්කම අප්පිරිය හිතෙනවා ජනාදිපතිතුමනි ෆේස්බුක් තහනම් කලාට රට හැදෙන්නෑ මෙන්න මේ වැරදි හදන්න ඒකයි හරි ක්‍රමය (දී)

:       0       0

අසංග Tuesday, 25 February 2014 02:14 PM

මේ මරන සිදු උනේ ෆේස්බුක් නිසා නොවේ මේවාට ප්‍රධාන වැරදිකරුවන් දෙමව්පියන් ඔව්න් දරුවන් කුඩා කල සිටම ආගම දහමට යොමු කර සාරධර්ම සංස්කෘතිය ගුණධර්ම ගැන දරුවන්ට කියාදෙමින් හැදුවනම් මේ මරණ එකක්වත් වෙන්නෙ නෑ අද කාලෙ ලමයෙක්ට පන්සලකට පල්ලියකට යන්ඩ වෙලාවක් නෑ පැය 24ම අධ්‍යාපනයට යොමු කරලා ඇයි මේ මෙතනයි වෙනස් විය යුත්තේ අධ්‍යාපනය අවශ්‍ය දෙයක් තමයි ඊට සමගාමීව ගුණධර්ම හා බුද්ධියත් දියුණු වියයුතුය

:       0       0

නිලුකා දමයන්ති' Tuesday, 25 February 2014 02:14 PM

ෆේස් බුක් තහනම් කලොත් තව එකක් සොයා ගනීවි (දී)

:       0       0

ආනන්ද ජයරත්න Tuesday, 25 February 2014 02:15 PM

කෝච්චිත් තහනම්කල යුතුයි(දී)

:       0       0

සංජය Tuesday, 25 February 2014 02:17 PM

සේන, පසුගාමීත්වය කොහොම වෙතත් තමන්ගේ රැවටිලිකාර දේශපාලනයයි , කුපාඩි වැඩයි ෆේස් බුක් හරහා චන්ද කාලයේ එළිවෙනවට බයේ තමය් ඕක ගෙනාවොත් ගේන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 25 February 2014 02:21 PM

මව්පියන් දරුවන් ගැන මීට වඩා සොයා බැලුව නම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ (දිල්)

:       0       0

ෂාන් Tuesday, 25 February 2014 02:30 PM

දරුවන්ගේ අකල්ප සැදිය යුතුයි .වෙන විකල්ප නෑ (දිල්)

:       0       0

ලක්ෂ්මන් ජවර්ධන Tuesday, 25 February 2014 02:31 PM

හරි තහනම් නොකරමුකෝ?ඔබ තුමන්ලාගේ විකල්ප කියන්නකෝ?(දිල්)

:       0       0

නදි Tuesday, 25 February 2014 02:42 PM

කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු  තින්දුව මිට වඩ හොදයි.. (දී)

:       0       0

රුවනි Tuesday, 25 February 2014 02:44 PM

ෆෙස් බුක් එක නිසා මරණ කීපයක් ඇති උනා නොවෙයි. මළගිය ලමයින්ගේත් දෙමව්පිය ගුරුවරුන්ගේත් වරද නිසා සිද්ද වූ මරණයි ඒවා. අනික ෆේස්බුක් වාරණය කරන්නට තරම් ආණ්ඩුව මෝඩ නැහැ කියලයි මම හිතන්නේ. මේ වාරණ කතාව අගුපිලක උපන්නක් ලෙසින් බැහැර කිරීම හොඳයි කියල මම හිතනවා. (දී)

:       0       0

විධුෂක Tuesday, 25 February 2014 02:44 PM

ජේවීපී එකට බැරිද මේකට තුන්ඩු කෑල්ලක් දීල වාරණය නතර කරවන්න . මේ ගොල්ල ඒ වැඩේට කප් ගහපු කට්ටියනේ.(දී)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 25 February 2014 02:57 PM

ෆේස් බුක් තහනම් කර ළමයි හදාගන්නවා කියන්නේ විහිළුවක්, දැනුවත් කිරීම නේද කළ යුත්තේ (දිල්)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 02:57 PM

නුතන තාක්ෂණය හරහා හෝ ප්‍රකට වන්නේ මිනිස් දුර්වල කම්. පාලකයාගේ පටන්, පැවිද්දාත්, පාසැල් ගුරුවරයාත්, දෙමව්පියනුත් දරුවන් යහමග යවන්න කල යුතු වැඩ කොටස ඉටු නොකිරීම නිසා, දරුවන් ඉබාගාතේ යනවා. මිනිස් දුර්වලකම් තාක්ෂණයෙන් ජය ගන්න බැහැ. පාන් කපන පිහියෙන් අත කපා ගත්තට පිහිය පළි නැහැ. (දිල්)

:       0       0

අසෝකා Tuesday, 25 February 2014 02:59 PM

ලංකාවේ විතරක් නෙමෙයි දියුණු රටවලත් මේවා සිද්ද වෙනවා. පළමු දේ තමයි මේ ගැන හරි වැටහීමක් නැති එක . අනික දෙමව්පියන් අඩු වයස ළමයින්ට ඔවුන් කම්ප්යුටරයෙන් කරන දේවල් ගැන සොයා නොබැලීම. බොහොමයක් ලංකාවේ මව්වරුන් සහ පියවරුන් ඒ ගැන දන්නේ නැහැ. ඔය ටෙලිවිෂන් එකේ මෝඩ වැඩ අයින් කරලා මේවා ගැන දෙමපියන් හොදට දැනුවත් කලානම් එය රටටම වටිනා දෙයක් වෙයි.(දී)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 25 February 2014 03:14 PM

මේක කරන්ට පුළුවන් නම් මාරු .(දිල්)

:       0       0

සමන් Tuesday, 25 February 2014 03:17 PM

කට්ටිය දුම්රියට පැනල දිවි නසා ගන්න නිසා දුම්රියත් තහනම් කරමුද? ඒ වගේම සාරි, භුමි තෙල්, පිහි, කඹ, නිදි පෙති වගේ ඒවත් තහනම් කරලා ලෝකෙට අපේ තරම පෙන්නමු. (දිල්)

:       0       0

අකිල Tuesday, 25 February 2014 03:20 PM

හරි ලක්ෂ්මන් එතකොට ඔය කියන්නකෝ ඔයාට පිහියෙන් ඇන්නොත් අනපු කෙනාද වැරදි පිහියද වැරදි..(දිල්)

:       0       0

පද්මිණි Tuesday, 25 February 2014 03:29 PM

මව්පියන් දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි කීවට හරියනවද? අම්මල මොනවද ෆේස්බුක් ගැන දන්නේ? ළමයින්ගෙන් ඉගෙනගන්න කාලෙ දැන් ඇවිල්ල තියෙන්නේ (දී)

:       0       0

අල්විස් Tuesday, 25 February 2014 03:37 PM

ෆේස්බුක් තහනම් කිරීම හෝ වාරණ ගෙන ඒමක් සිදුවෙන්නේ නැහැ. එහෙම කරන්ට තම පාලනය දුර්වලත් නැහැ. මෝඩත් නැහැ.(දී)

:       0       0

තුසිත Thursday, 27 February 2014 10:35 AM

පිස්සු නැත්නම් ෂෝක්.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 25 February 2014 03:57 PM

තවමත් ලංකාවේ දෙමවුපියන් වැඩි පිරිසක් පරිගණකය පිලිබදව දැනුමක් නැති නිසා දරුවන් අන්තර්ජාලයේ කරන දේවල් සොයා බලන්නට දැනුමක් නෑ.එබැවින් දරුවන් පරිගණකයේ මොනම හෝ වැරදි වැඩක් කළද දෙමවුපියන් සිතන්නේ තම දරුවා යහපත් අධ්‍යාපන කටයුත්තක යෙදෙන බවයි.(දිල්)

:       0       0

විජයසේකර නුවන් Tuesday, 25 February 2014 04:50 PM

නවත්වලා බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 25 February 2014 05:12 PM

එහෙනම් මේවා වලක් වන්න මොබිල් පොන් එකේ ඉදන් හැම දෙයක්ම තහනම් කරන්න වෙනවා.හැම දෙකම දෙපැත්තක් තිබිනට අපේ අය ගන්නේ එකේ වැරදි පැත්තනේ හැම විටම.නුතන තාක්ෂනේ ප්‍රයෝජනයක් නොගෙන එකෙන් විනාසයක් බලාපොරොත්තු වෙනවනම් එක තක්සනේ වරද නෙමේ.(අ)

:       0       0

සාලි Tuesday, 25 February 2014 05:19 PM

මිනිස්සුන්ගෙ ආකල්ප හදනව මිසක් මේවගෙ ගොන්පාට් වැඩ කරල වැඩක් නෑ (අ)

:       0       0

සිරි Tuesday, 25 February 2014 05:48 PM

මේක අන්ධානුකරණයේ අතුරු ඵලයක් විධියට තමා මම නම් දකින්නේ. (අ)

:       0       0

සචිත් Tuesday, 25 February 2014 06:08 PM

හූ..... අපි බය වෙයි ඕවට. තහනම් කලාම අපිට යන්න බෑ කියලා හිතන් ඇති. පව් අපේ මෝඩ ලොකු මාමිලා ටික. (අ)

:       0       0

බුද්ධිකා කුෂිනි Tuesday, 25 February 2014 07:15 PM

මේකෙ මූලිකම ප්‍රශ්නය බොහොමයක් මව්පියන් තුළ තාක්ෂණික දැනුම නැතිකම , ළමයෙක් සමාජය තුල වැරැද්දක් කරනවානම් ඔන්න දෙමව්පියන්ට පුලුවන් ක්‍රියාත්මක වෙන්න. නමුත් පොඩි එකෙක් පරිගණය ලග ඉදගෙන ඕනම දේකට ඇබ්බැහි වෙන්න පුලුවන් මොකද කවුරුත් දන්නැති හින්දා , අපේ මේ පරම්පරාවට ළමයි ඉන්න කාලෙක් ඔන්න අපිට පුලුවන් අහැගහගෙන ඉන්න, ෆේස්බුක් අපි ගෙදර ඉන්න වෙලාවට භාවිතා කරන්න දෙන්න , ෆැමිලි සේෆ්ටි ෆිල්ටර් එකකින් ට්‍රැක් කරන්න. මේ තීරණය හොදයි . මේවට වැරදියි කියන්න කාටවත් බෑ ,(අ)

:       0       0

සංජිව Tuesday, 25 February 2014 07:54 PM

ලොකු දෙයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1386 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1759 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1492 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5888 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5509 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site