IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ෆේස්බුක් හොඳ වැඩක් කරයි

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැන හැඳින ගත් තරුණ තරුණියෝ පිරිසක් කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ සිසුන් පිරිසක් වෙනුවෙන් අවුරුදු උත්සවයක් පැවැත්වූහ.

සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ඇතුළත් මේ උත්සවය සංවිධානය කළ ෆේස්බුක් තරුණ තරුණියෝ බොහෝමයක් එකිනෙකා මුහුණට මුහුණ දැකගත්තේ මේ අවුරුදු උත්සවයේ දී වීම විශේෂත්වයකි.

ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය ඔස්සේ විවිධ පිරිස්  අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් පරිත්‍යාග කර තිබූ අතර ඔවුහු ඒ මුදලින්  දරු දැරියනට තෑගිබෝග දුන්හ.

මේ තරුණ කණ්ඩායමේ සිටි ජනක ලක්මාල් පැවසුවේ කුරුණෑගල පාසලක වූ සිද්ධිය නිසා වැඩිහිටි බොහෝ දෙනකු දරුවනට පරිගණක ඇල්ලීම පවා තහනම් කළ යුතුයි යන මතයේ සිටි බවයි. ෆේස්බුක් සම්බන්ධයෙන් ජනතාව අතරේ ඇති වූ වැරදි ආකල්පය නැති කර ගත යුතු බව ද ඔහු කීවේය. අප පරිගණකය අත හැරියොත් ලෝකයෙන් කොන් විය හැකි බව ද ලක්මාල් කීවේය.

‘ෆේස්බුක් මේ රටට එන්න කලින් කොච්චර දිවි නසා ගත්තාද? එහෙමනම් ඒ සිදුවීම නිසා ෆේස්බුක්වලට දොස් පැවරීම වැරදි. මෙයින් බොහෝ හොඳ දේ කළ හැකියි. ‘

 



අදහස් (0)

ෆේස්බුක් හොඳ වැඩක් කරයි

කුමාරි Sunday, 06 April 2014 07:45 PM

දැනගෙන ගියොත් කතරගම.නොදැන ගියොත් අතරමඟ. (නි)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 06 April 2014 11:16 AM

මම දන්නා විදියට නම් ලංකාව ලෝකයේ සියදිවි හානිකරගන්නන් වැඩිපුරම සිටින රටක්. එයට විවිධ හේතු තිබුනා. ඉන් ප්‍රධානම හේතුවක් වුයේ කෘමිනාශක භාවිතයයි. කෘමිනාශක භාවිතය සුලභ වු පසු සියදිවි හානිකරගන්නන් ගේ ප්‍රමාණය ඉහළ ගියා.එම සිදුවීම් හා සසදනවිට ෆේස් බුක් මඟින් කර ඇති හානිය තවම අවම මට්ටමකයි තියන්නේ. මෙහි වැරදි අවබෝධයන් නිවැරදි කරගත යුතුයි. (නි)

:       0       0

ජනක Sunday, 06 April 2014 11:47 AM

උතුම් ක්‍රියාවක්.තවත් මෙවැනි ක්‍රියාවන් කරන්නට දිරිය ලැබේවා.(ස)

:       0       0

ආර්. ද සිල්වා Sunday, 06 April 2014 11:58 AM

හොඳ වැඩක්. මේ දේවල් අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

ජීවක Sunday, 06 April 2014 12:01 PM

කෘමිනාශක එන්නේ ගොවිතැන් කරන නිසානේද? (නි)

:       0       0

දර්ශන් Sunday, 06 April 2014 12:09 PM

අන්තර් ජාලයෙන් හොද වැඩ බොහොමයක් කරන්න පුලුවන්, එහෙත් අපේ බොහෝ දෙනෙක් කරන්න‍ෙ නරක දේවල්.(ස)

:       0       0

ධම්ම Sunday, 06 April 2014 12:42 PM

ඔබ හොඳ නම් ෆේස් බුක් ද හොඳය.(ස)

:       0       0

අශාන් Sunday, 06 April 2014 02:01 PM

විශිෂ්ඨයි! (ස)

:       0       0

අමන්ත Tuesday, 08 April 2014 01:54 PM

අර හාමුදුරු කෙනෙක් පෙට්‍රල් වක්කර ගෙන දිවි නසdගත්ත නිසා පෙට්‍රල් තහනම් කරයිද දන්නේ නැහැ. දන්නවනේ ඉතින් අපේ රටේ පාලකයන්ගේ හැටි. ඒකයි මම ඇහුවේ. (ස)

:       0       0

මීනා Tuesday, 08 April 2014 01:59 PM

ධම්ම ඔබ හරි. ඇත්තටම ෆේස්බුක් පාවිච්චි කරන අපි අපිටම වාරණයක් දාගන්නවනම් වැරදි වෙන එක අඩු කරගන්න පුළුවන්. තමන්ගෙ ගිණුමට අඳුනන්නෙ නැති අය වැඩිය එකතු කරගන්නෙ නැතුව ඉන්නවනම් ප්‍රශ්න බොහෝ දුරට අඩුුයි. (ස)

:       0       0

නිලන්ති Tuesday, 08 April 2014 02:08 PM

ඇත්තටම ආදර්ශවත් වැඩක් මේ දරුවො කරල තියෙන්නෙ.අපේ හැදියාව ගතිගුණ හොඳ නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. චේතනාවයි වැදගත් වෙන්නෙ. (ස)

:       0       0

ජයවර්ධන Tuesday, 08 April 2014 02:10 PM

උතුම් වැඩක් කරල තියෙන්නෙ. තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා. රට භාරයි නුඹට පුතේ. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 06 April 2014 02:34 PM

තනි තනිව ඇස් වැහුවාට.., සමුහ ඡායාරුපේ..? (ස)

:       0       0

කසුන් Tuesday, 08 April 2014 02:20 PM

උතුම් ක්‍රිියාවක්. නංගිල මල්ලිලට සුභ පතනවා. ඒ වගේම තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. (ස)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 06 April 2014 02:49 PM

ජීවක , කෘමිනාශක එන්නේ ගොවිතැන් කරන නිසා තමයි.. නමුත් එය භාවිතාකරන්නේ කෘමි රෝග නිවාරණයට . එහි සමාජීය සහ පාරිසරික ගැටළු රැසක් තියනවා. ෆේස් බුක් එකත් එය වගේමයි. අපට එය අවශ්‍යයි . නමුත් ගැටළු ඇතිකරන අවස්ථා තියෙනවා. මම කියන්නේ කෘමිනාශක එයට වඩා සියදිවි හනිකරගැනීමට සහ වෙනත් ගැටළු වලට හෙතුවනබවයි. (ස)

:       0       0

රිද්මා Tuesday, 08 April 2014 02:42 PM

හොඳ ක්‍රියාවක්. අපිට හොඳ ආදර්ශයක් මෙවැනි දේ කිරීම.සුබ පැතුම් සැමටම. (ස)

:       0       0

අසෝකා Monday, 07 April 2014 12:20 AM

ඉතාමත් ආදර්ශවත් වැඩක්. අන් සියල්ලන්ටම මෙය ආදර්ශයක් වේවා! කරන කියන කොයිදේත් හොඳ පැත්ත ගන්න පුරුදු වුණහම දිනන්න පුළුවන්. නුඹලාට ජයවේවා! (නි)

:       0       0

විදුර Tuesday, 08 April 2014 03:23 PM

හොඳ වැඩක්.මෙමගින් ෆේස්බුක් ගැන මිනිසුන්ගෙ තියෙන වැරදි ආකල්පය යම් තරමකට දුරු වෙනවා.හැමෝටම ආදර්ශයක් මෙය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5706 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3258 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28414 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site