IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි) 

මහවෙල ප්‍රදේශයේ  හෝටලයක  පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා  මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි  පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත  උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව  විශේෂ යතුරුපැදි  අංශයේ  රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන්  මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.

මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය  උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම සාදය සංවිධානය කර තිබූ අතර  ඔහු සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මෝදක ග්‍රෑම් 22ක්, හෑෂ් මිලිග්‍රෑම් 620 ක්, මත්ද්‍රව්‍ය සහිත ටැබ්ලට් මිලිග්‍රෑම් 660 ක් පොලිසිය සොයාගෙන ඇත.

එම සාදය පිළිබඳව  ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා  දැනුවත් කිරීමෙන් අනතුරුව 40 අධික පිරිසක් එම සාදයට සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (3)

ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි

ලුම්බිණි Sunday, 02 March 2025 09:24 AM

පව් වැඩේ...

:       2       3

රම්බොඩ Sunday, 02 March 2025 09:33 AM

මෙවැනි දේ නම් නිතරම කළ යුතුයි. නැත්නම් අපේ සමාජය විනාශම වෙලා යනවා. එන එන ඕනෑ දෙයක් බදාගන්න හිස් තරුණ කොටසක් ඉන්නවා දැන්...

:       2       6

Deshabandu Monday, 03 March 2025 09:12 AM

සමාජය සුමඟට ගෙනියන්ඩ දිවුරුම් දීලා තියන එවුන්ම මෙහෙම කරනවා නම් තව මොන කතාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සත්ව ආහාරවලට බඩ ඉරිඟු ගේන්න අවසර
2025 මාර්තු මස 03 14 0

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.


’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි
2025 මාර්තු මස 03 300 0

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ත


කොටස් වෙළෙඳපොළ පසුබෑමක්
2025 මාර්තු මස 03 172 0

මාර්තු මාසයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පළමු ගනුදෙනු දිනය වූ අද (3) එහි මිල දර්ශකවල විශාල පසුබෑමක් ප්‍රදර්ශනය කළේය.


ගනේමුල්ල සංජීව ඝාතනයට දෙකක් රිමාන්ඩ්
2025 මාර්තු මස 03 151 0

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙ


කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
2025 මාර්තු මස 03 266 0

කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්


පාර්ලිමේන්තුවට නව ආංශික කාරක සභා 7ක්
2025 මාර්තු මස 03 217 0

සියලු අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දසවැනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය ක


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19994 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 100 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 418 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 515 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site