IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

(සුජිත් හේවාජුලිගේ)


අස්වැසුම  ප්‍රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ  රජයේ  වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත.

එම   ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළඳ  වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක මෙවැනි කටයුතු වලින් බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන ඇත.

අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණේ  අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති  අයදුම්කරුවන්  812753 කින්  යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහාය.

රුපියල් 5000ක් වටිනා මෙම  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  මල්ල   රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේද  අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙම ආහාර මල්ල පසුගිය 1 සිට  ලබන 13 වැනිදා දක්වා ලංකා සතොස  සහ කෝප් අලෙවිසල් හරහා  බෙදා හැරීමට සැලසුම් කර තිබිණ.

 

 



අදහස් (2)

‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි

prasanna Friday, 04 April 2025 01:11 PM

මෙම සහන මල්ල එපා. රටපුරා පැතිරී ඇති අපරාධ රැල්ල නවත්තන්න. මෙයාලත් හවුල් වගේ... ඇතැම් පරීක්ෂාවලින් තේරෙනවා.

:       12       22

ගුණරත්න Friday, 04 April 2025 01:13 PM

ගිය ආණ්ඩු කාලේ නම් මේ වගේ ඒවා හරි ඉක්මණින් කෙරුණා, දැන් දවස් 4ක් ගිහින් සෑහෙන පිරිසක් පගාව ගත්තාටත් පස්සේ අස්සයා ගියපු ඉස්තාලේ වගේ නැවැත්තුවා. කාටද මේ විහිලු සපයන්නේ?

:       16       22

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 6 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


පස්දරු පියා බිරියට සහ දියණියකට පොරොවෙන් කොටලා
2025 අප්‍රේල් මස 10 323 0

දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ල


මැතිසභා කමිටු තීරණවලට පණ දෙන්න මාසයක් කල්දෙයි
2025 අප්‍රේල් මස 10 118 0

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) යන කාරක සභා


අස්වැසුම මුදල් බැංකුවට දාන දිනය කියයි
2025 අප්‍රේල් මස 10 145 0

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැ


‘සිරි දළදා වන්දනාව’ 18 වැනිදා ඇරඹේ
2025 අප්‍රේල් මස 10 134 0

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ලෙස සැළකෙන ‘දන්ත ධාතූන්’ වහන්සේ ප්‍රදර්ශනය කරන ‘සිරි දළදා වන්දනා -2025’ මෙරට සහ ලෝක වාසී බෞද්ධයන්ට මහඟු අවස්ථාවක් බවත් ඇතැම්


පක්ෂ නායකයෝ ජනපති හමුවෙති
2025 අප්‍රේල් මස 10 388 1

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුව ජනාධිපති අනු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 365 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 902 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site