IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී

(කේ බුද්ධික කුමාරසිරි)

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන්   වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මොරගහහේන යහලකැලේ වත්තේ මැහෝගනී වෘක්ෂය අසලදී පැවැත්විණි.

අර්නස්ට් චේ ගුවේරා කියුබානු ඇමතිවරයෙකුව සිටියදී වර්ෂ 1959 දී රබර් පිළිබදව පර්යේෂණයක් සදහා මෙරටට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී වෘක්ෂය රෝපණය කර ඇත.

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල මෙම සැමරුම් වැඩසටහන සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී විය  .



අදහස් (4)

‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී

කිරිහාමි Tuesday, 08 October 2024 12:37 PM

කියවන කෙනා අනුව මේක වෙනස්වෙන්න පුළුවන්, නමුත් හොඳ චේතනා තිබුණත් "චේ ගුවේරා"ව මම දකින්නෙ අසාර්ථක අරමුණක් වෙනුවෙන් කැපවුණු ත්‍රස්තවාදියෙක් විදිහට. අද කියුබාව අසාර්ථක රාජ්‍යයක්. (ලංකාවෙන් වගේම) කියුබාවෙ මිනිස්සු අවස්ථාව ලැබුණ ගමන් බෝට්ටුවලින් ඇමරිකාවෙ, ෆ්ලොරිඩා වලට පැනල යනව. නමුත් ඇමරිකාවෙන් බෝට්ටුවලින් පැනල යන්නෑ කියුබාවට.

:       10       25

Tharindu Perera Tuesday, 08 October 2024 01:38 PM

අනේ කිරිහාමි, හොඳට මොලේ පාවිච්චි කරලා හිතන්න බැරි උනහම ඔහොම තමයි

:       19       5

කිරිහාමිTuesday, 08 October 2024 02:28 PM

මම කියල තියෙන ඒවට විරුද්ධ තර්ක තියෙනවනම් දැනගන්න කැමතියි. ඉස්සර ලංකාවෙ කිරිහාමි මෝඩ චරිතයක්. දැන් ඉන්ටනෙට් මීම්වල චරිතෙ නම දන්නවද? "මෝඩ තරිඳු" :) තරහවෙන්න එපා කිව්වට.

:       2       6

Nandalal DE SILVA - France Tuesday, 08 October 2024 03:34 PM

මොකද අපේ නව ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේකට සහභාගී උනේ නැත්තේ ?

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 86 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 206 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 252 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 190 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 137 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 336 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39442 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25706 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site