(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (9) එළිදැක්වීය.
ශ්‍රී ලංකාව අල්ලස, වංචාවෙන් සහ දූෂනයෙන් තොර රටක් බවට පත්කිරීමේ මූලික අරමුණ ඇතිව සකස් කළ මෙම ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ මෙම වසරේ සිට 2029 වසර දක්වා ක්‍රියාත්මක වේ.
රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වන වැඩසටහන් මාලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරයි.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ ජනපති එළිදක්වයි
යෝගා Wednesday, 09 April 2025 01:57 PM
කතාවට වඩා ක්‍රියාවයි වැදගත්. බලමු හොර පාරෙන් පන්නපු කන්ටේනර් 323 වගකිව යුත්තන්ට මොකද කරන්නේ කියලා...
කෞෂිWednesday, 09 April 2025 06:23 PM
ඔයාගෙ ළිඳ ළඟ එකතුවෙන අයද හොරපාරෙන් පැන්නුව කියන්නේ? යන්න පොලිසියට. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව නොවේ තියෙන්නේ. ඒක හින්දා සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්...
රම්බොඩ Wednesday, 09 April 2025 02:06 PM
පච කියන එකත් දූෂිත වැඩක් තමයි. ඒකත් නතර කරන්න ඕන. මේවා නැති කරන්න නම් ආකල්ප සංවර්ධනය කළ යුතුයි.
ගුණරත්න Wednesday, 09 April 2025 02:46 PM
දූෂණ කිව්වාම හොර උපාධිකාරයනුත් දූෂිතයෝ, මොකද පවතින පිළිගත් ක්‍රමයෙන් පිට වරප්‍රසාද ගැනීම දූෂණයක් නිසා, කෝ ඉතින් ඒ වගේ දේවල් වලට ගත් පියවර?
කපුරු හාමි Wednesday, 09 April 2025 02:59 PM
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා බඩවඩා ගත්තු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු දූෂිතම, පවුල් පාලනේ අයට දැන් කරකියා ගන්න දෙයක් නැතිවෙයි...
මැක්ස් Wednesday, 09 April 2025 03:09 PM
නරක ද මේ වගේම "බොරු කීම වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම" වගේ එකකුත් පටන් ගත්තොත්? එහෙම වුනොත් ජනාධිපතිත් ඒකට අහුවෙනවා. අගමැතිත් එහෙමයි. නලින් හේවගේ උඩින්ම අහුවෙනවා. වසන්ත සමරසිංහ, බිමල් රත්නායක වැනි මාලිමා කයිවාරුකාරයින් කොහොමත් අහුවෙනවා. උපාධි හොරුත් අහුවෙනවා. බලාගෙන ගියාම මුළු මාලිමා ආණ්ඩුවම ඒකට අහුවෙනවා. ඒ කියන්නේ එහෙම සැලැස්මක් මේ ආණ්ඩු කාලේ ක්‍රියාත්මක වෙන්නේ නෑ...
Siri Wednesday, 09 April 2025 03:10 PM
ඒ එක්කම ඔය රැස්වීම්වල මුසාවාදා දෙසාබාන මැති ඇමැති වරුන්ගේ වාචාල කටවල් වහන්නත් "ක්‍රියාකාරී සැලැස්මක්" හැදුවොත් නරකද සහෝදරයා? ඒ ජාතියේ එක ඇමති සහෝදරයෙක් පසුගිය දවසක ඡන්ද රැස්වීමකදී අපට තියෙන ඩොලර් සංචිතය මේ රජය විසින් ඉහළට නන්වපු හැටි පෙන්වන්න ඇදබාපු පට්ටපල් කෙප්පයක් නිසා අර කොහේදෝ යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක සහෝදරයා මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට කට උත්තර නැතුව කාපු පරිප්පුව දකින්න ඇතිනේ. මතක තියාගන්න ඔය වගේ දේවල් තමා වයිරල් වෙන්නේ. කරන හොඳ වැඩ නොවේ.
Alfread Wednesday, 09 April 2025 03:26 PM
ආසියාවේ ආශ්චර්ය නම් කරලා පෙන්නුවා. යහපාලනේ ඇවිත් කාපුවයි, පුනරුදෙයි තමයි හැබැයි හොඳටම කරගෙන තියෙන්නේ. ලක්ශෙකට රස්සා නැති වුණාම තමයි පුනරුදේ හොඳටම වෙන්නේ...!
ගමේ එකාලා Wednesday, 09 April 2025 04:00 PM
ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු ,දූෂිත දේසපාලුවන්ට, කඩේ යන වහලුන්ට හම් හරි අමාරු ඇති ?
Deshabandu Thursday, 10 April 2025 10:13 AM
විනිසුරු රංග මහතා ඇතුළු කට පුරා හොඳ වැදගත් කියන්න පුළුවන් පිරිසක් ඔබට සහයෝගය දෙන්න ඉන්න එක ලොකු සතුටක්...
Rata Perata Thursday, 10 April 2025 11:44 AM
රටේ සියලුම ජනමාධ්‍ය නියාමනයට ස්වාධීන ආයතනයක් පත්කළ යුතුයි. නැතිනම් එක එක ජනමාධ්‍ය තමන් කැමැති අයට කඩේ යන වැඩේ තමයි කරන්නේ. ඒක ජනතාවට කරන අපරාධයක්...!