IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘

 

(අංජුල මහික වීරරත්න)

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

තමා දන්නා ආර්ථික විද්‍යාවට අනුව එය අනිවාර්යයෙන්ම සිදුවන බව  අබේවර්ධන මහතා සඳහන් කළේය. නමුත් ජනතාව ඊට බයවෙන්නට අවශ්‍ය නොවන බව කී එජාප සභාපතිවරයා " ලංකාව වැටෙන කොට අපි බලා ගන්නවා" යනුවෙන්ද කීය.

මන්ත්‍රීකම් තිබුණත් නැතත් රට වැටෙන විට මුදා ගැනීමට ඉදිරිපත් වන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.ගාල්ල තලාපිටිය කොට්ඨාසයේ පැවති ජන හමුවක් අමතමින් වජිර  අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (29)

‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘

Perera Sunday, 27 April 2025 12:32 PM

මාස 3කට ඉස්සෙල්ලත් ඕක වැටුණේ නෑ. අර රජයේ සේවකයින්ගේ පඩි ගෙවාගන්නත් බැරිව ගියේ, මතකද ඔහේ කිව්වා...

:       0       22

nalaka Sunday, 27 April 2025 12:35 PM

ඡන්දයෙන් දිනලා එන්නම විදියක් නැද්ද..?

:       0       24

Ran Tha Sunday, 27 April 2025 12:43 PM

තමන්ගේ පක්ශේ වෙනුවෙන් ඉපදුණු රට කඩා වැටෙනකම් බලන් ඉන්නේ. කලින් කිව්වේ මාස දෙකෙන්. ඊට පස්සේ මාස 6න්. දැන් අවුරුද්දෙන්. ඊට පස්සේ අවුරුදු 2න්. ඕක තමයි දැන් මොවුන්ගේ සටන් පාඨ...

:       0       23

UPALI Sunday, 27 April 2025 12:43 PM

මෙම ආර්ථික ඔස්තාර්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවද?

:       0       22

පොඩිඑකා Sunday, 27 April 2025 12:58 PM

කව්ද මෙයාගේ බත් එකට අමු ඇට දාපු එකා...?

:       0       27

Kule Sunday, 27 April 2025 12:59 PM

මේ මනුස්සයා බොහෝ කාලෙක සිට එළුවා දිහා බලාගෙන ඉන්නවැයි...?

:       0       25

ගුණරත්න Sunday, 27 April 2025 01:00 PM

ආර්ථිකය කඩා වැටුණාම හැමදාමත් ඉදිරිපත්වෙලා ගොඩ දැම්ම එජාපය, එත් එහෙම කළාම ටික දවසකින් අපේ මිනිස්සුන්ට ඕනෑවෙනවා. මහාධන සිටුතුමාගේ ධනසම්පත්, එහෙම නැත්නම් රට ගලවාගන්න, අන්තිමේ හිටියාටත් වඩා කෙලවෙලා ආපහු එජාපයට ආරාධනා කරනවා. අපව බේරගනියෝ කියලා. ඔය විස්කම් චක්‍රය රටට නිදහස ලැබුණු කාලේ ඉඳලාම ක්‍රියාත්මකයි. දැන් මාලිමාව රට කන කාලේ, තව ටික දවසකින් ඔවුන්ගේ වික්‍රම එලිදරව් වුණාම වික්‍රමසිංහ ඕනෑ වේවි...

:       33       5

Pankumburage Sunday, 27 April 2025 01:03 PM

අර එළුවාගෙ මොකද්ද වැටෙනකම් නරියා පස්සෙන් ගියාළු. ඒ වගේ තමයි මෙයත්...

:       0       20

ලූට මූස් Sunday, 27 April 2025 01:03 PM

ඔහෙලගෙ පක්ෂෙ කුජීතෙට පරදින්න කලින් ගොඩදාගන්න ක්‍රමයක් දැනන් හිටියේ නැතෙයි?

:       1       28

ලව්සික් Sunday, 27 April 2025 01:07 PM

හා ඉතිං, බටලන්දේ කේස් එකෙන් සීයාව ඇනගන්න එකත් නවත්තලා පෙන්නන්නකෝ එහෙනම්...!

:       0       23

ප්‍රියන්ත Sunday, 27 April 2025 01:12 PM

ඔයා දන්න ආර්තික විජ්ජාව අපි නොදන්නවයෑ...!

:       0       28

නරියා Sunday, 27 April 2025 01:15 PM

එළුවාගේ සැට් එක ගැනත් මම ඔහොම හිතුවා මල්ලි, ඒත් තාම වැටුණේ නෑනේ...!

:       0       21

කොට මොඩල් හාදයා Sunday, 27 April 2025 01:20 PM

එතකොට කිරිබත් කන්නද බලාපොරොත්තුව...?

:       0       21

රම්බොඩ Sunday, 27 April 2025 01:26 PM

රට දැය සමය වැටෙනවා. පාතාලය සහ ත්‍රස්තවාදය නැගිටිනවා. දුවලා දුවලා ගිහින් කොටි හුරතල් කරලා එනවා. හැබැයි එ.ජා.ප. ය හොඳයි කියන්න නොවෙයි ලිව්වේ...

:       17       5

Dewa Sunday, 27 April 2025 01:28 PM

මේගොල්ලෝ.. අර මොකක්ද වැටෙනකන් වගේ ඔය මහත්වරු ඔහොම්මම... ඉන්නවලා. මාලිමාවට ජය...

:       0       18

Karunajeewa Sunday, 27 April 2025 01:36 PM

මොකක්දෝ එකක් වැටෙනකම්, නරියත් ඔහොම බලා හිටියා කියා කතාවක් අහලා තියෙනවා..

:       0       17

Rata Perata Sunday, 27 April 2025 01:37 PM

මේ වගේ ගොන්නු කියන ගොන් කතා බුද්ධියට නිගා කරන්න එපා. ජනමාධ්‍ය ජනතාව දැනුමින් පෝෂණය කළ යුතුයි.

:       0       18

ඒ.එම්.ඒ. කුමාර Sunday, 27 April 2025 01:39 PM

ඔන්න වැටෙනවා. මෙන්න වැටෙනවා. නොවැම්බර් වැටෙනවා. නරියෙකුත් ඔහොම හිත හිතා එළුවෙකුගේ පස්සෙන් ගියාලු...

:       1       16

Mahinda Sunday, 27 April 2025 01:56 PM

අර එළුවගේ මොකක්ද වැටෙනකන්‍ නරියකුත් ඔය වගේ බලාගෙන හිටියාලු...

:       0       14

Cham Sunday, 27 April 2025 02:22 PM

හොඳට තදට ඇඳලා ඉන්න. නොවැම්බර් වෙන්න ඉස්සෙල්ලා වැටෙන්න ඉඩ තියෙනවා. පුදුම රට වැසියෝ ටිකක් අපේ රටේ ඉන්නේ. රටක් වැටෙනකන් බලන් ඉන්න කාලකණ්ණි.

:       0       24

ගමේ එකාලා Sunday, 27 April 2025 02:23 PM

අපිට මතක හැටියට නම් රනිල් ලොක්කා කිව්වේ 2048 ආර්තිකය ගොඩදානවා කියලා...?

:       2       25

සෞදි-සිංහ Sunday, 27 April 2025 02:38 PM

දැන් හොඳටම ඔලුව අවුල්...

:       1       26

KASTHURI... Sunday, 27 April 2025 02:49 PM

රට වැටෙනකම් බලාගෙන ඉන්න තවත් කාලකන්ණියෙක්...

:       2       28

prasanna Sunday, 27 April 2025 03:07 PM

දැනටම වැටිලා... අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දේ ජනතාව උලා කෑවේ. කිසිම දැනුමක් නැති අඩු මාසෙ සෙට් එකක්.

:       21       4

පොඩිඑකාSunday, 27 April 2025 03:30 PM

හලෝ ප්‍රසන්න, ඔයාගේ ලොණ්ඩරියට පාඩුවෙලා ඔයා උලා කෑවාට අපි මක්කරන්නද? රටේ අනිත් අය නම් හොඳට අවුරුදු කෑවා..!

:       0       18

sanath Sunday, 27 April 2025 03:08 PM

එළුවගේ අහවල් එක වැටෙනකන් බලන් ඉන්නේ... ජනතාව මළත් ඔවුන්ට ඕනේ බලය. පුදුම තක්කඩි...

:       0       14

Srinath Sunday, 27 April 2025 03:36 PM

මේ වගේ අදහස් පලකරන අයට නීතියෙන් දඬුවම් කරන්න ක්‍රමයක් හදන්න ඕනෑ. ඒවගේම මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න. කිසිම තනතුරක් නැතිව පක්ෂ වලට මුවාවෙලා මෙහෙම දේවල් වලින් මුළු රටේම අනාගතය විනාශ වෙනවා.

:       0       18

චතුරි Sunday, 27 April 2025 04:30 PM

ඇයි ලබන නොවැම්බර් මාසේ වෙනකම් ඉන්නේ...? මේ රට හොරාකාලාම රට වැටිලා තියෙන බව දන්නේ නැත්ද? දන්නේ නැත්නම් නාකිපිනා, නායකයාගෙන් අහගන්න හඳහන බැලුවැද? කීවාද...? මේ රට වැටෙනවා. ඔබලා ලෑස්ති වෙන්න කියලා. ඔබලාට රට කෙරුවේ සාස්තර බලලා. අනුර ඇතුලු සැම කරන්නේ ආත්ම විශ්වාසයෙන්, බුද්ධියෙන්... මේ රට ගොඩගන්න පුළුවන් කියලා මෙයාගේ ආර්තික විද්‍යාවේ දැනුම කල්ප ගාණක් කොහේද තිබුනේ...? දැන් හොඳ වෙලාද? ඇස් ඇරෙන කොට අනුර රට අරගෙන ඉවරයි. මේ රට වැටෙන්නෙත් නැහැ. නහර මැරුණු කොන්ද පණ නැති හොර හැත්තට ආපහු රට යන්නෙත් නැහැ. අනුරට අවුරුදු 80 ක් වෙනකම් මාලිමාව මේ රට අත අරින්නේ නැහැ. ඊටපස්සෙත් මතු පරපුරේ නායකයත් මාලිමාවෙන්මයි. මේ අනාවැකිය ලියලා තියාගන්න..

:       0       13

නිමල් Sunday, 27 April 2025 04:53 PM

මුඛ ආවරණය ගලවලා තව එකෙකුට දුන්නා, ඔබලා කියන ඒවා ගණන් ගන්න අද කවුරුත් නෑ, ගෙදර ගිහින් අත්පා වකුටු කරගෙන බුදිය ගන්න...

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 436 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1299 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 963 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1590 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1404 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1663 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 412 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site