(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
තැන තැන ගොඩගැසුණු මළ මුත්‍රා ඇතුළු කසළ හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරී මහනුවර නගරය විශාලා මහනුවරක්වීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න ගැටලු උදාවූයේ ආණ්ඩුව පෙර සූදානමක් නොමැතිව දළදා වන්දනාව සූදානම් කිරීම නිසා බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා මෙයට පෙර රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරැන් දළදා වන්දනාව සඳහා මාස තුනකට කලින් සූදානම්වූ බවද ප්‍රකාශ කළේය.
දළදා වන්දනාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට රැස්වීම් පහළොවක් පමණ එදා පැවැත්වූ බවත් ඒවාට එම ජනාධිපතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම සහභාගි වූ බවත් කිරිඇල්ල මහතා පැවසීය. දළදා වන්දනාව සඳහා එදා අමාත්‍යාංශ දහයකට වැඩ කටයුතු පැවරූ බවත් නගරයට වතුර රැගෙන ඒම සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කූඩාරම් සැපයීම නිවාස අමාත්‍යාංශයටද ආහාර සැපයීම සංචාරක අමාත්‍යාංශයටද වශයෙන් එලෙස වැඩ පැවරූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මහනුවර නගරය කුණු ගොඩක් වෙලා‘
රම්බොඩ Sunday, 27 April 2025 02:07 PM
ඇයි දළදා වහන්සේගේ භාරකාරත්වය මෙවැනි දේට ඉක්මනින් එකඟ වුනේ? එතැනයි ප්‍රශ්නය. මාලිමාව කියන්නේ සිංහල බෞද්ධකමට කැමැති අය නොවෙයි...
ගමේ එකාලා Sunday, 27 April 2025 02:15 PM
තමුන්ලා ඒ කාලේ හරියට කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
සචිත් Sunday, 27 April 2025 02:24 PM
දැන් නුවර කුණු එකතු කරන ගමන්, ඔයාගේ හන්තානේ ඉඩමට ගෙනත් දාන්නද?
Saman Sunday, 27 April 2025 02:27 PM
ඇත්තටම මේ කියන කතාවට එකඟ වෙන්න වෙනවා. රිලා ප්‍රශ්නයේදී අසමත් තාම ගැටළුව ඒකෙමයි. මේකත් හත්පොලේ අනාගත්තා. මීට වඩා බැරැක්කවල ඉන්න හමුදා වලින් වඩා ගන්න. නිකන් පඩි ගෙවලා බැරැක්කවල තියන්න එපා...
සෙනෙවිරත්න Sunday, 27 April 2025 02:34 PM
අනේ කිරිඇල්ල, තමුන්ගේ නායකයා පරයලා ගොං කතා කියන්න එපා... ඒක වරදක්, මිනිස්සු අසාමාන්‍ය ලෙස පැමිණීම රජයට පාලනය කළ හැකිද? කුණු කසළ එකතු කිරීම මිනිස්සු කලින් දැනුවත් කලා කියලා පාලනය කරන්න හැකිද, ඕන නම් මළ මුත්‍රා පහවීම පාලනයට බෙහෙතක් නිපදවා බෙදන්න තිබුණා සජිත් හිටියා නම්...!
ඩෙංගු මධුරි Sunday, 27 April 2025 02:38 PM
තමන් වෙන කොහෙට හරි ගියානම් කුණු කන්දක් අයින් කෙරුවා වගේ තමයි. හැබැයි ඒ යන තැනට දෙයියන්ගේම පිහිටයි...
prasanna Sunday, 27 April 2025 03:05 PM
රට විනාශ කරපු සහ දේපළ ගිනිතියපු පක්ෂයක් වන ජවිප සංවිධානය කරන්න දන්නේ විනාශකාරී සහ ජනතාවට අයහපත් දේවල් මිස යහපත් වැඩ නොවේ.
Sanath Sunday, 27 April 2025 03:06 PM
2009 දී වැඩේ හරියට ප්ලෑන් කරගන්න බැරිව දවස් දෙකකට කළින් නවත්වලා දැම්මේ ඒක වෙන්න ඇති. කොහොම වුණත් මිනිස්සු කවුරුවත් බඩගින්නේ තියන්නේ නැතිව වැඩිපුරත් එක්ක කෑම ලැබුණා. නියමිත දවස් ගණනත් සම්පූර්ණ කළා. පිරිසිදු කරන වැඩත් ගාණට යනවා. දැන් ඔහෙලට දරාගන්න බෑ මේක...
ලයන් Sunday, 27 April 2025 03:19 PM
හැබැයි මෙයාලා බලේට ඇවිල්ලා දළදා වහන්සේ පෙන්නුවා නම් ඉස්සෙල්ලාම ප්‍රභුවරු ලෙස එන්නේ සජිත්, හාමිනේ, අම්මා දුලාංජලි, ඒ එක්කම කිරි ඇල්ල උන්නැහැ... දූ සිඟිත්තා, ඊට පස්සේ ඇමැති රෑන පවුල්පිටින්. ඔය එක්කෙනෙක්වත් පයින් එන්නේ නැහැ. මාලිගාව ළඟටම ඇවිල්ලා බහින්නේ, එදා රෑ සජියාගේ පවුල රජගෙදර, හෙලිකොප්ටරෙන් පවුල සමග සජිය එන්නේ...!
පොඩිඑකා Sunday, 27 April 2025 03:26 PM
ඔහෙලා මුලු රටම කුණු කන්දක් කරලා තිබුනේ, ඒක ඇදගන්න සෑහෙන කලක් යයි..!
Perera Sunday, 27 April 2025 03:31 PM
නගරයක කසල කලමනාකරණය භාර එම නගරයේ නගර සභාවට වින රටේ රජයට නොවේ.
විපරමා Sunday, 27 April 2025 03:50 PM
මීතොටමුල්ලේ කුණු කන්ද පිදුරුතලාගල කන්ද වෙනකම් උඩට නගිනකම් බලාගෙන හිටියා? මොනවාද කෙරුවේ, කයිවාරු කාරයින්ට මොනවා කියන්න බැරිද?
sugath Sunday, 27 April 2025 04:14 PM
ඉතින් නිකම් කියව කියවා ඉන්නේ නැතුව, ගිහින් නගරය සුද්ද කරන්ට උදව් වෙන්නකෝ...
Tomi Sunday, 27 April 2025 04:14 PM
ජෙප්පන්ට සංවිධානය කරන්න පුළුවන් උද්ඝෝෂණ විතරයි...