IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට

(පාලිත නානායක්කාර, ප්‍රසන්න පද්මසිරි,ප්‍රසාද් රුක්මල් සහ ළහිරු හර්ෂණ) 

දියතලාව නරියාකන්ද ,  "ෆොක්ස්හිල්" මෝටර් රථ හා  යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන  තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක්  මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන්  සිදුවූ අනතුරකින්  තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු මියගොස්   ඇතැයි  පොලීසිය කියයි.

අනතුරින් තවත්   19 දෙනකු පමණ තුවාල ලබා  දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය. 

එක් මෝටර් රථයක්   අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ  තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි  පොලිසිය පැවසීය. 

ඡායාරූප සමන්පාලිත නානායක්කා, ප්‍රසාද් රුක්මල්, ලුණුගල ප්‍රසන්න පද්මසිරි

 



අදහස් (21)

‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට

විහඟ පෙරේරා Sunday, 21 April 2024 04:26 PM

ආතල් ගන්න ගිහින් මැරෙන අය ඉන්න රටවල් අතරට ලංකාවත් ටිකෙන් ටික හරි එකතුවෙනවා. නාන්න ගිහින් සතියකට එක්කෙනෙක් හරි මැරෙනවා. ඒ අස්සේ මෙව්වා. අයියෝ සල්ලි...

:       6       67

MalMonday, 22 April 2024 04:50 AM

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු අද 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව පොලිසිය පවසයි

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 April 2024 04:30 PM

මේ තරඟ පැවැත්වීමේදී පිට රටවල හොඳින් පාරවල් නොලිස්සන සේ තාර දමා සකස් කොට තිබෙනවා.මෙසේ කඳු කපා ලිස්සන මැටි ගොඩවල් මත 120 ක වැනි වේගයකින් යුතුව තරඟ පැවැත්වීමෙන් ලිස්සා අනතුරු සිදුවීම පුදුමයක් නොවේ. සත්‍ය මෙය නොවේද ?

:       57       79

රනේSunday, 21 April 2024 05:20 PM

නෑ.. තන්හාව සහ ආශාව.. තමයි හේතුව...

:       3       33

Prabha Sunday, 21 April 2024 05:23 PM

මේක රැළි රේස් එකක්...

:       1       27

sachithSunday, 21 April 2024 07:52 PM

විදේශයන්ගේ වුණත් මේ වගේ තරග තියෙනවා. මේ වගේ අනතුරුත් වෙනවා. හැබැයි ඒවාවලදී ගොඩක්ම ආරක්ෂක ක්‍රියාමාර්ග තිබෙනවා. ඒකෙන් වන විනාශය අඩුයි.

:       0       1

පිටිගල මිලානෝ Sunday, 21 April 2024 04:44 PM

බෝම්බයක් පිපිරුණාම දුවන්නේ නැතුව ඒක නරඹන්න එන අපේ මිනිස්සු කවදා හැදෙයිද…?

:       3       71

සල්ගාදුSunday, 21 April 2024 06:20 PM

පිටිගල වීඩියෝ එක බලලා නෑ වගේ. කට කතාවලට රැවටෙන්න එපා...

:       4       8

Kasthuri Sunday, 21 April 2024 04:49 PM

කළින් සංවිධානය කරපු අයගේ මොකක්හරි ප්‍රශ්නයක් වුණා නම් ඉඳලා ඉවරයි.

:       4       17

pakeer Sunday, 21 April 2024 06:14 PM

මමත් යන්න හිටියේ බලන්න... මට මිස් වුණා. ලංකාවේ ඉන්න මිනිස්සු හුඟාක් හරිම නූගත්. එයාලට මේවගේ දේවල් නරඹන්න තරම් මොලයක් නැහැ. අපි ඉන්නේ තාම වැද්දෝ වගේ...

:       0       0

Lakruwan Sunday, 21 April 2024 07:34 PM

මියයෑම් වලට හේතුව "ට්‍රැක්ලන්තේ" මිනිසුන්ගේ තවත් මෝඩ ක්‍රියාවක් බව පැහැදිලියි..

:       1       25

Buddika Sunday, 21 April 2024 07:40 PM

ඉතාම කණගාටුදායක සිද්ධියක්... මියගිය සියලු දෙනාට නිවන් සුවය ලැබේවා... මේක ලන්කාවේ ජාතියේ වැරැද්දක්. මොකක් හරි වුණාම අනතුර ගැන හිතලා පස්සට වෙලා ආරක්ෂක පියවර නොගෙන ඒක නරඹන්න යනවා. සුනාමියෙන් වැඩි දෙනෙක් මියගිටේ ආපස්සට ගිය මුහුද නරඹන්න ගිහින්. මනුස්සයෙකුට කරදරයක් වුණාමත් ඒකාව බේරාගන්න කලින් කරන්නෙ වීඩියෝ කරන එක. ඒ වගේ ආතල් ගන්න එවුන් නිසා තමයි මේවා වෙන්නේ...!

:       2       33

Nandana Sunday, 21 April 2024 09:00 PM

මීට වඩා ආරක්ෂාව ගැන හිතන්න තිබුණා...

:       0       1

Malan Sunday, 21 April 2024 09:13 PM

මමත් බැලුවා ගොඩක් ඈතින් හිටියේ... පයින්ස් ගහක් යට ඉඳගෙන, දුරට පෙනුණා ඇම්බියුලන්ස් ආවා සයිරන් දාගෙන ගියා. ඇම්බියුලන්ස් දෙක තුනක් ආව නිසා මම හිතුවා රේස් එක පැදපු කෙනා විතරක් නොවේ ගොඩක් අයට තුවාල වෙලා ඇති කියලා. මට දැනුණු විදියට ඇම්බියුලන්ස් එන්න වෙලාව ගියා... හේතුව රේස් එක නවත්වන්න එපැයි.., මොනවා කරන්නත්. මම මේකේ දැක්ක දෙයක් තමයි ගොඩාක් අයට රේස් එක බලන්න එච්චර ගානක් නෑ, එයාලට පොඩි ෆන් එකක් ගන්න මේක අවස්තාවක් විතරයි, සින්දු කියනවා බෙර ගහනවා බියර් බොනවා, අයිස් ක්‍රීම් කනවා... ෆුල් ෆන්.. ඒක එහෙම තමයි. ඇතුලේ හිටපු ගොඩක් අය අනතුර ගැන දන්නේ නෑ, ස්පිකර් එක දෝංකාර දෙනවා කඳු නිසා කියන දෙයක් තෙරෙන්නේ නෑ. හැමෝම වගේ අනතුර වෙලත් පැයක් විතර හිටියා... ඊළඟ රේස් එක පටන් ගන්නකම්. තව කතා ගොඩයි... පස්සේ ලියමු.

:       0       0

දම්මික Sunday, 21 April 2024 10:08 PM

වේගය මරු කැඳවයි.. ආසා දෙයක් හොඳට කන්න, බොන්න, අඳින්න නැති පස්ස වේලෙන අයගේ ලාමක ආසාවන් නිසා නිකරුණේ නැතිවෙන මෝඩ ජීවිත.. මට නම් දුක අර අවුරුදු 8 පොඩි දුව ගැන විතරයි.

:       0       0

pradeep Sunday, 21 April 2024 10:37 PM

පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු 260 ක් මැරිලා අවුරුදු 5ක් වෙන දවසේ මේ වගේ දේවල් සංවිධානය කරපු එකත් වැරැදි වැඩක් නේද? විශේෂයෙන්ම හමුදාව වගේ ආයතනයක් මීට වඩා කල්පනා කළ යුතුයි.

:       0       1

lakvidu Sunday, 21 April 2024 10:40 PM

ජාත්‍යන්තරව සම්මත තත්ත්වයින්ට දැඩිසේ යටත්ව පමණක් මෙවන් තරග සහ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලට අවසරදීම රජයේ බලවත් වගකීමක්. උදාහරණයක් ලෙස බටහිර රටවල සහ ඕස්ට්‍රේලියාවේ, ළමයකු ආරක්ශිත හෙල්මටයක්, ආරක්ශිත පාවහන් නොමැතිව අඩුම තරමේ පාපැදියක්වත් පැද ගියොත් දෙමව්පියන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔබට මතක ඇති වරක් එංගලන්තයේ අගමැති, ආරක්ෂිත ඇඳුම් නොමැතිව තමාගේ බෝට්ටුව පැද නීතියෙන් දඩුවම් කළා...

:       0       2

pakeer Sunday, 21 April 2024 11:55 PM

මෙච්චර යන්න එපා කියද්දීද යැව්වේ? අනේ පව්...!

:       0       0

නිහාල් Monday, 22 April 2024 06:25 AM

ඉතා දුර්වල ආරක්ෂක විධි යටතේ තරගයක් පවත්වා මිනීමැරීම් සිදුකිරීමක්. වගකිව යුතු සංවිදායකයින්ට උසාවියේ නඩු පැවරිය යුතුයි.

:       0       2

Perera Monday, 22 April 2024 06:55 AM

ඉතාමත් අනාරක්ෂිත ධාවන පථයක්.. නරඹන්නන් සහ අධික වේගයෙන් ධාවනය වෙන මෝටර් රථ වෙන්වෙලා තියෙන්නේ පස් ගොඩකින් පමණයි...

:       0       1

මලිත් Monday, 22 April 2024 10:01 AM

මේක අද ඊයේ පවත්වන තරඟයක් නෙවෙයි. මෙච්චරකල් ඔහොම දේවල් නොවුන බැවින් වැඩිදෙනෙක් දන්නේවත් නැහැ ඕක ගැන. ඔහොම තමයි හැම එකකම හොඳ නරක තියෙනවා. මේ තරඟය කාපට් පාරක යන එකක් නෙවෙයි. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 103 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 80 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 185 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 151 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 312 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 583 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1555 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site