IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘

(තිසර සමල්)

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීය.

මේ රටට ආදරය කරන මිනිස්සු නම් ඔය දේශපාලඥයන් ඇත්තටම වර්ථමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නෑ, ඊයේ දැනගන්න ලැබුණා දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේ ගොල්ල, එක සන්ධානයක් හදලා, මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා තනතුරෙන් පහ කරන්න.

මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි.ඔය ඔක්කොම කෑ ගැහුවේ අපි රටට ආදරෙයි, අපි අරක කරනවා, මේක කරනවා, කියලා.දැන් ඉතින් ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු පත් වුණා නේ, ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තමයි සිස්ටම් චේන්ජ් එකක්, අරගලයේ ඉඳලාම ඔකනේ කිව්වේ, අරගලයේ ඉඳලා ඒ ඉල්ලපු ජන මතයට ගරු කරලා වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ධූරය භාර ගත්තා, දැන් කළ යුත්තේ දේශපාලඥයන් හැටියට රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් පැහැදිලිවම මෙතුමාට මේ අවුරුදු 05 කකුලෙන් අදින්නේ නැතිව කර ගෙන යන්න ඉඩ දෙන්න.ඒක තමයි දේශපාලඥයන් කළ යුතු එකම ක්‍රියාදාමය.

මම දැක්කා දේශපාලඥයන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, මේ ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත ලැබුණේ ඇත්තටම බොහෝම අතලොස්සයි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද තියෙන්නේ, අනෙක් ඒවා දුන්නේ මේ රටේ දේශපාලඥයන් කෙරෙහි, මේ කරපු ජඩ වැඩ හින්දා, වෛරයකින්, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, මේ රටේ අල්ලස, දූෂණය, වංචාව, රජකරපු යුගයක්නේ තිබුණේ, මැති ඇමතිවරු, මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳපුවා දැක්කා නම් අර මුහුණු පොතේ යන වාහන ගොඩ දැක්කා නම් මෙව්වා කොහෙද තිබුණේ කියලා හිතෙනවා.එක වාහනයක මම හිතන්නේ ලීටරයකට වැඩ කරන්නේ කිලෝ මීටර 05 ක් නැත්මන් 03 යි.බලන්න කොළඹ ඉඳලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සමස්ථ රටේම මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පාවිච්චි කරපු වාහන වලට ගියපු වියදම්,තෙල් , වැටුප් දිහා බැලුවම මේ රට ඇත්තමට ගොඩනගන්න පුලුවන් ඒ වගේ ඉතුරු කරලා, ඉතින් ජනාධිපතිතුමා අදර්ශයක් දුන්නා මේ රටට එතුමාගේ දිවුරුම් දීමේ උත්සවය බොහෝම සරලව සිදු කරනු ලැබුවා.

හැබැයි මතක තියා ගන්න ඕන, ජනාධිපතිතුමාට මම මේ කාරණය කියන්නේ, යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් පත් වුණාට පස්සේ ඔය විදිහටම කළා, ඒකත් ජනතාව ඒවත් දන්නවා.ඒ නිසා ප්‍රායෝගිකව ක්‍රියාවෙන් මේ හැම දෙයක්ම ඔප්පු කරන්න මම ඉල්ලීමක් කරනවා.

 



අදහස් (3)

‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘

fairoos Wednesday, 25 September 2024 05:34 PM

සහතික ඇත්ත.

:       1       14

රම්බොඩ Wednesday, 25 September 2024 06:08 PM

මහජනතාව දැන ගන්න ඕනෑ ජනාධිපතිතුමාට හරි, කැබිනට් එකක් තෝරලා දෙන්න. පාර්ලිමේන්තුවට පරණ පුරුදු හොරු ටිකම යැව්වොත් කිසිම වැඩක් නැතිවෙනවා. කිසිම පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමා සමඟ රටට වැඩකරන කොටසක් යවන්න ඕනෑ මහ මැතිවරණයෙන්...!

:       0       0

chandima Wednesday, 25 September 2024 06:21 PM

කකුලෙන් අදින කොට හිටපු හිටපු ජනාධිපතිගේ නම් කලිසම් බිමට වැටෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 6 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 693 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 230 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 618 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 442 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2565 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37075 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site