IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘

(කේ බුද්ධික කුමාරසිරි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.

අදාල ඉඩම අක්කර එකයි පර්චස් 13.7 ක විශාලත්වයකින් යුත් බවත් එම ඉඩමෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3128 ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම අදාල ඉඩම තුල ඉදිකර ඇති මන්දිරය වර්ග අඩි 30354 ක විශාලත්වයෙන් යුතු බවත් එම මන්දිරයෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229 ක් වී ඇතැයි ද ඒ මහතා අනාවරණය කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින එම නිවස පාපන්දු පිටියක් තරම් විශාල නිවසක් බවත් නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක විශාලත්වය වර්ග අඩි 450ක් පමණ වන බවත් මෙහිදී කරුණු දක්වමින් අසිත නිරෝෂණ මහතා අනාවරණය කරන ලදී.

 



අදහස් (20)

‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘

pj Saturday, 25 January 2025 10:08 AM

කොන්දක් නැති ඉරිසියාකාරයො.. වෙෙරය වපුරන්නෝ... බලය ගත්තේ දූෂණය කරපු ධනය නැවත රටට ලබා දෙන්න. මොනවද මේ කරන හිකනල් වැඩ?

:       47       99

beauSaturday, 25 January 2025 08:42 PM

ඊර්ෂියාවක් නොවේ.. මහජනයා ඡන්දේ දුන්නේ මහ ඒවුන්ගේ අසීමිත සුඛ විහරණය අඩු කරන්න තමයි. නාමල් සති ගානක් පාර්ලිමේන්තුවේ දී බෙරිහන් දුන්නා. කෝ හොරු ඇල්ලුවාද කියලා ආණ්ඩුව සමච්චලයට ලක් කරමින් ඔන්න දැන් හොරු අල්ලගෙන යනවා

:       69       37

ජගත් ලියනගේ Saturday, 25 January 2025 10:16 AM

එච්චර ලොකු එකක් ඕනෑනේ මයින්ද මහත්තයාට. මොකද මයින්ද මාතියා හැන්දෑවට හැන්දෑවට, වත්තේ පිනුම් ගහනවා. සමහර දවස් වල ඔට්ටුත් දුවනවා.

:       70       30

මැක්ස් Saturday, 25 January 2025 10:49 AM

අනේ ඉතින් නායකයෝ කියන ඒවා ඒ විදියටම පුනරුච්චාරණය කරන මෙවැනි ගිරවුන්ට අපි අනුකම්පා කරමු.

:       19       52

Pradeep Kumara Saturday, 25 January 2025 10:56 AM

දෙන්නත් එක්ක පාපන්දුත් ගහනවා ඇති...

:       40       17

රම්බොඩ Saturday, 25 January 2025 11:28 AM

දැන් මොවුනට තියෙන්නේ එකම එක රාජකාරියක් වග ඉතා පැහැදිලි ය. ඒ රාජපක්ෂ මහතාගෙන් සහ එම දරු දෙනොගෙන් පළි ගැනීමය. මෙම නිවස රට සතු දෙයකි. මහින්ද මහතා එහි වර්ථමාන පදිංචි කරු පමණි. ඔහු එහි සිටීම හෝ යෑම මහජනයා ගේ ප්‍රශ්නයක් නොව..ඔහු එයින් ගියා කියා රටට වන යහපත කුමක්ද ?

:       64       106

B AmarasingheSaturday, 25 January 2025 04:48 PM

ඕක කුලියට දීලා ආදායමක් ගන්න පුලුවන්නේ...?

:       9       18

සමන් ගමගේ Saturday, 25 January 2025 11:58 AM

දැන් ඔය විදිහටම කොළඹ රාජකීය චිදුහලේ විදුහල්පතිගෙ නිල නිවසෙ වටිනාකම කීයද?

:       16       72

B AmarasingheSaturday, 25 January 2025 04:46 PM

රාජකීය විදුහල්පති තනතුරෙන් ඉවත් වුණාම අළුත් කෙනාට දීලා යන්න ඕනේ. මේ හිටපු එවුන් මොකටද නඩත්තු කරන්න ඕනේ...?

:       30       25

යෝගා Saturday, 25 January 2025 12:05 PM

ඉතින් ව්‍යවස්ථාවේ හැටියට ඒ මනුස්සයට වෙන සුදුසු ආරක්ෂා සහිත ගෙයක් දීලා ඔික විකුණගනිල්ලා එතකොට ඉවරයි නේ

:       19       54

Chathura Saturday, 25 January 2025 12:11 PM

මේ ගෙය මහින්ද රාජපක්ෂගේ පවුලට අයිති ගෙයක් ද? ආණ්ඩුවට අයිති ගෙයක් ද? ඔක්කොට කලින් මේක පැහැදිලිව කිවොත් වටිනවා

:       5       44

පොඩිඑකා Saturday, 25 January 2025 01:43 PM

ඉතිං මොකෑ…, එයා ඒකෙ හොඳට ෆුට්බෝල් ගැහුවා…!

:       4       21

ANURA ROME Saturday, 25 January 2025 01:46 PM

මොවුන් මේ ඉටු කරන්නේ කොටි ඩයස්‌පෝරාවේ වුවමනාව බව නොතේරෙන ගොබ්බයින් පිරිසක් ලංකාවේ සිටීම ගැන හරිම කණගාටුදායකයි. කොටි ඩයස්‌පෝරාව මාලිමාවට ඩොලර් පොම්ප කළා.. යුද්ධය අවසාන කළ එකේ ප්‍රතිඵලය තමයි මේ. සමස්ථයක් සිංහලයින් මහා කුහකයින්. තමන්ගේම ජාතිය මුදලට තානාන්තරවලට පාවාදෙන අමනුෂ්‍යයින්..

:       36       69

TharangaSaturday, 25 January 2025 02:32 PM

ඔබලා ඉතින් 2015 රනිල්‍ටත් කිව්වේ කොටි ඩයස්පෝරාව බැංකු හොරා කියලා. පස්සේ එයාව පොහොට්ටුව ජනාධිපති කළේ දැන් ඔය වචන තවත් වලංගු නෑ. රාජපක්ෂලා හොරු නිසා තමයි ජනතාවට එපා වුනේ. කොටි එක්ක ඉන්නේ මහින්ද, කරුණා, පිල්ලයාන්, කේපී ඔබලාට තවත් මිනිස්සු අන්දන්න බැහැ.. මිනිස්සු අරගලයක් කරලාම එලෙව්වේ මේ රාජපක්ෂ ජුන්ටාව...

:       51       23

Roni Saturday, 25 January 2025 04:02 PM

සහෝදරවරු හානවා මිත්‍රවරුනි...

:       13       41

Toni Saturday, 25 January 2025 04:04 PM

ජෙප්පන්ගේ දැවෙන ප්‍රශ්න තමයි මේවා... අරකේ ලොකු බල බල ඉන්න.

:       12       43

Nandalal DE SILVA - France Saturday, 25 January 2025 04:37 PM

වර්ග අඩි 30354ක දැවැන්ත මන්දිරයක.., මයිනයි, සිරිලියයි නොදැකපු ස්තානයි... කාමරයි කොතරම් තිබේද කියා ඔවුන්වත් නොදන්නවා ඇති. ඕකෙ තිබෙන පුරාවස්තු ටිකත් මැදමූලන ඉලව්වට ලොරි මගින් පටවාගෙන යනවාද කියා අප බලා ඉන්නවා...

:       41       18

Lionel Saturday, 25 January 2025 05:20 PM

ඉදිරියට එන ජනාධිපතිලත් නඩත්තු කරන්න ජනතාවට සිදුවෙයි. මෙය නවත්වන්න ඕනෑමයි...

:       31       22

Deepal Nirosh Saturday, 25 January 2025 05:44 PM

ජනාධිපතිතුමා බලයට ආවානේ, දැන් ඉතින් කියපුවා කරලා පෙන්නන්න එපායෑ? තාම උගන්ඩාවෙන් රුපියලක්වත් හොයා ගන්න බැරිවුණා. ඉදිරියටවත් හොයා ගන්න පුළුවන් වුණොත් හරි. එතකන් ඉතින් මෙහෙම හරි ප්‍රශ්නයක් ඇදගෙන යන්න එපායැ. නැත්නම් හාල් පොල් මදිවට තෙල් ගෑස් පෝලිම් යුගයක් ආවොත් දුක් විඳින්න වෙන්නෙ අපිටම මිසක් අනුරටවත් මහින්දටවත් නෙවෙයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉමු.

:       6       37

මිලානෝ වැසියා Saturday, 25 January 2025 08:29 PM

මට තියෙන ප්‍රශ්නේ කෝටි 22 යි වටින්නේ කියලා මෙයාම කියන ගෙයකට මාසික කුලිය ලක්ෂ 46 ක් කියලා තක්සේරු කරපු තක්සේරු කරුවා කව්ද කියන එක.

:       3       39

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලී පනි
2025 ජනවාරි මස 26 26 0

පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයෙදී පිලි පැනිමකට ලක්ව ඇති බව කියයි.


කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ
2025 ජනවාරි මස 26 50 0

රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න ව


ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි
2025 ජනවාරි මස 26 81 0

විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්


ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි
2025 ජනවාරි මස 26 120 0

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බ


ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්
2025 ජනවාරි මස 26 60 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත


සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්
2025 ජනවාරි මස 26 53 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 20 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 555 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 653 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site