IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

බටලන්ද කොමිෂන් වාර්තාව ගැන තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා.

ඒ අවස්ථාවේදී රටේ ර්මමස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය,මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා.ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.

ආරක්ෂක අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීමට තීරණය කෙරිණා.

ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.

මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දමනු ලැබුවා.ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව එවකට සිටි ඈවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමටත් පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයකු, සමූපාකාර සමිති සභාපතිවරයකු,පොලිස් සාජන්වරයකු, ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ද පහර දීමක් කෙරුණා.

කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.

1994 න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා.ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා.මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.

ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.

කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා.එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා.මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.

ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ.ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා.නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. අඩුම තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ.බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ.ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේවත් අනෙක් පාර්ලිමේන්තු වලවත් නැහැ.

 



අදහස් (32)

‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘

ජිල්බු Sunday, 16 March 2025 12:18 PM

මම වෙන මොනව කියන්නද, නේද කජු සීයේ?

:       264       664

SunethSunday, 16 March 2025 05:02 PM

ලෝකෙටම පේන්න හත්පොලේ ගාගෙන දැන් කියනවා ඒක කෙරුවේ වෙන කෙනෙක් කියලා. හරි, ඔයා නොවේ.

:       232       904

ගැමුණු Sunday, 16 March 2025 06:29 PM

රටපුරා JVP විසින් කළ ඝාතන, මහජන දේපල හානිකිරීම්, බැංකු කඩා රත්තරන් සහ මුදල් පැහැර ගැනීම්, පාසල්, රජයේ ගොඩනැගිලි, බස්රථ ගිනි තැබීම පිළිබඳව පරීක්ෂණ කර ඒ ගැන සොයා බලා සිදුවූ හානියට වන්දි ගෙවීමට JVP ආණ්ඩුව කටයුතු කළයුතුයි. හිටපු JVP නායක රෝහණ විජේවිරගේ බිරිඳට වර්තමාන JVP කණඩායම පිළිබඳව කරන්නා වූ ප්‍රකාශ සොයා බලන්න.

:       366       225

පර්සි මහේන්ද්‍ර Sunday, 16 March 2025 07:19 PM

බස් ගැමුණු, ඇයි මේ නින්දෙන් අවදිවෙලා. ඔය පටන්ගත්තා විතරයි. අවුරුදු තිස් හතලිස් ගාණක් තිබිලත් නොකරපු දේවල් ඔය අයගේ ආණ්ඩු කවදාවත් කරන්නෑ. මොකද ඒ අයට හොරාකෑම වගේ වෙන වැදගත් වැඩ තියෙනවා. කමක් නෑ, තව අවුරුදු පහළොවකින් වෙන අය බලයට එයි. එතකොට බලන්න.

:       184       346

යෝගා Sunday, 16 March 2025 12:25 PM

මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සති දෙකකට සැරයක් එළිදක්වන මේ වගේ විකට නාටක පිහිටෙන්. හැබැයි මේ වාර්තාව කෙසේ වෙතත් ජේවීපී භීෂණ සමයේ මිනී මරලා දැන් මැති ඇමැතිලා වෙලා ඉන්න ගෝනිබිල්ලෝ ටික හෙලි කරගන්න ඕනෑ.

:       453       269

යෝගගෙ අධෝමුකේSunday, 16 March 2025 07:21 PM

ඉතිං ඔහෙලාගේ මාර ආණ්ඩු කාලේ ඒ ටික නොකලේ මොකෝ..?

:       120       449

හසකSunday, 16 March 2025 07:36 PM

රට මේ තත්ත්වයට පත්කරපු අයගේ වහල් බලකාය නැවතත් ළදරු රතු කොළ බොත්තම් සෙල්ලමේ. මොන්ටිසෝරි වැඩ...!

:       109       26

කෞෂිSunday, 16 March 2025 08:51 PM

යෝග ඉන්නව, ගුණරත්න මිසින්. මට හිනා!

:       86       27

ලූට හොදටම මූස් Sunday, 16 March 2025 12:29 PM

ඉතිං අනේ ඔහෙලගේ ආණ්ඩු කාලේ ඒක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒකේ වැරැදියි කියලා ඔප්පු කළා නම් හරිනේ, වල්ගෙ ගිණිගන්නකන් ඉන්නේ නැතුව...!

:       134       435

පොඩිඑකා Sunday, 16 March 2025 12:30 PM

හොරාට කලින් කෙහෙල් මුත්තා වැට පැනලා…!

:       133       326

රංගන Sunday, 16 March 2025 01:18 PM

ඒකද මහත්තයෝ අල්ජසීරාවට මුලින්ම වාර්තාවක් නැහැ කියලා, මාධ්‍යවේදිනියක් ඒක පෙන්නුවාට පස්සේ ඕක සභාගත කරලා නැහැයි කියලා කිව්වේ? අපි නම් ඔටුවෝ නෙමෙයි.

:       202       549

ලක්විදු Sunday, 16 March 2025 01:51 PM

කව්ද ඔයාගෙන් ඇහුවේ?

:       92       124

ජගත් ලියනගේSunday, 16 March 2025 03:18 PM

කෙහෙල් කැන වැට පනිනවා කියලා අහලා තිබ්බාට දැකලා නැහැ. රනිල් ඒකත් අද පෙන්නුවා...

:       134       114

අනුන්ට ඇඟිල්ල දික් කරනකොට තමන්ගෙ පැත්තට ඇඟිලි හතරයි Sunday, 16 March 2025 01:52 PM

බටලන්ද විමර්ශනයක් කරනවා නම්, ඉස්සෙල්ලාම ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මරණ පිළිබඳ සොයා බැලිය යුතුයි. වෙන කිසිම සමාජවාදී විප්ලවයක් රටේ අහිංසක මිනිස්සු ඝාතනය කරේ නැත. ඒත් වත්මන් මාලිමාව නමින් බැටලු හම් පොරවා සිටින ජවිපෙය කළ විනාශය එදා සිටියවුන් ඉතා හොඳින් දනිති. මක් නිසාද යත්, එදා ඔවුන් සිදු කළ අපරාධ, ජවිපෙ සාමාජිකයන් විසින්ම පාපොච්චාරණය කළ නිසායි...

:       144       262

ddsSunday, 16 March 2025 02:39 PM

ඩග්ලස් පීරිස්ගේ දිව්රුම් පෙත්සමත් කියවන්න. ඒක ඉවර වුණාම කියන්න තව කියවන්න.. බලන්න ඒවා කියලා එවන්නම්...

:       143       100

උඩුගම්පොල Sunday, 16 March 2025 01:54 PM

ඔබතුමා ඇයි මේ බයවෙලා ... බයවෙන්න කාරි නෑ ඔබගේ සම්බන්ධයක් නැත්නම්...

:       139       340

බබාලන්තේ ඡන්දේ ලඟයි Sunday, 16 March 2025 01:59 PM

ඔන්න බබාලා අපි ඔයාලට මේ සතියේ බටලන්ද ටොපිය දුන්නා. මේක නම් ලස්සන ටොපියක්. ඔය බබාලා දැන් මේ ටොපිය කාලා අපිට ඊලඟ පාර ඡන්දෙ දෙන්න ඕන හොඳේ. ඊලඟ පාර මාලිමාව 5/6කින්ම දිනවන්න ඕනෑ.

:       120       218

බබාSunday, 16 March 2025 02:59 PM

එතකොට මාමේ ඕගොල්ලො ඒ මරපු, තුවාල කරපු අයට රිදෙන්න ඇති නේද...?

:       120       101

ජිල්බු Sunday, 16 March 2025 02:27 PM

නැත්තං පිළිගන්නවා කියන්නයෑ. හැබැයි කජු සීයේ එදා මේදි හසන් කියවපු රිපෝට් එකනම් හම්බ වුණාලු. කොපියක් එවන්නෙයි?

:       125       101

සමරේ Sunday, 16 March 2025 02:40 PM

ඩුබායි හි පිහිටි ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩකරන අපිට ඩුබායි පොලීසිය විසින් (ඒ ගොල්ලන්ට UN එකෙන් එවන) අප්‍රිකාවේ මේ වගේ වද කඳවුරු පවත්වාගෙන ගිය "වෝ ලෝඩ්ස්ලාගේ විස්තර හැම තිස්සේම ලැබෙනවා (ඒ ගොල්ලෝ ඩුබායි හරහා සල්ලි හුවමාරු කරලද බලන්න), ඒවායේ සඳහන් වෙන එම පුද්ගලයින් කරලා තියන අපරාධ අපි පුදුමයෙන් කියවනවා. බලාගෙන ගියාම එහෙම කෙනෙක් මෙහෙත් ඉඳලා තියනවා. හැබැයි අද වෙනකන් කිසිම දඬුවමක් නැතිව...

:       115       27

බකල ජයා Sunday, 16 March 2025 03:13 PM

2000 ඉඳන් තිබුණු වාර්තාව සභාවට ගත්තේ නැත්තේ ඩීල් දාලා නෙමේ කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ ගැන වාදෙ යන්නේ ඩීල් එක බැරිවුණු හින්දා නෙමේ කියලත් විශ්වාස කරනවා. මම හරි මෝඩයි...!

:       108       384

sunil Sunday, 16 March 2025 03:15 PM

මේ සමගම එදා රටට බටලන්ද වැනි තැන් අවශ්‍ය වුනේ ඇයි කියලත් සොයා බැලිය යුතුයි.

:       81       199

හසකSunday, 16 March 2025 03:47 PM

JR සහ ඔහුගේ ඇමැතිවරු සිදුකළ '83 කලු ජූලිය, ලෝක ලැජ්ජාවෙන් ගැලවෙන්න, වැරැද්ද JVP සහ අනෙකුත් වාමාංශික පක්ෂවලට පටවලා තහනම් කෙරුවා. රාජ්‍ය මර්ධනයෙන් ගැලවීමට සහ හැමෝටම තියෙන දේශපාලන කිරීමේ නිදහස වෙනුවෙන් ආයුධ ගැනීම අසාධාරණ නැහැ නේද? දළ වශයෙන් එකල රජයෙන් 60000, JVP අතින් 7000ක් මියගිය බව තමයි ඕවාට සම්බන්ධ වුණු දෙපැත්තේම අය කියන්නේ. දැන්වත් පැහැදිලිද හේතුව?

:       164       487

මිලෙස් Sunday, 16 March 2025 03:32 PM

අනේ මන්දා සියේ... ඔයා කියන දෙයක් තමයි..!

:       116       77

NadiSunday, 16 March 2025 04:18 PM

මේ නිකං සාගලගෙන් බැණුම් අහන්නැතුව ඉන්න...

:       99       55

Neel Sunday, 16 March 2025 03:52 PM

ආණ්ඩුවට එරෙහිව පළමු කමෙන්ටුව හැමදාම එකම නම තිබෙන හොරුන්ට කත් අදින ජනතාවගේ බදු මුදල් ගිල්ල එක්කෙනෙක්ගෙන් පමණමයි. කොහොමද එහෙම වෙන්නේ...? මට හිතෙන්නේ මේතැනත් පොඩි ගේම් එකක් වගේ...

:       94       45

ප්‍රියන්ත Sunday, 16 March 2025 04:40 PM

ඇයි කලබල? කමිටුවක් තිබ්බා, වාර්තාවක් ආවා, ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා…, ඒක තමයි සම්මත විදිය. ඒ කමිටුව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් ඒ දවස්වලම කියලා විසඳා ගන්න තිබුණා. ඉතිං ඇයි දැන් කලබල..?

:       90       55

අහිංසක පුරවැසියන් Sunday, 16 March 2025 04:50 PM

තණකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ... වාසියටත් ලේසියටත් කියන්න කරුණු තියෙනවා. නැත්තං හදලා කියනවා. නැත්තං මවලා කියනවා...

:       91       52

ඉන්දි Sunday, 16 March 2025 05:23 PM

කමක් නෑ සීයේ... 2048 ආයෙත් පස්ස දොරෙන් බැරි නම් ජනේලයෙන් පැනලා හරි ඇවිල්ලා ජනාධිපති වෙලා මේවා ඔක්කෝටම උත්තර දෙන්න සීයා...!

:       95       50

පිටිගල මිලානෝ Sunday, 16 March 2025 05:51 PM

හෙට කියයි ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරන බව… ඔබට එය සුළු දෙයකි.

:       63       42

Lakshan Sunday, 16 March 2025 05:58 PM

මේ ආණ්ඩුව මීට අවුරුදු 25කට කලින් වාර්ථා පිළිගන්නවා නම් ඒකේ ජවිපෙ කරපු මිනී මැරුම් සහ එම මිනීමරුවන්ට ලබා දියයුතු දඬුවම්ද ක්‍රියාත්මක කළ යුතුයි...

:       37       153

කජු ඛන්නා Sunday, 16 March 2025 08:42 PM

වාර්තාවට කලින්: මම කොටින්ම සම්බන්ධ නෑ. වාර්තාවට පසුව: මම වක්‍රව සම්බන්ධයි.

:       70       31

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 17 91 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට
2025 මාර්තු මස 17 415 0

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා


පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා
2025 මාර්තු මස 16 576 0

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘
2025 මාර්තු මස 16 1367 0

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව



ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්
2025 මාර්තු මස 16 458 0

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 757 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 293 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site