IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


‘‘යාලූවෝ කසාද බැඳගන්නෙ නැහැ’’

 


 

මෙයාගෙ සම්පූර්ණ නම හරීන්ද්‍ර මාධව විජේසිංහයි. නමුත් භාවිතා වන්නේ මාධව විජේසිංහ කියලයි. ළඟම හිතවතුන් නම් ”මදු” කියලත් කියනවා. මහරගම ධර්මාශෝක සහ මධ්‍ය මහා විද්‍යාල මෙන්ම කොළඹ ලූම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මාධවගෙ ගම මත්තේගොඩයි. තාත්තා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අතර, මාධවගෙ අම්මත් රාජ්‍ය සේවයේ නිරත වුණා. මාධවගෙ එකම අයියා විවාහකයි. ඒ විදියට ඔහුගේ පවුලේ විස්තර ගැන සඳහන් කළ මාධව තම පුංචි අම්මා ගැනත් මතක් කරන්නම කිව්වා.

අද වැඩි දෙනෙක් මෙයා ගැන දන්නේ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ සිරසෙ විකාශය කෙරෙන තූර්යා නාට්‍යයේ අනුහස් නමැති චරිතය නිසයි. තඹරවිල පරම්පරාව ඉදිරියට ගෙන යන්න හදන මේ ”අනුහස් බේබි” එක්ක අපි ටිකක් කතා කරමු.
 


  මාධව කලාවට පැමිණි ගමන ගැන කෙටි සඳහනක් කළොත්?
මුලින්ම චරිතයකට එක්වන විට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. අශෝක හඳගම මහතාගේ චන්දකින්නරී චිත‍්‍රපටයේ ළමා චරිතයක් ලැබුණා. සවර්ණා මල්ලවාරච්චි සහ හේමසිරි ලියනගේ ප‍්‍රවීන රංගශිල්පීන් දෙදෙනා මව පියා ලෙස එහි රඟපෑවා. ඒ රඟපෑම ඇත්තටම ලොකු භාග්‍යයක්. ඉන්පසුව වෙළෙඳ දැන්වීම් වලට දායක වෙන්න ලැබුණා. මේ අතරවාරයේදී කලාභූමි ආයතනයේ ශිෂ්‍යයකු ලෙසත් කටයුතු කළා. එහි සිටියදී ලක්ෂ්මන් විජේසේකර සර් සහ මංජුලා මිස්ගෙන් ලැබුණු සහයෝගය ඉහළයි. ඔවුන් නිසා මට අවස්ථා බොහොමයක් ලැබුණා. ලූම්බිණි විද්‍යාලයට උසස්පෙළට ඒමට පෙර, ප‍්‍රාථමික අංශයේ සිටිය දී නිවේදන කටයුතු එහෙමත් කළා. පාසලේදී කලා අංශයේ යමක් වේ නම් නිතරම මගේ නම කියැවුණා. කලාවේ ගමන පටන් ගත්තේ ඒ විදියටයි. උසස් පෙළ කරන කාලයේදී ටී.වී. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන මෙහෙය වන්න ලැබුණා. එහිදී චතුරාණි අබේසුන්දර මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉහළයි.
 


  ඒ විදියට කටයුතු කළ ඔබ රඟපෑමට යොමුවුණේ කොහොමද?
වසන්ත ඥාණප‍්‍රිය ගුරුවරයා යටතේ ළමා නාට්‍ය වේදිකාවේ රඟපෑ නිසා අගැයීමට ලක්වුණා. ඉන්පසුව මුලින්ම ටෙලිනාට්‍යයක රඟපෑමට ලැබුණේ 2009 දී ජානක සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ වස්සාන සිහිනය සමගයි. නමුත් අද වන විට බොහෝදෙනා කතා වන්නේ නම් රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ ”තූර්යා” නිසයි. තරංග දිසානායක අයියාවත් විශේෂයෙන් මතක් කරන්නම  ඕනෑ.


 

  මේ ”අනුහස්” චරිතය රඟපෑම නිසා ඔබට වෙච්ච දේවල් එහෙම තියෙනවාද?
මේ චරිතයේ හැටියට මුල් අවදියේදී අනුහස්ට තිබුණේ ධනවත් පවුලක හිතුවක්කාර ගති ඇති පුතකුගෙ චරිත ස්වභාවයක්. මේ නිසාම වෙලාවකට පාරේ බැහැලා යන්න බැරි තරමට සමහර අය මගේ දිහා රවලා බැලූවා. ”අප්පේ පුදුම වදයක්නෙ මෙයා කුසල්ට දෙන්නෙ” කියලා සමහරු ආවේගශීලීව කතා කළා.


 

  එහි රූගත කිරීම් කරද්දි වෙච්ච දේවලූත් රසවත් ඇති නේද?
අනුහස් හිතුවක්කාර චරිතයක් වෙච්ච නිසා වෙලාවකට ගෙදරින් බැණුම් ඇහුවා. ඒ විතරක් නොවෙයි, චූටි පුංචිගෙන් ගුටිත් කෑවා. මෙහි එක් දර්ශනයක් වෙනුවෙන් චූටි පුංචි මට කම්මුලට පහරක් එල්ල කරන්න තිබුණා. මෙය හරියටම රූගත කරන්න  ඕනෑ නිසා හය වතාවක් විතර රූගත කරන්න සිදුවුණා. අන්තිමට චූටි පුංචිගෙ (චලනි බාලසූරියගෙ) දැවැන්ත කම්මුල් පහරවල් නිසා ෂූටිං ඉවර වෙනකොට මගේ මුහුණ එක පැත්තක් හොඳටම ඉදිමිලා තිබුණා. ඒ විදියට නාට්‍යයේ තාත්වික බව වෙනුවෙන් කැපවීම් වුණාට අපි කා අතරවත් තරහක් නැහැ. ඔක්කෝම හරි එකමුතුයි.
 


  තඹරවිල බංගලාවේ ෂූටිං කරනවාට කවුරුත් කැමතියි කියන්නෙ? ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?
තඹරවිල බංගලාවට තෝරාගෙන තියෙන නිවස හරි විශේෂයි. එය තියෙන්නෙ අතුරුගිරියේ. ෂුටිං අතරවාරයෙදී විවේකයක් ලැබුණාම අපි කරන්නෙ එක්කෝ කාමරවල වැටිලා නිදාගන්න එක. ඒත් නැතිනම් නිදාගෙන ඉන්න අයට වතුර ගහන එකයි. අපි එක පවුලක සහෝදර ?නක් වගේ එහි ගත කරන්නෙ හරිම සතුටින්.
 


 

  තූර්යා නාට්‍යයේ හැටියට මුලින් ඔබ ආදරය කළේ නතාරටයි (ලෝචනා) ඉන්පසුව ටිකිරි (සඳනි) එක්ක විවාහ වුණා. මේ විදියෙ අත්දැකීමකට සැබෑ ජීවිතයේ මුහුණ දෙන්න වුණොත්? විවාහයට කවුද තෝරා ගන්නෙ?
මට වඩාත් ගැලපෙන කෙනා තෝරා ගන්නවා.


 

  ටිකිරි ද? නතාරද?
ටිකිරිගෙ ගති ගුණ හොඳයි.

 

  සැබෑ ජීවිතයේ දී ලෝචනාගෙන් හරි සඳනිගෙන් හරි යෝජනාවක් ආවොත්?
මේ දෙන්නම මගේ ඉතා හොඳම යෙහෙළියෝ. යෙහෙළියෝ විවාහ කර ගන්නෙ නැහැනේ.


 

  ක්ෂේත‍්‍රයේ වෙනකාගෙන් හරි යෝජනාවක් ආවොත්?
අවංක කෙනාට කැමති වේවි. ඒත් මේ දක්වා එහෙම යෝජනාවක් ඇවිත් නැහැ.

 



අදහස් (0)

‘‘යාලූවෝ කසාද බැඳගන්නෙ නැහැ’’

සංජු Tuesday, 01 July 2014 08:44 PM

ඔයා තමයි මගේ ආසම කෙනා. සුභ පැතුම්! (නි)

:       0       0

සේරම් Monday, 23 June 2014 05:06 PM

කොල්ල පොඩි උනාට දීපු උත්තරය නියමයි මාධව .බන්දුලගේ මොලේ තමයි මොලේ , බන්දුල ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා (දී)

:       0       0

රන් Monday, 02 June 2014 02:18 PM

මම ඔබව හඳුනා ගත්තේ ලිට්ල් ස්ටාර් වලින්. අවුරුදු 6 ක් තිස්සෙම ලිට්ල් ස්ටාර් වල ඔබ නිවේදක කටයුතු කරනවා දැක්කා ඔබව ජනප්‍රියවන්නේ එතනින්. ඔබට සුබ පතනවා (නදී)

:       0       0

අමිළ Thursday, 24 July 2014 02:39 PM

ඇත්තෙන්ම ඔබගේ රංගනය කලාව හොදයි. සාර්ථක ගමනක් යන්න සුබ පතනවා. (නදී)

:       0       0

සුලෝචනා Thursday, 29 May 2014 07:10 AM

තූර්යා කියන්නේ මමත් ආශාවෙන් නරඹන කතාවක් (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 28 May 2014 04:28 PM

දුන්හිද අද්දර කියන ටෙලි නාට්‍යයේ කොලු චරිත කලේ ඔබද? (දිල්)

:       0       0

සංජය Thursday, 05 June 2014 09:25 AM

සුභ පැතුම් මල්ලී (නදී)

:       0       0

කුමාරි Thursday, 29 May 2014 10:55 AM

මම නම් ඔබව හඳුනා ගත්තේ ලිට්ල් ස්ටාර් පසු බිමින්. ප්‍රිය මනාප බවක් වගේම ගොඩාක් සුහදශීලි බවක් ඔබෙන් අපට පෙනෙනවා. හොඳ නරක තෝරා බේරා ගෙන ඉදිරියට යන්න. ඉදිරි අනාගතයට සුබ පතනවා පුතේ! (ස)

:       0       0

මොහාන් Thursday, 29 May 2014 11:09 AM

දයා , දුන්හිද අද්දර ටෙලි නාට්‍යයේ කොලු චරිතය කලේ රුක්මල් නිරෝෂ් කියන දක්ෂ නළුවා. දැන් ඔහු ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටිනවා. (ස)

:       0       0

ජනිත් Saturday, 02 August 2014 11:50 AM

හොද තීරණයක් (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 14 June 2014 08:31 PM

කොහොමත් ලංකාවේ නීතිය හැටියට යාලුවෝ කසාද බදින්න බැහැනේ .යෙහෙලියක් කසාද බැන්දොත් මිසක්. (දී)

:       0       0

හේමන්ත Friday, 30 May 2014 09:38 AM

මෙයාට දක්ෂ නිවේදකයකු වෙන්න නම් තවත් බොහෝ දේ ඉගෙන ගත යුතුයි. ඇත්තටම අපට දැන් ඉස්සර වාගේ දක්ෂ උගත් තරුණ පරම්පරාවේ හොඳ නිවේදක නිවේදිකාවන් නැහැ, ඔහේ දෙමලිච්චෝ වගේ කියවන පිරිසක් විතරයි ඉන්නේ. මාධවට සුභ පැතුම්! (ස)

:       0       0

උදා Tuesday, 09 September 2014 08:33 AM

අපි රෑට ඒනවා. (නදී)

:       0       0

චාම් Thursday, 29 May 2014 02:34 PM

දයා ඔය එක ඇහුවේ ඇත්තටමද ? මෙයාල ඉපදිලා වත් නැතුව ඇති ඒකාලේ. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 279 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 306 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 885 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 577 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 1508 3

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 397 2

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 44 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 667 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 746 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site