(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇතැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද 13 චෝදනා කළේය.
මේ ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල්වලට ඒ ඒ අයගේ බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.
ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිවයුතු ආයතනය මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදාවෙලා.
පිරිවැය අධිකයි නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්ඩ කරන සූදානමක් බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා. රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා මේ යන විදිහට සෝලා නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙනවා. රජයේ බලයට පත්වුණේ හොරු අල්ලන්න කියලා ඒ උනාට දැන් විදුලි බල මණ්ඩලය හොරු බෝ කරන තෝතැන්නක් බවට පත්වෙලා ඉවරයි.
සංජීව ධම්මික මහතා මේ අදහස් පළ කලේ කොටදෙනියාව මැල්ලවගෙදර දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බ
බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෙසෙල් ව
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද?