IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

එසේ නොමතිව අවාරයේ සිරිපා වන්දනා කිරිම සුදුසු නොවෙන බව ද   ධම්මදින්න නාහිමියෝ පැවසුහ.

2024/2025 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිමේ චාරිත්‍රනුකුල ආගමික උත්සවය සංවිධානය කිරිම ගැන රතනපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදි උන් වහන්සේ මේ බව සදහන් කළහ.

මෙවර 2024, සහ 2025 ශ්‍රිපාද වන්දනාවාරය අවසන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර  වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවත්විණ.

ශ්‍රිපාද වන්දනාවාරය සිදු නොවෙන මාස හයක කාලය එළඹෙණ වෙසක් පුර පොහොදා සිට ආරම්භ වේ.

එම අවාරයේ ඇතැම් පුද්ගලයන් ශ්‍රී පාදය වෙත පැමිණීම පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡවේදි යොමුවිය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති  බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසූවේ ශ්‍රී පාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වී ඊළග වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වෙන බවයි.

සෑම වසරකම වෙසක් පොහොය දිනෙන් පසු එම වර්ෂයේ එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රී පාද වන්දනාවේ අවාරය ලෙස දුරාතිතයේ පටන් පැවතගෙන එන බවයි.



අදහස් (4)

‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘

සකියම Tuesday, 22 April 2025 05:13 PM

ලංකාවේ ඉන්න කාලෙ තුන්වරක් අවාරයේ සමනළ කන්ද තරනය කල කෙනෙක් විදිහට, වර්ථමානයේ යන්න කැමැති අයට තහනම් කරන්න මේ ගණයින්ට තියෙන අයිතිය මොකක්ද? සමනළ කන්ද කියන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට අයිති දෙයක්. එහෙම නැතුව කිසිම ආගමකට, ජාතියකට ආණ්ඩුවකට අයත් දෙයක් නෙමේ. මේ විදිහට බලනකොට කොහේ හරි තැනක පන්සලක්/ දේවස්ථානයක් අටවා ගත්තොත් එතැනට යන්න අවසර ගන්න වුවමනා කියන එකද? අවාරයේ සමනළ කන්ද තරණය කළ අය දන්නවා ඒ කාලයේ දකින පරිසරයේ සුන්දරත්වය සිරිපා වාරයේදී දකින්න බෑ. එහෙම තහංචි දානවා නම් ඉස්සෙල්ලම දාන්න ඕන ඔය ගණින්නාන්සෙලාගේ අවසරය පිට අවාරයේ උඩ ඉන්න අයට. ගිය වෙලාවෙ ඉඳලා 'අරක්කු තියෙනවාද? සිගරට් තියෙනවාද?' කිය කියා පස්සෙන් එන්නේ. අනෙක, වාරයේ යන බැතිමතුන් වගේ නෙමේ, අවාරයේ යන්නේ පරිසරය, ස්ථානය ගැන හොඳ අවබෝධයක් තියෙන අය. කිසිම දවසක ප්ලාස්ටික් කෑල්ලක් දාලා එන්නේ නැති අය. මේ වගේ ආගම පාලනය කරන රටක ඉපදීමම ලාංකිකයින් විදිහට පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ආගම නැතුව නීතිය විසින් පාලනය වෙන සුන්දර ලංකාවක් කවදා දකින්නද?

:       3       6

B Amarasinghe Tuesday, 22 April 2025 05:22 PM

මමත් අවාරේ සිරිපාදේ ගිහින් තියෙනවා. දැනට අවුරුදු විසි පහකට විතර කලින්. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම සීමාවක් පනවන්නේ කියලා? අවාර්ව්ව් සෙනග අඩු වුණාම හරි පහසුයි. රෑ හතට නැග්ගොත් ඉර සේවයත් බලලා උදේ 7ට නල්ලතන්නියට එන්නත් පුළුවන්.. අනික තෝරාගත්තු අයට යන්න දෙනවාලු. මේක අසාධාරණයි...!

:       2       5

Andy Tuesday, 22 April 2025 05:57 PM

සිරිපාදේ තියෙන්නේ සමනල අඩවියේ බවත්, සමනල අඩවිය පාලනය කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් දන්නේ නැතුව ඇති. එයා දන්නේ ඉතිං වාරෙට ඇවිල්ලා කෝටි ගණන් සල්ලි පොදි ගහගෙන යන්න විතරයි. සත පහක් දෙන්නේ නෑ පරිසර විනාශය වළක්වන්න හෝ සංරක්ෂණය කරන්න. සැබෑ පරිසරය විඳින්න ඕනෑ නම් අවාරේ තමයි යන්න ඕනෑ.

:       1       2

sam Tuesday, 22 April 2025 06:00 PM

ලංකාවේ එහෙම තමයි. දළදාව පෙන්නන්නේ සෑහෙන කාලෙකට වරක්...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 22 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 99 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 207 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 160 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 214 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site