IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්

(යොහාන් භාසුර)

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි' ලෙස 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම වීඩියෝවේ සඳහන්ව ඇති බවත් පොලිස් පහත කොට්ඨාසය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩිදුරා සඳහන්න් කළේය. 



අදහස් (3)

’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්

පම්පෝරි ජනක Saturday, 04 January 2025 01:51 PM

බොරුවක් වුණත් එහෙම නීතියක් ගෙනාවොත් විතරයි ලංකාවේ මිනිසුන්ව හදන්න පුළුවන්..., හැබැයි මාලිමාවේ උන්දැලාට කොන්දක් නැහැ. එහෙම බය නැති නීති හදන්න...

:       39       23

de silva berlin Sunday, 05 January 2025 08:13 AM

පම්පෝරි ජනක නිතරම පොදුවේ ජනතාව පිට වරද පටවන්න එපා. ලෝකයේ දියුණු රටවල ජනතාව තැන තැන කසල බැහැර නොකරන බව සත්‍යයකි. නමුත් එම රටවල රජය මගින් අවශ්‍ය ස්ථානවල කසල දැමීමට බඳුන් ස්ථාපිත කර නිසිලෙස කසල බැහැර කරනු දකින්නට ලැබෙනවා.. ලංකාවේ පැවති කිසිම ආණ්ඩුවකට කසල බැහැර කිරීම නිසිලෙස සිද්ධ කරන්න අසමත්විය. මාලිමා ආණ්ඩුව දැන් කළ යුත්තේ මුලින්ම අවශ්‍ය ස්ථානවල කසල බඳුන් තබා ඒවා කලට වෙලාවට හිස් කිරීමේ ක්‍රමවේදයක් සකසන එක, ඊට පස්සේ පුළුවන් ජනතාව ඒවාට කසල දමන්න යොමු කරන්න හෝ එසේ නොකරනවා නම් නීතිමය පියවර වලට යන්න. එසේ නොකර බොරුවට මාධ්‍ය සංදර්ශන තිබ්බට ප්‍රශ්නේ විසඳෙන්නේ නැත. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් වසර 20-30කට පෙර තත්වය සමග සන්සන්ධනය කරන විට පාරේ කසල දැමීමෙන් බොහෝ දුරට වැළකිලා සිටින බව නිරීක්ෂණය වෙනවා. බංගලාදේශේ ඉන්දියාවේ සංචාරය කරන කොට පෙනෙනවා අපි එහෙට වැඩිය පිරිසිදු කමින් ඉහළ තත්වයක් සිටින බව, අවශ්‍ය ප්‍රමාණයට කසල බඳුන් තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       0       2

R.T. Sarath Sunday, 05 January 2025 08:16 AM

පම්පෝරි ජනක, අවශ්‍ය ප්‍රමාණයට කුණු බක්කි පාරේ තිබෙනවා නම් කුණු ඒවාට නොදමා පාරේ විසි කරන්න තරම් මිනිස්සුන්ට පිස්සුවක් තිබෙනවාද? මුලින්ම පාරේ කුණු බක්කි තියන්න. ඊට පස්සේ කලීන් ශ්‍රී ලංකා හෝ නීති දැමීම ගැන කතා කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඖෂධ නියාමන අධිකාරිය ඇමතිගේ හදිසි නිරීක්ෂණයට
2025 ජනවාරි මස 06 81 0

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළු


වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව
2025 ජනවාරි මස 06 173 0

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය පාසල් උපකරණ ප්‍රදානය කළේය.


සුව සැරිය අලුත් වෙයි
2025 ජනවාරි මස 06 648 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත.


මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 06 203 0

රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව


ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය
2025 ජනවාරි මස 06 126 0

ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී


වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා
2025 ජනවාරි මස 06 1205 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 444 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 225 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 213 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site