IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ "ඔන්මැක්ස් ඩි ටි" නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර "ඔන්මැක්ස්" පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු මාර්තු හත දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළාය.

ඩුබායි රජයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන  ලංකාවට රැගෙන ආ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රිමාන්ඩ් ගත කෙරිණි.

ඔන්මැක්ස් නඩුවේ 06වෙනි සැකකරු ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප ලැබීමෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රතු වරෙන්තුද නිකුත් කොට තිබිණ.

එම රතු වරෙන්තුව ප්‍රකාරව එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් රැගෙන විත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සැකකරු ඇප ලැබූ පසු දිනම රටින් පළා ගොස් සිටි අතර ඔහු සන්තකයේ ඔන් මැක්ස් පරිගණ පද්ධතියේ රහස් අංක ගණනාවක් තිබී ඇති අතර එම රහස් අංක මගින් විදේශයට පලා ගිය පසුව මුදල් බැහැර කිරීම සිදු කර ඇති බවද රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

 



අදහස් (0)

’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි
2025 පෙබරවාරි මස 22 528 0

පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො


කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට
2025 පෙබරවාරි මස 22 3225 0

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්ද


තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 1401 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 3318 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 225 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 2050 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 114 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 391 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 168 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site