(සුජිත් හේවාජුලිගේ )
ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත( Online Safety Bill ) සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය. ගැසට් කර දින හතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම පනත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බව දැනගන්නට ඇත. මෙම පනත් කෙටුම්පත 2023 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට බොහෝ පාර්ශව වලින් විරෝධතා එල්ල වූ අතර එහි ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්නකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයටද පෙත්සම් 47ක් ඉදිරිපත් කෙරිණ.
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
’’ඔන්ලයින් පනත’’ කුණු කූඩෙට දාන්න රවීගෙන් අලුත් පනතක්
කෞෂි Sunday, 06 April 2025 10:40 AM
වර්තමාන යූඑන්පී එකේ කඩා වැටීමට වගකියන්න ඕනෑ තව එක "අමතකශීලී" කෙනෙක්...!
Nimal1 Sunday, 06 April 2025 11:56 AM
මේ බැංකු හොරාව නම් ගාව ගන්න එපා ... මොනම දේකටවත්...!
Nandana Sunday, 06 April 2025 12:56 PM
කුණු කූඩෙට දාන්න ඕනේ ඔයාවයි, ඔයාගේ බිරින්දෑවයි තමයි.
කපුරු හාම් Sunday, 06 April 2025 02:11 PM
මහ බැන්කුව හොරා කන්න දායක වෙච්චි, යාන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු කෙනාගේ උපදෙස්...!
prasanna Sunday, 06 April 2025 02:38 PM
අද පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරකම් මදිවට මිනීමරපු සෙට් එකක්.
බටලන්දේ ප්‍රේමවතී Sunday, 06 April 2025 03:23 PM
ඒ අයව එලෙව්වානේ. ටෙලිග්‍රෑම් එක ආවේ නැද්ද?